ඒකීය පුද්ගල අයිතීන් මොනවා ද යන්න නොවිමසූ ප්‍රංශ
ජාතිකයන් රොබෙස්පියර්ගේ වාග් කෞශල්‍යයට රැවටී මහත් අභාග්යයමත් භීෂණ සමයක්
පසුකර එයින් ගොඩ එන්නට කැමැත්ත පළ කරන්නේ “ශක්තිමත් මිනිසෙකු” වූ නැපෝලියන්
බොනපාට් වෙතට ය.
ඉතිහාසයේ වෙනත් කිසිම අයෙකුට වඩා වැඩියෙන් ලියැවී ඇත්තේ නැපෝලියන් ගැන
ය. 1815 සහ 1900 අතර දී ලක්ෂයක් පමණ කෘති බිහි වී ඇත. 1975 වෙද්දී ලක්ෂ
දෙකක් පමණ කෘති වෙයි. ඔහුව දත් හා නොදත්, රචකයන් හා රචකයන් නොවන හැම අයෙක්
අතින් ම ලියැවුන හැම දෙයක් ම අලෙවියට හැකිවිණ. රොබෙස්පියර් අදූෂ්‍ය හා
ලේ පිපාසිත ආඥාදායකයෙක් යැයි කියූ දෙකට බෙදුණු පිරිසක් සිටියා සේ ම,
නැපෝලියන් ගැන ද ලියන මුල් කතුවරයන් දෙකොටසකට බෙදේ. නැපෝලියන් නිවරද යැයි
කියන apologists ලා වරදක් ඇත්නම් එය කිසිසේත් ම ඔහුගේ නොවන බව කියන අයයි.
ඔහු වැරදි යැයි කියන්නේ ඔහුගේ ක්‍රමවේදයන් අප්‍රිය කළ අයයි. නැපෝලියන් ගැන
නැපෝලියන්ම ලියූ සටහන් බොහොමයක් ඉතිරි වී තිබීම ද ඔහු අධ්‍ය්‍යනයට පහසු ය.
1798 දී නැපෝලියන් ඊජිප්තුව ආක්‍රමණයට යවන ප්‍රංශ හමුදා අංශය බාරව සිටි ජනරාල්වරයෙකි. ඔහු මොල්ටාව බලා ගමනේ දී කුරානය කියවා තැන් තැන් කට පාඩම් කරගෙන තමනට හමුවන මුස්ලිම්වරුන්ගේ සිත් දිනා ගන්නට ද සමත් වෙයි. ඊජිප්තුවේ දී සටන් වලින් අනතුරුව ආපසු එන්නට නැව් මාර්ගයෙන් ඉඩක් නොතිබි නිසා ඔහු ගොඩබිමින් ආපසු ඒමට තීරණය කළේය. සිරියාව හා තුර්කිය මැදින් ආපසු ගමන් ඇරඹීය. Jaffa හි ආරක්ෂාව දෙන්නම් යැයි පොරොන්දු වී සිටි සෑම වයසකම ගැහැණු පිරිමි හා සිවිල් ජනතාව යුතු 2,441 සිරකරුවන් හා ගමන යාමට නොහැකි නිසා නැපෝලියන් ඔවුන් සියල්ලන් ම මරණයට නියම කළේය. වෙඩි උණ්ඩ මදි නිසා බයිනේත්තුවෙන් ඇණ මරන්නට නියම කළේය. මේ වාර්තාව කරන්නේ නැපෝලියන්ගේ ලේකම් Louis-Antoine Bourrienne විසින් සිය Memoirs of Napoleon Bonaparte (1890) ය. තව දුරටත් ඉදිරියට යා නොහැකිව ආපසු ඊජිප්තුවට යාමට නැපෝලියන්ට සිදුවිය. එය ජයග්‍රහණයක් සේ සමරද්දී තමන්ට වාර්තා ලියන්නට සිද්ධ වන බොරු ගැන ලුවි විසින් නැපෝලියන්ට පැමිණිලි කරන ලදි. එහි දී නැපෝලියන් කියා ඇත්තේ ‘යාළුවා ඔයාට මේවා වැටහෙන්නේ නැහැ’ කියාය. සිරියාවේ දී මිනිසුන් තුන් දහසකගේ ජීවිත ද, ඊජිපත්තුවේ දී හත් දහසකගේ ජීවිත ද අහිමි විය. ඔහු ඉතාලියේ ජයගත් පෙදෙස් ද ආපසු යටත් වී තිබිය දී ඔහු ආපසු ප්‍රංශයට ළඟා වෙද්දී ජනතාව දැන සිටියේ එවූ නිල වාර්තා තුලින් ඔහු ලොව දිනූ නායකයෙක් ලෙස ය. ඔහු නිවරද යැයි කියන්නෝ අල්ලා ගත් පෙදෙස් අහිමි වූයේ ඔහු සටනින් ජයගෙන ආරක්ෂාවට බාරදුන් අයගේ වැරැද්ද නිසා යැයි කියති.
නැපෝලියන් Corsica හි ඉපිද එහි ළමා කාලය ගෙවූ බැවින් ඉතාලි ජාතිකයෙක් යැයි සමහරු සැලකූහ. ඒ නිසා ඔහුට ප්‍රංශය වෙනුවෙන් ඉතාලිය පහසුවෙන් අල්ලා ගන්නට හැකිවිණ. 1779 දී නැපෝලියන් Brienne හි මිලිටරි ඇකඩමියකින් සිය අධ්‍යාපනය පටන් ගනියි. රටේ මිලිටරි පාසැල් දොළහේ සිසුන් අතරින් තෝරාගන්නා අයගෙන් නියුතු පැරිසියේ École Militaire හි වැඩිදුර අධ්‍යාපනයට අවුරුදු 15 දී හේ වරම් ලබයි. නැපෝලියන් යුද්ධ වලින් සිවිල් වැසියන් මිලියනයක් ද, මිලිටරියේ මිලියන 2.5 ක් ද මිය ගිය හා අතුරුදහන් සංඛ්‍යාව ලෙස සැලකේ. වසර 10 ක් පුරා ප්‍රංශය නියැළි යුද්ධ සමාප්ත කිරීම ගැන 32 වියැති නැපෝලියන්ට ම ජනප්රසාදය හිමිවිය!!!
තමන් කැමති මතයට සමාන වූ අදහස් ඇති අය තමන්ගේ කැමැත්ත පහසුවෙන් දිනා ගනිති. එවිට ඔවුන්ගේ වැරදි සහ අඩුපාඩු දැකීමේ හැකියාව අඩු වෙයි. ‘අපිට එරෙහි ඔවුන්’ කියන ආලයෙන් උසි ගැන්වූ ජනතාවක් එසේ උසි ගැන් වූ අයෙක් තුල ඇති යම් දස්කමක් දැක උද්දාම වෙති. තමන් හෙළා දකින වරදක් හෝ අඩුපාඩුවක් ඒ අය තුලින් දකිද්දී ඊට පහසුවෙන් සමාව දෙති. උසි ගැන්වීම වැඩි වෙද්දී එරෙහි වූවන්ට ඇති විරෝධය තවත් වැඩි වෙද්දී තමන් මෙතෙක් අකමැති හා කිසිම ලෙසකින් සමාව නොදෙන වරදක් හෝ අඩුපාඩුවක් ඉදිරියේ ද නිරුත්තරව සිටිති. එය කිසිසේත් හෙළා දකින්නට ඉදිරිපත් වෙන්නේ නැත.
ජනෝඝ උන්මාදයෙන් වූ පැරිසිය වෙනස් වී 1797 වෙද්දී ප්‍රංශ විප්ලවයට එරෙහි වූ අදහස් පැතිර ගියේය. 1794 දී රොබෙස්පියෙර්ගේ ගෙල සිඳීමත් සමඟ තමන් ගැනත්, තමන් ජීවත්වන ලෝකය ගැනත් පහදා ගන්නට ජනතාව යළි කතෝලික පල්ලිය වෙත ගියහ. රාජ සන්තක කරන ලද පල්ලියේ භූමිය මිල දී ගන්නට හැකි වූ නිසා රටේ භාගයක් පමණ පුරවැසියන් ඉඩම් හිමියන් වී සිටියහ. නැපෝලියන්ගේ යුද වලට රටේ හැම පවුලකින් ම වාගේ පුතෙක් පුද කර තිබිණ. ප්‍රංශය වැඩවසම් ක්‍රමයෙන් විවිධ උරුමයන්, සම්ප්‍රදායන්, මුදල්, නීති හා බදු වලින් යුතු අර්ධ-ස්වාධීන වූ පළාත් සභාවන් සියල්ල එකතු කරමින් ප්‍රථම වතාවට පල්ලියේ අධ්‍යාපනය වෙනුවට ජාතික පාසැල්, ජාතික හමුදාවක් හා ජාතික නීතියකින් යුතු මධ්‍යම සැලසුමකින් පාලනය වෙන එක රටක් විය. ඇමෙරිකන් ප්රජාතන්ත්රවාදය මනාව හඳුනාගත් ප්‍රංශ දාර්ශනිකයෙකු වූ Alexis Tocqueville පෙන්වන පරිදි එවක Bourbons රජ පරම්පරාව (බර්බන් විස්කි නෙමේ!!) ඒ ගිය විදියට ගියා නම්, අරගලයක් නොමැතිව ඒත් මේ තත්වයට පිවිසෙන වාතාවරණයක් ලෝකයේ තිබි සමයයි.
කැරලි, විප්ලව, අපරාධ, දූෂණය මර්ධනයට එකම විසඳුම ආඥාදායකයෙක් යැයි කියමින් රටේ ජනතාවගේ සිත් දිනාගන්නට නැපෝලියන් සූක්ෂමව සැලසුම් ගැසුවේ ය. කාන්තාවන් විසින් සිරබාරයට ගන්නට සමත් වූ උප්පත්තියෙන් ඔටුන්න හිමි වූ රජෙකුගේ ගෙල සිඳ දමන්නට යුහුසුළු වූ රටවැසියන් මෙවර කැමැත්ත දෙන්නේ උප්පත්තියෙන් ඔටුන්නකට උරුම කම් නැති ජනරාල්වරයෙකුට ය. ලතින් බසින් හමුදා නායකයෙක් යැයි හැඟෙන imperator වූ නැපෝලියන්ව ප්‍රංශ ජනතාව එම්ප්‍රද්‍යෝරු (emperor) රජෙකු ලෙසින් පත් කර ගනිති.
නැපෝලියන්ගේ උරුමක්කාරයන්ට පාලනය පැවරෙන ලෙසින් රටවැසියන් රටේ නීති ද වෙනස් කරති!!!!
නැපෝලියන් තමන් හා විවාහ නොවී එකට කල් ගෙවූ, ඒ අතර තුර දී වෙනත් අය හා එකට කල් ගෙවූ, එසේම කළින් විවාහ වී සිටිය, තමනට වඩා වසර හයකින් වැඩි, කැරීබියන් මාටිනීක් දූපතේ උපන් ජොසෆින්ව ද අගරැජින කර ගනියි. ඔවුන්ගේ සිවිල් විවාහයෙන් පසු කාලයක නැපෝලියන් එම්ප්‍රද්‍යෝරු වෙද්දී ජනතාව ඔහුගේ උප්පත්තිය ගැන සැක මතු කළහ. පාප්තුමාගේ ආශීර්වාදයෙන් තත්වය තහවුරු කරගන්නට පාප්තුමාව කැඳවන ලදි. එවිට ජොසෆින් පාප්තුමා ලවා තමන්ගේ විවාහය පල්ලියේ අනුමත කරවා ගෙන ඇත.
රදළයන් හිස් ගසා දමා, ආගම එපා කියා, පල්ලියේ වස්තුව රාජ සන්තක කර නැවතත් එම්ප්‍රද්‍යෝරුවෙක් පත්කර ගන්නට පල්ලියේ ආශීර්වාදය සෙවීමෙන් පෙනෙන්නේ “හිමිතැන” කුමක්දැයි අවුලක සිටිනා ප්‍රංශ ජනතාවයි.
රටවැසියන්ගේ බදු බර ඉහළ ගියා මිසක විප්ලවයෙන් පසු පහළ ගියේ නැත. එදා මෙන් ම විදේශ යුද නිසාත්, එදා රදළයන් මෙන් ම නැපෝලියන්ට හේත්තු වෙන බුර්ජුවාසි තඩියන්ගේ නාස්තියෙන් රටේ භාණ්ඩාගාරය නැපෝලියන් අතින් ද යළි හිස්වෙන්නට විය. ඔහු තම එම්ප්‍රද්‍යෝරු පදවිය තහවුරු කරනු පිණිස ආණ්ඩුවේ සියල්ලන්ට ම විච්චූර්ණ යුතු නිල ඇඳුම් නියම කළේය. ප්‍රංශයේ නිපැද වූ වෙල්වට් එකල ජනප්‍රිය රෙද්දයි. නැපෝලියන්ගේ සේවයට ජනරාල්වරුන් හතරක්, aides-de-camp අටක්, prefects හතරක් සහ ලේකම්වරු දෙදෙනෙක් තබා ගනියි. ජොසෆින් වෙනුවෙන් මුලික රදළ කාන්තාවක් ද, සහායක කාන්තාවන් හතරක් ද විය.
නැපෝලියන් බොනපාට් යන නම නැපෝලියන් වෙයි, අනතුරුව එය N අකුර පමණක් ඇති සීල් එකක් වෙයි!!!
සහෝදර සමාගමට එම්ප්‍රද්‍යෝරු නැපෝලියන්ගේ අධිරාජ්ය්යේ තනතුරු දීමට රදළයන්ගේ හිස් ගිලටිනයට ගෙන ගිය ජනතාවම එකඟ වූහ!!!
ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ජෝසෆ් දකුණු ඉතාලියේ නේප්ල්ස් හි රජු වෙයි. සහෝදර ලුෂියන් ස්පාඤ්ඤයේ තානාපති වෙයි. ඔහු ආපසු එන්නේ නැපෝලියන්ටත් වඩා ධනවතෙක් වෙමිනි. සහෝදර ලුවි Holland හි රජු වෙයි. ලුවිගේ තුන්වැනි පුත්‍රයා දෙවැනි ප්‍රංශ අධිරාජ්ය්යේ උප්පතියෙන් හිමිවන එම්ප්‍රද්‍යෝරුවා වූ තුන්වැනි නැපෝලියන් වෙයි!!! බාල ම සහෝදරයා වූ ජෙරෝම් භාර්යාවන් හා වාසස්ථාන බොහොමයක් තිබියෙකි!!! ජෙරෝම් වයස 23 දී Westphalia හි රජු වෙයි. ජොසෆින්ගේ පළමු කසාදයේ පුතා 24 හැවිරිදි ඉයුජින් ඉතාලියේ viceroy වෙයි. මරියා ඇනා නම් නැපෝලියන්ගේ සහෝදරිය Piombino සහ Lucca යන රාජ්‍යයන්හි ආණ්ඩුකාරිය වෙයි. පෝලීන් නම් සහෝදරිය ඉතාලියේ Guastalla පළාතේ ආදිපාදවරිය වෙයි. කැරොලයින් නම් සහෝදරියගේ සැමියාට Berg හා Cleves හි ඩ්යුක් පදවියක් දෙයි. ඔහු නිතර යුද මෙහෙයන්හි නිරත වූ නිසා පළාත ආණ්ඩු කරන්නේ කැරොලයින් විසිනි.
පවුල් සංස්ථාව වැඩි දුර දිග ගෙනියන්නට වැඩවසම් රජවරුන්ට නොහැකි වූවා සේ ඔහුටත් නොහැකි විය. තමන් ප්රදානය කරන්නේ තමන් සටන් වැදී අල්ලා ගත් පෙදෙස් වුවත්, රටවැසියන්ගේ ම කැමැත්තෙන් එම්ප්‍රද්‍යෝරුවෙක් බවට පත්වූවත්, එරෙහි වෙන්නේ අහිංසක, නූගත්, මුලාවෙන් රැවටී ඉන්නා රටවැසියන් නොවේ. අර බල තණ්හාධික, ධන තණ්හාධික වූ බුර්ජුවාසියම නැවත තම පැත්තට බලය අල්ලා ගන්නට, ධනය තමන් සතු කරගන්නට නැඟ ඒම මිනිස් ස්වභාවයයි!!!! නමුත් විප්ලවයන් හැමදාම දියත් වෙන්නේ ආඥාදායකයා පළවා හැර ජනතාවගේ සුබසෙත සලසන නාමයෙනි!!!!