ලොකයේ විවිධ රටවල ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍ර
වාදි පාලන ක්‍රම එක සමාන නොවේ.දේශපාලන
විද්‍යවේ දී මෙම පාලන ව්‍යවුහයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි.
01ඒකීය රාජයන්
02සන්ධීය රාජ්‍යයන්
ඒකීය රාජයක් යනු ව්‍යවස්්ථාදායක විධායක සහ
අධිකරණ ක්‍රියාවලිය එක් මධ්‍ය ගත පාලන ඒකකයක් විසින් සිදුකරන ලබන රාජ්‍යයක් වේ.
සන්ධීය රාජයයක් යනු එක් මධ්‍ය ගත පාලන ව්‍යවුහයක්
සහ තවත් ප්‍රාන්ත හෝ පාදේශීය පාලන ඒකක මගින් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ක්‍රියාවලිය
සිදුකරන පැහදිලි බලතල බෙදීමක් මධ්‍යම ආන්ඩුව සහ ප්‍රාන්ත සමග හෝ ප්‍රාදේශීය පාලන
ඒකක සම ග සිදු කරණ රාජ්‍යයන් වේ.
රටේ පාලන බලතල ලියා ඇති ලියවිල්ල වන ආන්ඩු
ක්‍රම ව්‍යවස්ථාවේ සන්ධීය රාජ්‍යයන් වල බලතල සහ මධ්‍යම ආන්ඩුවේ බලතල වෙන වෙනම
දක්වා ඇති අතර මෙම දැක්වීමද ක්‍රම කීපයකට සිදු කර ඇති බව ලෝකයේ සන්ධිය ව්‍යවුහයන්
පරික්ෂා කිරීමේදී පෙනේ.
කෙසේ වුවද සන්ධීය ක්‍රමයක් තුල ප්‍රාන්ථ
රාජ්‍යයන්ට ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පවරන ලද බල වපසරිය තුලස්වාධීනව කටයුතු කල
හැකි අතර ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් හිමවු බලය භාවිතා කිරිමට හැකිවේ.මෙවැනි රාජ්‍යයන
සන්ධීය හෙවත් පෙඩිරල් රාජ්‍යයන් ලෙස හැදින්වේ.
මෙම පෙඩ්රල් අචිචුවේද පවතින විෂම
තත්වයන් නිසා පෙඩ්රල් වාදය යක්ෂයෙකු
කිරීමට හැකියාව ලැබී ඇත.එබැවින් පෙඩිරල් යනු වෙනම රාජ්‍යයක් ලබාදීමක් ලෙස තේරුමි
ගනු ලබන්නේ පෙඩිරල් වාදය පිලිබද ඌනති කියවීම් නිසා ලබා දෙන අංග විකල අර්ථකථනයන්ය.
මේ නිසා ජාතික ගැටලුවට විසදුමි යොජනා කෙරෙමින් පවතින මේ අවස්ථාව පෙඩිරල් යනු
කුමක්දැයි තේරැම් ගැනීම අනිවාර්ය වී ඇත්තේ විසදුමි කරා යන ගමනේ අන්දකාරය දුරැ කරනු
පිනිසය.
බලය බෙදා ගැනී ම පිනිස ඇති කර ගත් පෙඩ්රල්
ව්‍යවුහයන් අතර
ඇමෙරිකාවේදි ප්‍රාන්ත රජයන් සහ මද්‍යම රජය
අතරද කැනඩාවේදී මධ්‍යම රජය සහ පලාත් අතරද ;සව්ටිසර්ලන්තයේදි
කැන්ටන් නමින් හදුන්වන පාලන ඒකකයක් අතරද බලය බෙදා ඇත .තවද රුසියාවේ ජනරජ වලට බලය
බෙදා ඇත.මින් පැහැදිලි වන්නේ බලය බෙදා හැරිම සදහා ප්‍රාන්ත අනිවාර්ය නොවන බවත්
කුඩා ඒකක වලට බලය බෙදා හැරිමෙන් වඩා සාර්ථක ප්‍රජාත්‍රන්තවාදී බාවිතාවක් සිදුවන
බවය .ස්විටිසර්ලන්තයේ කැන්ටන් වල සෘජු ප්‍රජාත්‍රන්තවාදී උපක්‍රම භාවිතයෙන් මෙය
වඩාත් තහවරු වේ
මේ සෑම රටකම ජනතාව තම ප්‍රජාතාන්ත්‍රිය
අයිතිය වෙනුවෙන් බලය විමධ්‍යගත කිරීමෙන් විසදා ගත නොහැකි වු ගැටලු බලය බෙදා ගැනීම
තුලින් ටු කරගෙන ඇත .මෙි නිසා රාජ්‍යෙය්
පැවැත්ම මෙන්ම ජාතික සංවර්දනය හා ඒ සදහා වු ජාතික ඒකාග්‍රතාවය ඇතිවී තිබේ
සීලර් නමැති දේශපාලන විචාරකයා පවසන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය
යනු සියලුනොට අයිතිවාසිකමි හිමි වන ආන්ඩු ක්‍රමය ප්‍රජාත්‍රන්ත්‍රවාදය ලෙසය
.එසේනමි සිදුවිය යුත්තේ මහ ජාතියේ කරැණාව මත බලය බෙදීමක් නොව සුලු ජන වර්ගයන් ගේ
අයිතිවාසිකම් මත පදනම් වු බල බෙදීමකි.දකුනේ සිංහල බෞද්ධ මතවාදය දානය පිලිබද ව හෝ
කරුණාව මත වත් බලය බෙදීමට විරද්ධය . මෙයට හේතුව රට බෙදීමෙි අනතුර පිලිබදව ජනතාව ගේ
සිත් තුල රොපනය වී ඇති අධික බියයි.පෙඩිරල් ක්‍රමය නිවරදිව අවබොද කර ගැනීම දුපත්
වාසී ලාංකික අපිට ඇති ප්‍රබල අභියොගයකි.අදේශපාලනික ග්‍රාමීය ජනතාව තවමත්
දුටුගැමුණු කතාන්දරය දේව භාෂිතක් ලෙස සලකන අතර .
අයිතිවාසිකමි පිලිබද සවිඥානක පිරිසක්ද නොවෙ.
ලොකයේ පෙඩිරල් ක්‍රමයක් අතිකර ගැනීමෙි
අරමුනු කීපයක් හදුනා ගත හැකිය
1රට තුල දේශපාලන ඒකාබද්ධකරනයක් ඇති කර ගැනීම
2ප්‍රාදේශීය ජන වර්ග වල අයිතිවාසිකමි
ආරක්ෂාකර දීම
3ප්‍රාදේශීය සංවර්ධනය සදහා තීරණ ගැනීමෙි
හැකියාව ප්‍රාදේශීය පාලන ව්‍යවුහයන්ට ලබා දීම
4බෙදුම්වාදි අරගල පරාජය කිරීම
5විවිධ ජාතීන් අතර පොදු පුරවැසි භාවය පිලිබද
අදහස වර්ධනය කිරීම .හෙවත් පොදු ජාතිකත්වයක් ඇති කිරීම
ඉහත අරමුණු
සියල්ලම අද දවසේ ලාංකික අපිට අදාලය.වර්තමානය වන විට අවසානය කරා ගමන් කරමින්
සිටින ලංකාවෙ දේශපාලන ක්‍රමය රැඩිකල් වෙනසකින් තොරව නැවත ගොඩනැගිය නොහැක.පුලුල්
බුද්ධිමය හැදෑරිමකින් යුත් (ඉන්දියානු ක්‍රමයේ හැදෑරිමක්) අපට ගැලපෙන පෙඩිරල් ව්‍යවුහයක්
ගොඩනැගීමෙන් තොරව අද දවසේ නිර්මානය වි ඇති අනාගත අභයොග ජය ගත නොහැක.
ලොකයේ බොහෝ රා්‍යයන් තම රටවලට පෙඩ්රල් ක්‍රමය
හදුන්වා දීඇත්තේ බහු වාර්ගිකත්වයට ඉඩ සලසමින් රටේ ද්ශපාලන ආර්ථික සතාවර භාවය
ආරක්ෂා කර ගැනීම සදහාය .ඒ අනුව ලෝකයේ පෙඩ්රල් විධිවිදාන අනුරෑ කීපයක් හදුනාගත
හැකිය.
1ව්‍යවස්ථාමය සමූහාන්ඩු (චීනය /ඉතාලිය/එක්සත්
රාජධානිය/ද අප්‍රිකාව)
2ෆෙඩරේෂණ
(කැනඩාව/පකිස්තානය/අමෙරිකාව/ස්විටිසර්ලන්තය/යුගෝස්ලාවියාව/වෙනුසියුලාව/ආර්ජන්ටිනාව/බ්‍රසීලය)
3කොන්පෙඩරේෂන (යුරෝපා හවුල/කැරීබියානු ප්‍රජාව)
4ෆෙඩරසි (ඉන්දියාවෙ කාශ්මීරය/ ඇමෙරිකාවෙ
ෆොටොරිකෝ සහ උතුරු ඔරියානාස්)
5සාංගමික රාජ්‍ය (නවසීලන්තයේ කුක් දුපත්
/ඉන්දියාවි භුතානය/චීනයේ ටිබෙට්/එක්සත් ජනපදයේ පලාවි දුපත් මා ර්ෂල් දුපත්
6 නාගරික ප්‍රෙද්ශවල දේශපාලන ඒකාබද්ධ කරණය
සදහා (කැනඩාවෙ ඔන්ටාරිගෝ/පැරීසිය ලන්ඩන්)
7කොන්ඩෝමියමි රාජය (ඇන්ඩෝරා ප්‍රෙද්ශය ස්පාඤ්ඤය
සහ ප්‍රංශය අතර බෙදී තිබෙ )
8 ලීග (අරාබි සංගමය?නෙටෝ/ආසියාන් සංවිධානය/පොදු රාජ්‍ය මංඩලය)
ප්‍රජාත්‍රන්තවාදය පාලන ක්‍රමයක් සහ සමාජ ක්‍රමයක්
ලෙස විග්‍රහ කලා සේම පෙඩ්රල්වාදය පාලන ක්‍රමයක් සහ සමාජ ක්‍රමයක් ලෙස තේරුමි ගැනීම
ලංකාවවේ අද දවසේ අභියෝගයයි.
No comments:
Post a Comment