Saturday, January 17, 2015

රතු දත්ත ලැයිස්තුව



වඳ වීමේ තර්ජනයට මුහුණ දෙන ජීවී විශේෂ පිලිබඳ වඩාත් නිවැරදි උපමාන සහිත දත්ත ඇතුලත් වාර්තාව රතු දත්ත ලැයිස්තුව ලෙස හඳුන්වයි.
මෙය සකසනු ලබන්නේ IUCN ආයතනයයි.  එනම් International union for conservation of nature හෙවත් අන්තර්ජාතික පරිසරය සුරකීමේ එකමුතුවයි.IUCN ආරම්භ වුයේ 1948 දිය.එහි මුලස්ථානය ස්විට්සර්ලන්තයේ පිහිටා ඇත.මොවුන් රතු දත්ත වාර්තාව සැකසීම ආරම්භ කලේ 1963 වසරේද්යි.මේ සඳහා පක්ෂීන් පිලිබඳ අන්තර්ජාතික සංවිධානය,ලන්ඩනයේ සත්ව විද්‍යා ආයතනය,මෙන්ම ලෝක සංරක්ෂණ නිරීක්ෂණ ආයතනයත්  දායක වෙයි.
රතු දත්ත ලැයිස්තුවෙන් වඳවී යන ජීවී විශේෂ පහත සඳහන් ලෙස වර්ග කරනු ලබයි.
ක්ෂීරපායි සතුන්
පක්ෂීන්
උරගයින්
උභය ජීවීන්
මත්සයින්
කෘමීන්
පෘෂ්ඨ වංශිකයින්
ශාඛ
ඒ වගේම එම ජීවින් අයත් වන භූ ගෝලීය පරිසරය මතත් වර්ගීකරණයක් කරනවා.මේ හැමදේකින්ම බලාපොරොත්තු වෙන්නේ වඳවෙමින් යන ජීවින්ව හඳුනා ගන්න ඒ අයව ආරක්ෂා කරන යට මග පෙන්වන එකයි.
මේ ජීවී විශේෂ වඳ වෙලා යන්නත් විවිධ හේතු බලපානවා.එම හේතුත් රතු ලැයිස්තුව විසින් පෙන්වා දී තිබෙනවා.එම තර්ජන අනුවත් ජීවී විශේෂ කාණ්ඩ කරනු ලබනවා.ඒ පහත සඳහන් ආකාරයටයි.
Extinct (EX)සම්පුර්ණයෙන්ම වඳවී ගිය විශේෂ
Extinct in the Wild (EW)වනය තුල එක ජීවියෙක්වත් ඉතිරිව නැති විශේෂ(සත්ව උද්‍යාන හෝ වෙනත් ආයතන තුල පමණක් සුළු පිරිසක් ඉතිරිව ඇති)
Critically Endangered (CR)වනය තුල අතිශයින් දැඩි අවධානමකට මුහුණ දෙන විශේෂ
Endangered (EN)වනය තුල දැඩි අවධානමකට මුහුණ දෙන විශේෂ
Vulnerable (VU)අනතුරකට ලක් විය හැකි විශේෂ
Near Threatened (NT)අනතුරකට ලකී වීමට ආසන්න විශේෂ (නුදුරු අනාගතයේදී අනතුරක් ඇති විය හැකි)
Least Concern (LC)සුළු අවධානයකට ලක් කල යුතු විශේෂ
Data Deficient (DD)දත්ත ප්‍රමාණවත් නොවෙන විශේෂ (අවධානමකට ලක්ව ඇතිද නැද්ද යන්න තීරණය කිරීමට ලැබී ඇති දත්ත ප්‍රමාණවත් නොවන) Not Evaluated(NE)අගය තීරණය කර නොමැති විශේෂ (උපමානයන් ඔස්සේ මෙතෙක් වටිනාකම් ගණනය නොකළ විශේෂ )
ඉහත සඳහන් කල අයුරින් ජීවී විශේෂ අවධානමට ලක් වීමට පහත තර්ජන බලපායි.
නිවාස සහ වාණිජ දියුණුව 
කෘෂිකාර්මික සංවර්ධනය
ශක්ති උත්පාධන කටයුතු සහ පතල් කර්මාන්තය
ප්‍රවාහන කටයුතු සේවා කටයුතු දියුණුව 
ෛජව  සමපත් භාවිතය
මිනිසුන් විසින් යුතු ලෙස භාවිතයට් ගැනීම
ස්වභාවික ක්‍රමවේදයේ වෙනස් වීම්
ආක්‍රමණශීලී විශේෂයන්
පරිසර දුෂණය
භූගෝලීය ක්‍රියාකාරකම්
කාලගුණ වෙනස්වීම් සහ කටුක දේශගුණය
රතු දත්ත ලැයිස්තුවෙන් ඉහත පැහැදිලි කල ආකාරයට වඳවෙමින් යන ජීවී විශේෂ සහ එසේ වඳවීමට හේතු පෙන්වා දෙන නිසා ඔවුන්ව රැක ගැනීමට එය බෙහෙවින් උපකාරී වේ.

No comments:

Post a Comment