බුදු රජාණන්
වහන්සේ ජීවමානව වැඩසිටි සමයේදී, ආනඳ මහා
තෙරුන්ගේ බලවත් ඉල්ලීම මත බෝධීන් වහන්සේ නමක් රෝපණය කර, උන්වහන්සේ නොමැති වෙලාවට වැදුම් පිදුම්
කිරීමට අවස්ථාවක් සලසා දී තිබුණි. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයත් සමගින් , උන්වහන්සේගේ ධාතු තැන්පත්
කර ස්ථූපය නිර්මාණය විය. ගරු බුහුමන් දක්වමින් වැදුම් පිදුම් ලබමින් මෙලෙස කාලය
ගතවිය.
මේ කාලය වන
විට ක්‍රි.ව. පළමු සියවස තුල කුෂාන වශීක කණිෂ්ක රජුගේ පාලන සාමය වී ඇත. ඒ වගේම
මහායාන බුදු
දහම ග්‍රීක අභාෂය ලබමින් පෝෂණය වන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස විවිධ වූ සම්ප්‍රදායන්
යටතේ පිළිම නෙලීමේ කලාව විකාශනය විය. එම නිසා මෙම සම්ප්‍රදායන් ප්‍රධාන කොටස්
හතරකට බෙදා වෙන් කර ඇත.
සම්ප්‍රදාය
අනුව වර්ගීකරණය
ගාන්ධාර සම්ප්‍රදාය
මථුරා සම්ප්‍රදාය
අමරාවතී සම්ප්‍රදාය
ගුප්ත සම්ප්‍රර්දය
මහනුවර සම්ප්‍රදාය
ගාන්ධාර සම්ප්‍රදාය
ග්‍රීක හා
ගන්ධාරයේ අභාෂයන් මුසුව ගාන්ධාර සම්ප්‍රධායික පිළිම නිර්මාණය විය. එකල ග්‍රීක
දෙවියන් වූ ඇපලෝ දෙවියන්ගේ දේව ප්‍රතිමා වල හැඩ රුව යොදා ගනිමින් , බුදු රජාණන් වහන්සේගේ
කරුණාව,දයාව වැනි අධ්‍යාත්මික
ගුණයන් පිළිබිඹු වන සේ බුදු පිළිම නිර්මාණය විය. මෙම සම්ප්‍රදායේ පිලිමයන්ගේ දක්නට
ලැබෙන විශේෂ ලක්ෂණ කිහිපයක් නම්
පටු නළලකින්
යුක්ත වීම
උෂ්ණිෂයකින්
යුක්ත වීම
සිහින්
තොල්පෙති
ශරීරයට ලංව
දෑත පිහිටීම
අඩවන් වූ
දෙනෙත් පිහිටීම
ඇගට ඇලෙන සේ
චීවරය නිර්මාණය කිරීම
හිස කෙස්
අක්බමරු මෙන් කැරලි ගැසී තිබීම
පිරුණු
දෙකම්මුල්
ධර්ම චක්‍ර හා
විතර්ක මුද්‍රාව තිබීම යන විශ්ෂිත වූ හැඩ රුව ගනිමින් ගන්ධාර සම්ප්‍රදාය ප්‍රචලිත
විය.
උදාහරණ:-
පෙෂාවෝර් නගරයේ,ඇෆ්ගනිස්ථානයේ
බෙග්ර්ම්, ලාහෝර්ක කටුගේ
, කරච්චියේ
කටුගේ යන ස්ථානයන්ගේ ඇති බුදුපිළිම නිදසුන් වේ.
මථුරා සම්ප්‍රදාය
මෙම සම්ප්‍රදායේ
නිර්මාණ සදහා පාදක වී ඇත්තේ ඉන්දියාවේ සිටි යක්‍ෂ හා නාග ගෝත්‍රිකයින්ගේ රුපයයි.
ගාන්ධාර සම්ප්‍රධාය ආරම්භ වූ කාල වකවානුව තුල මෙයත් ආරම්භ වී ඇත. එකල යක්‍ෂ හා නාග පිළිම ඉදිකෙරෙමින්
තිබු යුගය නිසා බුදු පිළිම නිර්මානයත් ඒ සමග සිදු වී ඇත. එනමුත් මෙම බුදු පිළිම
ඉතාමත් භක්තියෙන් නිර්මාණය කර ඇත. බුද්ධ ප්‍රතිමා ශක්තිමත් සෘජු ශරීරයකින් යුක්ත
වනසේ නිර්මාණය කර ඇත.
මෙම සම්ප්‍රදායේ
පිලිමයන්ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ කිහිපයක් නම්
උෂ්ණිෂයකින්
යුක්ත වීම
දෙනෙත් පුළුල්
වීම
හිස කෙස්
කැරලි ගැසී ඇති ආකාරය
උතුංග දේහදාරී
වීම හා ශාක්‍ය ලීලාව
දෙතොල් පළලින්
යුක්ත වීම
චීවරය විනි
විද පෙනෙන අයුරින් නිර්මාණය කිරීම
අත් සිරුරින්
ඈත්ව පිහිටීම
පිරුණු
දෙකම්මුල් යන විශ්ෂිත වූ හැඩයන්ගෙන් දැක්වෙන පිළිම මථුරා සම්ප්‍රදායේ අභාෂය ලැබූ
බුදු පිළිමයන් ලෙස දැක්විය හැකිය.
උදාහරණ:-
සමාධි බුදු පිළිමය අනුරාධපුරය
අමරාවතී සම්ප්‍රදාය
මෙම සම්ප්‍රදායේ
නිර්මාණයට ඉවහල් වී ඇත්තේ ගාන්ධර්ව සහ මථුරා සම්ප්‍රදායන්ගේ එකතුවකි. ඉහත කි සම්ප්‍රධායන්
ගේ අඩු පාඩු සකසා ගනිමින් අමරාවතී නම් සම්ප්‍රධායක් බිහිවී ඇත. මෙම සම්ප්‍රධාය
අන්ද්‍රා අධිරාජ්‍යාගේ අනුග්‍රහය යටතේ නිර්මාණය වුවකි.මෙම සම්ප්‍රදායේ පිලිමයන්ගේ
දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ කිහිපයක් නම්
සිත් ඇදගන්නා
සුළු බව
චීවරයේ පිහිටි රැලි නොගැඹුරුය
ස්වාභාවිකත්වයට
මුල් තැනක් දී ඇත.
ඉතාමත් ප්‍රසන්න
බවකින් යුතු වේ
අධ්‍යාත්මික
ගුණයන් නිර්මාණත්මකව ඉදිරිපත් කර ඇත.ආදී වූ හැඩයන්ගෙන් නිර්මාණය කර්ණ ලද සම්ප්‍රදාය
ලංකාවේ පිළිම ඉදිකිරීමෙහි ලා විශේෂත්වයක් ගනී.
උදාහරණ:-
අවුකන ,රැස්වෙහෙර,මාළිගාවිල,පබළු විහාරය
පොළොන්නරුව, යනාදි පිළිම
වහන්සේලාය.
ගුප්ත සම්ප්‍රර්දය
(ගුප්ත යුගය)
ප්‍රතිමා
සම්ප්‍රදායන් 3ක් අවසන් වන
විට ගුප්ත යුගය ආරම්භ වී තිබුණි. ඉන් පසුව පිළිම ඉදිකරන ලදේ ගුප්ත සම්ප්‍රදාය
අනුවය. එනම් ගාන්ධාර,මථුරා,අමරාවතී යන සම්ප්‍රදායන්ගේ
සංකලනයක් ලෙස ගුප්ත සම්ප්‍රර්දය බිහිවිය. ඉන්දියාවේ මෙම කලා සම්ප්‍රදායන්ගේ ඉහලම
අවධිය ලෙස හැදින්වේ. මෙම නිර්මාණයන් ඉතාමත් අනර්ග වනුයේ , දෙතිස් මහා පුරුෂ
ලක්ෂණ පෙන්නුම් කරන අතර පිටතින් ඉතාමත් ප්‍රසන්න අයුරින් නිමවා ඇත.
උදාහරණ:-සාරනාත් බුදු පිළිමය ඉන්දියාව,පන්කුලිය බුද්ධ ප්‍රතිමාව
මහනුවර සම්ප්‍රදාය
(මහනුවර යුගය)
මහනුවර යුගය
වන විට ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමාවේ විශේෂ ලක්ෂණ කිහිපයක් දැකිය හැකි විය.එනම් ,
කහ, සහ කළු වර්ණ යොදා
ගැනීම
හිසට
සිරස්පතක් යෙදීම
හිසට
පිටුපසින් රැස් මාලාවක් යෙදීම
ගඩොල් හා
මැටියෙන් පිළිම නෙළීම
දෙනෙත් විවෘතව
සිටිනසේ බුදුපිළිම නෙළීම
චීවරයේ
රැළිවලට මෝස්තර යෙදීම යනාදියයි
No comments:
Post a Comment