පෘථිවි
අභ්‍යන්තරය ඉතාමත් උණුසුම්.ඒ තාපය
නිසා පාෂාණ උණුවෙලා කැකැරෙමින් තිබෙන අතර ඒවා ලාවා ලෙස හඳුන්වයි.මෙම ලාවා පිටතට
ගලාගෙන ඒමට හැකි පෘථිවියේ ඇති දුර්වල ස්ථාන යමහල් හෙවත් ගිනි කඳු ලෙස ක්‍රියා
කරයි.
ගිනිකඳු වල ක්‍රියාකාරිත්වය අනුව ඒවා ප්‍රධාන
කොටස් දෙකකි. එනම්,
නිශ්ක්‍රාන්ත යමහල්
ආක්‍රාන්ත යමහල්
නිශ්ක්‍රාන්ත යමහල්-සාමාන්‍යයෙන් අපි
ගිනිකන්දක් ලෙස හඳුනා ගන්නේ මෙම වර්ගයේ
යමහල් වේ.එනම් ලාවා,අළු,දුම් සහ වායුන් යනාදිය පිට කරමින් පුපුරා යන ගිනි
කඳු වේ.
ආක්‍රාන්ත යමහල් -මෙම වර්ගයේ ගිනි කඳු හඳුනා
ගැනීම අසීරුය.එයට හේතුව ලාවා,අළු,දුම්
සහ වායුන් යනාදිය පිට කරමින් පුපුරා නොයාමයි.ඒවායේ පෘථිවියෙන් පිටත දෙසට
වේගයෙන් පැමිණෙන ලාවා අතරමග පවතින බාධකයක් නිසා නැවත පහලට ගමන් කරයි.පසු කාලීනව
පාංශු ඛාදනය වැනි හේතු නිසා එම ගිනි කඳු මතුපිටට නිරාවරණය වූ පසු හඳුනා ගත හැකි
වේ.
ගිනිකඳු තවත් කොටස් තුනකට බෙදා දැක්විය
හැකියි. එනම්,
සක්‍රීය යමහල්
නිදන යමහල්
මළ යමහල්
සක්‍රීය යමහල් -නිතර ක්‍රියාකාරී වන ගිනි
කඳු වේ.එනම් වසරකට කිහිප වරක් හෝ වසර කිහිපයකට වරක් මෙම ගිනි කඳු ක්‍රියාත්මක
වෙයි.
උදා-ස්ට්‍රොම්බෝලි,පැරකුටීන්,පිහාටුබෝ
නිදන යමහල්-නිතර ක්‍රියාකාරී නොවෙයි.එක වරක්
ක්‍රියාකාරී වූ පසු නැවත වසර 10 කට 15 කට හෝ ඇතැම් විට වසර 100 කට වුවද නිහඬව පවතී.
උදා-ඉතාලියේ විසුවියස්
මළ යමහල්-වසර මිලියන ගණනක් තිස්සේ ක්‍රියාත්මක
නොවූ යමහල් මෙම වර්ගයට අයත් වෙයි.
ගිනිකඳු නිසා ඇතිවෙන යහපත් බලපෑම්
ගිනිකඳු වලින් පිටවෙන ලාවා වලින් යකඩ,නිකල්,මැග්නීසියම් වැනි ඛනිජ
වර්ග පසට මිශ්‍ර වීම.
තඹ ,නිකල්,මැණික් දියමන්ති වැනි වටිනා නිධි බිහිවීම.
ඇතැම් විට ගිනිකඳු පිපිරීමේදී එම ගිනිකඳු
මුඛයේ කොටස් ඉහලට විසි වීමෙන් එම ස්ථානය විශාල බේසමක් ලෙස හැරී යයි.පසුව එතනට ජලය එක්රැස්
වීමෙන් විශාල විල් නිර්මාණය වෙයි.
උදා-ටිටිකාකා විල
ඉන්දුනීසියාවේ ටෝබා විල.
No comments:
Post a Comment