ටජ් මහල පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ අග්‍රා
නගරයේයි.එය නිර්මාණය කලේ මෝගල් අධිරාජ්‍යයෙකු වූ සාජාහන්රජු විසිනි.එතුමාගේ රැජින
වූ මුන්ටාස් මහල් දේවියගේ අකල් මරණය නිසා කම්පනයට පත්වූ රජු ඇයගේ අවසන් ඉල්ලීම ඉටු
කිරීමට මෙය නිර්මාණය කර ඇත.
1632 ආරම්භවූ ටජ්මහල නිර්මාණය කිරීමේ කටයුතු 1653 වන විට අවසන් වී
ඇත.ඊට දායක වූ ප්‍රධාන නිර්මාණ ශිල්පියා වන්නේ උස්තාද් අහමඩ් ලාහොරි ය .එමෙන්ම
දහස් ගණනක සේවක පිරිසක් ඊට දායක වී ඇත.
මෝගල්,පර්සියානු මෙන්ම ඉස්ලාමීය ශිල්ප ක්‍රමද යොදා
ගනිමින් වටිනා කිරිගරුඬ වලින් මෙය නිර්මාණය කර තිබේ.
වර්තමානයේ පරිසර දුෂණය,ඇසිඩ් වැසි වැනි හේතු
නිසා ටජ් මහල අව පැහැ වන්නට පටන් ගෙන තිබේ.මේවයින් ටජ්මහල රැක ගැනීමට ඉන්දීය රජය
විසින් ඒ අවට කලාපය ටජ්මහල් ත්‍රපීසියම් කලාපය නමින් පරිසර ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබේ.
1983 වසරේදී මෙය ලෝක උරුම ස්ථානයක් ලෙස ද
යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇත.
No comments:
Post a Comment