ගිනස් පොත කියන්නේ ලෝක වාර්තා
එකතුවක්.ස්වභාවික ලෝකයේ වගේම මිනිසුන් විසින් තබන වාර්තාත් මේකට ඇතුලත් වෙනවා.හැම
අවුරුද්දකටම වතාවක් මේ පොතේ අලුත් සංස්කරණය පිට වෙනවා.ලෝක වාර්තා ගැන ලියවිලා
තියෙන මේ පොතටත් ලෝක වාර්තාවක් තියෙනවා.ඒ ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන ප්‍රකාශන
හිමිකම සහිත ග්‍රන්ථ මාලාව විදියට.
ඉතිහාසය
ඔන්න එක 1951 අවුරුද්දේ
දවසක හියු බිවර් මහත්මයා අයර්ලන්තයේ ස්ලෝබි කියන ගමේ දඩයමේ යනවා.මේ හියු
බිවර් තමයිඒ දවස් වල අයර්ලන්තයේ ආතර්
ගිනස් කියන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වරයා.එයා එක්ක දඩයමේ ගිය කෙනෙක් රණ වටුවා කියන
කුරුල්ලට එල්ල කරපු කුරුමානම වැරදෙනවා.ඒකට හේතුව තමයි ඒ රණ වටුවා ඇසිපිය ගහන
මොහොතට එතනින් ඉගිලිලා ගිහිපු එක.ඉතින් ඒක දැකපු හියු බිවර් මහත්මයා හිතුවේ රණ
වටුවා තමයි ලෝකයේ වේගයෙන්ම පියාඹන දඩයම් කුරුල්ලා කියල.ඒ ගැන හිතේ තියා ගත්ත හියු
මහත්මය පස්සේ ඒ ගැන විස්තර හොයල බැලුව.එත් කිසිම තැනක ඒ ගැන ලියවිලා තිබුනේ
නැහැ.මේ නිසා තමයි හියු බිවර් මහත්මයට හිතෙන්නේ ලෝකයේ වාර්තා ගැන සටහන් කරලා තියන්න පුළුවන් පොතක් හදන්න ඕන කියල.
ඊට පස්සේ 1954 දී හියු බිවර් මේ වැඩේ බාර දෙනවා මැක්
වර්ටන් කියන නිවුන් සහෝදරයන්ට.එයාල ඒ
වෙනකොටත් ලෝකයේ විශේෂ සිදුවීම් ගැන
හොයමිනුයි හිටියේ.1955 අගෝස්තු 27 වෙනිදා මැක් වර්ටන්
සහෝදරයෝ පිටු 198 ක් සහිත පළමු
ගිනස් පොත නිකුත් කළා.මේ පොත ඒ අවුරුද්දේ එක්සත් රාජධානියේ වැඩිම අලෙවියක් සහිත
පොත බවට පත් වුනා.පිටපත් 70 000 ක් විකිණුනා
කියලයි සඳහන් වෙන්නේ.එදා ඉඳල අද වෙනකම්ම ගිනස් පොතටතියෙන ජනප්‍රියත්වය නම් අඩු
වෙලා නැහැ.1956 දී මුලින්ම
ඇමරිකානු සංස්කරණයෙන් මේ පොත නිකුත් වුනාට පස්සේ අද වෙනකොට භාෂා 30 කට මේ ගිනස් පොත
පරිවර්ථනය වෙනවා.
අයිතිය
1954 මුල්ම ගිනස් පොත නිකුත් කරන්න ''ගිනස් ලෝක වාර්තා
සමාගම ''කියල සමාගමක්
පිහිටුවනවා.1970 වෙනතුරු ඒ
සමාගම යටතේ නිකුත් වුන ගිනස් පොත ඊට පස්සේ ගිනස්
බ්‍රේවරී සමාගමට පවරා ගන්නවා.2001 වෙනතුරු ඒ යටතේ තිබුන
ගිනස් පොතේ අයිතිය ඊට පස්සේ කිහිප වතාවක්ම වෙනත් සමාගම් වලට ගියා.අද වෙනකොට ගිනස්
පොත අයිති ජිම් පැටිසන් හවුල ටයි.
ගිනස් වාර්තාවක් තියන්නේ කොහොමද?
අලුතෙන් වාර්තා තියන්න වගේම තියෙන වාර්තා
කඩන්නත් ඕන කෙනෙකුට පුළුවන්.ඒකට මුදල් අය කරන්නේ නැහැ.ඉස්සරවෙලාම තියන්න
බලාපොරොත්තු වෙන වාර්තාව ගැන යෝජනාවක් ගිනස් කණ්ඩායමට යවන්න ඕන.ඊට පස්සේ ක්‍රියාත්මක
වෙන විදිය එයාල දන්වනවා.පුංචි ඔයාටත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් ගිනස් ලෝක
වාර්තා පොතේ වෙබ් අඩවියට ගියාම.
(www.guinnessworldrecords.com)
ගිනස් වාර්තා පොත සම්බන්ධ තවත් දේ
1976 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ.Empire
state ගොඩනැගිල්ලේ
ගිනස් කෞතුකාගාරය පිහිටලා තියෙනවා.ඒ කෞතුකාගාරයේ ගිනස් වාර්තා වලට අදාළ සාක්ෂි
බොහොමයක් දැක බලා ගන්න පුළුවන්.ඒ වගේම ලෝකයේ වෙනත් රටවලත් තව කෞතුකාගාර පිහිටුවල තියෙනවා.ඒ ජපානයේ ටෝකියෝ,
ඩෙන්මාකයේ කෝපන්හේගන්
සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ නගරයේත් ඒ වගේ
කෞතුකාගාර තියෙනවා.ඒ විතරක් නෙවෙයි ගිනස් වාර්තා සම්බන්ධ වීඩියෝ පට ඇතුලත් TV
වැඩසටහනුත් ගණනාවක්
තියෙනවා.
No comments:
Post a Comment