අයිෆල් කුළුන
පිහිටලා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි.The
iron lady හෙවත් යකඩ කාන්තාව කියලත් මෙය හඳුන්වයි.
මෙහි වැඩ
ආරම්භ කලේ 1887 වසරේදීයි.1889 දී වැඩ අවසන්
විය.අයිෆල් කුළුන නිර්මාණය කලේ 1789 අවසන් වුන ප්‍රංශ විප්ලවයේ සියවස් සැමරුම වෙනුවෙනුයි.
(එනම් 1789 සිට 1889 දක්වා කාලය අවුරුදු 100 කි.)
අයිෆල් කුළුනේ
ප්‍රධාන ඉංජිනේරු ශිල්පියා Gutave eiffel (ගුස්ටෙව් අයිෆල්)මහතායි.එතුමාට ගෞරවයක් ලෙස
අයිෆල් කුළුන ඒ නමින් නම් කර තිබේ.
මෙහි උස 324 m ක් වේ.ඒ සඳහා
ඇණ මිලියන 7 ක් පමණ භාවිත
කර ඇති අතර ගෙන ඇති යකඩ කොටස් ප්‍රමාණය 18000 කි.සේවකයන් 300 ක් පමණ ඊට දායක වී ඇත.
අයිෆල් කුළුන
මලකඩ වලින් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම වසර 07 කටම වරක් තීන්ත ආලේප කරනු ලැබේ.ඒ සඳහා
තීන්ත ටොන් 60 ක් පමණ භාවිත
වෙයි.
No comments:
Post a Comment