දකුණු
ආසියාතික සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන් අතර කුලයට හිමි වන්නේ ප්රුධාන
ස්ථානයකි. බටහිර සමාජ වල දැකිය නොහැකි ප්රතපංචයක් වන කුලය අනුව සමාජය ද ස්තරගතව
දකුණු ආසියාතික සමාජ වල තදින් මුල් බැස ගෙන ඇත. දකුණු ආසියාතික සමාජ වල පුද්ගලයාගේ
සමාජ තත්වය, සමාජ වටිනාකම
තීරණය කරනු ලබන්නක් වන කුලය මෙම සමාජ වල සමස්ථ සමාජ සබඳතාවයන්ම හැඩ ගැස්වීමේ ලා
මහත් බලපෑමක් කර ඇත. එ නිසා දකුණු ආසියාතික සමාජ ස්වරූපය බටහිර සමාජ හෝ නැතහොත්
අනෙක් ආසියානු කලාප වල සමාජ රටාවට වඩා ඛෙහෙවින් වෙනස්ය. එනිසා පුද්ගල සබඳතා,
පුද්ගල වටිනාකම් මෙම
සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන්ගෙන් යුක්ත වෙයි. කේ. ටී. සිල්වාට අනුව කුලය
මුළුමනින්ම සමාජ නිර්මිතයකි. කුලය යනු විශ්වීය සංසිද්ධියක් නොවේ. දකුණු ආසියාතික
සමාජය හා බැඳුණු සමාජ නිර්මිතයකි.” (කේ.ටී.සිල්වා, 2005:22.) දකුණු ආසියාතික සමාජ
වලට සුවිශේෂී ප්ර පංචයක් වන කුලය පිළිබඳව මානව විද්යාිත්මක පර්යේෂණයන්හි නියැලූණු
මානව විද්යාජඥයෙක් වන A.L Kroeber දක්වන්නේ කුලය වූ කලී දැඩි වූද, උග්රව වූද ජන්මයෙන්ම
නියම කරන ලද්දා වූද පුද්ගල චංචලතාවයට අවකාශ නොදෙන්නා වූද ආයතනයක් බවයි.” (අමරසේකර,
1988:10.) Hutten නම් මානව
විද්යා්ඥයා කුලය යන සංකල්පය තුළින් පහත දැක්වෙන ලකෂණයන් නියෝජනය කරන බව දක්වයි.
• කුලය වනාහි
අන්තර් ජන්යච දෙයකි.
• විවිධ කුලයන්ට
අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.
• කුලය
ධූරාවලියක් දනවන තත්ව සමූහයකි.
• විවිධ
සන්දර්භයන්හි විශේෂයෙන්ම ආහාර, ලිංගික කටයුතු,
චාරිත්රත යනාදිය
ඇසුරින් උසස් කුලයක තැනැත්තෙකු පහත් කුලයක සාමාජිකයෙකු ස්පර්ශ කිරීමෙන් ‘දූෂණය’
වීමක් සිදුවෙතැයි පිළිගැනේ
• කුලය
සාම්ප්රකදායික වූ රැකියාවන් ආශ්රි ත වූ දෙයකි.
• මිනිසෙකුගේ
කුල තත්ත්වය අවසාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ ඔහුගේ ජන්මය මගිනි. නොඑසේ නම් ඔහු තම
කුලය විසින් යම් චාරිත්ර් උල්ලංඝනයක් නිසා පලවා හරිනු ලැබූ අයෙකු විය යුතුය.
• කුල පද්ධතිය
සමස්තයක් වශයෙන් ගත් විය අභිමානය කේන්ද්රී්ය කරගත් පද්ධතියකි.(අමරසේකර,
1988:11.)
1. කුලය ශ්රලම
විභජන පද්ධතියක් බව.
2. කුලයක් අන්
කුලයකින් වෙනස්ව හඳුනාගත හැක්කේ ආර්ථීක, දේශපාලනමය හා චාරිත්ර මය සබඳතාවන් ජාලයන්
සමඟ එම සාමාජිකයන් ආසන්න සබඳතාවයකට පත් වී ඇති ආකාරය අනුව බව.
3. කුල ක්ර මය
තුළ ව්යුනහමය සංවිධානයක් පවතින අතර එය ඔවුන්ටම පමණක් ආවේණික වූ සංස්ථාවක් බව.
(අමරසේකර, 1988:12.)
• කුලය විවිධ
මට්ටම් වලින් ස්ථරගත වූ එකක් බව.
• කුල ධූරාවලිය
තුළ ඉහළ කුල හා පහල කුල ලෙස විභේදනයක් පවතින බව.
• කුලය ශ්රවම
විභජනය මත ගොඩනැගී ඇති දෙයක් බව.
• කුලය ජන්මයෙන්
තීරණය කරනු ලබන්නක් වන අතර ඊට අමතරව කුල චාරිත්රි, රීති උල්ලංගනය වීම තුළින් කුලය වෙනස් විය
හැකි බව.
• කුලය දැඩි
සීමාවන්ගෙන් හෙබි පුද්ගල සචලතාවයට ඉඩ නොදෙන ව්යුිහයක් බව.
• කුලය සමග
අභිමානය, පාරිශුද්ධත්වය,
කිලිටි යන ආකල්ප බැඳී
පවතින බව.
ඉහත කරුණු කුල
යන ප්ර්පංචය සම්බන්ධයෙන් දැකිය හැකි පොදු ලක් ෂණයන් වෙයි.
සිංහල කුල ක්ර
මයේ ඓතිහාසික පසුබිම හා විකාශනය
මුල් යුගයේ
ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්ර මය හින්දු කුල ක්ර්මයෙන්
බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්යර කුලිකයන් ගැන ද,
ඇතැම් අවස්ථාවල
චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක්ර්මයේ මතවාදී
නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බමුණන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ
ඇත. කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්රදමණික ගෝත්රව වල ක්රි යාකාරීත්වය හා දකුණු
ඉන්දීය බලපෑම් නිසා කුල වාදය ක්රමමයෙන් ලාංකීය සමාජයේ මුල් බැසගන්නට ඇතැයි එම්.
යූ. ද සිල්වා පවසයි. (ද සිල්වා, 1998:76.)
නමුත්
සම්භාව්යල හින්දු වර්ණ ක්රංම මූලික වශයෙන් බෞද්ධ සමාජයක් වූ සිංහල සමාජයේ ආයතනගතව
පැවැති බවට ඇති සාකෂි විරලය. පැරණි සාහිත්යෞ මූලාශ්රැ හා සෙල්ලිපි වැනි ඓතිහාසික
මූලාශ්රර විමසීමෙන් පසු වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනා ඉදිරිපත් කර ඇති නිගමනය නම්
සිංහල කුල ක්රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව, එනමුත් ලංකාවේ සමාජ
දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි. (ද.සිල්වා,
1998:147)
ලංකාවේ කුල
ක්රයමය ස්ථාපිත කරනු සඳහා රාජ්ය් මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්රව දෙස
බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල
දැමීම ද රජවරුන්ගේ වරප්ර සාදයක් විය. (අමරසේකර, 1988:16.) විජයගේ අවෑමෙන් මෙරට
මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම්
කරගත් ශ්රේයණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්යා.ප්ත කළ බව පෙනේ.
ලංකාවට ඒමට ප්රලථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්රියක පිරිස්
ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්රිරක ජිවිතය හැර දමා
තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්රු කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ.
මේ ආකාරයට කුල
පදනම ලාංකීය සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ
ක්රනමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ. රජ මාළිගාවේ හා රාජ්ය යේ විවිධ
අවශ්යමතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී
වඩාත් දක්නට ලැබේ. සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම්
සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය
හැකිය. (පීරිස්, 2001:189.)
මහනුවර
යුගයේදී කුල ක්රබමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු
වල භුක්තිය රාජකාරී ක්රකමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය
ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ
වාර්ෂික චාරිත්රු විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්රේමුඛතා පටිපාටිය තුළින් එක් එක්
කුලයේ සාපේක්ෂව සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්රපජාවකගේ තත්වය රජතුමා
විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි. (යාල්මාන්,
2004:106.)
ලංකාවේ කුල
වර්ග
සිංහල කුල
ක්ර්මය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්රුසිද්ධ
කුල විවිධ ප්ර දේශ වල තිබිය හැකිය.
• සිංහල සමාජයේ
කුල
මූලාශ්රහය :
කේ. ටී. සිල්වා, 2005:26
1. ගොවි කුලය -
මෙය සිංහල කුල ක්රිමයේ විශාලම (ඉහළම) ස්ථරය වන අතර සමහර සෙසු කුල වල සේවා ලාභී
කුලය ලෙස ද වැදගත් වේ.
2. පහතරට කුල -
මේ යටතට පහතරට ප්ර දේශ වල ප්රශධාන ලෙස ව්යා ප්ත වී ඇති කරාව සහ සලාගම, දුරාව සහ හුණු කුල
ඇතුළත් වේ. ඓතිහාසික සම්භවය යටත් විජිත සමයේ අත්දැකීම් සහ කුල වෘත්තීන්හි
ස්වභාවයන් අනුව මේ කුල වල යම් පොදු ලක් ෂණ දක්නට ලැබේ. පහත රට කුල සිංහල කුල
ක්රවමයේ මධ්යක ස්ථරය වේ.
3. සේවා කුල - මේ
ගනයට අයත් කුල ඉහල කුල වලට සේවා කිරීමට බැඳී සිටියි. ආචාරී, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මේ යටතට
අයත්ය. සිංහල කුල ක්රනමයේ වැඩවසම් ලක්රෂණ වඩාත් ඉස්මතු වන්නේ මේ සේවා කුල වලිනි.
රාජකාරී ක්රතමය මගින් සහ ඉඩම් භුක්ති ක්රවමය මගින් සේවා කුල ඉහල කුල මත රඳා
පැවැත්ම තහවුරු කර තිබුණි. කුල ක්රහමය මගින් තමන්ට උරුම වී ඇති ශිල්පීය ඥානය හා
කුසලතා රැක ගැනීම සහ ප්‍රගුණ කිරීම සේවා කුලයන්ගේ මෙහෙවර ලෙස හඳුනා ගන්නා ලදී.
4. සමාජයේ
කොන්වීමට ලක් වූ කුල- මේ යටතට කින්නර, ගහල, රොඩී කුල
ඇතුලත් කළ හැක. සිංහල සමාජයේ පහත්ම ස්ථරය නියෝජනය වන්නේ මේ කුල වලිනි. සෙසු කුල වල
අය සමඟ සමීප ඇසුරුකම් පැවැත්වීමට ඔවුන්ට අවසර නොතිබුණි. (කේ.ටී.සිල්වා,
2005:34,37.)
අන් සෑම
කුලයකටම වඩා ගොවි කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී
සිටීය, එභෙත්
වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත. මෙම කුලයේ ඉඩම් හිමි ප්ර භූ ස්තරය
‘රදල’ යන නමින් හැඳින්වේ. මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි. විශේෂ ගෘහ
නිර්මාණ ලක් ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ රදල පේරුවේ
විශේෂ සංඛේතයක් විය. සමහරු දකුනු ඉන්දියා නෑකම් සහ ඛහශාඵත් උරුමයකි[1][2]ඔවුන්ගේ පාරම්පරික
ඉඩකඩම්, ගරුත්වය වැඩෙන
පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල පවුල් එකිනෙකා සමග
සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක
ගැනීමටත්, අලූතින්
පොහොසත් වූ පිරිස් සමග මිත්ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන්
සාම්ප්ර්දායික සමාජයේ ප්ර භූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන්
යුක්ත වූද, රාජ්යො සේවය
සඳහා ඉතා සුදුස්සන් වූ බව රොබට් නොක්ස් පවසයි. (නොක්ස්, 2003:80.)
ගොවි කුලයේ
දෙවන මට්ටම ‘ගොවිගම’ යනුවෙන් හැඳින්වේ. සිංහල ජනගහනයෙන් අති බහුතරය මේ ගනයට අයත්ය.
ඇතැම් උඩරට ප්ර දේශ වල මේ මට්ටම හැඳින්වීම සඳහා ‘රටේ ඇත්තෝ’ , ‘රට කෝරළේ’ වැනි පද
යොදා ගැනේ. (නොක්ස්, 2003:113.)
ගොවි කුලයේ
සෙසු උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල්” යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට
අභාවයට පත්ව ඇත.
ඉහල කොටස:
• රදලකම්/මුධලි
පෙරුව
• පයිධ පෙරුව
(පනිවිඩ)
• වැදිවන්ස
(මොවුන් සිංහලවත්, ගොවිවත් නොව,
එ ප්රනදේසවල මුල්
ඉඩම්කරුවෝය)
පහල කොටස:
• නිලමක්කාරයෝ -
වී වගාව
• පට්ටි -
එඩේර/ගව පාලන
• විරමෙස්ත්රෝගොල්ල
• පොරෝකාර - ගස්
කැපීම
• ඇත්වල
පනික්කියො - අලි කෑම සැපයීම
• මල්කරුවො -
මල් සැපයීම
• කුට්ටන්වල
ඇත්තො (කෙවුලො) - වෙව් මාලු මැරීම
• බලිබත් ගමයො -
පන්සල්/දෙවාල පූජා බත් සැපයීම
• ගට්ටාරු
• ටිබිල්ලො
කරාව කුලය
දිවර ප්රයධාන
ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර
රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ[3][4][5][6]
පොලොන්නරු (විජයබා රජ)
යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ[7] මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට
මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්රේජාවද, මීගමුවේ සිට පුත්තලම
දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා
‘පරවර’ ප්රයජාවද, නැගෙනහිර
මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්රසජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම
සමාජ කණ්ඩායමකට අයත් වේ.[8][9][10][11][12][13] (අයිවන්, 1990:30.)
තංගල්ල සිට
හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය.
මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්රවජාවගෙන් අති
විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන
ප්රාජාවෙන් බහුතරය බෞද්ධයන්ය.[14][15][16][17][18] කරාව කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත්
සාමාජිකයන් පිරිසක් සිටී කියා සමහරු කිය ඇත, එහෙත් මෙය කරාව් බහුතරයක් නොදනී සහ අද
නොතිබෙ.
උප කුලයන්;
මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා,
ඉදමල් කෙවුල් කරා,
ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා
(අමරසේකර, 1988:21.)
සලාගම කුලය
සලාගම කුලය
මුහුදු බඩ ප්රසදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන්
සුලුතරයක් කතෝලිකවෙ. මොවුන්ගේ ප්රාධාන කාර්යය වන්නේ කුරුඳු නිශ්පාදනයයි. රජුගේ
අවශ්යරතාවයන් සඳහා කුරුඳු තලා සකස් කිරීමේ ගිවිසුම පිට කුරුඳු වැවුණු ගබඩා ගම්වල
වාසය කිරීමට ඔවුන්ට අවසර දෙන ලදි. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම,
හේවාපන්න සලාගම,
කුරුදුකාර සලාගම,
ඌලියන්කාර සලාගම ලෙස
උප කුල 4 කි. (අයිවන්,
1990:31.) කුල ගැන
දුර්මත නූතන ජන සමාජයේ පවා ඇතැම් කුල ගැන පවතින දුර්මත රැසක් තියෙනවා. නිදසුනක්
හැටියට අප "සලාගම" කුලය ගතහොත් ඔවුන් පැවත එන්නේ උතුරු ඉන්දීය
"ශාලිග්රාගම වාසී" බ්රාහහ්මණයන්ගෙන්. ඒ අය මෙරටට පැමිණියේ මෙරට රජවරුන්ට
ඔටුනු පැළැඳවීමටයි. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වෙලා මේ රටට විදේශ
විනිමය උපයන්න ගත්තා. දැහැමි බමුණන් වූ ඔවුන් කුරුඳු වගාවෙන් දැහැමි ලෙස ධනය
ඉපදෙව්වා. ඒ හැර කුරුඳු තැලීම කළේ නෑ. ඒ සඳහා යෙදෙව්වෙ වෙනත් කුලවල කම්කරුවන්.
මෙවැනි දුර්මත අනෙක් කුල සම්බන්ධයෙනුත් තියෙනවා.
වහුම්පුර
(හකුරු)
මෙය සේවා
කුලයන්ට අයත් වේ. ප්ර්ධාන වශයෙන් කන්ද උඩරට ප්ර්දේශ වලත් රටේ හැමතැනමත් විසිරී
සිටින සංඛ්යායත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්රි ත ප්රශදේශ වල ජීවත් වීම හේතු කර
ගෙන "කන්දයෝ" සහා "දෙවා" යන නමින්ද මොවුන් හඳුන්වයි.
දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්ර"ධාන ජීවනෝපාය
කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර රදල හා ගොයිගම පවුල් වල ඉවුම් පිහුම්
කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ
ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි
ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්යප, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ
ඇත්තෝ ලෙස ප්ර්ධාන උප කුල හතකට ඛෙදී පවතී. (අයිවන්, 1990:33/34.)
බත්ගම (පදු)
කුලය
මෙය ද සේවා
කුල වලින් එකකි. කුල සංවිධාන ක්ර්මය තුළ වඩාත් ආන්තික තැනක් හිමිකරගෙන සිටී. මෙම
කුලය ප්රුධාන ලෙස මෙහෙකාර සේවාවන් සඳහා වෙන් වූ කුලයකි. මොවුන් සේවා කුලයක් වුවද
රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුලත වැඩ කටයුතු සඳහා මොවුන් යොදා නොගත් බව පෙනේ. (Ryan,1953:134.)
සාම්ප්රnදායිකව මෙම කුලයට
පැවරුණු රාජකාරී අතර ප්ර භූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන
යාම, යුද සේවා වලට
සහභාගී වීම, යපස් ගැරීම
ආදිය ඇතුලත්ය. ජන වංශයේ මෙම කුලය හඳුන්වන්නේ බොහෝ දුරට කුලී ශ්රතමිකයන්ගෙන්
සමන්විත කුලයක් ලෙසයි. (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ
ප්රකචණ්ඩකාරී ප්රුවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට මෙම කුලය පත්ව ඇත.
මීට අමතරව
නැකති, කුඹල්,
රදා, නවන්දන්න ආදී සේවා
කුලද, ගහල, කින්නර, රොඩී ආදී සමාජයේ කොන්
වීමට ලක් වූ කුල ද වෙයි.
කුල විෂමතාවය
කුල වල උස්,
පහත් ගතිය රඳා
පවතින්නේ පහත සඳහා වන කරුණු තුනෙහි සංයෝගය මතය.
1. පාරම්පරික නාම
2. රැකියාව
3. කුල ප්රිජාවක
වෙන්ව කැපී පෙනෙන සුළු බව
ඉහත කරුණු තුන
අනුව කුලයක උස් පහත් බව තීරණය වේ. ඒ අනුව විවිධ මට්ටමේ සැලකුම්, තරාතිරම් හිමි වේ.
කුලවලට හිමි ධූරාවලිගත මට්ටම අනුව ගරුත්වය හා සැලකිල්ල විවිධ වේ. ඇඳුම් පැලදුම්,
ආහාර ගැනීම, විවාහය, නිවාස තත්වය, ආචාර කිරීමේ එදිනෙදා
ක්රිඇයාකාරකම් ආදී මිනිස් ජීවිතයේ සියලූම අංගයන් වල උස් පහත් බව කුලය අනුව තීරණය
වේ. උසස් හා පහත් යැයි සම්මත කුල අතර එකී සබඳතා වල පවතින්නේ දැඩි විෂමතාවයකි.
රැල්ෆ් පීරිස්
ට අනුව ගොවිගම කුලය අඩු කුල වලින් සේවය ලබා ගැනීමට සුදුස්සෝ විය. අඩු කුල අතර වුවද
එක් කුලයකට අයත් වූවෙකු සේවය කළේ තමනට වඩා උසස් කුල වල අයට පමණි. කුඹල් ජනයාට
(බඩහැල කුලයට) හා ඊට වඩා උසස් වූ කුල වල අයට රදා කුලයේ අය රෙදි ඇපිල්ලු අතර කුඹල්
ජනයාට වඩා පහත් කුල අයට රෙදි අපුල්ලන ලද්දේ "පලි" නම් අන් විශේෂයක අය
විසිනි. (පීරිස්, 1964:188.)
පුද්ගලයන්
එකිනෙකා ඇමතීමේදී යොදා ගන්නා ඇතැම් පද කුල තත්වය අනුව වෙනස් විය. "දෙයියෝ,
හාමුදුරුවෝ, අප්පෝ, නිලමේ, රාලහාමි, මහත්තයා, තමුන්නාන්සේ" ආදී
පද ඉහළ කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත්හ. පුද්ගල නාම සම කුල ඇත්තන් හැඳින්වීමට
යොදා ගත් අතර "තමුසෙ, උඹ, අඩා, තෝ" යන පද පහත්
කුල ඇමතීමට යොදා ගත්හ. නොක්ස් ට අනුව තමන්ගේ තරාතිරමට වඩා පහත් යැයි සලකන අය සමඟ
එක් වී ආහාර ගැනීමටවත්, විවාහ වීමටවත්
ඉහල කුලිකයන් අකමැතිය. උසස් හෝ පහත් තරාතිරම් පිළිබඳ ලකුණු නම් උඩුකට වැසුම්
ඇතිවීම හෝ නැති වීම, දනින් පහත
වස්ත්ර.යේ දිග, පුටුවක හෝ
කොලොම්බු කොට වල හෝ පැදුරුවල වාඩිවීම ආදිය තුළින් පැහැදිලි වේ. අඩු කුල ස්ත්රීාන්ට
දනින් පහලට හා උඩුකය වැසෙන සේ ඇඳුම් ඇඳිය නොහැක. (නොක්ස්,1681:80/109.)
රැල්ෆ්
පීරිස්ද මෙයම සනාථ කරමින් පවසනුයේ කුඹල්ලූ දණහිසින් පහලට රෙදි ඇඳීමට ද, පැහැරුම් පුටුවක වාඩි
වීමටද අවසර නොලත් බවයි. ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය. නවන්දන්න
කුලයේ පිරිමි දණහිසින් පහලට රෙදි ඇඳීමටද, ගැහැණු ඔසරිය ඇඳීමට ද සුදුස්සෝ වූහ. එහෙත්
ඔසරියේ ඉන වටා අදින රෙද්ද මූට්ටු නොකරන ලද්දක් විය යුතුය. කින්නර කුලයේ ගැහැණු හා
පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය. (පීරිස්,
1964:189/193/197.)
එසේම ඉහළ
කුලිකයෙන් හමු වූ විට හිස පහත් කිරීම, හිස දවටනය අතට ගැනීම, පාරෙන් පසෙකට වී ඉඩ දීම වැනි ක්රිකයාවන්
මගින් යටහත් පහත් බව පෙන්විය යුතු විය. සාමාන්යේයෙන් නිවසට එන උසස් කුල වල
පිරිමින්ට දක්වන ගරු සැලකිල්ලක් ලෙස තම බිරිඳට රාත්රිතයේ ඔහු සමඟ එකට විසීමට පවා
සැමියා ඉඩ දෙනු ලැබේ.
එසේම
කාන්තාවන් ඇමතීමේදී ද කුලය සැලකිල්ලට ගැණුනි. පහල තත්වයේ ස්ත්රීඑහු
"පොඩිස්සී", ගෞරව වශයෙන්
තරුණියෝ "කිඩැහැකෙළි" යනුවෙන් අමතන ලදි. අනෙක් උසස් ආමන්ත්රිණ වූයේ
"එතනා, ළමා එතනා,
කුමාරිහාමි" යන
පදයි. "කුමාරිහාමි” යන පදය භාවිතා කරන ලද්දේ උසස්ම පෙලැන්තියේ වනිතාවන් උදෙසා
පමණි. (පීරිස්, 1964:191.) ඩොයිලිගේ දින
පොතට අනුව කොණ්ඩය හෝ රැවුල වැවීමට පදු හා ඛෙරව කුල වලට අවසර නොවීය. වහුම්පුර,
සලාගම කුලිකයන්ට දැලි
රැවුළු වැවීමට හෝ ඔසරිය ඇඳීමට තහනම් ය. නමුත් කොණ්ඩය බැඳීමට අවසර ඇත. (පීරිස්,
1964:190.)
ආසන පැනවීමේදී
ද ඒ ඒ පුද්ගලයාගේ කුල තත්වය අනුව සම්මත රටාවක් අනුගමනය කරන ලදී. හාන්සි පුටුව,
කවිච්චිය ඉහළ
කුලිකයන්ටත්, පුටුව සම
කුලිකයන් අතරත් පුටු භාගය, කොලොම්බුව,
පැදුර, පිල පහල කුලිකයන්ටත්
නියම විය.
ආසන විශේෂය
තත්වය
හාන්සි පුටුව
ඉහල
කවිච්චිය ඉහල
පුටුව සම
පුටු භාගය පහල
කොලොම්බුව පහල
පැදුර පහල
පිල පහල
(මූලාශ්රවය :
කේ.ටී.දසිල්වා, 2005:33.)
ධූරාවලියේ
පහලින් සිටින කෙනෙකුට ඉහල කෙනෙකු සමඟ සම අසුන් ගැනීමේ හැකියාවක් නොවීය. මයිකල්
රොබට්ස් ට අනුව කුල සිරිත් විරිත් නිවස සම්බන්ධ හැම අවස්ථාවකදීම ඉතා පැහැදිළිවම
පිළිඹිඹු විය. බොහෝ සිංහල ප්රවදේශ වල මෙය හොඳින් ප්රාකාශ කරන ලද්දේ උසස් කුලවල
ගෙවල් වලට එන පහත් කුල ජනයාට වාඩිවීමට තබා තිබුණු කොලොම්බුව නැමැති කුඩා පුටුව
හෙවත් ලී කොටය මගිනි. (රොබට්ස්, 2008:288.)
කුල සිරිත්
වඩාත්ම පිළි පැදුනේ ආවාහ විවාහ වලදී ය. සිය කුලයෙන් බැහැරව විවාහ ගණුදෙනු කිරීම
නීති විරෝධී ලෙස සැලකුණු අතර උසස් කුලයේ අයෙකු පහත් කුලයේ අයෙකු විවාහ කර ගත්තේ
නම් එම පුද්ගලයා අයත් වන වර්ගය කෙරෙහිද එම නින්දාව බලපෑවේය. එබඳු අවස්ථා වලදී
වරිගයේ අය වරිගයේ කුල ගෞරවය ආරක්වෂා කර ගැනීම සඳහා එකී පුද්ගලයා මරා දැමීම පවා
සිදු විය. එනිසා හැම විටම ආවාහ විවාහ සිදු කිරීමේදී අන්තර් කුල විවාහ පමණක් සිදු
විය. නිවාස තත්ත්වය ගත්තද වෙනස්කම් දක්නට ලැබුණි. අඩු කුල අයට නිවෙස් වල උළු
හෙවිලි කිරීම, හුණු පිරියම්
කිරීම තහනම් විය.
හත අයුරින්
ඇඳුම් පැලදුම්, ඉඳුම් හිටුම්,
ආහාර ගැනීම්, ආචාර කිරීම්, කතා කිරීම් ආදී සියලූම
සමාජ චර්යා වලදී කුලය යන සාධකය අතිශයින්ම තීරණාත්මක වූ අතර ඒවා අතර දැඩි සමාජ
විෂමතාවයක් විය. උසස් කුලිකයන්ට වරප්රධසාද තත්වයේත්, පහත් කුලිකයන්ට නින්දා සහගත හා සමාජයේ අවශේෂ
කොටසක් ලෙසත් සැලකීමේ තත්වයක් ඉහත දැක්වූ සියලූ සමාජ සබඳතා වලින් පෙනේ. මේ තුළින්
කුල මට්ටම් වල ස්ථර ගත බව හොඳින් පවත්වාගෙන යාමට හේතු සාධක සැපයීය.
No comments:
Post a Comment