ඉස්ලාම් යනු
ඒක දේවවාදී අබ්‍රහිමික ආගමකි. අල් කුරානය හා හදිසයන් එහි මුලාශ්‍රයන් වේ,ඉස්ලාම් දහම
අදහන ජනයා මුස්ලිම් යනුවෙන් හදුන්වයි. මුස්ලිම් වරුන් ඒකීය අසමසම දෙවිවරයෙක්
විශ්වාශ කරයි, ඒ වගේම
ඉස්ලාම් දහම ආදිකල්පිත දහමක් ලෙසත් ආබ්‍රහම් ,මෝසස් ,යේසුස් නබි වරුන් ලෙසත් හදුන්වයි, ඔවුන් ගේ පසු කාලින අනුගාමිකයන්
විසින් කාලයත් සමග දහම විකුර්ති කර ඇති බවත්ය, ඒ නිසා අවසාන වශයෙන් අල් කුරානය හෙළිදරවු
කෙරුණු බව මුස්ලිම්
වරුන් විශ්වාශ කරයි. ඉස්ලාමය
සම්පුර්ණ ජිවන සැලැස්මක් ලෙස හදුන්වයි. බහුතර මුස්ලිම් වරු
සුන්නි හා ෂියා කොටස් වලට
අයිති වේ. වර්තමානයේ 13% පමණ මුස්ලිම්
වරුන් ඉන්දුනීසියාවේ ජිවත් වේ. දකුණු ආසියාවේ
25 % ක් ද ,මැද පෙරදිග 20 % ක් ද උප සහරා
අප්‍රිකාවේ 15% සිටිති. ආසන්න
වශයෙන් බිලියන 1.57 ප්‍රමාණයක්
හෙවත් 23 % ක් පමණ මුළු
ලොවම සිටි. ඉස්ලාමය දෙවැනි විශාලතම හා ලොව වේගයෙන් වර්ධනය වන දහමකි.
ඉස්ලාම් නමැති
වචනය අරාබි භාෂාවේ එන ස්-ල්-ම්නම් වචනයෙන් බිහි වී ඇත.
—ඉස්ලාම්” යන
අරාබි පදයට අර්ථ දෙකක් ඇත.
§ අවනත වීම
§ සාමය
සර්ව බලධාරී
ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. ඉස්ලාම්
ආගම අදහන ලෝකයේ ඕනෑම රාජ්‍යයක ජීවත්වන ජනයා මුස්ලිම් ගණයට අයත් වේ. ඉස්ලාම් ආගම
අරාබි අර්ධද්වීපය මුල් කොට ගෙන පැන නැගුනු ලොව ප්‍රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය
වන ආගමකි. අල්ලාහ් නම් සර්වබලධාරියා විසින් එවන ලද මුහම්මද් නබි නම්
අනගතවක්තෘතුමන් විසින් එතුමන්ට වහි මගින් අනාවරණය වූ දහම ලෙස ලොවට ප්‍රකාශ කර ඇත.
වර්තමානයේ ලොව ජනගහනයෙන් සෑම 6 දෙනකුගෙන්ම එක් අයකු ඉස්ලාම් බැතිමතෙක් වන
බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඉස්ලාමීය
ඉතිහාසයේ සංවර්ධනයේ ප්‍රතිඵලය ප්‍රධාන වශයෙන් දේශපාලනික , ආර්ථික , ආරක්ෂක අංශවල
දියුණුව ඉස්ලාමීය ලෝකයාට මෙන්ම එයින් එපිටටද බලපෑම් ඇති කළේය. මුහම්මද් නබි තුමාට
මුල්වරට අල් කුරානය අනාවරණය වී සියවසක් ඇතුළත ඉස්ලාමීය රාජ්‍යය බටහිරින්
අත්ලාන්තික් සාගරයේ සිට නැගෙනහිරින් මධ්‍යම ආසියාව දක්වාම ව්‍යාප්ත විය. මෙම අළුත්
මතය ඉක්මණින්ම සරළ යුධමය තත්වයන් රාජ්‍යයේ අභ්‍යන්තර මට්ටමින්ද බාහිරව බලපෑවේය.
මුහම්මද් නබි
තුමා මදීනාවට සංක්‍රමාණය වීමට පෙර මක්කාවේද ධර්ම දේශනා කළහ. මදීනාවේදී එතුමා
විසින් අරාබි ගෝත්‍ර සියල්ල එකමුතු කොට ඒකීය අරාබි මුස්ලිම් ආගමික පාලනයක් යටතට
ගෙන එන ලදී. ක්‍රි. ව. 632 දී එතුමාගේ
වියෝවෙන් පසු, මුස්ලිම්
ජනතාවගේ නායකත්වය හිමි විය යුත්තේ කාටද යන්න පිළිබඳ වාද විවාද ඇති විණි. මුහම්මද්
නබි තුමාගේ ප්‍රමුඛ සහායකයෙකු වු උමාර් ඉබ්නු අල් - කත්තාබ් ගේ අනුමැතිය මත සහ
බහුතරයකගේ කැමැත්ත මත, මුහම්මද්
නබිතුමාගේ සහායකයෙකු මෙන්ම ළඟම මිතුරෙකු වු අබු - බකර් තුමා පළමුවෙනි කාලිෆ් වරයා
ලෙස පත් වුයේ ය. එහෙත් තවත් පිරිසක් මෙම තේරීමට විරුද්ධ වුයේ මුහම්මද් නබි තුමාගේ
ඥාති සහෝදරයෙකු හා බැණනුවන් වු අලි ඉබ්නු තාලිබ් තුමාට නායකත්වය හිමිවිය යුතු බව
ඔවුන් විශ්වාස කළ හෙයිනි. අබු බකර් තුමා නායකත්වයට පත් වු විගස බිසන්ටීන (නැගෙනහිර
රෝම අධිරාජ්‍යය) හමුදාව පරාජය කිරීම ඔහුගේ වගකීමක් විය. එහෙත් ඊට පෙර අරාබි ගෝත්‍ර
අතර ඇති වු කැරලි (රිද්දා) යුද්ධයන් මර්දනය කිරීමට එතුමාට සිදුවිය.
ක්‍රි. ව. 634 දී අබු බකර්
තුමාගේ වියොවෙන් පසු කලීෆා බවට උමාර් තුමාද, ඉන්පසු උස්මාන් ඉබ්නු අල් - අෆ්ගන් තුමාද, ඊටත් පසු අලි
ඉබ්නු අබි තාබ්ලි තුමාද පත් විය. මොවුන් සතර දෙනා අල්- කුලෆා අර් - රෂිදුන්
("නියමාකාරයෙන් මඟ පෙන්වනු ලැබු කාලිෆ්වරු") යන විරුදාවලිය ලැබුහ.
ඔවුන්ගේ පාලන කාලය තුළ මුස්ලිම් පාලනයට යටත් වු දේශ සීමාව පර්සියාව හා නැගෙනහිර
රෝමය දක්වා පැතිර තිබිණි.
ක්‍රි. ව. 644 දී උමාර්
කලීෆාවරයාගේ ඝාතනයත් සමඟ උස්මාන් තුමා ඊළඟ කලීෆාවරයා ලෙස පත්වීම පිළිබඳ දැඩි
විරෝධයක් පැන නැගුණි. ක්‍රි. ව. 656 දී උස්මාන් තුමාගේ ඝාතනයෙන් පසු අලි ඉබ්නු
අබි කාලිබ් තුමා කාලිෆා වරයා බවට පත්වී පළමුවෙනි සිවිල් යුද්ධය හෙවත් "පළමු
ෆිත්නාව" මෙහෙය වූ පසු ක්‍රි. ව. 661 දී කරිජිවරුන් විසින්
එතුමාව ඝාතනයට පත් කෙරිණි. අනතුරුව ආණ්ඩුකාර වූ මු:අවියාහ් බලයට පැමිණ උමයියාද්
රාජවංශය ආරම්භ කළේය.
ආගමික හා
දේශපාලනික නායකත්වය නිසා පැවති විවිධ ආරවුල් හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව අතර ආගමික
නිකාය භේදයක් ඇති විය. බහුතරයක් අලි තුමාට පෙර පැවත ආ කලිෆාවරුන්ගේ නායකත්වය පිළි
ගත්හ. ඔවුන් සුන්නිවරුන් ලෙස හැඳින්විණි. සුන්නි පිරිසක් නියමාකාර නායකයා අලි
පමණක් ම යැයි පිළිගත්හ. ඔවුන්ව හැඳින්වූයේ ෂියාවරු යනුවෙනි. ක්‍රි. ව. 680 දී මු:
අවියාහ් ගේ වියෝවෙන් පසු නැවතත් නායකත්වය පිළිබඳ ගැටුම් ඇති වී දෙවෙනි සිවිල්
යුද්ධය ඇති විය. උමයියාද් රාජවංශය වසර හැත්තෑවක් පුරාවටම පැවතුණි. මග්රිබ්, අල් -
අන්දලුස්, නාර්බොනෙස්සි
ගුවාල් මෙන්ම සින්දු නදිය හා මධ්‍යම ආසියාවේ යම් ප්‍රදේශ පවා ඔවුන් යටතට පත්
කරගැනීමට සමත් විය. මුස්ලිම් අරාබි ප්‍රධානීන් යුද්ධ කර යටත් විජිත අත්පත්
කරගනිමින් සිටියදී, ඇතැම් සැදැවත්
මුස්ලිම්වරු ලෞකික ජීවිතයකට ඉඩදීම කෙතරම් ධර්මිෂ්ට ද යන්න විමසමින් සිටියහ. මෙසේ
අදහස් දැරූ හසන් අල් බස්රි ආදී අය සුෆි වාදයේ ප්‍රමුඛයෝ වූහ.
උමයියාද් ප්‍රභූතන්ත්‍රය
දුටු ආකාරයට, ඉස්ලාම් යනු
අරාබි ජාතිකයන්ට පමණක් සීමා වු දහමකි. ඔවුන්ගේ ආර්ථිකය පදනම් වුයේ මුස්ලිම් නොවන
අරාබි ජාතිකයන්, මුස්ලිම්
අරාබි ජාතිකයන් වෙනුවෙන් ගෙවන බදු මතයි. අරාබි නොවන පුද්ගලයෙක් ඉස්ලාම් දහම
වැළඳගැනීමට පෙර අරාබි ගෝත්‍රයක අනුගාමිකයෙක් විය යුතු විය. ඔහුට අරාබි ජාතිකයන්
මෙන් සමතැන ලැබුණේද නැත. මුහම්මද් නබිතුමාගේ පරම්පරාවෙන් පැවතගෙන එන අය
උමයියාද්වරු බලයෙන් පහකර ක්‍රි. ව. 750 දී අබ්බාසිද් රාජවංශය
ආරම්භ කළහ. අබ්බාසිද්වරු යටතේ ඉස්ලාමීය ශිෂ්ටාචාරය එහි අගනුවර විශ්වදේශී නගරයක් වු
බැග්ඩෑඩයේ පිහිටුවා ඉස්ලාමයේ ස්වර්ණමය යුගය කරා එළඹිණි.
9 වන සියවසෙහි
අගභාගයෙහි විවිධ පළාත් ස්වයං පාලනයක් කරා යාම හේතුවෙන් අබ්බාසිද් කලීෆා රාජධානිය
බිඳ වැටෙමින් පැවතිණ. පළාත් කැඩී යාමත් සමඟම උතුරු අප්‍රිකාව, පර්සියාව සහ
මධ්‍යම ආසියාව පුරා එමිර් රාජ්‍යයන් බිහි විය. දැඩි ලෙස ඒකශ්මිකව තිබු අරාබි
රාජධානිය ආගමික වශයෙන් සමජාතීය මුස්ලිම් ලෝකයක් දක්වා වෙනස් විය. එම නිසා
කලීෆාවරයාගේ ආගමික අධිකාරියට පවා විරුද්ධ විය හැකි තත්ත්වයක් ෂියා ෆතිමිදි වරුන්ට
හිමිවිය. ක්‍රි.ව.1055 වන විට
සෙල්ජුක් තුර්කිවරුන් විසින් අබ්බාසිද්වරුන්ගේ හමුදාමය බලය දුර්වල කරනු ලැබ තිබුණද, ඔවුන් කාලීෆාවරයාගේ
නාමමාත්‍ර අධිකාරියට ගෞරව කළහ. මේ වනවිට ඉස්ලාම් ධර්මය සහ මුස්ලිම් වෙළඳ ජාලයන්
සහරාව, බටහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව, බල්ගේරියාව සහ
මැලේ දුපත් කරා පැතිරි තිබුණද, ආක්‍රමණ සහ සාමකාමීව ආගමට හරවා ගැනීම් මඟින්
මුස්ලිම් රාජධානිය තවදුරටත් ප්‍රසාරණය වෙමින් පැවතුණි.
ස්වර්ණමය යුගය
නව නීතිමය, දාර්ශනික සහ
ආගමික සංවර්ධනයන්ගේ ආරම්භය විය. ප්‍රධාන හදීස එකතුන් සම්පාදනය වුයේ ද, නුතන සුන්නි
මද්හබ් සතර පිහිටවුයේ ද, මෙම කාල
වකවානුවේදීය. 9 වැනි
සියවසෙහි මුල් භාගයේ විසු නීතිවේදීයෙකු වන අල් - ෂාෆි විසින් ඉස්ලාමීය නීතියේ
දියුණුවට සිදුවු සේවය අති මහත්ය. එකළ මුස්ලිම් විද්වතුන් අතර දැඩි මතභේදයකට තුඩු
දුන් මාතෘකාවක් වන හදීස් වල විශ්වාසනීයත්වය තහවුරු කරගත හැකි ක්‍රමවේදයක් අල් -
ෂාෆි විසින් හඳුන්වා දෙන ලදී. ඉබ්නු සිනා සහ අල් - ෆරාබි වැනි විද්වතුන් ඉස්ලාමීය
දේව ධර්මය තුල ග්‍රීක මුලධර්ම අන්තර්ගත කිරීම පිළිබඳ සොයා බැලුහ. මෙයට විරුද්ධ
තර්කයන් ඉදිරිපත් කළ 11 වැනි
සියවසෙහි විසු දේව ධර්මධරයෙකු වන අබු හමීඩ් අල් ගසාලි, අවසානයේ දී ජය
ගත්තේ ය. 9 වන සියවස තුළ
දී සුෆි වාදය සහ ෂි’වාදය විශාල වෙනස්කම් රැසකට භාජනය විය. සුෆි වාදය එහි මුල්ම
පැවිදි ප්‍රතිපත්ති වලින් ඈත් වී සම්පුර්ණයෙන්ම ගුඩ වාදය පදනම් කරගත් එක්ක බවට පත්
විය. ෂි’වාදය, ඉමාම්වරුන්ගේ
අනුප්‍රාප්තිය පිළිබඳ මතු වු ගැටළු හේතුවෙන් බෙදී ගියේය.
ඉස්ලාම්
ආධිපත්‍යය පැතිර යාම මධ්‍යතනික පූජ්‍යයාතන වල සිටි කතෝලික කතෘන් අතර සතුරුකම් ඇති
වීමට හේතුවක් විය. පිරිස් විශාල ගණනින් ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම ඔවුන් දුටුවේ
එදිරිවාදිකමක් හැටියටයි. මෙම විරුද්ධත්වය, ඉස්ලාම් ධර්මය ක්‍රිස්තු විරෝධී ආගමත් බවටත්, මුස්ලිම්වරු
කාමයෙන් මත් වු නොමිනිසුන් ලෙසත්, නිරූපණය වන විවාදාත්මක නිමන්ධන රැසකට මුල්
විය. මධ්‍යතන යුගයේ විසු අරාබි දාර්ශනිකයෙකු වන අල් ම:අරි වැනි අය ඉස්ලාමය කෙරෙහි
විචාරාත්මක ප්‍රවේශයක් ඇති කරගත් අතර, යුදෙව් දාර්ශනිකයෙකු වන මයිමොනිදස් විසින්
යුදෙව් දහමේ එන සදාචාරයත්,
ඉස්ලාම් දහමේ එන සදාචාරයත් අතර ඇති වෙනස පෙන්වා දෙනු
ලැබීය.
ක්‍රි. ව. 6 වැනි සියවසේ
සිට රෝම අධිරාජ්‍යය බිඳවැටීමත් සමග පෙරදිග සහ අපරදිග වෙළෙඳ සබඳතා බිඳවැටුණු අතර
මෙම සබඳතාව ගිලිහී යැමත් සමග පෙරදිග අපරදිග වෙළෙඳ සබඳතා පැවැත් වූයේ මුස්‌ලිම්
වෙළෙඳුන් මාර්ගයෙනි. මේ යටතේ හත්වැනි සියවස වන විට වෙළෙඳ ඒකාධිකාරි බලයක් ගොඩනඟා
ගැනීමට ඉස්‌ලාම්වරුන්ට හැකි විය. ඉහත සඳහන් වන මාර්ග තුන හරහා ලබාගන්නා භාණ්‌ඩ
තවලම් මාර්ගයෙන් ගොඩබිම ඔස්‌සේ බෙදාහරින ලදී. පසළොස් වැනි සියවස වන විට මුස්‌ලිම්වරු
මධ්‍යධරණී ප්‍රදේශය, මැදපෙරදිග හා
උතුරු අප්‍රිකාව ස්‌පාඤ්ඤයේ දක්‍ෂිණ ප්‍රදේශය ද ඇතුළත් වනසේ විශාල අධිරාජ්‍යයක්
ගොඩනඟා ගැනීමට සමත් වූහ. ලෝක ඉතිහාසයේ අධිරාජ්‍ය ව්‍යාප්තිය පිළිබඳව විමසා
බලන්නකුට ඉස්‌ලාම් අධිරාජ්‍යය අසනි වේගයෙන් ව්‍යාප්ත වූ බව පැහැදිලිව පෙනේ.
එකොළොස් වැනි සියවසේ සිට ඉස්‌ලාම් භක්‌තිකයන් සහ ක්‍රිස්‌තු භක්‌තිකයන් අතර කුරුස
යුද්ධ ගණනාවක් ඇති වූ අතර දෙපසටම ජයග්‍රහණ මාරුවෙමින් පැවති අතර මේ වන විට ක්‍රිස්‌තුතුමන්ගේ
ජන්ම භූමිය වූ ජෙරුසලම නිදහස් කර ගැනීමේ අභියෝගයට යුරෝපා ජාතිකයෝ මුහුණපා සිටියහ.
මේ තත්ත්වය
මගහැරීම සඳහා ස්‌පාඤ්ඤය, පෘතුගාලය
ඇතුළු යුරෝපා රටවලට තිබුණේ විකල්ප මාර්ග දෙකකි. පළමුවැන්න වූයේ කුළුබඩු, මැණික්, සේද, රන්
පටපිළිවලින් තොරව ජීවිතය ගෙන යැමට හුරුවීමයි. එහෙම නැතිනම් ඔවුන්ට තුර්කිස්‌ථානය
හරහා ගමන් නොකරන වෙළෙඳ මාර්ගයක් සොයා ගැනීමට සිදුවේ.
මේ ආකාරයට ඉස්ලාම් වරුන්ගේ බලය යුරෝපයේ දැඩිව ව්‍යාප්ත
වීමත් සමග අනෙක් යුරෝපා ජාතිකයන් එය අභිබවා යාමටත් මුස්ලිම් බලය මැඩගෙන තම අවශ්‍යතාවන්
ඉටුකර ගැනීමේත් මාවත් සෙවීමේ ප්‍රතිඵලය වූයේ යුරෝපය ලෝකය තුළ යටත් විජිතයන් සොයා
යාමයි. එය යුරෝපය තුළ නව ධනවාදී අදහස් මෙන්ම ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම
සදහාද යොමු වනු දක්නට ලැබේ. ඒ අනුව ඉස්ලාම් ආගමේ නැගීම යුරෝපය තුළ නව ආර්ථික,
ආගමික දේශපාලනික අරමුණු වෙත යුරෝපය ගෙන යාමේ හැරවුම් ලක්ෂයක් වූ බව පෙනේ.
එසේම මුස්ලිම්
වරුන් විසින් බොහෝ සෙයින් ප්‍රදේශ ඈදාගනිමින් විශාල ඉස්ලාම් අධිරාජ්‍යක් ගොඩනැගීම
උදෙසා කටයුතු කරන ලද බවද පෙනේ. එහි දී මුස්ලිම් ආගමිකයන් හට විශේෂිත සැලකිල්ලක්
දැක්වූ අතර පාලන තනතුරු ලබා දීමේ දීද ඉස්ලාම් ආගම ඇදහූවන්ට විශේෂ තැනක් හිමි විය.
ඒ අනුව ඉස්ලාම් ආගමට හැරුන අරාබීන් නිසා යුරෝපයට පමනක් නොව ලෝකයටම විශාල
දායදයන් රැසක් හිමි විය. අවට රාජ්‍යන් තුළින් බොහෝදේ ඉගෙනගත් මුස්ලිම් වරු තමා
දැනසිටිදේ යුරෝපය පුරා ව්‍යාප්ත කිරීමටද කටයුතු කළේ ය. ඒ අතර කෙටිකතා ලිවීම වැනි
කටයුතු වලට ඔවුන් වැඩි රුචිකත්වයක් දැක්වූ බව පෙනේ. ඒ අනුව සාහිත්‍ය කරනයට වැඩි
අවධානයක් යොමු කළ බව කිව හැකි ය.
එසේම වෙළදාම් කටයුතු සදහා යුරෝපා ජාතිකයන් අතර නැවත පෙළඹවීමක් ඇති කිරීමටද
මොවුන්ගේ ක්‍රියා කලාපය බලපෑම් කළ බව කිව හැකි ය. එයට බොහෝ දුරට හේතු වූවේ ඉස්ලාම්
ආගම වැළදගත් අරාබි වරුන් සදහා කෘෂිකාර්මයට සුදුසු බිම් සතු නොවිම තුළ ඔවුන් ආර්ථික
උපාය ලෙස වෙළදාම තෝරා ගැනීමයි. ඒ අනුව වෙළදාම තුළින් ඔවුන් දැඩිසේ ලාබ ලබමින් තම
ආර්ථිකය ශක්තිමත් කරගනු දුටු අනෙක් යුරෝපා ජාතීන්ද ඒ වෙත යොමුවීම නොවැළැක්විය හැකි
විය. එහිදී මුස්ලිම් වරුන් තුළ වූ තාරකා විද්‍යාව පිළිබදව දැනුව විදේශිය වෙළද
කටයුතු කරගෙන යාමේදී ඉතා වැදගත් ලෙස අනෙක් යුරෝපා ජාතීන් අතරද යොදාගත්තේ ය.
තාරකා විද්‍යාව පමනක් නොව භූගෝල විද්‍යාව, ගණිතය, රසායන විද්‍යාව ආදී විෂයන්
පිළිබදවද ඔවුන් හොදින් දැන සිටියහ. ඒවා යුරෝපය තුළ ඉතා වේගයෙන් ව්‍යාප්තද විය.
එසේම භාරතයෙන් ලබාගත් දශම ක්‍රමයත්, හින්දු අරාබි ඉලක්කම් ක්‍රමයත් ලොවට
හදුන්වාදෙන ලද්දේ මෙම මුස්ලිම් ජාතිකයන් විසිනි. එසේම මොවුන් තාරකා විද්‍යාව
පිළීබදවද මනා දැනුමකින් සිටි අතර වීජ ගණිත ක්‍රමය හදුන්වාදෙන ලදදේද මොවුන් විසිනි.
එසේම පර්සියාවේ දී ග්‍රීක වෛද්‍ය විද්‍යාව පිළිබදව දැනුම ලබාගත්
මුස්ලිම්වරුන් ඒ අන්ව යමින් ග්‍රීක රෝම අදහස් පදනම් කරගෙන වෛද්‍ය විද්‍යාව
හදුන්වාදෙන ලදී. එසේම රෝග නාශක රසායනික ද්‍රව්‍යද මොවුන් විසින් දායාද කළේ ය.
මොවුන්ගේ කර්මාන්ත දෙස බැලීමේ දී කලාත්මක භාණ්ඩ, පිගන් භාණ්ඩ, ලෝහ භණ්ඩ, සම් ආශ්‍රිත
නිශ්පාදන මෙන්ම කඩදාසි නිශ්පාදනය පිළිබදවද මොවුන් තුළ වූ දැනුම යුරෝපයට නව මන්පෙත්
පෙන්වීය.
එසේම ගෘහ නිර්මාණයන් පිළිබදවද මොවුන් යුරෝය තුළ පෙරළියක් ඇති කළේ ය. එහි දී
මොවුන් ඉදිකරන ලද ගොඩණැගිලි අතර ආගමික ගොඩණැගිලි වලට විශේෂිත වූ තැනක් හිමිවේ. ඒ
එම ගොඩණැගිලි වල පැවති උල් වූ තුඩක් සහිත ගෝලාකාර ශිඛරයන් පැවතීම නිසාය. එම
ලක්ෂණයන් යුරෝපයට දායාද වන්නේ මුස්ලිම්වරු අතිනි.
ඒ ආකාරයට විමසීමට ලක්කර බැලීමේ දී යුරෝපා සමාජය තුළ ප්‍රචලිතවූ ඉස්ලාම් ආගම
මුල් කර ගනිමින් යුරෝපා සමාජය තුළ වෙනස්කම් ගණනාවක් සිදු වී ඇති අයුරු අධ්‍යයනය කළ
හැකි ය. එසේම ඒවා තුළින් යුරෝපා සමාජය නව මාවතක් ඔස්සේ ගමන් කිරීමට පටන්ගත් අයුරුද
මෙහිදී විශේෂයෙන් හදුනාගත හැකි ය.
No comments:
Post a Comment