මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල
කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය
විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා
පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක්
නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක්
ගොඩනැගිලා තියෙනවා.
මහාභාරතයෙන් අනතුරුව රාමායණය කෘතිය සුපරික්ෂාකාරීව
හැදැරීමට පටන්ගෙන තියෙනවා. ඒ වගේම මෙම කෘති දෙකේම තියෙන සමාන කතා පුවත්
සංසන්දනාත්මකව විමර්ෂණයකට ලක්කරණ්නත් ඔවුන් සමත් වෙලාතියෙනවා. ගුවනින් යන පුෂ්පක
රථය(දඩුමොණරය), රාවණ පුත් ඉන්ද්‍රජිත්
හදට ගොස් එහි සිට අලෝකදාරා(ලේසර් කිරණ) මගින් පහරදීම, අවසන් ලෙස රාවණගේ අවිගබඩාවේ තිබූ රහස් අවියක්
විභිෂණමාර්ගයෙන් ලබාගෙන එයින් පහරදී රාවණ මරණයට පත්කිරීම, මහා භාරතයේ විස්තර වන විදුලි කොට්නාක් මෙන් වේගයෙන් අහසේ
ගමන් කර පහර දෙන අවිගැන මහා ඇලැක්සැන්ඩර්ගේ යුධවාර්තාවල සදහන් වීම ආදී තොරතුරු
එක්තැන් කර ගත්විට අතිතයේදී න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීම ඓතිහාසික බව පිළිගන්න වෙලා
තියෙනවා.
1965 පමණ අවදීයේ සිටම උගතුන්ගේ විශේෂ අවදානය යොමු වුණේ
සංස්කෘත ග්‍රන්ථවන “දහඅටක්වූ පුරාණ“ ග්‍රන්ථවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමය. මේ
වන විට බ්‍රාහමණ හා උපනිෂද් යන වේද ග්රන්ථ හදාරා අවසන් කර තිබුණ අතර මෙම පුරාණවල
අඩංගුවන්නෙ කුමන රටක ඉතිහාසයදැයි හදුනාගැනීමට සැමදෙනාම උනන්දුවෙලා තියෙනවා. එහිදී
අසුර නැමති අධිරාජ්‍යයක තොරතුරු පොදුවේ සදහන් වෙන බව හදුනාගෙන තියෙනවා. අසුරයන්
කියන්නෙ රකුස්,යක්,නා හා දේව යන කොටස් හතරින් සෑදෙන ජාතියයි. මෙහිදී අසුර
කියන්නෙ එකම ජාතියක් හැටියට සමහර විචාරකයන් පැවසූවද සංස්කෘත පුරාණයන්ට අනුව එසේ
සදහන් වන්නෙ නැහැ.
ලංකාවේ සෙල්ලිපි වල “කුබ“ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි.
කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද “කුබ පුරාණය“ කියන නමෙන්.
සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත්
සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු
කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු
විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා.
ඉහත් මම දැක්වූ මෑති භාගයේ කල සොයාගැනීම් නම්
* · 1986 -
ප්රංශජාතික ඡායාරූප ශිල්පියෙක් විසින් ඊජිප්තුවේ පිරමීඩ දේවාලයක ගන්නා ලද ජායාරූප
වලට අනුව එහි බිත්තියේ මැටියෙන් අඹා තීබූ අවුරුදු 4500ක් පමණ පරණ ගුවන්යානා 4ක්
විය. ඒවා මගී ගුවන් යානය, හෙලිකොප්ටරය, ප්‍රහාරක ජෙට්යානය හා තවත් යානාවක් වශයෙන් වීම.
* · 1994 -
ක්‍රි.පු. 4වන සියවසේදී ග්‍රීක් ජාතික ප්ලෙටෝ විසින් වාර්තාකරන ලද අත්ලාන්තිස්
පුරවරය හා රාමයණයේ එන හනුමා දුටු ලංකාපුරය යනු එකම ස්ථානය පිළිබදව දෙදෙනෙකුගේ
වාර්තා 2ක් බව හෙලිවීය. එය අත්ලාන්තික් සාගරයේ තිබී මුහුදට ගිළුන ගොඩබිමක් නොවේ
* · 1998-
ඇමැරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් ඉරාකයේ කල කැනීම් වලදී පුරාණ
බැබිලෝනියානු ශිෂ්ඨාචාරයට අයත් මැටි පුවරු රාශියක් සොයාගන්නා ලදි. ගුවන් යානා
වලින් පැමිණි සිංහ මිනිසුන්(හෙළයන්) කියා දුන් පරිදි එම ශිෂ්ඨාචාරය ගොඩනැන්වු බව
ඒවායේ කියැවිණි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය දැනට ලොව පැරණිතම ශිෂ්ඨාචාරය ලෙස
පිළිගන්නා අතර එය වසර 5500ක් හෝ ඊට වඩා පැරණි බව සැලැකේ.
No comments:
Post a Comment