Monday, December 22, 2014

නැපෝලියන් සහ ප්‍රංශය

ඒකීය පුද්ගල අයිතීන් මොනවා ද යන්න නොවිමසූ ප්‍රංශ ජාතිකයන් රොබෙස්පියර්ගේ වාග් කෞශල්‍යයට රැවටී මහත් අභාග්‍යයමත් භීෂණ සමයක් පසුකර එයින් ගොඩ එන්නට කැමැත්ත පළ කරන්නේ “ශක්තිමත් මිනිසෙකු” වූ නැපෝලියන් බොනපාට් වෙතට ය.
ඉතිහාසයේ වෙනත් කිසිම අයෙකුට වඩා වැඩියෙන් ලියැවී ඇත්තේ නැපෝලියන් ගැන ය. 1815 සහ 1900 අතර දී ලක්ෂයක් පමණ කෘති බිහි වී ඇත. 1975 වෙද්දී ලක්ෂ දෙකක් පමණ කෘති වෙයි. ඔහුව දත් හා නොදත්, රචකයන් හා රචකයන් නොවන හැම අයෙක් අතින් ම ලියැවුන හැම දෙයක් ම අලෙවියට හැකිවිණ. රොබෙස්පියර් අදූෂ්‍ය හා ලේ පිපාසිත ආඥාදායකයෙක් යැයි කියූ දෙකට බෙදුණු පිරිසක් සිටියා සේ ම, නැපෝලියන් ගැන ද ලියන මුල් කතුවරයන් දෙකොටසකට බෙදේ. නැපෝලියන් නිවරද යැයි කියන apologists ලා වරදක් ඇත්නම් එය කිසිසේත් ම ඔහුගේ නොවන බව කියන අයයි. ඔහු වැරදි යැයි කියන්නේ ඔහුගේ ක්‍රමවේදයන් අප්‍රිය කළ අයයි. නැපෝලියන් ගැන නැපෝලියන්ම ලියූ සටහන් බොහොමයක් ඉතිරි වී තිබීම ද ඔහු අධ්‍ය්‍යනයට පහසු ය.
1798 දී නැපෝලියන් ඊජිප්තුව ආක්‍රමණයට යවන ප්‍රංශ හමුදා අංශය බාරව සිටි ජනරාල්වරයෙකි. ඔහු මොල්ටාව බලා ගමනේ දී කුරානය කියවා තැන් තැන් කට පාඩම් කරගෙන තමනට හමුවන මුස්ලිම්වරුන්ගේ සිත් දිනා ගන්නට ද සමත් වෙයි. ඊජිප්තුවේ දී සටන් වලින් අනතුරුව ආපසු එන්නට නැව් මාර්ගයෙන් ඉඩක් නොතිබි නිසා ඔහු ගොඩබිමින් ආපසු ඒමට තීරණය කළේය. සිරියාව හා තුර්කිය මැදින් ආපසු ගමන් ඇරඹීය. Jaffa හි ආරක්ෂාව දෙන්නම් යැයි පොරොන්දු වී සිටි සෑම වයසකම ගැහැණු පිරිමි හා සිවිල් ජනතාව යුතු 2,441 සිරකරුවන් හා ගමන යාමට නොහැකි නිසා නැපෝලියන් ඔවුන් සියල්ලන් ම මරණයට නියම කළේය. වෙඩි උණ්ඩ මදි නිසා බයිනේත්තුවෙන් ඇණ මරන්නට නියම කළේය. මේ වාර්තාව කරන්නේ නැපෝලියන්ගේ ලේකම් Louis-Antoine Bourrienne විසින් සිය Memoirs of Napoleon Bonaparte (1890) ය. තව දුරටත් ඉදිරියට යා නොහැකිව ආපසු ඊජිප්තුවට යාමට නැපෝලියන්ට සිදුවිය. එය ජයග්‍රහණයක් සේ සමරද්දී තමන්ට වාර්තා ලියන්නට සිද්ධ වන බොරු ගැන ලුවි විසින් නැපෝලියන්ට පැමිණිලි කරන ලදි. එහි දී නැපෝලියන් කියා ඇත්තේ ‘යාළුවා ඔයාට මේවා වැටහෙන්නේ නැහැ’ කියාය. සිරියාවේ දී මිනිසුන් තුන් දහසකගේ ජීවිත ද, ඊජිපත්තුවේ දී හත් දහසකගේ ජීවිත ද අහිමි විය. ඔහු ඉතාලියේ ජයගත් පෙදෙස් ද ආපසු යටත් වී තිබිය දී ඔහු ආපසු ප්‍රංශයට ළඟා වෙද්දී ජනතාව දැන සිටියේ එවූ නිල වාර්තා තුලින් ඔහු ලොව දිනූ නායකයෙක් ලෙස ය. ඔහු නිවරද යැයි කියන්නෝ අල්ලා ගත් පෙදෙස් අහිමි වූයේ ඔහු සටනින් ජයගෙන ආරක්ෂාවට බාරදුන් අයගේ වැරැද්ද නිසා යැයි කියති.
නැපෝලියන් Corsica හි ඉපිද එහි ළමා කාලය ගෙවූ බැවින් ඉතාලි ජාතිකයෙක් යැයි සමහරු සැලකූහ. ඒ නිසා ඔහුට ප්‍රංශය වෙනුවෙන් ඉතාලිය පහසුවෙන් අල්ලා ගන්නට හැකිවිණ. 1779 දී නැපෝලියන් Brienne හි මිලිටරි ඇකඩමියකින් සිය අධ්‍යාපනය පටන් ගනියි. රටේ මිලිටරි පාසැල් දොළහේ සිසුන් අතරින් තෝරාගන්නා අයගෙන් නියුතු පැරිසියේ École Militaire හි වැඩිදුර අධ්‍යාපනයට අවුරුදු 15 දී හේ වරම් ලබයි. නැපෝලියන් යුද්ධ වලින් සිවිල් වැසියන් මිලියනයක් ද, මිලිටරියේ මිලියන 2.5 ක් ද මිය ගිය හා අතුරුදහන් සංඛ්‍යාව ලෙස සැලකේ. වසර 10 ක් පුරා ප්‍රංශය නියැළි යුද්ධ සමාප්ත කිරීම ගැන 32 වියැති නැපෝලියන්ට ම ජනප්‍රසාදය හිමිවිය!!!
තමන් කැමති මතයට සමාන වූ අදහස් ඇති අය තමන්ගේ කැමැත්ත පහසුවෙන් දිනා ගනිති. එවිට ඔවුන්ගේ වැරදි සහ අඩුපාඩු දැකීමේ හැකියාව අඩු වෙයි. ‘අපිට එරෙහි ඔවුන්’ කියන ආලයෙන් උසි ගැන්වූ ජනතාවක් එසේ උසි ගැන් වූ අයෙක් තුල ඇති යම් දස්කමක් දැක උද්දාම වෙති. තමන් හෙළා දකින වරදක් හෝ අඩුපාඩුවක් ඒ අය තුලින් දකිද්දී ඊට පහසුවෙන් සමාව දෙති. උසි ගැන්වීම වැඩි වෙද්දී එරෙහි වූවන්ට ඇති විරෝධය තවත් වැඩි වෙද්දී තමන් මෙතෙක් අකමැති හා කිසිම ලෙසකින් සමාව නොදෙන වරදක් හෝ අඩුපාඩුවක් ඉදිරියේ ද නිරුත්තරව සිටිති. එය කිසිසේත් හෙළා දකින්නට ඉදිරිපත් වෙන්නේ නැත.
ජනෝඝ උන්මාදයෙන් වූ පැරිසිය වෙනස් වී 1797 වෙද්දී ප්‍රංශ විප්ලවයට එරෙහි වූ අදහස් පැතිර ගියේය. 1794 දී රොබෙස්පියෙර්ගේ ගෙල සිඳීමත් සමඟ තමන් ගැනත්, තමන් ජීවත්වන ලෝකය ගැනත් පහදා ගන්නට ජනතාව යළි කතෝලික පල්ලිය වෙත ගියහ. රාජ සන්තක කරන ලද පල්ලියේ භූමිය මිල දී ගන්නට හැකි වූ නිසා රටේ භාගයක් පමණ පුරවැසියන් ඉඩම් හිමියන් වී සිටියහ. නැපෝලියන්ගේ යුද වලට රටේ හැම පවුලකින් ම වාගේ පුතෙක් පුද කර තිබිණ. ප්‍රංශය වැඩවසම් ක්‍රමයෙන් විවිධ උරුමයන්, සම්ප්‍රදායන්, මුදල්, නීති හා බදු වලින් යුතු අර්ධ-ස්වාධීන වූ පළාත් සභාවන් සියල්ල එකතු කරමින් ප්‍රථම වතාවට පල්ලියේ අධ්‍යාපනය වෙනුවට ජාතික පාසැල්, ජාතික හමුදාවක් හා ජාතික නීතියකින් යුතු මධ්‍යම සැලසුමකින් පාලනය වෙන එක රටක් විය. ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදය මනාව හඳුනාගත් ප්‍රංශ දාර්ශනිකයෙකු වූ Alexis Tocqueville පෙන්වන පරිදි එවක Bourbons රජ පරම්පරාව (බර්බන් විස්කි නෙමේ!!) ඒ ගිය විදියට ගියා නම්, අරගලයක් නොමැතිව ඒත් මේ තත්වයට පිවිසෙන වාතාවරණයක් ලෝකයේ තිබි සමයයි.
කැරලි, විප්ලව, අපරාධ, දූෂණය මර්ධනයට එකම විසඳුම ආඥාදායකයෙක් යැයි කියමින් රටේ ජනතාවගේ සිත් දිනාගන්නට නැපෝලියන් සූක්ෂමව සැලසුම් ගැසුවේ ය. කාන්තාවන් විසින් සිරබාරයට ගන්නට සමත් වූ උප්පත්තියෙන් ඔටුන්න හිමි වූ රජෙකුගේ ගෙල සිඳ දමන්නට යුහුසුළු වූ රටවැසියන් මෙවර කැමැත්ත දෙන්නේ උප්පත්තියෙන් ඔටුන්නකට උරුම කම් නැති ජනරාල්වරයෙකුට ය. ලතින් බසින් හමුදා නායකයෙක් යැයි හැඟෙන imperator වූ නැපෝලියන්ව ප්‍රංශ ජනතාව එම්ප්‍රද්‍යෝරු (emperor) රජෙකු ලෙසින් පත් කර ගනිති.
නැපෝලියන්ගේ උරුමක්කාරයන්ට පාලනය පැවරෙන ලෙසින් රටවැසියන් රටේ නීති ද වෙනස් කරති!!!!
නැපෝලියන් තමන් හා විවාහ නොවී එකට කල් ගෙවූ, ඒ අතර තුර දී වෙනත් අය හා එකට කල් ගෙවූ, එසේම කළින් විවාහ වී සිටිය, තමනට වඩා වසර හයකින් වැඩි, කැරීබියන් මාටිනීක් දූපතේ උපන් ජොසෆින්ව ද අගරැජින කර ගනියි. ඔවුන්ගේ සිවිල් විවාහයෙන් පසු කාලයක නැපෝලියන් එම්ප්‍රද්‍යෝරු වෙද්දී ජනතාව ඔහුගේ උප්පත්තිය ගැන සැක මතු කළහ. පාප්තුමාගේ ආශීර්වාදයෙන් තත්වය තහවුරු කරගන්නට පාප්තුමාව කැඳවන ලදි. එවිට ජොසෆින් පාප්තුමා ලවා තමන්ගේ විවාහය පල්ලියේ අනුමත කරවා ගෙන ඇත.
රදළයන් හිස් ගසා දමා, ආගම එපා කියා, පල්ලියේ වස්තුව රාජ සන්තක කර නැවතත් එම්ප්‍රද්‍යෝරුවෙක් පත්කර ගන්නට පල්ලියේ ආශීර්වාදය සෙවීමෙන් පෙනෙන්නේ “හිමිතැන” කුමක්දැයි අවුලක සිටිනා ප්‍රංශ ජනතාවයි.
රටවැසියන්ගේ බදු බර ඉහළ ගියා මිසක විප්ලවයෙන් පසු පහළ ගියේ නැත. එදා මෙන් ම විදේශ යුද නිසාත්, එදා රදළයන් මෙන් ම නැපෝලියන්ට හේත්තු වෙන බුර්ජුවාසි තඩියන්ගේ නාස්තියෙන් රටේ භාණ්ඩාගාරය නැපෝලියන් අතින් ද යළි හිස්වෙන්නට විය. ඔහු තම එම්ප්‍රද්‍යෝරු පදවිය තහවුරු කරනු පිණිස ආණ්ඩුවේ සියල්ලන්ට ම විච්චූර්ණ යුතු නිල ඇඳුම් නියම කළේය. ප්‍රංශයේ නිපැද වූ වෙල්වට් එකල ජනප්‍රිය රෙද්දයි. නැපෝලියන්ගේ සේවයට ජනරාල්වරුන් හතරක්, aides-de-camp අටක්, prefects හතරක් සහ ලේකම්වරු දෙදෙනෙක් තබා ගනියි. ජොසෆින් වෙනුවෙන් මුලික රදළ කාන්තාවක් ද, සහායක කාන්තාවන් හතරක් ද විය.
නැපෝලියන් බොනපාට් යන නම නැපෝලියන් වෙයි, අනතුරුව එය N අකුර පමණක් ඇති සීල් එකක් වෙයි!!!
සහෝදර සමාගමට එම්ප්‍රද්‍යෝරු නැපෝලියන්ගේ අධිරාජ්‍ය්‍යේ තනතුරු දීමට රදළයන්ගේ හිස් ගිලටිනයට ගෙන ගිය ජනතාවම එකඟ වූහ!!!
ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ජෝසෆ් දකුණු ඉතාලියේ නේප්ල්ස් හි රජු වෙයි. සහෝදර ලුෂියන් ස්පාඤ්ඤයේ තානාපති වෙයි. ඔහු ආපසු එන්නේ නැපෝලියන්ටත් වඩා ධනවතෙක් වෙමිනි. සහෝදර ලුවි Holland හි රජු වෙයි. ලුවිගේ තුන්වැනි පුත්‍රයා දෙවැනි ප්‍රංශ අධිරාජ්‍ය්‍යේ උප්පතියෙන් හිමිවන එම්ප්‍රද්‍යෝරුවා වූ තුන්වැනි නැපෝලියන් වෙයි!!! බාල ම සහෝදරයා වූ ජෙරෝම් භාර්යාවන් හා වාසස්ථාන බොහොමයක් තිබියෙකි!!! ජෙරෝම් වයස 23 දී Westphalia හි රජු වෙයි. ජොසෆින්ගේ පළමු කසාදයේ පුතා 24 හැවිරිදි ඉයුජින් ඉතාලියේ viceroy වෙයි. මරියා ඇනා නම් නැපෝලියන්ගේ සහෝදරිය Piombino සහ Lucca යන රාජ්‍යයන්හි ආණ්ඩුකාරිය වෙයි. පෝලීන් නම් සහෝදරිය ඉතාලියේ Guastalla පළාතේ ආදිපාදවරිය වෙයි. කැරොලයින් නම් සහෝදරියගේ සැමියාට Berg හා Cleves හි ඩ්‍යුක් පදවියක් දෙයි. ඔහු නිතර යුද මෙහෙයන්හි නිරත වූ නිසා පළාත ආණ්ඩු කරන්නේ කැරොලයින් විසිනි.
පවුල් සංස්ථාව වැඩි දුර දිග ගෙනියන්නට වැඩවසම් රජවරුන්ට නොහැකි වූවා සේ ඔහුටත් නොහැකි විය. තමන් ප්‍රදානය කරන්නේ තමන් සටන් වැදී අල්ලා ගත් පෙදෙස් වුවත්, රටවැසියන්ගේ ම කැමැත්තෙන් එම්ප්‍රද්‍යෝරුවෙක් බවට පත්වූවත්, එරෙහි වෙන්නේ අහිංසක, නූගත්, මුලාවෙන් රැවටී ඉන්නා රටවැසියන් නොවේ. අර බල තණ්හාධික, ධන තණ්හාධික වූ බුර්ජුවාසියම නැවත තම පැත්තට බලය අල්ලා ගන්නට, ධනය තමන් සතු කරගන්නට නැඟ ඒම මිනිස් ස්වභාවයයි!!!! නමුත් විප්ලවයන් හැමදාම දියත් වෙන්නේ ආඥාදායකයා පළවා හැර ජනතාවගේ සුබසෙත සලසන නාමයෙනි!!!!

Thursday, November 20, 2014

ලංකාවේ කුල වර්ග


 සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාජ ක්රිංයාවන් හා ඒවායේ ප්රටතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙම ක්රි යාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි. එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත. පුද්ගලයාගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් ලෙස කුලය දැක්විය හැකිය.

දකුණු ආසියාතික සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන් අතර කුලයට හිමි වන්නේ ප්රුධාන ස්ථානයකි. බටහිර සමාජ වල දැකිය නොහැකි ප්රතපංචයක් වන කුලය අනුව සමාජය ද ස්තරගතව දකුණු ආසියාතික සමාජ වල තදින් මුල් බැස ගෙන ඇත. දකුණු ආසියාතික සමාජ වල පුද්ගලයාගේ සමාජ තත්වය, සමාජ වටිනාකම තීරණය කරනු ලබන්නක් වන කුලය මෙම සමාජ වල සමස්ථ සමාජ සබඳතාවයන්ම හැඩ ගැස්වීමේ ලා මහත් බලපෑමක් කර ඇත. එ නිසා දකුණු ආසියාතික සමාජ ස්වරූපය බටහිර සමාජ හෝ නැතහොත් අනෙක් ආසියානු කලාප වල සමාජ රටාවට වඩා ඛෙහෙවින් වෙනස්ය. එනිසා පුද්ගල සබඳතා, පුද්ගල වටිනාකම් මෙම සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන්ගෙන් යුක්ත වෙයි. කේ. ටී. සිල්වාට අනුව කුලය මුළුමනින්ම සමාජ නිර්මිතයකි. කුලය යනු විශ්වීය සංසිද්ධියක් නොවේ. දකුණු ආසියාතික සමාජය හා බැඳුණු සමාජ නිර්මිතයකි.” (කේ.ටී.සිල්වා, 2005:22.) දකුණු ආසියාතික සමාජ වලට සුවිශේෂී ප්ර පංචයක් වන කුලය පිළිබඳව මානව විද්යාිත්මක පර්යේෂණයන්හි නියැලූණු මානව විද්යාජඥයෙක් වන A.L Kroeber දක්වන්නේ කුලය වූ කලී දැඩි වූද, උග්රව වූද ජන්මයෙන්ම නියම කරන ලද්දා වූද පුද්ගල චංචලතාවයට අවකාශ නොදෙන්නා වූද ආයතනයක් බවයි.” (අමරසේකර, 1988:10.) Hutten නම් මානව විද්යා්ඥයා කුලය යන සංකල්පය තුළින් පහත දැක්වෙන ලක‍ෂණයන් නියෝජනය කරන බව දක්වයි.

කුලය වනාහි අන්තර් ජන්යච දෙයකි.

විවිධ කුලයන්ට අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.

කුලය ධූරාවලියක් දනවන තත්ව සමූහයකි.

විවිධ සන්දර්භයන්හි විශේෂයෙන්ම ආහාර, ලිංගික කටයුතු, චාරිත්රත යනාදිය ඇසුරින් උසස් කුලයක තැනැත්තෙකු පහත් කුලයක සාමාජිකයෙකු ස්පර්ශ කිරීමෙන් ‘දූෂණය’ වීමක් සිදුවෙතැයි පිළිගැනේ

කුලය සාම්ප්රකදායික වූ රැකියාවන් ආශ්රි ත වූ දෙයකි.

මිනිසෙකුගේ කුල තත්ත්වය අවසාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ ඔහුගේ ජන්මය මගිනි. නොඑසේ නම් ඔහු තම කුලය විසින් යම් චාරිත්ර් උල්ලංඝනයක් නිසා පලවා හරිනු ලැබූ අයෙකු විය යුතුය.

කුල පද්ධතිය සමස්තයක් වශයෙන් ගත් විය අභිමානය කේන්ද්රී්ය කරගත් පද්ධතියකි.(අමරසේකර, 1988:11.)

 ඊ. ආර්. ලීච් (E.R. Leach) නම් මානව විද්යාහඥයා විසින් ලියන ලද "What should we mean by cast" නම් පර්යේෂණාත්මක ලිපියෙහි කුලය හඳුනාගත හැකි ලක‍ෂණ තුනක් දක්වයි.

1. කුලය ශ්රලම විභජන පද්ධතියක් බව.

2. කුලයක් අන් කුලයකින් වෙනස්ව හඳුනාගත හැක්කේ ආර්ථීක, දේශපාලනමය හා චාරිත්ර මය සබඳතාවන් ජාලයන් සමඟ එම සාමාජිකයන් ආසන්න සබඳතාවයකට පත් වී ඇති ආකාරය අනුව බව.

3. කුල ක්ර මය තුළ ව්යුනහමය සංවිධානයක් පවතින අතර එය ඔවුන්ටම පමණක් ආවේණික වූ සංස්ථාවක් බව. (අමරසේකර, 1988:12.)

 Kroeber, Hutten, Leach යන මානව විද්යා)ඥයින්ගේ අදහස් සලකා බැලු විට කුලය සම්බන්ධයෙන් හඳුනාගත හැකි පොදු කරුණු කිහිපයක් වෙයි.

කුලය විවිධ මට්ටම් වලින් ස්ථරගත වූ එකක් බව.

කුල ධූරාවලිය තුළ ඉහළ කුල හා පහල කුල ලෙස විභේදනයක් පවතින බව.

කුලය ශ්රවම විභජනය මත ගොඩනැගී ඇති දෙයක් බව.

කුලය ජන්මයෙන් තීරණය කරනු ලබන්නක් වන අතර ඊට අමතරව කුල චාරිත්රි, රීති උල්ලංගනය වීම තුළින් කුලය වෙනස් විය හැකි බව.

කුලය දැඩි සීමාවන්ගෙන් හෙබි පුද්ගල සචලතාවයට ඉඩ නොදෙන ව්යුිහයක් බව.

කුලය සමග අභිමානය, පාරිශුද්ධත්වය, කිලිටි යන ආකල්ප බැඳී පවතින බව.

ඉහත කරුණු කුල යන ප්ර්පංචය සම්බන්ධයෙන් දැකිය හැකි පොදු ලක් ෂණයන් වෙයි.

සිංහල කුල ක්ර මයේ ඓතිහාසික පසුබිම හා විකාශනය

මුල් යුගයේ ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්ර මය හින්දු කුල ක්ර්මයෙන් බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්යර කුලිකයන් ගැන ද, ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක්ර්මයේ මතවාදී නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බමුණන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇත. කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්රදමණික ගෝත්රව වල ක්රි යාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුල වාදය ක්රමමයෙන් ලාංකීය සමාජයේ මුල් බැසගන්නට ඇතැයි එම්. යූ. ද සිල්වා පවසයි. (ද සිල්වා, 1998:76.)

නමුත් සම්භාව්යල හින්දු වර්ණ ක්රංම මූලික වශයෙන් බෞද්ධ සමාජයක් වූ සිංහල සමාජයේ ආයතනගතව පැවැති බවට ඇති සාක‍ෂි විරලය. පැරණි සාහිත්යෞ මූලාශ්රැ හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ්රර විමසීමෙන් පසු වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනා ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක්ර‍මය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව, එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි. (ද.සිල්වා, 1998:147)

ලංකාවේ කුල ක්රයමය ස්ථාපිත කරනු සඳහා රාජ්ය් මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්රව දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප්ර සාදයක් විය. (අමරසේකර, 1988:16.) විජයගේ අවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්රේයණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්යා.ප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප්රලථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්රියක පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්රිරක ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්රු කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ.

මේ ආකාරයට කුල පදනම ලාංකීය සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්රනමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ. රජ මාළිගාවේ හා රාජ්ය යේ විවිධ අවශ්යමතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ. සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය. (පීරිස්, 2001:189.)

මහනුවර යුගයේදී කුල ක්රබමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක්රකමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත්රු විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්රේමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්ෂව සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්රපජාවකගේ තත්වය රජතුමා විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි. (යාල්මාන්, 2004:106.)

ලංකාවේ කුල වර්ග 

සිංහල කුල ක්ර්මය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්රුසිද්ධ කුල විවිධ ප්ර දේශ වල තිබිය හැකිය.

සිංහල සමාජයේ කුල

මූලාශ්රහය : කේ. ටී. සිල්වා, 2005:26

1. ගොවි කුලය - මෙය සිංහල කුල ක්රිමයේ විශාලම (ඉහළම) ස්ථරය වන අතර සමහර සෙසු කුල වල සේවා ලාභී කුලය ලෙස ද වැදගත් වේ.

2. පහතරට කුල - මේ යටතට පහතරට ප්ර දේශ වල ප්රශධාන ලෙස ව්යා ප්ත වී ඇති කරාව සහ සලාගම, දුරාව සහ හුණු කුල ඇතුළත් වේ. ඓතිහාසික සම්භවය යටත් විජිත සමයේ අත්දැකීම් සහ කුල වෘත්තීන්හි ස්වභාවයන් අනුව මේ කුල වල යම් පොදු ලක් ෂණ දක්නට ලැබේ. පහත රට කුල සිංහල කුල ක්රවමයේ මධ්යක ස්ථරය වේ.

3. සේවා කුල - මේ ගනයට අයත් කුල ඉහල කුල වලට සේවා කිරීමට බැඳී සිටියි. ආචාරී, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මේ යටතට අයත්ය. සිංහල කුල ක්රනමයේ වැඩවසම් ලක්රෂණ වඩාත් ඉස්මතු වන්නේ මේ සේවා කුල වලිනි. රාජකාරී ක්රතමය මගින් සහ ඉඩම් භුක්ති ක්රවමය මගින් සේවා කුල ඉහල කුල මත රඳා පැවැත්ම තහවුරු කර තිබුණි. කුල ක්රහමය මගින් තමන්ට උරුම වී ඇති ශිල්පීය ඥානය හා කුසලතා රැක ගැනීම සහ ප්‍රගුණ කිරීම සේවා කුලයන්ගේ මෙහෙවර ලෙස හඳුනා ගන්නා ලදී.

4. සමාජයේ කොන්වීමට ලක් වූ කුල- මේ යටතට කින්නර, ගහල, රොඩී කුල ඇතුලත් කළ හැක. සිංහල සමාජයේ පහත්ම ස්ථරය නියෝජනය වන්නේ මේ කුල වලිනි. සෙසු කුල වල අය සමඟ සමීප ඇසුරුකම් පැවැත්වීමට ඔවුන්ට අවසර නොතිබුණි. (කේ.ටී.සිල්වා, 2005:34,37.)
 සිංහල සමාජයේ විශාලතම (උසස්ම) කුලය වන ගොවි කුලයට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් අයත්ව ඇතැයි සැළකේ. ගොවිතැන මේ කුලයේ ඒකාධිකාරයක් නොවන නමුත් ගොවිතැන හැරුණු විට වෙනත් පාරම්පරික වෘත්තියක් මෙම කුලයට අයත් නොවේ. මෙම කුලය උප කුලක කිහිපයකින් සමන්විත වේ.

අන් සෑම කුලයකටම වඩා ගොවි කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය, එභෙත් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත. මෙම කුලයේ ඉඩම් හිමි ප්ර භූ ස්තරය ‘රදල’ යන නමින් හැඳින්වේ. මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි. විශේෂ ගෘහ නිර්මාණ ලක් ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ රදල පේරුවේ විශේෂ සංඛේතයක් විය. සමහරු දකුනු ඉන්දියා නෑකම් සහ ඛහශාඵත් උරුමයකි[1][2]ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්ර්දායික සමාජයේ ප්ර භූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද, රාජ්යො සේවය සඳහා ඉතා සුදුස්සන් වූ බව රොබට් නොක්ස් පවසයි. (නොක්ස්, 2003:80.)

ගොවි කුලයේ දෙවන මට්ටම ‘ගොවිගම’ යනුවෙන් හැඳින්වේ. සිංහල ජනගහනයෙන් අති බහුතරය මේ ගනයට අයත්ය. ඇතැම් උඩරට ප්ර දේශ වල මේ මට්ටම හැඳින්වීම සඳහා ‘රටේ ඇත්තෝ’ , ‘රට කෝරළේ’ වැනි පද යොදා ගැනේ. (නොක්ස්, 2003:113.)

ගොවි කුලයේ සෙසු උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල්” යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත.

ඉහල කොටස:

රදලකම්/මුධලි පෙරුව

පයිධ පෙරුව (පනිවිඩ)

වැදිවන්ස (මොවුන් සිංහලවත්, ගොවිවත් නොව, එ ප්රනදේසවල මුල් ඉඩම්කරුවෝය)

පහල කොටස:

නිලමක්කාරයෝ - වී වගාව

පට්ටි - එඩේර/ගව පාලන

විරමෙස්ත්රෝගොල්ල

පොරෝකාර - ගස් කැපීම

ඇත්වල පනික්කියො - අලි කෑම සැපයීම

මල්කරුවො - මල් සැපයීම

කුට්ටන්වල ඇත්තො (කෙවුලො) - වෙව් මාලු මැරීම

බලිබත් ගමයො - පන්සල්/දෙවාල පූජා බත් සැපයීම

ගට්ටාරු

ටිබිල්ලො

කරාව කුලය

දිවර ප්රයධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ[3][4][5][6] පොලොන්නරු (විජයබා රජ) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ[7] මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්රේජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්රයජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්රසජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.[8][9][10][11][12][13] (අයිවන්, 1990:30.)

තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්රවජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්රාජාවෙන් බහුතරය බෞද්ධයන්ය.[14][15][16][17][18] කරාව කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් සාමාජිකයන් පිරිසක් සිටී කියා සමහරු කිය ඇත, එහෙත් මෙය කරාව් බහුතරයක් නොදනී සහ අද නොතිබෙ.

උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා (අමරසේකර, 1988:21.)

සලාගම කුලය

සලාගම කුලය මුහුදු බඩ ප්රසදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මොවුන්ගේ ප්රාධාන කාර්යය වන්නේ කුරුඳු නිශ්පාදනයයි. රජුගේ අවශ්යරතාවයන් සඳහා කුරුඳු තලා සකස් කිරීමේ ගිවිසුම පිට කුරුඳු වැවුණු ගබඩා ගම්වල වාසය කිරීමට ඔවුන්ට අවසර දෙන ලදි. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප කුල 4 කි. (අයිවන්, 1990:31.) කුල ගැන දුර්මත නූතන ජන සමාජයේ පවා ඇතැම් කුල ගැන පවතින දුර්මත රැසක්‌ තියෙනවා. නිදසුනක්‌ හැටියට අප "සලාගම" කුලය ගතහොත් ඔවුන් පැවත එන්නේ උතුරු ඉන්දීය "ශාලිග්රාගම වාසී" බ්රාහහ්මණයන්ගෙන්. ඒ අය මෙරටට පැමිණියේ මෙරට රජවරුන්ට ඔටුනු පැළැඳවීමටයි. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වෙලා මේ රටට විදේශ විනිමය උපයන්න ගත්තා. දැහැමි බමුණන් වූ ඔවුන් කුරුඳු වගාවෙන් දැහැමි ලෙස ධනය ඉපදෙව්වා. ඒ හැර කුරුඳු තැලීම කළේ නෑ. ඒ සඳහා යෙදෙව්වෙ වෙනත් කුලවල කම්කරුවන්. මෙවැනි දුර්මත අනෙක්‌ කුල සම්බන්ධයෙනුත් තියෙනවා.

වහුම්පුර (හකුරු)

මෙය සේවා කුලයන්ට අයත් වේ. ප්ර්ධාන වශයෙන් කන්ද උඩරට ප්ර්දේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්යායත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්රි ත ප්රශදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දෙවා" යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්ර"ධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර රදල හා ගොයිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්යප, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්ර්ධාන උප කුල හතකට ඛෙදී පවතී. (අයිවන්, 1990:33/34.)

බත්ගම (පදු) කුලය

මෙය ද සේවා කුල වලින් එකකි. කුල සංවිධාන ක්ර්මය තුළ වඩාත් ආන්තික තැනක් හිමිකරගෙන සිටී. මෙම කුලය ප්රුධාන ලෙස මෙහෙකාර සේවාවන් සඳහා වෙන් වූ කුලයකි. මොවුන් සේවා කුලයක් වුවද රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුලත වැඩ කටයුතු සඳහා මොවුන් යොදා නොගත් බව පෙනේ. (Ryan,1953:134.)

සාම්ප්රnදායිකව මෙම කුලයට පැවරුණු රාජකාරී අතර ප්ර භූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය. ජන වංශයේ මෙම කුලය හඳුන්වන්නේ බොහෝ දුරට කුලී ශ්රතමිකයන්ගෙන් සමන්විත කුලයක් ලෙසයි. (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්රකචණ්ඩකාරී ප්රුවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට මෙම කුලය පත්ව ඇත.

මීට අමතරව නැකති, කුඹල්, රදා, නවන්දන්න ආදී සේවා කුලද, ගහල, කින්නර, රොඩී ආදී සමාජයේ කොන් වීමට ලක් වූ කුල ද වෙයි.

කුල විෂමතාවය

කුල වල උස්, පහත් ගතිය රඳා පවතින්නේ පහත සඳහා වන කරුණු තුනෙහි සංයෝගය මතය.

1. පාරම්පරික නාම

2. රැකියාව

3. කුල ප්රිජාවක වෙන්ව කැපී පෙනෙන සුළු බව

ඉහත කරුණු තුන අනුව කුලයක උස් පහත් බව තීරණය වේ. ඒ අනුව විවිධ මට්ටමේ සැලකුම්, තරාතිරම් හිමි වේ. කුලවලට හිමි ධූරාවලිගත මට්ටම අනුව ගරුත්වය හා සැලකිල්ල විවිධ වේ. ඇඳුම් පැලදුම්, ආහාර ගැනීම, විවාහය, නිවාස තත්වය, ආචාර කිරීමේ එදිනෙදා ක්රිඇයාකාරකම් ආදී මිනිස් ජීවිතයේ සියලූම අංගයන් වල උස් පහත් බව කුලය අනුව තීරණය වේ. උසස් හා පහත් යැයි සම්මත කුල අතර එකී සබඳතා වල පවතින්නේ දැඩි විෂමතාවයකි.

රැල්ෆ් පීරිස් ට අනුව ගොවිගම කුලය අඩු කුල වලින් සේවය ලබා ගැනීමට සුදුස්සෝ විය. අඩු කුල අතර වුවද එක් කුලයකට අයත් වූවෙකු සේවය කළේ තමනට වඩා උසස් කුල වල අයට පමණි. කුඹල් ජනයාට (බඩහැල කුලයට) හා ඊට වඩා උසස් වූ කුල වල අයට රදා කුලයේ අය රෙදි ඇපිල්ලු අතර කුඹල් ජනයාට වඩා පහත් කුල අයට රෙදි අපුල්ලන ලද්දේ "පලි" නම් අන් විශේෂයක අය විසිනි. (පීරිස්, 1964:188.)

පුද්ගලයන් එකිනෙකා ඇමතීමේදී යොදා ගන්නා ඇතැම් පද කුල තත්වය අනුව වෙනස් විය. "දෙයියෝ, හාමුදුරුවෝ, අප්පෝ, නිලමේ, රාලහාමි, මහත්තයා, තමුන්නාන්සේ" ආදී පද ඉහළ කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත්හ. පුද්ගල නාම සම කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත් අතර "තමුසෙ, උඹ, අඩා, තෝ" යන පද පහත් කුල ඇමතීමට යොදා ගත්හ. නොක්ස් ට අනුව තමන්ගේ තරාතිරමට වඩා පහත් යැයි සලකන අය සමඟ එක් වී ආහාර ගැනීමටවත්, විවාහ වීමටවත් ඉහල කුලිකයන් අකමැතිය. උසස් හෝ පහත් තරාතිරම් පිළිබඳ ලකුණු නම් උඩුකට වැසුම් ඇතිවීම හෝ නැති වීම, දනින් පහත වස්ත්ර.යේ දිග, පුටුවක හෝ කොලොම්බු කොට වල හෝ පැදුරුවල වාඩිවීම ආදිය තුළින් පැහැදිලි වේ. අඩු කුල ස්ත්රීාන්ට දනින් පහලට හා උඩුකය වැසෙන සේ ඇඳුම් ඇඳිය නොහැක. (නොක්ස්,1681:80/109.)

රැල්ෆ් පීරිස්ද මෙයම සනාථ කරමින් පවසනුයේ කුඹල්ලූ දණහිසින් පහලට රෙදි ඇඳීමට ද, පැහැරුම් පුටුවක වාඩි වීමටද අවසර නොලත් බවයි. ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය. නවන්දන්න කුලයේ පිරිමි දණහිසින් පහලට රෙදි ඇඳීමටද, ගැහැණු ඔසරිය ඇඳීමට ද සුදුස්සෝ වූහ. එහෙත් ඔසරියේ ඉන වටා අදින රෙද්ද මූට්ටු නොකරන ලද්දක් විය යුතුය. කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය. (පීරිස්, 1964:189/193/197.)

එසේම ඉහළ කුලිකයෙන් හමු වූ විට හිස පහත් කිරීම, හිස දවටනය අතට ගැනීම, පාරෙන් පසෙකට වී ඉඩ දීම වැනි ක්රිකයාවන් මගින් යටහත් පහත් බව පෙන්විය යුතු විය. සාමාන්යේයෙන් නිවසට එන උසස් කුල වල පිරිමින්ට දක්වන ගරු සැලකිල්ලක් ලෙස තම බිරිඳට රාත්රිතයේ ඔහු සමඟ එකට විසීමට පවා සැමියා ඉඩ දෙනු ලැබේ.

එසේම කාන්තාවන් ඇමතීමේදී ද කුලය සැලකිල්ලට ගැණුනි. පහල තත්වයේ ස්ත්රීඑහු "පොඩිස්සී", ගෞරව වශයෙන් තරුණියෝ "කිඩැහැකෙළි" යනුවෙන් අමතන ලදි. අනෙක් උසස් ආමන්ත්රිණ වූයේ "එතනා, ළමා එතනා, කුමාරිහාමි" යන පදයි. "කුමාරිහාමි” යන පදය භාවිතා කරන ලද්දේ උසස්ම පෙලැන්තියේ වනිතාවන් උදෙසා පමණි. (පීරිස්, 1964:191.) ඩොයිලිගේ දින පොතට අනුව කොණ්ඩය හෝ රැවුල වැවීමට පදු හා ඛෙරව කුල වලට අවසර නොවීය. වහුම්පුර, සලාගම කුලිකයන්ට දැලි රැවුළු වැවීමට හෝ ඔසරිය ඇඳීමට තහනම් ය. නමුත් කොණ්ඩය බැඳීමට අවසර ඇත. (පීරිස්, 1964:190.)

ආසන පැනවීමේදී ද ඒ ඒ පුද්ගලයාගේ කුල තත්වය අනුව සම්මත රටාවක් අනුගමනය කරන ලදී. හාන්සි පුටුව, කවිච්චිය ඉහළ කුලිකයන්ටත්, පුටුව සම කුලිකයන් අතරත් පුටු භාගය, කොලොම්බුව, පැදුර, පිල පහල කුලිකයන්ටත් නියම විය.

ආසන විශේෂය තත්වය

හාන්සි පුටුව ඉහල

කවිච්චිය ඉහල

පුටුව සම

පුටු භාගය පහල

කොලොම්බුව පහල

පැදුර පහල

පිල පහල

(මූලාශ්රවය : කේ.ටී.දසිල්වා, 2005:33.)



ධූරාවලියේ පහලින් සිටින කෙනෙකුට ඉහල කෙනෙකු සමඟ සම අසුන් ගැනීමේ හැකියාවක් නොවීය. මයිකල් රොබට්ස් ට අනුව කුල සිරිත් විරිත් නිවස සම්බන්ධ හැම අවස්ථාවකදීම ඉතා පැහැදිළිවම පිළිඹිඹු විය. බොහෝ සිංහල ප්රවදේශ වල මෙය හොඳින් ප්රාකාශ කරන ලද්දේ උසස් කුලවල ගෙවල් වලට එන පහත් කුල ජනයාට වාඩිවීමට තබා තිබුණු කොලොම්බුව නැමැති කුඩා පුටුව හෙවත් ලී කොටය මගිනි. (රොබට්ස්, 2008:288.)

කුල සිරිත් වඩාත්ම පිළි පැදුනේ ආවාහ විවාහ වලදී ය. සිය කුලයෙන් බැහැරව විවාහ ගණුදෙනු කිරීම නීති විරෝධී ලෙස සැලකුණු අතර උසස් කුලයේ අයෙකු පහත් කුලයේ අයෙකු විවාහ කර ගත්තේ නම් එම පුද්ගලයා අයත් වන වර්ගය කෙරෙහිද එම නින්දාව බලපෑවේය. එබඳු අවස්ථා වලදී වරිගයේ අය වරිගයේ කුල ගෞරවය ආරක්වෂා කර ගැනීම සඳහා එකී පුද්ගලයා මරා දැමීම පවා සිදු විය. එනිසා හැම විටම ආවාහ විවාහ සිදු කිරීමේදී අන්තර් කුල විවාහ පමණක් සිදු විය. නිවාස තත්ත්වය ගත්තද වෙනස්කම් දක්නට ලැබුණි. අඩු කුල අයට නිවෙස් වල උළු හෙවිලි කිරීම, හුණු පිරියම් කිරීම තහනම් විය.

හත අයුරින් ඇඳුම් පැලදුම්, ඉඳුම් හිටුම්, ආහාර ගැනීම්, ආචාර කිරීම්, කතා කිරීම් ආදී සියලූම සමාජ චර්යා වලදී කුලය යන සාධකය අතිශයින්ම තීරණාත්මක වූ අතර ඒවා අතර දැඩි සමාජ විෂමතාවයක් විය. උසස් කුලිකයන්ට වරප්රධසාද තත්වයේත්, පහත් කුලිකයන්ට නින්දා සහගත හා සමාජයේ අවශේෂ කොටසක් ලෙසත් සැලකීමේ තත්වයක් ඉහත දැක්වූ සියලූ සමාජ සබඳතා වලින් පෙනේ. මේ තුළින් කුල මට්ටම් වල ස්ථර ගත බව හොඳින් පවත්වාගෙන යාමට හේතු සාධක සැපයීය.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?


මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.
 1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශරීරවල තිබූ විකිරණශිලීත්වයට සමාන විකිරණශිලිත්වයන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ හමු වු ඇට සැකිලි තුලත් තිබිලා තියෙනවා. කළුගල් හා වෙනත් ආකාරයේ පාෂාණ ආදිය යොදාගෙන සාදා තීබූ ප්‍රාකාර ගොඩනැගිලි ආදීය තීරුවණා බවටත් පත් වෙලා තියෙනවා. මෙය සිද්ද වෙන්න නම් සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙයක් ඇතිවෙන්න පුළුවන් න්‍යෂ්ඨික පිපිරීමකින් පමණයි. මේ අනුව මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පරමාණු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරලා තියෙනවා.
 විද්‍යාව නොදියුණු ප්‍රාග් ඓතිහාසික යුගයක කොහොමද පරමාණු බෝම්බ තියෙන්නේ? එහෙම තිබුණා නම් එය භාවිතා කිරීමට අධිවේගි ගුවන් යානා තිබිය යුතුය. මේ ගැටළුව පිළිබදව හා එබදු දේ තිබුණාදැයි සෙවීමට බටහිර හා ඉන්දීය උගතුන් සංස්කෘත සාහිත්‍ය පීරන්නට පටන්ගෙන තියෙනවා. අපි කලින් සදහන් කල මහාභාරතයේ සිදුවීම් පෙළ කලින් හදුනාගෙන තිබුනේ කවියෙකු උමතු සිතුවිලි විදයට. ඒ වුණාට මෙම තහවුරු කිරීම් හා එය යථාර්තය බව ඒත්තු යාමත් සමගම නැවතත් මහාභාරතය සුපරික්ෂාකාරීව හැදැරීමට පටන්ගෙන තියෙනවා. එම ප්‍රයත්නයේ දී යම් ඓතිහාසික කරුණු මතු කරගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. එබැවින් එම අද්භුත කතාන්දර මිත්‍යාවන් නොවන බවට තහවුරු කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. නමුත් මෙම කතා අතිශෝක්තිය හා මිත්‍යාවන් සමග මුසු වී තිබීම නිසාම එතිහාසික තොරතුරු තොරා බේරා ගන්න අමාරුවෙලා තියෙනවා
මහාභාරතයෙන් අනතුරුව රාමායණය කෘතිය සුපරික්ෂාකාරීව හැදැරීමට පටන්ගෙන තියෙනවා. ඒ වගේම මෙම කෘති දෙකේම තියෙන සමාන කතා පුවත් සංසන්දනාත්මකව විමර්ෂණයකට ලක්කරණ්නත් ඔවුන් සමත් වෙලාතියෙනවා. ගුවනින් යන පුෂ්පක රථය(දඩුමොණරය), රාවණ පුත් ඉන්ද්‍රජිත් හදට ගොස් එහි සිට අලෝකදාරා(ලේසර් කිරණ) මගින් පහරදීම, අවසන් ලෙස රාවණගේ අවිගබඩාවේ තිබූ රහස් අවියක් විභිෂණමාර්ගයෙන් ලබාගෙන එයින් පහරදී රාවණ මරණයට පත්කිරීම, මහා භාරතයේ විස්තර වන විදුලි කොට්නාක් මෙන් වේගයෙන් අහසේ ගමන් කර පහර දෙන අවිගැන මහා ඇලැක්සැන්ඩර්ගේ යුධවාර්තාවල සදහන් වීම ආදී තොරතුරු එක්තැන් කර ගත්විට අතිතයේදී න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීම ඓතිහාසික බව පිළිගන්න වෙලා තියෙනවා.
 ජර්මන් අඥාදායක හිට්ලර් විසින් රොකට් සහිත ජෙට් යානා සෑදීමේ ශාස්ත්‍රය ලබාගෙන තිබූනේ කාශ්මීරයේ ලඩාක් ප්‍රෙද්ශයෙන් බව දෙවන ලෝක යුද්ධය අවසානයේදී හෙලි වෙලා තියෙන අතරම අවුරුදු පතා ඒ ආරම වලට තෑගී බෝග හා දූතයන් යවා මෙම තොරතුරු ගත් බවත් සදහන් වෙනවා. දෙවන ලෝක යුද්ධය අවසානයේ හිට්ලර්ගේ මෙම රොකට් විද්‍යාඥ කණ්ඩායම දෙකකට කැඩී එක් කොටසක් සෝවියට් රුසියාවට හා අනික එක්සත් ජනපදයට ලැබීම නිසා න්‍යෂ්ඨික තාක්ෂණය මෙම දෙරටේම වර්ධනය වෙලා තියෙනවා.
 අශෝක අධිරාජයා විසින් තම දිග්විජය කටයුතු අවසන් කල පසු යුද අවි පිළිබදව තාක්ෂණය ග්‍රන්ථ 9කට සම්පාදනය කර තාපසයන් 9 දෙනෙකු භාරයේ ගාන්ධාර තක්ෂිලා කදුකර ප්‍රෙද්ශයේ සගවා තැබූ බවට හින්දු පුරාවෘත්ත හා “පුරාණ“ ග්‍රන්ථවලත් සදහන් වෙලා තියෙනවා.
1965 පමණ අවදීයේ සිටම උගතුන්ගේ විශේෂ අවදානය යොමු වුණේ සංස්කෘත ග්‍රන්ථවන “දහඅටක්වූ පුරාණ“ ග්‍රන්ථවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමය. මේ වන විට බ්‍රාහමණ හා උපනිෂද් යන වේද ග්‍රන්ථ හදාරා අවසන් කර තිබුණ අතර මෙම පුරාණවල අඩංගුවන්නෙ කුමන රටක ඉතිහාසයදැයි හදුනාගැනීමට සැමදෙනාම උනන්දුවෙලා තියෙනවා. එහිදී අසුර නැමති අධිරාජ්‍යයක තොරතුරු පොදුවේ සදහන් වෙන බව හදුනාගෙන තියෙනවා. අසුරයන් කියන්නෙ රකුස්,යක්,නා හා දේව යන කොටස් හතරින් සෑදෙන ජාතියයි. මෙහිදී අසුර කියන්නෙ එකම ජාතියක් හැටියට සමහර විචාරකයන් පැවසූවද සංස්කෘත පුරාණයන්ට අනුව එසේ සදහන් වන්නෙ නැහැ.
ලංකාවේ සෙල්ලිපි වල “කුබ“ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි. කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද “කුබ පුරාණය“ කියන නමෙන්. සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත් සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා.
 මින් අවුරුදු 12500කට පමණ පෙර යූරෝපීය අයිස්තට්ටුව දියවී ගිය බවද, උතුරු අත්ලාන්තික් සයුර හා උතුරු ඇමරිකාවේ සමහර කොටස් වසා පැතිරී තිබූ එම අයිස්තට්ටුව දියවී සාගර ජල මට්ටම ඉහල ගියබවත් විද්‍යාඥයන් විසින් මේ වනවිට සොයාගෙන ඇති අතර විෂ්ණූ පුරාණය නැමති ග්‍රන්ථයට අනුව මෙය සිදුවීම වී ඇත්තේ හෙළ අසුර හිරන් කසුබ්(හිරණ්‍ය කාශ්‍යප,ඊරණි, මහා මන්දාතු) රජු තම සූර්යා බදු තේජස් වී ඇති ඇස් දෙකෙන් බලා හිම කදු දියකර හැරිබවටයි. ඒ ගැන දොස් පැවරීම විෂ්ණූ පුරාණයේ වන අතර ඒ අනු ව හිරණ්‍ය කාශ්‍යප සිටි අවදිය ක්‍රි.පු. 10500 ලෙස සැලකීය හැක.
 1985 න් පසු යුගය හෙළ අසුර ඉතිහාසය පිළිබදව විශාල වශයෙන් කරුණු එකතු වූ යුගයකි. රාමායණයේ සදහන් වන්නා වූ දණ්ඩාකාරණ්‍යෙය් අගනුවර වන ජනස්ථානය පවා මුහුදු පතුලේ තිබී 2003 මැයි මස සොයාගෙන තියෙනවා.


ඉහත් මම දැක්වූ මෑති භාගයේ කල සොයාගැනීම් නම්


* · 1986 - ප්‍රංශජාතික ඡායාරූප ශිල්පියෙක් විසින් ඊජිප්තුවේ පිරමීඩ දේවාලයක ගන්නා ලද ජායාරූප වලට අනුව එහි බිත්තියේ මැටියෙන් අඹා තීබූ අවුරුදු 4500ක් පමණ පරණ ගුවන්යානා 4ක් විය. ඒවා මගී ගුවන් යානය, හෙලිකොප්ටරය, ප්‍රහාරක ජෙට්යානය හා තවත් යානාවක් වශයෙන් වීම.


* · 1994 - ක්‍රි.පු. 4වන සියවසේදී ග්‍රීක් ජාතික ප්ලෙටෝ විසින් වාර්තාකරන ලද අත්ලාන්තිස් පුරවරය හා රාමයණයේ එන හනුමා දුටු ලංකාපුරය යනු එකම ස්ථානය පිළිබදව දෙදෙනෙකුගේ වාර්තා 2ක් බව හෙලිවීය. එය අත්ලාන්තික් සාගරයේ තිබී මුහුදට ගිළුන ගොඩබිමක් නොවේ


* · 1998- ඇමැරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් ඉරාකයේ කල කැනීම් වලදී පුරාණ බැබිලෝනියානු ශිෂ්ඨාචාරයට අයත් මැටි පුවරු රාශියක් සොයාගන්නා ලදි. ගුවන් යානා වලින් පැමිණි සිංහ මිනිසුන්(හෙළයන්) කියා දුන් පරිදි එම ශිෂ්ඨාචාරය ගොඩනැන්වු බව ඒවායේ කියැවිණි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය දැනට ලොව පැරණිතම ශිෂ්ඨාචාරය ලෙස පිළිගන්නා අතර එය වසර 5500ක් හෝ ඊට වඩා පැරණි බව සැලැකේ.