Sunday, October 12, 2014

කුෂාණ යුගය


මෞර්ය අධිරාජ්යඑ බිඳ වැටීමෙත් සමඟ වයඹ දිග ඉන්දීය පර් වදේශයට කඩා වැටුණු විදේශීය වංශිකයන් අතරින් කුෂාණ වරුන්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථනයකි. මෞර්ය අධිරාජ්යු බිඳ වැටෙනවාත් සමඟ වයඹ දිග ඉන්දියානු පරිකලදේශයට කඩා වැදුණු විදේශීය වංශිකයන් අතර ගරී ක්වරුන් (යවන යම් පර ව මාණයකටය වැදගත් වේ. ඒ. කරිය .පූ. 327 දී වයඹ දිග ඉන්දීය පරීක්දේශය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්යාය ආකරකඩකමණය කොට ගරී ක ජනපද ආරම්භ කළ නිසාය. ඇලෙක්සැන්ඩර් අධිරාජ්යාක ඉන් අනතුරුව වයඹ දිග ඉන්දියානු පරසායදේහය තුළ ගරී ක්වරු බලවත් වෙමින් කප්පම් ලබාගැනීම පරදියදේශ වරින් වර යටත් කර ගැනීම සිදුකළ නිසාය. ඉන්පසුව වයඹ දිග ඉන්දියාව ආකරර යමණය කළ ශකවරුන්ද යම් පරු. මාණයකට වැදගත් වේ. ඔවුන් වයඹ දිග පරළ දේශයේ රාජධානී පිහිටුවා ගැනීමට උත්සහ දැරුවත් බලවත් වීමට නොහැකි විය. එනම් පරාඋත්දේශීය වශයෙන් යම් දේශපාලන බලයක් ස්ථාවර කර ගැනීමට ඔවුන් සමත්වී ඇත. මේ හැරුණු විට මෞර්ය අධිරාජ්යා බිඳ වැටෙනවාත් සමඟම වයඹ දිග ඉන්දියාවට කඩා වැදුණු තවත් විදේශීය වංශයක් වූ පර්තියන් (පල්ලව එතරම් වැදගත් නොවේ. ඔවුන් පාලකයන් කිහිපදෙනෙකුට සීමා වූ දේශපාලන බලයක් ගොඩනගා ගත් නිසාය. මෞර්ය අධිරාජ්ය බිඳවැටෙනවාත් සමඟම වයඹ දිග ඉන්දියාවට කඩා වැදුණු කුෂාණවරුන් ඉහත සඳහන් කළ අනෙකුත් විදේශීය රාජ්යග වංශ යටපත් කොටගෙන වයඹ දිග ඉන්දියාව තුළ පරිද බල අධිරාජ්යායක් නිර්මාණය කරනු ලැබිණි. මෙහිදී මෙලෙස ගොඩනැගුණු කුෂාණ අධිරාජ්ය යේ බලය මධ්යම ආසියාව (ඇෆ්ගනිස්ථාන්, කාබුල්, කන්දහාර්, උතුරු ඉන්දියාව හා නැගෙනහිර ඉන්දියාව දක්වා විහිදුණු විශාල අධිරාජ්ය ක් ගොඩනගාගත් හෙයින් කුෂාණ වරුන් වැදගත් වේ. කුෂාණ යුගය පිළිබඳ අධ්යඩයනය කිරීමේදී මහායානා බෞද්ධ ගරධිරන්ථ සඳහා වැදගත් තැනක් හිමිවේ. එනම්, අශ්ව ගෝෂ වත්ස්යා මිතර ාබ නාගර්ජුන පාර්ෂව, සංඝ රක්ඛිත ආදී ශ්රේවෂ්ඨ මහායානික දාර්ශනිකයන්ගේ වාර්තා වැදගත්වේ. මීට අමතරව චීන හා ටිබෙට් වාර්තා, හියුංසාන් සාන් හිමියන්ගේ වාර්තා, හැංෂු රාජ්යර වාර්තා මෙන්ම මේ හැරුණු විට කුෂාණ යුගයේ ලියවුණ අභිලේඛන කාසි හා නටඹුන් මෙම යුගය අධ්යහයනය කිරීමේදී බෙහෙවින් වැදගත්වේ. කුෂාණ වරුන් පිළිබඳ විමසා බැලීමේදී ඔවුන් වයඹ දිග චීනයෙන් සංකරණ් මණය වූ යුඒචී ගෝතර් වයට අයත්වේ. එම යඒවී ගෝතරිිබඳකකයන් පරකර ථම වරට බැක්ටිරම දයානා සොගරීේ ටයානා යන පරා බදේශවල පදිංචි විය. අනතුරුව මොවුන් ගෝතර වර 4ට කැඞී ගිය අතර ඉන් එක ගෝතරාරීයක් වූයේ කුෂාණ වරුන්ය. කුෂාණ රාජ වංශයේ ආරම්භක පාලකයා වන්නේ 1 වන කුජුල කැඞ්ෆයිසජ්ය. ඔහු කරි .ව. 1 ශතවර්ෂයේ දී පමණ බලයට පත්ව ඇත. මොහු පර්කුථමයෙන් බැක්ටිර කියානා හා සොගරිතර යානා යන පරණ දේශවල බලය තහවුරු කරගත් බව චීන වාර්තා වල සඳහන්වේ. වයඹ දිග ඉන්දියාවේ ඈත කෙළවරේ පිහිටි පරරු දේශ වලින් කරොෂ්ඨ අක්ෂදර වලින් ලියා ඇති ශිලා ලේඛණ වලට අනුව මොහුගේ බලය එම පර්ෂ දේශ දක්වා ව්යාිප්ත වුණු බවට අධ්යචනය කළ හැක. 1 කුජුල කැඞ්ෆයිසජ් ගෙන් අනතුරුව කුෂාණ යුගයේ දෙවන පාලකයා බවට පත්වූයේ ii කුජුල කැඞ්ෆයිසජ් හෙවත් වීම කැඞ්ෆයිසජ් ය. චීන වාර්තා වලට අනුව මොහු විසින් වයඹ දිග ඉන්දියාවේ සැලකිය යුතු දේශපාලන බලයක් ස්ථාවර කරගත් බව සඳහන් වේ. මොහුගේ රාජ්යපබලය තක්ෂිතලා, පංජාබ් යන පර දේශ වල ව්යා්ප්තව පැවතුණි. මේබව මෙම පර ප දේශවලින් හමුවූ ශිලා ලේඛණ වලින් අනාවරය කරගෙන ඇත. තවද මෙම රාජ්යල කාලයට අයත් කාසි විශාල පරගෙ මාණයක් හා නටඹුන් රැසක් පංජාබ්, තක්ෂිලා, කන්දහාර්, කාබුල් හා මථුරා යන පරමාණදේශ වලින් ද හමු වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ ඔහුගේ දේශපාලන බලය මථුරා පර න දේශ දක්වා පැතිරව පැවති බවයි. උතුරු ඉන්දියාව එක්පසෙක ගරී න ක අක්ෂවරද, තවත් පසක කරෝෂ්ඨ අක්ෂුර වලින් ලියන ලද පාඨ අන්තර්ගත කාසි හමු වී ඇත. ඉන්දියාවේ පැරණිතම ශිලාලිපි වල තිබූ කරෝෂ්ඨ අක්ෂ ර හා බරා වීහ්මීය අක්ෂේර හඳුනා ගැනීමට මෙම කාසි වඩාත් පර අ යෝජනවත් වේ. වීම කැඞ්ෆයිසජ් රජුව, සර්වලෝක, ඊෂ්වර, මහේෂ්වර යන විරූඪ නාමයන්ගෙන් හඳුන්වා ඇත. ඔහුට අයත් ඇතැම් කාසිවල ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා සංකේතවත් කර තිබීම නිසා ඔහු හිංදු හෙවත් ශිව භක්තිකයෙකු බවට පත්වී ඉන්දියානුවකු ලෙස පාලන කටයුතු කළ බව සිතිය හැක.
කණිෂ්ක රජු(ක්රි .ව 78-101)
ii කුජුල කැට්ෆයිසජ් ගෙන් අනුතුරුව බලයට පත් වූයේ කුෂාණ යුගයේ ශ්රේජෂ්ඨතම පාලකයා වූ කණිෂ්ක රජුය. වීම කැඞ්ෆයිසර් ගේ හා කනිෂ්ක අතර පවතින ඥාතීත්වය පැහැදිලි කර ගැනීමට නිවැරදි සාක්ෂිෂ ලැබී නැත. ඒ කෙසේ වෙතත් කරිමට .ව. 78 දී ශක වර්ෂ කරතුරමය ආරම්භ කිරීමෙන් බලයට පත් වූ කණිෂ්ක රජුගේ කාලපරිච්ඡේදය ඉන්දීය දේශපාලන ඉතිහාසයේ මෙන්ම ආගමික, සංස්කාතික, ආර්ථික වැදගත්ම කාල පරිච්ඡේදයකි. කරි් .ව. 78-101 අතර කාලයේ කනිෂ්ක රජු පෙෂාවෝර් හෙවත් පුරුෂපුරය මුල් කරගෙන සිය දේශපාලන බලය බරණැස දක්වා විහිදී උතුරු ඉන්දියාව සහ මධ්යග ආසියාව දක්වා ඇතුලත විශාල පරචදකදේශයක දේශපාලන බලයක් ගොඩනගා ගැනීමට සමත් වී තිබේ. කණිෂ්කගේ දේශපාලන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී චීන සහ ටිබෙට් වාර්තා වැදගත් වේ. එම වාර්තා වලට අනුව ඔහුගේ දේශපාලන බලය සාකේත පාඨලී පුතරමස මගධ අගනුවර දක්වා ව්යාාප්තව පැවති බව සඳහන් වන අතර තව දුරටත් කණිෂ්ක රජු සාකේත හා පාඨලී පුතරව පාලකයන්ව පරාජයට පත් කොට ඔවුන්ව කණිෂ්ක ගේ රාජ සභාව පෙෂාවෝරය ට ගෙන ආ බව පාඨලීපුතරණේ යේ විසූ අශ්ව ගෝෂ හිමියන්ගේ වාර්තාවල සඳහන්වේ. එසේම කණිෂ්ක රජුගේ තුන්වන රාජ්යයවර්ෂයේ දී කරිරය .ව. 81 ලියවී ඇති සාරානාත් ශිලාලේඛනයට අනුව කනිෂ්කගේ බලය බරණැස දක්වා විහිදී පැවති බව දැක්වේ. ඊට අමතරව මථුරාවෙන් හමුවී ඇති ශිලා ලේඛණයකට අනුව සිය දේශපාලන බලය සින්ධි, රාජපුඨානා(ථාර්), මාල්වා , කතියවාර් යන පරකගේදේශ දක්වා ව්යාපප්තව පැවති බව සඳහන් වේ. දැනට සාංචි කෞතුකාගාරයේ දක්නට ඇති කණිෂ්කගේ ශිලා ලේඛණයක ඔහුගේ පාලන බලය මාල්වා දක්වා ව්යා්ප්තව පැවති බව සඳහන්ය. මීට අමතරව සුවිහාර් තඹ තහඩු ලිපිය, මානික්යාථර් ගල් පෙටිලිපිලිය, සේද සෙල්ලිපිය, පෙෂාවෝර් ධාතු කරඩුලිපිය යන අභිලේඛන වලට අනුව කණිෂ්කගේ දේශපාලන බලය පංජාබ්, ගන්ධාරය, ඉහල සින්ධි පරුව දේශය ඇතුළු වයඹ දිග ඉන්දියාව දක්වා ව්යාධප්තව පැවති බව සඳහන්වේ. මීට අමතරව කලණ හෙවත් කල්හාණ විසින් රචිත රාජතරංගනියේ සඳහන් වන ආකාරයට කනිෂ්ක රජු කාෂ්මීරය ආකරතරංමණය කොට කණිෂ්කපුරයක් නිර්මාණය කළ බව සඳහන් වේ. එසේම හියුංසාන් හිමියන්ගේ වාර්තාවලද කනිෂ්ක රජු කාෂ්මීරය ආකරම ංමණය කළ බව සඳහන් වේ. ඉහත තොරතුරු වලට අනුව කණිෂ්ක රජු විජාතිකයෙකු වුවද ඉන්දියාවට පැමිණීමෙන් පසු ස්වදේශික යෙකු වශයෙන් කටයුතු කරමින් වයඹ දිග ඉන්දියාව, බරණැස දක්වා විහිදී ගිය උතුරු ඉන්දියාව තුළ විශාල අධිරාජ්ය ක් නිර්මාණ කිරීමට කනිෂ්ක රජු සමත් වුණ බවය. කණිෂ්කගේ දේශාපලන බලය මධ්යා ආසියාවට ව්යාසප්ත වීම
කණිෂ්ක රජුගේ විදේශ පරමධ්තිපත්තිය.
කණිෂ්ක රජුගේ දේශපාලන කටයුතු දෙස බලන කල ඔහුගේ දේශපාලන බලය මධ්යර ආසියාතික පර බ දේශ දක්වා ව්යා ප්තව ඇති බව අනාවරණය කරගත හැක. බෞද්ධ වාර්තාවන්ට අනුව කණිෂ්ක මධ්ය් ආසියාතික පරත හදේශය යටත් කරගෙන ඇත. සමහරවිට කනිෂ්ක මෙම පරිය දේශය යටත් කරගන්නට සිය උනන්දුව දක්වන්නට ඇත්තේ මධ්යට ආසියාතික පරයට දේශ හරහා වැටී තිබූ සුපරේ මසිද්ධ වෙළඳ මාර්ගයක් නිසා විය හැකිය. (සේද මාර්ගය) එම වෙළඳ මාර්ගය තුළින් විශාල ආර්ථික වාසියක් හිමිවිය. මේ නිසා මධ්යට ආසියාතික පාලකයන් වරින්වර අයකරනු ලබන බදු පරදේශමාණය ඉහළ නංවමින් වෙළඳාම හා සම්බන්ධ කාර්යන්ට බාධ පමුණුවා ඇත. මේ නිසා එම බාධක මැඩපැවැත්වීමට හා එම පර බාදේශයේ වෙළඳ ආධිපත්ය ය තමන් සතු කර ගැනීමේ අරමුණින් කණිෂ්ක මධ්යය ආසියාතික පරධක දේශය ආකර අරමණය කරන්නට ඇත. මේ බව සනාථ වන සාධක රැසක් හමු වී තිබේ. එනම් කණිෂ්ක රජු මධ්ය. ආසියාතික පර සාදේශ යටත් කර ගෙන රෝමය සමඟ වෙළඳ ගිවිසුම් ඇතිකරගෙන තිබුණි. චීන වාර්තා වලට අනුව කණිෂ්කගේ දේශපාලන බලය ආකරිිකමණකාරී ලෙස යාර්ඛාන්, කොටාන්, කෑෂ්ගාර්, බෝල්ඞ් යන පරකරිදේශ දක්වා ව්යාරප්තව පැවති බව සඳහන් වේ. මේ බව චීන තුර්කිස්ථානය පරපරකදේශයෙන් සොයාගත් කරෝෂ්ඨි ශිලා ලේඛන වලද සඳහන් වේ. හියුංසාන් හිමියන්ගේ වාර්තා වලට අනුවද යාර්තාන්, කෝටෑන, කැශ්ගාර් යන පරනය දේශ කණිෂ්ක යටත් කරගෙන සිටිබව සඳහන් වේ. තවද හියුංසාන් හිමිගේ වාර්තාවලට අනුව කණිෂ්කගේ බලය චීනයේ හොවැංහෝ ගංගා වෙන් බටහිර දිග දේශසීමාව දක්වා ව්යායප්තව තිබුණු බව සඳහන් වන අතර කණිෂ්ක එම පරව දදේශය ආකරචීනමණය කොට එහි විසූ කුමාරවරුන්ද ඇපකරුවන් ලෙස කාෂ්මීරයට ගෙන ආ බව සඳහන් වේ. චීන මූලාශරකර විගර බවහ කර බලනවිට චීන පරනකැදේශ වල දේශපාලන බලය දුර්වල වූ හෙයින් එම පරාස දේශීය ආධිපත්යුය කණිෂ්ක හිමිකර ගත් බව සිතිය හැක. තවද කණිෂ්ක රජුගේ බලය මධ්ය් ආසියාතික පරය හදේශයේ ව්යාෂප්තව පැවති බව අනාවරණය කර ගැනීමට රුසියානු පුරා විද්යා‍ඥයන් කණ්ඩායමක් විසින් සිදුකල පර්යේෂණ වල කොරාශාන් නම් ස්ථනයෙන් කණිෂ්ක යුගයට අයත් නටබුන් සොයාගෙන ඇත. ඉහත සඳහන් කළ කරුණු වලින් පැහැදිලි වන්නේ කණිෂ්ක ගේ දේශපාලන බලය මධ්යණ ආසියාතික පරනේ දේශ දක්වා ව්යා ප්තව පැවති බවය. කණිෂ්ක මධ්ය‍ ආසියාතික පරණිෂදේශ ආකර්යාමණය කිරීම සඳහා ඉන්දියාවෙන් හේවායන් ගෙන ගිය බව සඳහන් වී ඇත. කණිෂ්ක තම අගනුවර වශයෙන් පේෂාවෝරය හෙවත් පුරුෂපුරුය තෝරාගැනීමට හේතු වී ඇත්තේ ද අතීතයේ සිට ශාස්තරීපු ය හා වෙළඳ මධ්යකස්ථාන වශයෙන් එම පරේ දදේශය වැදගත් වීමත් තමන් සතු වූ වයඹ දිග ඉන්දීය පරයෙ දේශය බරණැස දක්වා විහිදුන ඉන්දියානු පරවයඹදේශ හා මධ්ය‍ ආසිතාතික පරර‍ දේශ පාලනය කිරීමේ පහසුව නිසා යැයි සිතිය හැක. කණිෂ්ක රජුට එරෙහිව ආකර ස මණයක් එල්ල කළ පංචෝ නම් චීන සෙම්පතියාගේ ආකරහිවමණයද කණිෂ්ක සාර්ථකව මර්දනය කළ බව සඳහන්වේ. මෙයින් පහැදිලි වන්නේ මොර්ය රාජ්යෂ වංශය බිඳ වැටීමත් සමඟ වයඹ දිග ඉන්දියානු පර්න දේශය මුල් කරගෙන කණිෂ්ක රජු යටතේ දේශපාලනික වශයෙන් එක්සත් පර්න බල ආධිරාජ්යෂක් ගොඩනැගූ බවය.
කුෂාණ යුගයේ ආර්ථිකය
කුෂාණ යුගය දේශපාලන අතින් පමණක් නොව ආර්ථික වශයෙන්ද සමෘද්ධිමත් කාල පරිච්ඡේදයක් විය. එම කාලයේ නිකුත් කළ රන් හා තඹ කාසි මගින් එම ආර්ථික සමෘද්ධිය මැනවින් සනාථ කර ගත හැක. එමෙන්ම කණිෂ්ක රජු ඇෆ්ගනිස්ථානය, මධ්ය. ආසියාව ජයගරාසිහණය කළ නිසා චීනය සහ බටහිර දිග යුරෝපීය රටවල් සමඟ වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට හැකි විය. මෙය ද කුෂාණ යුගයේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට හේතු වී ඇත. කැෂ්ගාර්, කොටාන්, බේල්ඞ් වැනි මධ්යත ආසියවේ වැදගත් වෙළඳ මධ්යැස්ථාන රැසක් කණිෂ්ක රජුට යටත්ව පැවතිනි. එමෙන්ම චීනය, රෝමය, පර්සියාව ආදී රටවල් සමඟද කණිෂ්ක රජු වෙළඳ සබඳතා පවත්වා ඇත. එමෙන්ම මධ්යණ ආසියාතික වෙළඳ ම්ය්ස්ථාන වලින් හා බටහිර දිග වරායන් වලින් විශාල ආදායමක් කුෂාණ ආර්ථිකයට එක් වී ඇත. කනියවාර් පරින ද්ශය හා හාරුකච්ච හා සිප්පාරක යන වරායන්ද කුෂාණ පාලනය අයත් වූ නිසා මෙම යුගයේ ආර්ථික සමෘද්ධියත් පැවති බව සිතිය හැක. කුෂාණ රාජ්යව පෙළපතේ වැදගත්ම අසහාය පාලකයා වූයේ කණිෂ්ක රජුය. ඔහුගෙන් අනතුරුව වශිෂ්ක රජු බලයට පත්විය. ඔහුගේ පාලන සමයට අයත් සෙල්ලිපි හා කාසි උතුරු ඉන්දියා (බරණැස) පමණක් සීම වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ කණිෂ්ක රජුගෙන් පසු කුෂාණයන්ගේ දේශපාලන බලය දුර්වල වන්නට ඇති බවය. වශිෂ්ක ගෙන් පසු බලයට පත් වූයේ බුවිශ්කය. ඔහුගේ කාලයේ දී නම් රන් හා තඹ කාසි නිකුත් කල බවට ඔහුට අයත් පරශප දේශ වලින් සාධක හමුවී ඇත. එබැවින් ඔහු කුෂාණ යුගයේ අවසාන වැදගත් පාලකයා ලෙස හඳුන්වනු ලැබේ. මොහු ගෙන් අනුතුරුව වාසුදේව නැමැත්තෙක් බලයට පත් වී ඇත.
කුෂාණ යුගයේ සංස්කෘතික වර්ධනය
ආගමික දියුණුව
කුෂාණ යුගයේ කණිෂ්ක කාලපරිච්ඡේදය දේශපාලන, ආර්ථික වශයෙන් පමණක් නොව ආගමික වශයෙන් ද වැදගත් කාල පරිච්ඡේදයකි. කණිෂ්ක රටේ සාමය ස්ථාපිත කොට ආගමික වශයෙන් රට නඟා සිටුවීම සඳහා විශාල අනුගරපිතහයක් සපයන ලදී. කණිෂ්ක මුල් කාලයේ දී ශිව (හින්දු) භක්තිකයෙකු ලෙස කටයුතු කළද ඔහු පසුව බුදු දහම වැළඳගෙන ඇත. මොහු බුදු දහම හා බැඳුණු ජීවිතයකට අවතීර්ණ වීමට බලපා ඇත්තේ ඔහුට උපදේශන කටයුතු සඳහා අශ්ව ගෝෂ වස්ස මිතරලපා නගර්ජුන පාර්ෂව සංඝරක්ඛිත යන මහායානික දර්ශනිකයන් සිටි නිසාය විය යුතුය. මොවුන් කණිෂ්ක රජු ලවා මහායාන බුදු දහම නගා සිටුවීමට කටයුතු කරන්නට ඇතැයි සිතිය හැක. කණිෂ්ක රාජ්යක කාලයේ සිදුවූ වැදගත්ම කාර්ය සංසිද්ධිය වූයේ කත්ය්යනීපුතරයකම නම් හිමි නමකගේ උපදෙස් පරිදි වස්සමිතරත්ය හිමියන්ගේ මූලිකත්වයෙන් භික්ෂුන් වහන්සේලා 500ගේ සහභාගීත්වයෙන් කාෂ්මීර යේ කුණ්ඩලවන විහාරයේ දී 4 වන ධර්ම සංගායනාව පැවැත්වීමයි. මෙම 4 වන ධර්ම සංගායනවා පැවැත්වීමෙන් පසුව * එතෙක් කටපාඩමින් පවත්වාගෙන ආ මහායාන ධර්මය පරායනථම වරට ගරවැ න්ථාරූඪ කිරීම * මහායාන ධර්මය රන් පත්තිරුවල ලියා පේෂාවෝර් ස්ථූපයේ තැන්පත් කිරීම (පේෂාවෝර් ධාතු කරඩු ලිපිය) * මහායාන ධර්ම කරුණු ඇතුළත් කර මහා විභාෂා ශාස්තරීතැන නමින් ගරන් න්ථයක් රචනා කිරීම * මහායාන ධර්මය ථේරවාදී බුදු දහම ව්යා ප්තකලා මෙන් උතුරු ඉන්දියාව, සාකේත, පාඨලී පුතරන් ,බරණැස ආදී උතුරු ඉන්දියානු පර්ද දේශ දක්වා ද අමරාවතී, නාගර්ජුන කොණ්ඩ යන දකුණු ඉන්දියානු පර්ද දේශ දක්වාත් නේපාලය, ටිබෙටය, බුරුමය (මියන්මාර්) ජාවා, සුමාතරාව , චීනය විදේශීය රට වලටද මහායාන ධර්මය පර න චාරය කිරීම ඊට අමතරව මධ්ය‍ ආසියාව, ඇෆ්ගනිස්ථානය, යාර්ඛාන්, කෝටාන්, කැෂ්ගාර් මහායාන ධර්මය ව්යාතප්ත වූ බවට සාධක ඇත එනම් අෆ්ගනිස්තනයේ භාමියන් බුද්ධ ප්රේතිමාව මෙම යුගයට අයත් වෙ.තවද සිව් වන ධර්ම සංගායනාවේ පරධ පතිඵලයක් ලෙස ලංකාවට ද මහායානික ආගම හෙවත් වෛතුල්යා වදී බලපෑම් එල්ල වී ඇත.
බෞද්ධාගමික නටඹුන්
කුෂාණ යුගයේ කණිෂ්ක කාල පරිච්ඡේදය ආගමික ක්ෂෙ තර. මයේ විශාල වර්ධනයක් සිදුවී ඇත. මේ කාලයට අයත් බෞද්ධාගමික නටඹුන් විශාල පර සිමාණයක් ගාන්ධාර්, පකිස්තාන්, ඇෆ්ගනිස්ථාන් ආදී පරරකෝදේශ වලින් හා කාශ්මීරය, පුරුෂපුරුය යන ස්ථාන වලින් සොයාගෙන ඇත. කරින .ව. 5 වන සියවසේ දී ඉන්දියාවේ ගාන්ධාර පරතස්දේශයේ සංචාරය කළ පාහියන් හිමියන් කණිෂ්ක රජුගේ අගනගරය (පුරුෂපුරය) ඉදිකොට තිබූ මහල් ගණනාවකින් යුත් මන්දිරයක් හා එහි වූ බුදු දහම පිළිබඳ සඳහන් කර තිබේ. කරිු .ව. 7 වන ශතවර්ෂයේ ගාන්ධාර පරරර දේශයට සංචාරය කළ හියුංසාන් හිමියන් කණිෂ්ක රජු කවීස නම් ස්ථානයේ සිදු කළ ස්ථූපයක් පිළිබඳ හා කණිෂ්ක ගේ අගනරගයෙහි ඉදිකොට තිබූ මහල් ගණනාවකින් යුත් මන්දිරයක් හෙවත් ධාතු මන්දිරය පිළිබඳව සඳහන්කර ඇත. මෙම ධාතු මන්දිරය අගසිලවූස් නම් ගරීන ශක ගෘහ නිර්මාණ ශිල්පියෙකු අතින් නිර්මාණය වුණු බව එහි තිබූ ගරීනම ක ආදර්ශ සටහනක සදහන් කර තිබේ. මෙම ධාතු මන්දිරයේ ගර්භයේ තිබී අඟල් 8 පමණ උසැති තඹ ආලේපිත කරඩුවක් සොයගෙන ඇත. කුෂාණ කාල පරිච්ඡේදය තුළ කණිෂ්ක රජුව ධර්මාශෝක කෙනෙකුට සමාන කිරීමට ඇතැම් ඉතිහාසඥයන් පෙළඹී ඇත. මෙයට හේතු වී ඇත්තේ කාෂ්මීරයේ කුණ්ඩලවන විහාරයේ 4 වන ධර්මසංගායනාව පවත්වා පරරය දේශ රැසකට ධර්මය පරටවනචාරය කළ නිසා මහායාන ධර්මය ලේඛණගත කිරීම, පෙෂාවෝර් ස්තූපය ඇතුළු වෙහෙර විහාරස්ථාන රැසක් ඉදිකිරීම නිසා විය යුතුය. තවද කණිෂ්ක බුදු දහමට විශාල අනුගර ඉදහයක් දැක්වූවා සේම අන්යළ ආගම් සඳහා ද අනුගරුගරහයක් ලබා දී ඇත. මොහුගේ කාසිවල බුදුන්ගේ රූපය හා කණිෂ්ක රජුගේ රූපය නිර්මාණය කොට තිබීමත් මිතරසිව වැනි පර්සියන් දෙවිවරුන් නාග වැනි සුමේරියන් දෙවිවරු ශීවවාතාදී ඉන්දියානු දෙවිවරුන් කණිෂ්කගේ කාසිවල ඇතුලත් වීම නිසා ඔහු අන්යා ආගම් ඉවසූ, අන්යු ආගම් ගරු කළ ශ්රේඇෂ්ඨ පාලකයෙකු ලෙස සිතිය හැකි. කණිෂ්ක රජුගෙන් අනතුරුව බලයට පත් වූ වැදගත්ම ඊළඟ කුෂාණ පාලකයා වූයේ භූහිෂ්කය. මොහුගේ කාල පරිච්ඡේදය ද විශාල ශාසනික පරයේ බෝධයක් පැවති බව හියුංසාන් හිමිගේ වාර්තාවලට අනුව අවබෝධකොට ගත හැක. තවද රාජතරංගනීය වැනි කෘතීවල භූහිෂ්කගේ කාල පරිච්ඡේදයේ කාෂ්මීරය තුළ භූහිෂ්ක පුරයක් ඉදිකොට තිබුණු බවත් එහි ආරාම වල භික්ෂූන් වහන්සේලා 5000ක්පමණ විසූ බව සඳහන් කරති. මෙකල මථුරා පර00 දේශය පදනම් කරගෙන අධ්යාමපනය හා කලාව යන ක්ෂෙ තර මථවල පුළුල් සංවර්ධනයක් සිදුවී ඇත.
කුෂාණ යුගයේ කලා ශිල්ප
කුෂාණ යුගයේ වැදගත්ම කාල පරිච්ඡේදය වූයේ කණිෂ්ක කාල පරිච්ඡේදයි. මෙම යුගයේ ජනපරිකණිය වූ මහායාන බුදුදහම සාමාන්ය ජනතාව අතරට ගෙනයාම සඳහා කණිෂ්ක රජු යොදාගත් මාධ්යා වූයේ කලාවයි. මෙම උත්සාහය හේතුවෙන් එම උත්සහයේ පරල තිඵලයක් වශයෙන් ඉන්දියාව තුළ කලා සම්පරහය දායන් 2ක් දියුණුවෙන් දියුණුවට පත්විය. එනම් ගාන්ධාරය මුල් කරගෙන(අගනුවර තක්ෂිනලා) ගොනැගුණු ගාන්ධාර කලා සම්පර මුදායන් මථුරා පරසම්දේශය මුල්කරගෙන මථුරා කලා සම්පරද) දායක් වර්ධනය වන්නට විය. ගාන්ධාරය කාබුල් තැනිතලාවේ පහල කොටසට අයත්වේ. බටහිර චීනය, පර්සියාව, මෙසපොතේමියාව, සුමේරියාව, වැනි පෞරාණික රාජ්යා සමඟ සමබන්ධතා පැවැත්වූ පුරුෂපුරුය මෙහි අගනගරය විය. ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, පන්ජාබය යන පරපහලදේශ වර්තමානයේදී ගාන්ධාරයට අයත්වේ. මෙම පරිස දේශ තුනෙන්ම ගාන්ධාර කලා සම්පර ව දායට අයත් කලා කෘති හමු වී ඇත. එසේම බෞද්ධ සාහිත්යේයට අනුව සමස්ථ භාරතයම පරර් සිද්ධ ස්ථානයක් වූ අධ්යාබපනයේ කේන්ද්රටස්ථානය වූ තක්ෂිවලාව මීට අයත් වූ හෙයින් ගාන්ධාරය විවිධ සංස්කෘතීන්ගේ වර්ධනයට බල පෑ මධ්ය ස්ථානයකි. ගරිය ක මහා අලෙක්සැන්ඩර් අධිරාජ්යනයා වයඹ දිග ඉන්දියාව ආකරවූ මණය කිරීමෙන් පසු ගරි ක හා ඉන්දියානු සමිශරජ්යණයකින් යුත් ජනපද හිමිවන්නට විය. සිවිස්, ඇපලෝවියන් වැනි දේව පරිශ තිමාවන් මෙන්ම බරැනප කන් වැනි යෝධයන්ගේ පරු තිමාවන් නිර්මාණය කිරීමට හා ඒවාට වන්දනා කිරීමට එම ජනපද වාසීන් පුරුදු වී සිටියහ. මේ පිළිබඳ අවධානය යොමු කළ කණිෂ්ක රජු ගරීජන ක කලා කරුවන් ලවා බෞද්ධ කලා සම්පරබඳ දායක් ගොඩ නැගීමේ අපේක්ෂා වෙන් මුලින්ම ඔවුන් ලවා බුද්ධ රූපය මානව රූපීව නිර්මාණය කරනු ලැබිණි. මීට පෙර ශරීා පතුල, ධර්ම චකර්යොය, සේසත් ආදිය බුදුන් වහන්සේ වෙනුවට සංකේතානුරූපීව නිර්මාණය කරනු ලැබිණි. එනම් පරරූ ථම වරට මානව රූපී ලෙස බුද්ධ පරූප තිමාව නිරූපණය කිරීමේ ගෞරවය හිමිවන්නේ කණිෂ්ක රාජ්යී කාලයටය. මෙම කරින යාදාමය ගාන්ධාරය මුල්කරගෙන සිදුවිය. පරිෂ ථම වරට බුද්ධ රූපය මානව රූපීව නිර්මානය කරනු ලැබුයේ කණිෂ්කගේ රන්කාසිවලය. මෙහි එක් පසෙක බුද්ධ රූපයක් ද අනෙක් පස කණිෂ්ක රජුගේ රූපයක් දක්නට ලැබේ. පසුම්බියක් වැනි දෙයක් අතින් ගෙන සිටින බුදු හිමියන්ගේ සිවුර හා උෂ්ණීශය දක්වා ඇත්තේ ගන්ධාර සම්පරක් දායට අනුවය. හිස හා සිරුර වටා රැස් වළල්ලක් දැක්වීම සඳහා රේඛාවක් යොදාගෙන ඇත. බුදුරුවට දකුණු පසින් බුඩ්ඩෝ යන ගරීඛ ක වචනය සඳහන්ව තිබීමෙන් මෙය ස්ථීර වශයෙන්ම බුද්ධරූපය බව හඳුනාගන ඇත. මෙහින් ආරම්භ වූ ගාන්ධාර කලා සම්පර්ම දාය, * ශරශද්ද * තකතිභාහි * කඩ්ඩා *බීරාමාන් ආදී පරබව දේශ දක්වා ව්යාිප්තව පවැති බවට සාධක හමුවී ඇත. ගාන්ධාර පර්ප තිමාවන් තුළින් ගරී ව ක ආභාසය බහුල වශයෙන් යොදගෙන ඇති බව මේ පිළිබඳ පර්යේෂණය කළ උගතුන් අනාවරණය කර ඇත. මථුරා කලා සම්පරෂණයදාය කුෂාණ යුගයේ තවත් වැදගත් කලා සම්පරර යදායක් වූයේ සුරසේන ජනපදයේ අග නගරය වූ මථුරා මුල් කරගෙන ගොඩ නැගුණු මථුරා කලා සම්පර නගදායයි. පර න ථම වරට බුද්ධ රූපය මානවරූපීව නිර්මාණය කළේ ගාන්ධාරය තුළ යැයි මතයක් පවතින අතර තවත් පරඩ නබල මතයක් වී ඇත්තේ මථුරාව පදනම් කරගෙන බුද්ධ පරර තතිමාව මානව රූපීව නිර්මාණය වූ බවය. මෙහිදී ගාන්ධාර කලා සම්පරූපීදාය ගරී බවක ආභාෂයට අනුව ගොඩනැගුණු අතර මථුරා කලා සම්පරප්ඩදාය ජෛන සම්පරමා දායට අනුව බිහිවී ඇත. මථුරා කලා සම්පරාන්දායේ විශේෂත්වය වන්නේ පරුව තිමාවල දේහ ලක්ෂාණ ස්වභාවයෙන් ස්ථූල භාවයෙන් යුත් (මිටි, මහත, ශක්තිමත්) හා මුහුණ රවුම් කන් එතරම් ලම්භක නොවේ. මුහුනේ එතරම් ශාන්ත බවක් දැකිය නොහැකි අතර පළල් නාසය පිරුණු කන් මුල්, විවෘත ඇස්, මුහුණේ මද සිනාව ශරීරය කුරු ස්වරූපයකින් යුත්තය. වම් නාසය තනය හා නාභිය විනිවිද පෙනෙන සේ නිමකර ඇති ගාන්ධාර කලා සම්පරම් දායට අනුව ඉදි, හිටි, සයනය පිළිම යන තුන් ආකාරයෙන් පිළිම නිර්මාණය කර තිබුණ ද මථුරා කලා සම්පරරයෙදායට අනුව දැකිය හැකි වන්නේ ඉදි හා හිටි පිළිම පමණි. සිරස වටා රැස් වළල්ල දැක්වීම සඳහා රේඛාවක් දක්වා තිබේ. පරි තිමාව දෙපසින් ආකාශ ගත දෙවිවරු දෙදෙනෙක් නිර්මාණය කර ඇත. ගාන්ධාර පරාශ තිමා වලට වඩා හොඳින් මථුරා පර හ තිමා තුළ දෙතිස්මහාපුරුෂ ලක්ෂෙණ නිර්මාණය කර ඇත. විශේෂයෙන් බුදුන් වහන්සේගේ අධ්යා ත්මික ගුණ සම්පරණය දාය ගෙන හැර දැක්වීමට මථුරා කලා කරුවා උත්සහයන්ගෙන් තිබුණ ද එය එතරම්ම සාර්ථකවී නැත. එහෙත් ශ්රේධෂ්ඨ පුරුෂයෙකු වශයෙන් පමණක් නොව විශාල ශර ර මණ පිරිසකගේ අගතෙකු (පරෂය ධානියා) වශයෙන් නිරූපණ කිරීමට මථුරා කලා කරුවා උත්සාහගෙන ඇත.
භාෂාව හා සාහිත්ය‍ය
කුෂාණ යුගයේ ඇති වූ මහායානික බුදු දහමේ බලපෑමක් සමඟ සංස්කෘතික භාෂාවේ විශාල වර්ධනයක් එම යුගය තුළ ඇතිවිය. එකල සංස්කෘතික භාෂාවේ හා භාෂා සාහිත්යවයේ විශාල පරඇතිබෝධයක් ඇතිවිම කෙරෙහි මූලිකවම බලපෑ ඇත්තේ කණිෂ්ක රජුගේ රාජ සභාවේ මහායානික දාර්ශනිකයන් කටයුතු කරන හෙයිනි. එනම් අශ්වගෝෂ, වස්ස මිතරකයන, නාගර්ජුන, කොණ්ඩ, සංඝරක්ඛිත, පාර්ෂව යන මහායානික හිමිවරුන් ගේ මඟපෙන්වීම රජුට ලැබුණු නිසාය. ඉන්දියාවේ ශ්රේරෂ්ඨ කාව්යෙ නාට්යණ ගරයගෝන්ථ රචනා කළ ගුප්ත යුගයේ සිටි මහා කවි කාලිදාසට පූර්වයෙන් ඉන්දියාවේ විසූ ශ්රේයෂටතම පඩිවරයෙක් වූයේ අශ්වගෝෂ හිමි ය. එතුමා විසින් බුද්ධ චරිතය, සාරිපුතර් ව, සවුන්දරාගන්ද කාව්යබ යන ගරර, න්ථ රචනා කරන ලදී. ඔහුගේ බුද්ධ චරිතය නම් කෘතිය ශ්රේ ෂ්ඨ මහා කාව්යියකි. උන්වහන්සේ විසින් මහායාන දර්ශනය පිළිබඳව ද ගර යින්ථ රචනා කර ඇත. ඊට අමතරව මෙම යුගය් විසූ නාගර්ජුණ හාමුදුරුවන් විසින් පරයන ඥ්ඥා පාරමිතා, දස භූමි භාෂා වැනි ශරා්ජුස්තීරහරනය ගරකථ න්ථ රචනා කරන ලදී. එකල තවත් වැදගත් සාහිත්යෂ පඩිවරයෙක් මෙන්ම ශ්රේ‍ෂ්ඨ වෛද්ය වරයෙක් වූ චරක වාසය කළ බවද සඳහන් වේ.

ඊජිප්තු පිරමීඩ හා ලංකාවේ රන්මසු උයන සමානද?



නිල් අහස නිල පුරවගෙන බලා ඉන්නේ වහින්නට නොවේ. අනුරපුර ශ්‍රී විභූතිය දකින්නට නිල් ඇසින් බලා හිඳින අහස බිඳකටවත් අඳුරු නෙත් දරා මේ අග්‍රගණ්‍ය පූජනීය නගරයෙන් දෑස් ඉවතට ගැනීමට අකැමැති සෙයකි. අපිට ඇවැසි වූවේ කවදාවත් ලියා හෝ බලා අවසන් කළ නොහෙන අතීත අභිමානයේ ජයඝෝෂාව යළිත් සවන්පත් අසලට ඇදගැනීම පමණි. මීට වසර හැට හැත්තෑවකට එපිටදී මේ ගල් කුලුනු සමඟ ඔට්ටු වූ ඉසිඹුලන ජීවිතය ඊට කදිම සෙවණක් විය. අප ඔහුව සොයා ආවේ එහෙයිනි. නමින් ආර්. බී. එදිරිසිංහ නම් වූ ඔහුට අපි එන්නට කීවේ ජේතවනාරාම කෞතුකාගාරය අසලටය. කියූ වේලාවට පෙර ඔහු පැමිණ සිටියේය.
නටබුන් ගොඩනැඟිල්ලක ඉහළ පියගැටයක හිඳගත් එදිරිසිංහ මහතා මටද ඉඳගන්නට යැයි කීවේය. තැනින් තැන පෙනෙනා ගල් කුලුනු කැටයම් සේම අපට පසුපසින් දිස්වෙන ජේතවනාරාමය දුටු මහිතට දැනුණේ දරාගත නොහැකි පමණේ ගර්වයකි. ඔහු කියන්නේ සුරංගනා කතාවක් නොවේ. ඒත් එය එපමණටම මිහිරිය. අසන්නට ලොල් වඩවන්නකි. මේ ලියන්නේ ඒ කතාවයි. ඔහු කියූ අතීත සෙවණැල්ලේ දිස්නයයි. අවුරුදු එක්දාස් පන්සියයක් එකම තැනක කිසිම රටක රාජධානියක් තිබිල නෑ. ක්‍රිස්තු පූර්ව 7-5 සිට ක්‍රිස්තු වර්ෂ 10 දක්වා රෝම අධිරාජ්‍යයත් අවුරුදු එක්දාස් එකසීයයි. අනුරාධපුර රාජධානිය තමයි මේ තරං කාලයක් පැවැතුණ රාජ්‍යය. මහසෙන් රජතුමා ජේතවන දාගැබ ඉදිකරන කොට රෝම අධිරාජ්‍යය බිඳ වැටිලා ඉවරයි. දහවැනි සියවසෙන් පස්සේ ඇතිවෙන පොළොන්නරු රාජධානිය තියෙන්නෙත් අවුරුදු දෙසිය පනහක් විතරයි. ක්‍රිස්තු පූර්ව තුනේදී බුදුදහම ආවට පස්සේ සමාජේ විශාල පෙරළියක්, දීප්තියක් ඇති වෙනවා. ඒ එක්කම විශාල සංඝාරාම තුනක් ඇති වෙනවා. විශාල පිරිසක් භික්‍ෂූන් බවට පත් වෙනවා. ඒ එක්කම මහා විහාරය පළමුවෙන්ම ඉදිවෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 3 සහ 2 අතර කාලයෙදී දෙවැනි එක වළගම්බා රජු දවස ඉදිවුණු අභයගිරිය. ඒක ක්‍රිස්තු පූර්ව එකේදී. තුන්වැනි එක ජේතවනාරාමය. ක්‍රිස්තු වර්ෂ හතරෙදි. අක්කර පන්සියයක භූමිභාගයක මේ ජේතවනාරාමයට දහස් ගාණක් ගොඩනැඟිලි තියෙනවා. මේ ජේතවනාරාමය තමයි ලෝකෙ විශාලම ගඩොල් ගොඩනැඟිල්ල. විශාලම දාගැබ. පුරාණ ලෝකයේ උසින් තුන්වන තැන හිමිවෙන ගොඩනැඟිල්ල. පළමු තැන ඊජිප්තුවේ පිරමීඩයකට. ඒක අඩි හාරසීය අනූවයි. දෙකත් පිරමීඩයක්. හාරසිය හැත්තෑවයි. මේ ජේතවනය තුන්වන තැන ගන්නවා . උස අඩි හාරසිය හැටයි. මීටර් නම් එකසිය පනහයි. මේකේ අත්තිවාරම් මීටර් දහයක් යට ඉඳල එන්නේ. පතුලෙ ඉඳන් උඩට යනකම් ගඩොල් තියෙන්නේ. මැද ධාතු ගර්භයට පොදු කුටීරයක් තියෙනවා. සර් එමසන් ටෙනන් කියන ඉංග්‍රීසි ජාතිකයා ගණනය කරල තියෙනවා. එයා කියනවා ලන්ඩන් නුවර ඉඳලා එඩින්බරෝවලට අඩි දහයක් උස අඩියක් පළල තාප්පයක් බඳින්න පුළුවන් මේ ගඩොල්වලින් කියල. ලංකාවේදී බැලුවොත් දෙවුන්දර තුඩුවෙ ඉඳල පේදුරුතුඩුව දක්වා අඩි දහයක් උස අඩියක් පළල තාප්පයක් හදන්න පුළුවන් කියල. දහවැනි සියවසෙන් පස්සේ මේ සියල්ල විනාශවෙලා පස්වලින් වැහිලා යනවා. මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය අවුරුදු විසිහතරයි. ඒත් මේ ස්තූපය හදන්න කොච්චර කල් ගියාද දන්නේ නෑ. මේක ඔක්කොම කළේ මිනිස් බලයෙන්. මහා වැව් දාසයක් බැඳලා, ඇළවල් එකොළහක් හැදුවා. මේ ගඩොල් මිලියන අනූතුනක් තියෙනව කියල සර් එමර්සන් කියනවා. අවුරුදු එක්දාස් හත්සීයකට කලින් මේවා කොහේදි කැපුවද කොහේදි පිලිස්සුවද කියල, මිලියන ගාණක් ගල් කුලුනු, ගල් කුට්ටි තියෙන අනුරාධපුරේ ඒවා කැපූ තැනක්, කැපූ විදියක්, ගෙනා විදියක් කවුරුවත් දන්නේ නෑ. අඩුම තරමේ මේ ගල් කැපූ කොටු ගල් කොරි හඳුනාගන්න නෑ. අතීතයෙ දහවැනි සියවසෙන් පස්සේ මේක අත්හැරපු පාළු නගරයක් වෙනවා. චෝලයෝ මේක විනාශ කරනවා. ආයෙ මිනිස්සු මෙහෙට එන්නෙ දහඅටවන සියවසෙන් පස්සෙ. ඉංග්‍රීසින්ගෙ කාලෙ තමයි ආපහු අනුරාධපුරය ජනාවාස වුණේ. මේ අනුරාධපුර නගරය ගැන හිතුවොත්, අභයගිරිය, රුවන්වැලිය, නඛාවෙහෙර, ලංකාරාමය, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, ජේතවනාරාමය ආදී තැන්වලට තමයි ඉස්සර මිනිස්සු වටවන්දනාවේ යන්නේ. තිසාවැවෙන් නාලා ශ්‍රී මහාබෝධියෙන් පටන් අරන් වටේම වැඳගන්නවා. එදිරිසිංහයන් විටෙක තම අදහස් ප්‍රකාශ කරන්නේ සැලැසුම්ද අඳිමිනි. ඔහු හොඳ ඉතිහාස ගුරුවරයකු සේය. කියන අපූරු කතා ඔහුගේ දශක ගණනක ජීවිත කාලයෙන් එකතු කොටගත් දැනුම් පරාසය සමඟ ඉතිරී පැතිරී ඇත. ඔහු කියන කතා ඇසෙන විට හිතට දැනෙන්නේ මේ ගල්කණු ලියවැල් ත්‍රිමානව දෑස් ඉදිරිපිට කතා කරන සෙයකි. මහා විහාරය ක්‍රිස්තු වර්ෂ තුනේදී ඇතිවුණේ. අභයගිරිය ක්‍රිස්තුවර්ෂ එකේදි. මහා විහාරය අක්කර හාරසීයයි. අභයගිරිය අක්කර හයසීයයි. රාජධානිය තිබුණු ඇතුළු නුවර අක්කර දෙසීයයි. විශාලම ස්ථානය මේ අභයගිරිය. හතරවැනි සියවසේ මේ රටට ආපු පාහියන් හාමුදුරුවො කියනව අභයගිරියේ භික්‍ෂුන් පන්දාහක් හිටියයි කියල. ජේතවනාරාමේ භික්‍ෂුන් තුන්දහස් පන්සියක් හිටිය කියල. මහාවිහාරේ තුන්දාහක් හිටිය කියල. භික්සූන් වහන්සේලා එකොළොස්දාස් පන්සීයක් අනුරාධපුරේ ඉඳල තියෙනවා. දහවැනි සියවස දක්වාම දිගටම ඉඳල තියෙනව. මේ තරං භික්‍ෂුන් වහන්සේ ප්‍රමාණයක් සිවුපසයෙන් පෝෂණය කරන්න කොච්චර ජනගහනයක් ඕනෑද? පළමු සියවසේ චන්ද්‍රමුඛසීව තෑගි භෝග සමඟ නියෝජිතයන් රෝමයට යවනව. ඒ කාලේ හිටපු ප්ලිනි කියන ප¾ඩිවරයා කියල තියෙනවා, අනුරාධපුරය කියන්නේ සිංහල දේශයේ අගනුවර කියල. ඒ කාලෙ අනුරාධපුරේ මිලියන දෙකක ජනගහනයක් හිටිය කියල. රෝමයේ රජ කළේ ඒ කාලේ ක්ලෝඩියස් රජු. ඒ තරං සෙනඟක් නැතිව මේ වැඩ කරන්න බෑ. ඒ කාලේ හැම මිනිහෙක්ම සතියට එක දවසක් රජයට වැඩ කරන්න ඕන. තමන්ගේ අස්වැන්නෙන් සියයට විස්සක් රජයට දෙන්න ඕන. නියං කාලවලදී එය විස්සෙන් එකක් දක්වා අඩුවෙලා තියෙනවා. සෙල්ලිපිවල 'කැති අඬහැර' ලෙස දක්වනවා. සමහර ගංවතුර නියඟවලදී වගා පාළු වුණාම බදු අරන් නෑ. මේ අනුරාධපුරේ කෘෂිකාර්මික වටරවුමක් ඇතිවෙනවා. තිසා වැව, අභය වැව, බුලන්කුලම, පෙරිමියන්කුලම, තන්නායන්කුලම, නුවර වැව යන වැව් ආශ්‍රිතව මේ වටරවුම් ඇති වෙනවා. මෙහෙම කාලය ගෙවෙද්දි මේ ජනගහන තත්ත්වයන් වැඩිවීමත් එක්ක මේවයේ භික්‍ෂුන් කැලේට යනවා. ඒ යන ගමන භාවනා කරන්න හිත එක්තැන් කරන්න හිතන් යන්නෙ. රජවරු මේ භික්‍ෂුන් වෙනුවෙන් ගොඩනැඟිලි හදනවා. මේ ටික පාංශුකූලික භික්‍ෂුන්ගේ වටරවුම වෙනවා. ඊට පස්සේ වනවාසී වුණු භික්‍ෂුන් නඩත්තු කරන්න නුවර වැසියනුත් කුඩා වැව් හදන් ඒ කිට්ටුව පදිංචි වෙනවා. සැතැපුම් හතර බැගින් හතර කොනටම මේ හැම නටබුමක්ම තියෙනවා. පශ්චිමාරාම, තොලුවිල, බටහිරාරාම ආදී ගොඩනැඟිලිත් මේවට අයිතියි. මේවා තවත් මතු කරගන්න බැරිවුණා. තාමත් අනුරාධපුරය වැළලුණු උරුමයක්.

යෝද ඇළ

අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප‍්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.
කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප‍්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප‍්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ. කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප‍්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක‍්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය. කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප‍්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප‍්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි. මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප‍්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය. දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය. ක‍්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප‍්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත. ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය. යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය - වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත. යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ. කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය. අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත. පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය. යෝධ ඇළ ගලා ගිය ප‍්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ‍්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය. මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප‍්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ. ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක‍්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප‍්‍රථම වරට යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත. නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි. රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ. මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.

පඹලු උදුනේ කථාව

මීට වසර ගණනාවකට පෙරදී ජේතවනාරාම කෞතුකාගාරයට ගිය අපි එහි තිබූ පුරාවස්තු නරඹමින් සිටියෙමු. ඇස් හිත් අදහාගත නොහැකි වන විස්කම් පිරි පුරාවස්තු අතර අප සියලුම දෙනා සැරිසැරුවේ අපේම නෑදෑයන් අතරට කලකින් පැමිණි අමුත්තන් පරිද්දෙනි. ආභරණ තැන්පත් කළ ප්‍රදර්ශන කුටිය අප කණ්ඩායමේ පිරිමි පාර්ශ්වයට ඒ හැටි වැදගත් බවක් පෙනෙන්නට නොතිබිණි. එහෙත් අප කණ්ඩායමේ සහෝදරියන්ට නැරැඹීමට වැඩිම කාලයක් ගතවූයේ මේ කුටියටයි. අපට ආරක්‍ෂාව සලසමින් අප අතරම කැරැකි කැරැකී උන් සහෝදර පිරිසට අප ගත කළ කාලය පිළිබඳ වූවේ නොරිස්සුමකි. අපට ඔවුන්ගේ නොරිස්සුම දැනුණේවත් නැති තරම්ය. පිස්සුවෙන් මෙන් වීදුරු පෙට්ටි තුළට දෙනෙත් යොමා ඒ ආභරණ පිළිබඳ විමසුවෙමු. කහ, නිල්, කොළ, රතු, දම් පැහැති පබළු අද ඊයේ වෙළෙඳසලකින් මිලට ගෙනැවිත් තැබුවා සේය. ඇස්වලින් දැක විඳගැනීමෙන් සෑහීමකට පත් නොවූ අපි එකිනෙකා සමඟ ඒ පිළිබඳ අදහස් හුවමාරු කරගත්තෙමු. අපේ සීමාවක් නොමැති නැරැඹීමත්, කතාවත් ඉවසාගත නොහැකි තැන අප මිතුරකු ප්‍රදර්ශන කුටිය බාරව හුන් නිලධාරියාට කීවේ 'මේ ගැලරිය මේ ගෑනුන්ට නම් පෙන්වන්න එපා. මේ පේනවනේ පිස්සු හැදිල වගේ. දැන් කොච්චර වෙලා ගියාද' යනුවෙනි. ඒ තරමට අපි ඒ පබළුවලට වශී වුණෙමු. මීට වසර දෙදහසකට එපිට අතීතයට අයත් මේ පබළු කෙසේ නම් නිර්මාණය කරන්නට ඇද්ද? ඒ තාක්‍ෂණය කොපමණ දියුණුව තිබෙන්නට ඇද්ද? එදා මට මෙන්ම මා සමඟ උන් මගේ සෙසු සහෝදර කැලටද එසේ සිතුණු බව සහතිකය. එහෙත් එදා මම සැබෑවටම පබළු සෑදූ උදුනක් දෑසින්ම දකින්නට හැකිවේයැයි විහිළුවටවත් නොසිතුවෙමි. යකඩ උදුන් දැක බලා ගෙන තිබියද පැරැණි පබළු උදුනක් දැකීම ගැන අදහසක්වත් ඇති නොවුණේ එය එපමණටම දුලබ කර්තව්‍යයක් බව දැනගෙන සිටි බැවිනි. එදා ජේතවනයෙන් දුටු පබළු සේම වර්ණවත් දීප්තිමත් එකිනෙක පරයා නොයන පබළු ලංකාව පුරා පිහිටි කෞතුකාගාරවලදී මෙන්ම කැණීම්වලදී ද මම දැක ගත්තෙමි. ඒ සමඟම කාලය මට මාවම පුදුම කරමින් එක් තොරතුරක් ලබා දුන්නේය. ඒ මන්නාරම් ප්‍රදේශයේ ස්ථානයක අතීතයේ පබළු තැනූ උදුනක් සොයාගෙන ඇති බවය. ඒ තොරතුරු ඉබ්බා දියට දැමීමක් බඳු විය. හැකි ඉක්මනින් එය සොයා යෑමට ඇවැසි වුවද මාස හතර පහක්ම ගෙවී ගියේ ඊට ඉඩක් නොතබමිනි. එහෙත් පසුගියදා ඒ අරමුණ ඉටුකර ගැනීමට මඟපාදා ගත් අපි මන්නාරම් යෑමට ගමන් ඇරැඹුවෙමු. 'බල සුබ නිමිති පෙර මඟ නැකැතටත් වැඩී' යන්න සැබෑ කරමින් ඊට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායකයන්ද අවසර දුන්නේ කිසිදු අදිමදි කිරීමක් නොකරමිනි. එසේම ඒ ගමන සඳහා සහභාගි වූ අපගේ පෙරගමන්කරු වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ සහකාර නිමල් පද්මසිරි මහතාය. ගමන නම් දුෂ්කරය. එහෙත් මේ දුෂ්කරතා මේ මහපොළොවේ උපන් අපට නුහුරු නුපුරුදු නොවේ. එය විඳිය යුතුමය. පුරාණ බුද්ධ ප්‍රතිමාවන්හි හිස සිඳ පපුකුහරය හාරා රනින් කළ නිධන් සොයනා නොමේරු මොළ ඇති මිනිසුන්ට මේ යන ගමන විකාරයකැයි සිතෙන්නට හැකිය. එහෙත් සැබෑවටම අතීතයට ලොබ බඳින්නකුට මෙය ආශ්චර්යවත් පුරාවස්තුවකි. නිමල් පද්මසිරි මහතා පවසන පරිදි මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ඇස ගැටුණේ 2011 වසරේ දිනයකය. ඒ ඔවුන් විසින් මෙහි කරන ලද ගවේෂණ චාරිකාවකදීය. එම ගවේෂණයේ මූලිකයා වූයේ පර්යේෂණ සහකාර කල්ප අසංගය. ඔහුගේ තනි නොතනියට සේම රාජකාරියටද උරදුන්නේ ඩී. ඩබ්ලිව්. නිමල් පද්මසිරි මහතාත්, අයි. පී. එස්. නිශාන්ත මහතාත්ය. මෙය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔවුන්හටය. පබළු උදුන නිකංම නිකං පබළු උදුනක් නොවේ. මේ වීදුරු පබළු උදුනකි. ඉතින් එවැන්නක් ගැන දැන දැනත් නොබලා සිටින්නේ කෙලෙසකද? හිතට ඇත්තේ කුකුසකි. කිරිඔය නිම්නයේදීත්, සමනල වැව් කන්දේදීත් දුටු යකඩ උදුන් සේම මේ පබළු උදුනද හඳුනාගත හැකිද? ගිරිබාව ප්‍රදේශයෙන් හමුවූ පබළු උදුනත්, මන්නාරමෙන් හමුවූ බව කියන මේ වීදුරු පබළු උදුනත් සමානද? අතොරක් නැති ප්‍රශ්න හිත පුරවාලයි. විල්පත්තු කැලය මැදින් ඇදෙන වාහනය වරෙක ඉවතට විසිවේ යැයි සිතෙන තරම් ලිස්සනසුලු මාවතක යන්නේය. පහුවූ රාත්‍රියේ වට වැස්ස නිසාම තාර නොදැමූ පාරට ගොඩගැහුණු දූවිලිවලට දුවන්නට නොදී තදකර ඇත. මහන්සියත්, නිදිමතත් දෑස් පියාගන්නට බල කළද, මේ ඊට වෙලාව නොවේ. අප උපන් දේශයේ තේජවත් බව නොදැක ජීවත්වී කුමටද? මේ පරිසරය නොබලා ඉන්නේ කුමකටද? තැනින් තැන හමුවූ ආරක්‍ෂක කඳවුරු සේම, තැන තැන මැරී උන් ගෝනුන් වැනි සතුන්ද, පාර හරහා සෙල්ලම් කරනා ඕලු මුවන්, මොනරුන්ද බලමින් අපි මන්නාරම් නගරයට ළඟා වනවිට ඉරමුදුන්ව තිබිණි. 'මෙතැනින් හරවන්න. මේ පාර තමයි' නිමල් පද්මසිරි මහතා අපට මඟ ලකුණු පෙන්වයි. තිරුකේදිස්වරම් කෝවිල පසුකොට මඳ දුරක් ගිය ඔහු වන ළැහැබෙන් අසල වූ අඩිපාරක් දැක වාහනය නතරකොට 'ඔයාලා ඉන්න මම ඉස්සරවෙලා තැන මෙතැනද කියලා බලල එන්නම්' යැයි කියමින් වාහනයෙන් බැස ගියේය. මොහොතකින් යළි පැමිණ 'එතැන නෙවි දැන් කැලේ නිසා හොයා ගන්න ටිකක් අමාරුයි' කියමින් නැවත වාහනයට නැඟ මීටර් පහ හයක් ඉදිරියට ගොස් 'මෙතැන නතර කරන්න' කියමින් බැස ගියේය. මිනිත්තු කිහිපයකින් කැලේ අතරින් මතුවූ ඔහු 'හරි දැන් එන්නැයි' කීවේය. මඳකට යටපත්ව තිබූ පබළු උදුන දැකීමට වූ හදිස්සිය යළිත් මතුව ආවේය. නිමල් පද්මසිරි මහතා නැවත කුඩා අඩි පාර ඔස්සේ ඉදිරියට ඇදේ. කටුපඳුරු පිරි වන ළැහැබ ඔහු කී ලෙසම ඒ පෙදෙස ආක්‍රමණය කොට ගෙන ඇත. එහෙත් කටුපඳුරු බළඇණියට අප ගමන නතර කරලන්නට නොහැකිය. අත පය කටු අතුවලට සීරෙද්දීම නිමල් පද්මසිරි මහතා පසුපස අපි ඇදුණෙමු. තැන තැන වූවේ කොළපැහැති පොහොර කවර වළදැමූ වැලිකොට්ටය. 'මෙතැන යුද්ධ කාලෙ හමුදා බංකරයක් තිබිලා තියෙනවා. එයාලා දන්නෙ නැතිව මේ උදුනෙ එක බිත්තියක් උඩ තමයි ඒක හදල තිබිල තියෙන්නේ. එසේ කියමින් වළක් වැනි තැනකට බැස්ස ඔහු 'මේ තියෙන්නේ ඒ උදුනෙ කැඩුණු බිත්ති' යැයි කියමින් අඳුරු පැහැ යබොර වැනි කුට්ටි විශේෂයක් පෙන්වීය. කළුපැහැතිව ඝනකමට උණුව ගල්ගැසුණු ඒවා අතීතයේ තාක්‍ෂණයේ බලමහිමය උජාරුවට පෙන්වමින් සිටියේය. පුරාවිද්‍යාඥයකුට මෙවැන්නක් වැදගත් වන්නේ අතීත පරිසරය, සමාජය යළි ප්‍රතිනිර්මාණය කරගැනීමටය. ඒ යුගයේ වූ සංස්කෘතිය, හෙළිවන කැඩපත වන්නේ මෙවන් පුරාවස්තුය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම, ලෝකයේ පබළු භාවිතය පැවැතියේය. ප්‍රංශයේ පිහිටි ලික්විනා (ඹ්ඪඳභඪදච) හි ප්‍රාග් ඓතිහාසික ස්ථානයෙන් සොයාගත් පබළු ක්‍රිස්තු පූර්ව 38,000දී පමණ නියන්ඩතාල් මානවයා භාවිත කරන ලද ඒවා සේ පුරාවිද්‍යාඥයෝ සලකති. ලංකාවේ හමුවන පැරැණිම පබළු සාධක හමුවන්නේ වසර 28,000ක් පමණ පැරැණි කුරුවිට බට‍ෙදාඹලෙනින් හමුවූ බෙලි කටු පබළුවකි. ලංකාවේ සිදුකර ඇති කැණීම්වලදී හෙළිකොටගෙන ඇති පරිදි ක්‍රිස්තු පූර්ව 900 - 600 අයත් මුල් යකඩ යුගයේදී ජනතාව අතර මෙම පබළු සුලබව භාවිත වී ඇත. ප්‍රාථමික යුගයට අයත් ඉබ්බන්කට්ටුව ආදී මහා ශිලා සුසාන තුළින්ද පැරැණි වරායන් හා ජනාවාස වෙළෙඳ මධ්‍යස්ථානවලින්ද මෙලෙස පබළු හමුවීමෙන් සමකාලීන සමාජයේ පබළුවලට වැදගත්කමක් හිමිව තිබූ බව ගම්‍ය වන්නේය. මෙලෙස හමුවන පබළුවල අලංකාරවත් බව, ප්‍රමාණය, යොදාගත් අමුද්‍රව්‍ය අනුව එදා සමාජයේ තරාතිරම, අභිචාර විධි, තාක්‍ෂණය, කලාකෞශල්‍යය පිළිබඳවද අදහසක් ලබාගත හැකිවේ. පබළු නිෂ්පාදනයට පැමිණීමට පෙර මුල්කාලීනව මල්, ගෙඩි, ඇට වර්ග අමුණා කළ පලඳනාද ක්‍රමයෙන් ඒවා මැටි, වීදුරු, පාෂාණ වර්ග, ඇත්දළ, ලෝහ වර්ග දක්වා වර්ධනය වී ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. එලෙස ලංකාවෙන් හමුවන භාණ්ඩ අතර කානීලියන්, ඇගේට්, අඹතේස්ත, මෙන්ම තිරුවාණා වර්ගද වේ. ඇතැම් අවස්ථාවලදී මෙලෙස හමුව ඇති පාෂාණ මෙරට දක්නට නොලැබෙන ඒවා වන අතර, ඒවා විදේශයන්ගෙන් රැගෙනවිත් ඇත. එමඟින් ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා පිළිබඳවද කරුණු හෙළිකර ගැනීමට හැකියාව ලැබේ. ඇනා දැරණියගල විසින් කරන ලද පර්යේෂණවල පරිදි ඇය පබළු නිර්මාණ තාක්‍ෂණය කොටස් දෙකකට වර්ගීකරණය ඇත. ඉන් පළමුවැන්න කපා පිලිස්සීමට ලක් කළ (ඛ්භබබඪදඨ) හා දෙවැන්න අතින් සකසාගත් (එධභදඤ) ලෙසය. කෙසේ වුවද මන්නාරමෙන් ලැබි මෙම වීදුරු පබළු උදුන සම්පූර්ණයෙන්ම බලා ගැනීමට ඉඩක් නොතිබුණද එහි අවට විසිරි යබොර, වීදුරු කැබැලි සිය ගණනක් දැකගැනීමට ලැබිණි. නිමල් පද්මසිරි මහතා කියන පරිදි ආචාර්ය ශිරාන් දැරණියගල අනුමත කරන්නේ මෙම පබළු උදුන ක්‍රිස්තු වර්ෂ 8ට පමණ කාලයට අයත් ලෙසය. මේ බිම පුරා ඇත්තේ සැබෑවටම පුරාවිද්‍යාඥයකුගේ නොසිඳෙන තෘෂ්ණාවට හේතුවන පුරාවිද්‍යා සාධකය. කාලරක්ත වර්ණ මැටිබඳුන්, ඇතුළු විවිධාකාර මැටිබඳුන්, ඒ අතර අලංකාර කරන ලද මැටිබඳුන්, වර්ණාලේපිත මැටිබඳුන් මැටි නළ කොටස පාත්‍රා කොටස්, කෙමි කොටස, අතීතයේ මුදල් ලෙස භාවිත කළ කොටස්, බි්‍රතාන්‍ය යුගය හා විවිධ විදේශීය උරුව හඳුනාගත හැකි පිඟන් කැබැලි ආදියද ඒ බිමේ මතුව ඇත. ක්‍රිස්තු පූර්ව යුගයේදී දකුණු ආසියාවේ විශාලතම වාණිජ වරාය වූ මාන්තෙයි, මන්නාරම්, මහාතිත්ථ මාතොට ආදී නම්වලින් හැඳින්වූ වරාය අසල පිහිටි වීදුරු පබළු උදුන එදා මෙරටට පමණක් නොව ඇතැම්විට විදේශයන්ටද පබළු යවන්නටද ඇත. අදටද ඒ අසලින් හමුවන උණු වූ වීදුරු කුට්ටිවල නිල්, කොළ, නිල්, කහ, ගොම පැහැ ආදී වර්ණ ඉතිරිව ඇත. එදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂක පිරිස මේ උදුන සොයාගත් සැණෙකින් නිමල් පද්මසිරි පැවැසුවේ මේ නියත ලෙසම වීදුරු පබළු තැනූ උදුනක් බවය. ඒ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාද අනුමත කරන්නට විය. එහෙත් තමන්ගේ මතයෙන් පමණක් සෑහීමකට නොවන්නේය. එහෙයින්ම පර්යේෂණ සහකාර කල්ප අසංග මහතා උණුව ගොස් අවශේෂ වූ වීදුරු කොටසක් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට දී පරීක්‍ෂාවට බඳුන් කරන ලදී. එහිදී ද නිමල් පද්මසිරි කිවූ බස සනාථ විය. වීදුරු පබළු උඳුනක් මහාතිත්ථ වරාය අසල තිබීම එදා මේ බිමේ වූ සශ්‍රීකත්වය උලුප්පා දක්වන්නක් බව ආචාර්ය නිමල් පෙරේරා විසින් කිවූ බව පැවැසුවේ නිමල් පද්මසිරි මහතාය. 'ආචාර්ය නිමල් පෙරේරා මහත්තයා කියන්නෙ මේ වරාය අශ්ව ලාඩමක හැඩයට නිර්මාණය කරපු එකක්. මේකේ පැරැණි දිය අගල් දෙකක්

මුල්ලේරියා සටන

මුල්ලේරියා සංග්‍රාමය සිදුවූයේ 1562 වසරේ අගෝස්තු මාසයේය. එම මහා සංග්‍රාමයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ හා උදාරත්වයත් අභිමානයත් පිළිබඳව නූතන පරපුරට ඇත්තේ අඩු වැටහීමකි. පෘතුගාලය් නාවික හෙන්රි කුමාරයාගේ සමුදුරු තරණය වැඩපිළිවෙළට අනුව පෘතුගීසි නෞකාවක් ඉන්දියන් සාගරය ඔස්සේ ප්‍රථමවරට ගමන් ගත්තේ 1498 වසරේදීය. එයින් වසර 7ක් ගෙවුණු තැන 1505 නොවැම්බරයේ එක් අවාසනාවන්ත සැන්දෑවක අනපේක්ෂිත නාවික කණ්ඩායමක් ලංකාවට පා තැබූහ. ඔවුහු පෙරදිග ලෝකය දිග් විජය කළ මුහුදු කොල්ලකරුවෝ වූහ. දින කීපයකින් මෙම මනරම් දිවයින පෘතුගාලයේ මනුවෙල් අධිරාජයාගෙ කිරීටයට යටත් කරගන්නට හැකි වෙතැයි එම පිරිසේ නායකයා වූ ලොරැන්සෝද අල්මේදා විශ්වාස කරන්නට ඇත. ඔවුන් ඉතා කෙටි කලක් තුළ ඒ වනවිටත් පෙරදිග බොහෝ රාජ්‍ය අවි බලයෙන් යටත්කොට තිබිණ. ලිස්බන් නුවරින් ඇරැඹි පෘතුගීසීන්ගේ යුද ගමන ඉන්දියාවේ ගෝව දක්වා පැමිණ තිබිණ. දිගු ඉතිහාසයක් තිබූ පෙරදිග රාජ්‍යයන් පෘතුගීසීන් හමුවේ දණගසා තිබුණේද ප්‍රබල විරෝධය පෑමකින් තොරවය. ලංකාව සම්බන්ධයෙන් එය එසේ නොවීය. පෘතුගීසි අධිරාජ්‍යවාදීන්ගේ ගමන කොළොම් තොට සමීපයේදී නවතන්නට සමත් මහා රණ ශූරයෙක් විය. හේ සීතාවක රාජසිංහ නම්විය. පෘතුගීසීන්ට මල්වානෙන් ඔබ්බට යන්නට රාජසිංහ ඉඩදුන්නේ නැත. 1562 දී මුල්ලේරියා වෙලේදී පෘතුගීසීන් ලද පරාජය අනභිභවනීය වන්නේ එවැනි පරාජයක් යුරෝපයේදී පෘතුගීසීන් ලබා නොතිබූ හෙයිනි. රාජසිංහ අධිරාජ්‍යවාදීන්ට අමතක නොවන පාඩමක් එදා ඉගැන්වූයේය. 16වැනි සියවසේ මුල්ලේරියා වෙලේ සිදු කළ සටන 21 වැනි සියවසේ නන්දිකඩාල් කළපුවේ සටනට වඩා වැදගත්කමින් ඉහළය. මන්ද එදා සීතාවක හමුදාව යුද වැදුණේ අපිම නිෂ්පාදනය කළ අපේම අවිවලින් නිසාය. සටන මෙන්ම සටන් බිමේ සතුරා පරාජය කළ උපාය උපක්‍රමද දේශීය විය. පෘතුගීසීන්ගේ අනභිභවනීය යැයි සැලකූ හමුදා පරාජයට පත්වූයේ දේශීය යුද තාක්ෂණය හමුවේය. රුබෙයිරෝ නම් පෘතුගීසි ලේඛකයාගේ සටහනකට අනුව එදා සීතාවක යුද ශක්තිය මෙසේය. හේවායන් - 50,000 කුලීකරුවන් - 60,000 ඇතුන් - 2,200 ලෝකඩ කාලතුවක්කු - 500 පොරො - 10,000 නාරාසන - 3,000 කැති - 20,000 කුන්තනි - 2,000 උදලු - 6,000 ලෝ කුරුවන් - 400 වඩුවන් - 1,000 කාලතුවක්කු - 400 බෝට්ටු - 400 නාවික යාත්‍රා - 65 මෙම කාලතුවක්කු සීතාවක රාජධානියට අයත් ප්‍රදේශවලම නිෂ්පාදනය කරන ලද ඒවාය. යපස් උණුකොට වානේ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබූ බවට සාධක අදත් සීතාවකින් හමුවෙයි. පන්ජාබයෙන් පැමිණි ශික් ජාතික ඉන්ජිනේරුවන් හා හමුදා නිලධාරීන් රාජසිංහ රජුට යුද අවි නිපදවීම සඳහා තාක්‍ෂණික මඟ පෙන්වීම් කළ බවට සාක්ෂි ඇත. මුල්ලේරියා සංග්‍රාමය සිදුවන විට මායාදුන්නේ රජු 1521 -1580 සීතාවක රජුවිය. ඔහු පුත් ටිකිරි බණ්ඩාරයන් සීතාවක අග සෙනෙවි විය. යුද සංවිධානය ඔහු විසින් තරයේ සිදු කෙරිණි. ‍ෙදාන් ජුවන් ධර්මපාල රජුයේ කෝට්ටේ රාජධානිය පෘතුගීසි හමුදා විසින් ආරක්ෂා කෙරිණි. 1562 අගෝස්තු තුන්වන සතියේ සීතාවක හමුදාව කෝට්ටේට පහර දුන්නේය. ඊට නායකත්වය දුන්නේ වික්‍රමසිංහ මුදලිගේ සේනාංකයයි. ඉන් කිපුණු පෘතුගීසීහු ‍ෙදාන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් සීතාවක හමුදාව ලුහුබැඳ ආහ. සීතාවක හමුදාව මුල්ලේරියා වෙලට ඔබ්බෙන් මාපිටිගම වාඩිලා සිටියේය. මෙතසස්ගේ හමුදාව තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඉදිරියට ගමන් කළේය. එහි පෘතුගීසි භටයන් 1,200ක්ද, දේශීය ලන්සක්කාර් සෙබළුන් 7,000ක්ද වූ බව කියැවේ. වික්‍රමසිංහ මුදලිගේ කුඩා සේනාංකය වරින්වර ප්‍රහාර එල්ල කරමින් පසු බසිමින් සතුරා මුල්ලේරියා වෙල්යාය දක්වා ඉදිරියට ගත්තේය. සතුරු හමුදා මා ඒ දණ්ඩ දක්වා පැමිණි විට රාජසිංහ සීතාවක හමුදාවන් අණදීමේ වගකීම සියතට ගත්තේය. ඉලංගම් සටන් පුහුණු වූ පනික්කි සටන්කරුවෝද, ඇත් අස් හමුදාවලින්ද, අතුරුගිරියෙන් හා කොරතොටින් පැමිණි සේනාංකද මුල්ලේරියාව සහ කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩාපැන ප්‍රහාරය ආරම්භ කළහ. රාජසිංහ පෙරමුණ ගත් අතර කොරතොට හා හේවාගම ආරච්චිවරු පසු පසින් පහර දෙමින් සතුරා වෙල මැද කොටු කළහ. එය කිසිසේත් ගරිල්ලා සටනක් නොවේ. එවකට ලෝකය දිග් විජයකළ අනභිභවනීය වූ යුරෝපීය හමුදාවක් සිංහල හමුදාව සමඟ මුහුණට මුහුණ සිදුවූ සංග්‍රාමයකි. ඒ වනවිට පෘතුගීසි හමුදා පරාජයක් ගැන අසා කියවා හෝ තිබුණේ නැත. මහා ලේ ගංගාවක් ගලාගිය අතර පෘතුගීසීහු තම තුවක්කු බයිනෙත්තුවලින් දැඩි ප්‍රහාර එල්ල කළහ. සිංහලයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී සතුරාට අතේ දුරින් ළංවන්නට උත්සාහ කළහ. මෙම අවස්ථාව "රාජාවලිය" පොතේ විස්තර කෙරෙන්නේ මෙසේය. රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් ප්‍රතිකාල් සේනාව මැදට පැන්නාහ. පස්ස පොරොන්තුවෙන් ගිය හමුදාව යුද්ධ කරනා විට වීරහස්ති ඇතා කොඩියක් ගතිය. ඓරාවණයා කියන ඇතා දම්වැලක් ගතිය. රාජසිංහ රජු අසු පිටට පැනනැඟී මහා සේනාවට පස්සට වෙන්ඩ හැර ප්‍රතිකාලුන් මැදට වැද අසු මෙහෙය වීය. ඇත් අස් සෙනඟ එකට කලබැගෑනිව ප්‍රතිකාලුන්ට තුවක්කුවලට වෙඩි බේත් දමන්ට ඉඩ නොදී කොටන විට පලිස්කාරයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටූහ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිස්කාරයෝ මැරුවාහ. රාජසිංහ රජු අසු විහිදුවා සේනාව වටකර දුවවමින් යුද ගිනි කෙළි කෙළ කොටන බිම දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්න නෑර කොටා ජය ගතිය. එක් දහස් පන්සියයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් වෙල මැද වැටුණාහ." (රාජාවලිය (අ.ප්‍ර.දෙ.) පිට 237) මුල්ලේරියා සංග්‍රාමය අවසානයේ දිවි ගලවාගත් පෘතුගීසීන්ට ඔයේ නවතා තිබූ පාරුවලට යා හැකි වනසේ සිංහල හමුදාව මඟ විවර කරමින් දෙපසට වී ඉඩ දුන්නේය. පසුදින ජය සමරා උත්සවයක් පැවැත් වූ අතර හේවාගම, කොරතොට, ආරච්චිවරුන්ටද සෙසු නිලයන්ටද සම්මාන ප්‍රදානය කෙරිණි. මෙම සංග්‍රාමයෙන් පසු සීතාවකට ගොඩබිමින් එන සතුරු උවදුරු වැළැක්වීමට ශක්තිමත් බල කොටුවක් කඩුවෙල ඉදිකෙළේය. හේවාගම ඉවුරේ කන් විද්දගල නමින් ගඟට නෙරාගිය ගල් පර්වතයක් ඇති අතර එම ගලේ ගඟට නෙරූ කොටස සිදුරු කොට එම සිදුරෙන් යකඩ දම්වැලක් යවා පහළින් ඇති ගල් කුලුනක් අතරෙන් ගංපතුලින් ගෙන ගොස් ගල් හිටියාව නම් ඉඩමේ අදත් දකින්නට ඇති ගල කුලුනකට බැඳ තිබුණේ ගඟදිගේ ඉහළට පැමිණෙන සතුරු බෝට්ටු වැළැක්වීමටය. කන්විද්දගල තිබෙන්නේ බියගම පාරේ රක්මාපා වත්ත තොටුපළට විරුද්ධ පැත්තේය. සංග්‍රාමයේ කැපී පෙනුණු සේනා නායකයන් අතර වික්‍රමසිංහ මුදලි, කොරතොට ආරච්චි, අමරකෝන් මුදලි, සෙම්බ පෙරුමාල් ආදී නායකයන් 40ක් සිටි බව වාර්තා වේ. කෝට්ටේ රාජධානියට එරෙහිව පැවැති අනවරත යුද්ධ සඳහා වෙල්ලස්සෙන් බින්තැන්නෙන්, කටුවනින්, කළුතරින් සීතාවකට අයත් විවිධ ප්‍රදේශවලින් පැමිණි හමුදා සටනට දායකවී තිබේ. පරාජය වූ පෘතුගීසි හමුදා නිලයන් අතර, නනෝ පෙරෙයිරා, ලසර්දා, අන්තෝලියො, ඩයස් ද ලොම්බා, මැනුවෙල් ලොරැන් සෝ, ගැස්පාර් ගුරේටස්, අන්ද්‍රෝද ෆොන්සේකා, මෙනසෙස් ආදීහු වූහ.

ශ්‍රී ලංකාවේ ගල් වැඩ කර්මාන්තය

මිරිස්‌ගල, වංගෙඩිය, ඇඹරුම්ගල, අපේ මුළු තැන්ගෙයි ඇති උපකරණ අතුරින් කිහිපයකි. නාගරික ප්‍රදේශවල පිහිටි නිවෙස්‌වල මෙම උපකරණ දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් තවමත් ග්‍රාමීය ප්‍රදේශවල ගෘහනියන් විසින් මෙකී උපකරණයන් තම ඉවුම් පිහුම් කටයුතු සඳහා යොදා ගනිති. කෙසේවුවද මිරිස්‌ ගලෙන්, වංගෙඩියෙන්, ඇඹරුම් ගලෙන් කරන කාර්යයන් සඳහා නවීන තාක්‍ෂණික මෙවලම් භාවිතයට පැමිණීමත් සමග මෙකී උපකරණ මුළුතැන් ගෙයින් ඉවත්ව ගොස්‌ ඇත.

එදා තරුණියක්‌ විවාහ කරදීමේදී එම තරුණියට ඇගේ දෙමව්පියන් විසින් ලබාදෙන දෑවැද්දට මෙම උපකරණය අයත්වූහ. දැනටත් අලුතෙන් ඉදිකරණු ලැබූ නිවසක්‌ ගෙවදීමේදී මෙකී ගෘහ උපකරණයන් රැගෙන යැමට නිවෙස්‌ හිමියන් අමතක නොකරති.

එදා අපේ කාන්තාවන් එකට එක්‌වී සාමූහිකව ගල්වංගෙඩියේ පිටි කෙටූහ. වී කෙටූහ. පිටි කොටා නොයෙකුත් කැවිලි වර්ග වෙනත් කෑම වර්ගද සකස්‌කොට අසල්වැසි නිවෙස්‌වලටද බෙදා දුන්හ. වර්තමානයේ ඇතිවූ නාගරීකරණයත් සමග මේ සියල්ල සමාජයෙන් නැත්තටම නැතිවී ගොසිනි. අද අසල්වැසියකු සමග සුළු අමනාපයක්‌ වූ විටද ඇතැම්හු සීනිගම, ගැටඹරු යන්නේ මිරිස්‌ ඇඹරිම සඳහාය. මේ අනුව මිරිස්‌ගල හොඳට නරකට දෙකටම යොදා ගන්නා බැව් මේ තුළින් පැහැදිලි වන්නේය.

කෙසේ වුවද මිරිස්‌ගලට, වංගෙඩියට, ඇඹුරුම්ගලට ඇත්තේ දිගු ඉතිහාසයකි. නූතන ගල්යුගයේ ආරම්භය. ක්‍රි. ව. 13500 දී යෑයි විශ්වාස කෙරේ. නූතන ගල් යුගයේ දී මිනිසුන් ඇඹරුම්ගල් භාවිතා කොට ඇති බව සඳහන්වේ. මෙයට අමතරව ගල්ආයුධ, ඊතල, ගල්පොරොව, මුවහත් කළ ගල්පිහි, ගල්මැසි ආදිය නොයෙකුත් කටයුතු සඳහා ගල්යුගයේ සිටි මිනිසුන් යොදා ගෙන තිබිණි.

ඉන්දියාවේ පුරාවිද්‍යාඥයින් විසින් නූතන ගල්යුගයට අයත් අවි ආයුධ බොහොමයක්‌ සොයාගෙන තිබේ. ගල්ආයුධ තැනීමට යොදාගත් කම්හලක්‌ මදුරාසියේ බෙලරි දිස්‌ත්‍රික්‌කයේ තිබි මතුකොට ගෙන ඇත්තේය.

එමෙන්ම ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයක්‌ වන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ නැතහොත් මොහෙන්දජාරෝ හරප්පා යුගයේ මිරිස්‌ගල් වංගෙඩි, හා පිටි අඹරණ යන්ත්‍ර විශේෂයෙන් ගෘහ භාණ්‌ඩ අතර තිබුණේය. පිටි ඇඹුරුණු පසු ගල් ලෑල්ලක්‌ උඩට ඒ පිටි වැටෙන පරිදි සකස්‌කොට තිබී ඇත. තවද තෙල් දමා පහන්වැටි යොදා පත්තු කළ පහන් වර්ගද තිබුණේ එකක්‌ දෙකක්‌ නොවේ. මේවා මැටියෙන් හා ගලින් නිමවූ ඒවාය.

මෙම යුගයේදී ගලින් සෑදූ තීන්ත කුඩු වැනි ගල්කුඩු විශේෂයෙන් පාවිච්චිකොට ඇත්තේය. මේවා ඇතැම්විට මැටි භාජන පින්තාරු කිරීමට ගත් සායම් වර්ග බවටද පැවසේ. මොහෙන්දජාරෝ හි ගල්වඩු කර්මාන්තය බෙහෙවින් පැතිරීගොස්‌ තිබූ කර්මාන්තයකි. මිරිස්‌ගල්, වංගෙඩි හා ආයුධ පමණක්‌ නොව පොඩිරූප ආගමික ලිංග, යෝනි ආදියද ඔවුහු ගලින් නිමකොට ගත්හ. එහෙත් මොහෙන්දජාරෝවෙහි මෙරට අනුරාධපුර යුගයේ පැවති තරම් ගල් කර්මාන්තය දියුණුවී නැතත් ඉතා සැලකිය යුතු ප්‍රමාණයක දියුණුවක්‌ ලබා තිබුණේය.

ආදිතම යුගයේ මිනිසුන් ගල් දෙකක්‌ එකට අතුල්ලා ගින්දර සොයාගත්තා. ඉන්පසු ඔවුන් ගල්වලින් යම් යම් දේවල් නිර්මාණය කිරීමට පෙළඹෙන්න ඇති. මහින්දා ගමනයත් සමග මෙරටට සුව සැට කලාවන්ට අයත් ශිල්පීන් පැමිණ තිබෙනවා. ගල්වඩුවොත් එයින් එක්‌ ශිල්පීන් කොටසක්‌. ඊට පසු තමයි මෙරට පිළිම, දාගැබ් වාරිකර්මාන්ත ගල්තොරණ්‌ ආදී ගලින් කරපු නිර්මාණ බිහිවුණේ.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ගාලුකොටුව සංරක්‍ෂණ ව්‍යාපෘතියේ පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වල මහතා ගල්වඩුවන්ගේ අතීතය සිහිපත් කරමින් අප සමග එසේ කීවේය.

ගල්වංගෙඩිය දියුණු නැති යුගයේ අපේ මුතුන්මිත්තන් වී කෙටුවේ ගලක්‌ මත වී අතුරා ගලින් සාදනු ලැබූ උපකරණයක්‌ භාවිත කිරීමෙනි. ඉක්‌බිති ඔවුහු ගලක්‌ මත කුහරයක්‌ සකස්‌කොටගෙන වී ආදී දෑ කෙටීම සඳහා යොදා ගත්හ.

පුරාතනයේ රාජකීය සම්භවයක්‌ තිබූ තැන්වල තමයි ගල්වංගෙඩිය, ඇඹරුම් ගල කුරහන්ගල භාවිතයට ගත්තේ. වෙදහල්වල විහාරස්‌ථානවල මේවා භාවිත කළේ ඊට පසු තමයි. මෙම උපකරණ මුළුතැන් ගෙයි උපකරණ බවට පත්වුණේ. ගාමිණි දොඩම්වල මහතා එසේ පවසන්නේය.

මෙම ලිපියේ මුලදී සඳහන් කළ පරිදි අපේ මුළුතැන් ගෙයි ඇති පොදු උපකරණය මාලුගලයි (කුඩුමිරිස්‌ගල) මෙය සම්බලයට (මාලු සමග කන තුනපහ සංයෝගයට) අවශ්‍ය තුනපහ ඇඹරීමට ගන්නා චාම් ගල් ලෑල්ලක්‌ හා ඇඹරුම් ගලකි. එහෙත් බෙහෙත් ගල්නම් මීට වඩා තරමක්‌ විසිතුරුය. ඖෂධ වර්ග පිළියෙල කිරීමට මෙය යොදා ගනු ලැබේ. සිත්තරුන් විසින් පාට ඇඹරීමටද මෙය භාවිත කරති. මෙම බෙහෙත් ගල් භාවිතයෙන් හා හැඩයෙන් යුරෝපයේ ගල් වංගෙඩියට හා ගල්අතකට සමානය.

වෙනසකට ඇත්තේ මෙරට වංගෙඩියට වඩා පැතලි වීමයි. ගල් අත බොහෝවිට එකම කැටයමකින් යුක්‌ත වන්නේය. හිසේ හැඩහුරුකම් ලැබෙන සේ ගල් අත් කැටයම් කොට ඇත්තේය. වංගෙඩියේ සතර කොනේ නයි පෙණ වෙයි. හඳුන්ගල් මීට තරමක්‌ සමානය. කුරක්‌කන් ගල වනාහී හේන් ගොවිතැනින් ලැබෙන ප්‍රධාන ධාන්‍ය වර්ගයක්‌ වූ කුරක්‌කන් ඇඹරීමට ගන්නා ඇඹරුම් ගලකි. නැතහොත් අත්මෝලකි.

ගල්වංගෙඩි, ඇඹරුම්ගල්, මිරිස්‌ගල් පිළිබඳ අතීතය හාරා අවුස්‌සමින් මෙම ලිපිය ආරම්භ කළේ ගල්වඩු කර්මාන්තයේ නිරත ගල්වඩුවන් පිරිසක්‌ ගැන කතා කරන්නටය.

ඔවුහු නොයෙකුත් දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දෙමින් මෙකී කර්මාන්තයේ දැනටත් නිරතව සිටිති. ඒ බද්දේගම, මී වැඩුම ගම්මානයේය. මී මැඩුම ගම්මානය ගල්වඩුවන්ගේ ගම්මානයක්‌ බව සඳහන් කළද එය වරදක්‌ නොවේ. ගිංගඟ කොමලියටත් බද්දේගම නගරයටත් මායිම්ව ගිංගඟ පහළ නිම්නයේ මෙම සුන්දර ගම්මානය පිහිටා ඇත්තේය.

මෙකී ගම්මානයේ සියලුදෙනා නෑදෑයෝය. මීවැඩුම ගම්මානය පුරාණ ගම්මානයකි. ගල්වංගෙඩි, මිරිස්‌ගල්, අමුගල්, කුරක්‌කන්ගල්, නාමපුවරු ආදී ගලින් කරන නිමැවුම් කිරීම මොවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ගයයි. ගම්මානයේ සියලු දෙනාම පාහේ මෙම කර්මාන්තයේ නිරතව සිටිති. මහා ගල්පර්වත සමග හරි හරියට පොර බදිමින් මොවුන් ගලින් විවිධවූ උපකරණ නිපදවති.

ඉකුත් දා අපි මෙම ගම්මානයේ වෙසෙන ගල්වඩුවන්ගේ තොරතුරු සොයා සංචාරයක නිරතවීමු. බැලූ බැලූ අත විශාල ගල් කුට්‌ටිය. සෑම තැනකම වාගේ ගල් වැඩපළවල්ය. තරුණ පිරිසක්‌ විශාල ගල්කුට්‌ටිවලට කුළුගෙඩිවලින් පහර දෙමින් ගල් කුට්‌ටි දෙබෑකරති. තවත් පිරිසක්‌ ගල්වංගෙඩි සාදති. ඇතැම්හු ඉතා සීරුවට කුරක්‌කන් ගල් සකස්‌ කිරීමට ගල් කැබලි තෝරති. දහදිය කඳුළු වගුරවමින් මෙම පිරිස වෙහෙසෙන්නේ තම බඩවියත රැක ගැනීම සඳහාය.

එහෙත් මොවුන්ගෙන් ගලින් කරනු ලැබූ නිර්මාණයන් නම් ඉතා විශ්මිතය, සඳකඩපහණ, ඉසුරුමුණි පෙම් යුවල, සමාධි පිළිමය, තොළුවිල පිළිමය, බුදුරුවගල ප්‍රතිමාව, අවුකන හිටි පිළිමය, ආදී විශ්මිත නිර්මාණයන් කළේ අපේ ඉපැරණි කලා ශිල්පීන්ය. මී මැඩුම ගම්මානයේ ගල්වඩුවන්ද අපේ ඉපැරණි කලා ශිල්පීන්ගෙන් පැවතීගෙන එන පිරිසක්‌ නොවේදැයි කියා මට සිතුණි.

ගල්වඩුවන් ගැන අතිශයෝක්‌තියෙන් පිරුණු ජන කතාමය විස්‌තරයක්‌ යාපහු විස්‌තරයේ සඳහන් වන්නේය. පරාක්‍රමබාහු රජතුමා මේ නුවර ගල්වලින් වැඩ නිමකරන ලෙස වදාළ කල්හි එක්‌ලක්‍ෂ විසිදහසක්‌ ගල්වඩුවන් මූලාචාරීන් සීයක්‌ හා දෙසිය පනහක්‌, හාරදහසක්‌ ගල්ගානා ආචාරින් රැස්‌කරවා ඒ නුවර අදිකාරකම් නිළමේ විසින් පෙලක්‌ ගල්කරු කපවා, පෙලක්‌ ගල් නෙලවා, පෙලක්‌ පේකඩ නෙලවා පෙලක්‌ ස්‌ත්‍රීරූප නෙලව d ආදී වශයෙන් සඳහන් කළ බැව් යාපහු විස්‌තරයේ සඳහන්ව තිබී ඇත.

මේ නුවර ගල්වැඩ විනා සෙසු වැඩක්‌ නැත්තේය. මෙම පාඨය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කුරුණෑගල විස්‌තරය හා යාපහු විස්‌තරය පුස්‌කොළ පොතින් ගත් ඡායාපිටපතක සඳහන්ව තිබී ඇත. ඇත්තටම මී මැඩුම ගම්මානය තුළද ගල්වැඩ විනා වෙනත් වැඩක්‌ නැති තරම්ය.

එම්. ඒ. ආරියනන්ද (57) මෙකී ගම්මානයේ වෙසෙන පාරම්පරික ගල්වඩුවෙකි.

මේක අපේ පාරම්පරික කර්මාන්තයක්‌. නොයෙකුත් හැඩතලවලින් යුතු ගල් කුට්‌ටි පලලා අවශ්‍ය විදියට සකස්‌ කරගෙන තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. ඒත් මහන්සියේ තරමට ප්‍රථිපලයක්‌ නැත. භාණ්‌ඩ අලෙව් කරගන්න වෙළෙඳ පොළ පහසුකම් ප්‍රමාණවත් නැත. අපේ නිෂ්පාදනවලින් අතර මැදියන් තමයි ලාබ ලබන්නේ. අනික්‌ කාරණය තමයි ගල් සොයා ගැනීමත් දැන් ගැටළුවක්‌ වෙලා. එදිනෙදා ජීවත් වෙන්න තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. ආරියනන්ද එසේ පවසන්නේ මෙකී කර්මාන්තය කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බවට චෝදනාවක්‌ද කරමිනි.

සැබවින්ම ගල්වඩු කර්මාන්තය අපේ පාරම්පරික කර්මාන්තයකි. මෙය රැකගත යුතුම කර්මාන්තයකි. චානක මාපලගමද මෙම කර්මාන්තයේ නිරත තරුණයෙකි.

අපේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක්‌ නැත. මෙම ගම්මානයේ පවුල් 70 ක්‌ විතර මේ කර්මාන්තයේ තමයි නිරතවෙලා ඉන්නේ. ගුණරත්න වීරකෝන් ඇමතිතුමා ගල්කඩන්න අක්‌කර හයක වත්තක්‌ ලබාදී තිබෙනවා. පොළොන්නරුව මඩකලපුව, මහියංගනය, ආදී ප්‍රදේශවලට තමයි අපේ නිෂ්පාදන සොයාගෙන යන්නේ. නාගරික ප්‍රදේශවලදී නම් මේ අපේ නිෂ්පාදනවලට ඉල්ලුමක්‌ නැත. ඉදිරියේදී අමුද්‍රව්‍ය සපයා ගැනීමේදීත් ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙනවා. ඇත්තටම මේ සඳහා මැදිහත්වීම බලධාරීන්ගේ වගකීමක්‌. චානක මාපලගම මහතා අප සමග එසේ කීවේය.

කලුගල් සමග පොර බදිමින් මොවුන් මෙම කර්මාන්තයේ නිරතව සිටියද මොවුන්ගේ හිත් කලුගල් තරම් දැඩි නැත.

සැබවින්ම මොවුන් ඉතා සංවේදී පිරිසකි. දැඩි සංයමයකින් යුතුව මොවුන් මෙම කර්මාන්තයේ යෙදී සිටිති. භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටු මිටි, ආදී මෙවලම් සකස්‌ කර ගන්නේ මේ අය විසිනි. උදලු අලවංගු ආදී උපකරණද මේ සඳහා අවශ්‍ය වේ. එහෙත් මෙම පිරිසට මෙම කර්මාන්තය කරගෙන යැම සඳහා කිසිදු අනුග්‍රහයක්‌ නොලැබීම කනගාටුවකට කරුණකි.

හැඩිදෙමළ කන්ද විහාරස්‌ථානයේ සාන්චි තොරණ, කච්චුවත්ත විහාරස්‌ථානයේ ගල් උළුවහු ආදී දෑ නිර්මාණය කළේ චානක මාපලගම තරුණයාගේ සීයාවන එම්. ඒ ඕවිනිස්‌ අප්පුහාමි මහතාය. අද ඔහු ජීවතුන් අතර නැත. මොහු කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබූ අයෙකි.

මීමැඩුම ගම්මානයේ නමද මෙහි වෙසෙන ජනතාව තරම්ම සුන්දරය.

ගිංගගෙන් මීමෙක්‌ එගොඩවෙලා මේ ගමට ඇවිත් තියෙනවා. ඊට පස්‌සේ මේ ගම මීමා වැඩුම වෙලා තියෙනවා. පසුව මීමැඩුම විදියට නම් පටබැදීලා තියෙනවා. ගල්වඩු කර්මාන්තය තමයි අතීතයේ සිට මේ ගමේ ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගය.

බද්දේගම උපනන්දනී සිල්මාතාව මෙකී ගම්මානය ගැන තවත් තොරතුරක්‌ හෙළිකරමින් අප සමග එසේ පැවසූහ.

ඇත්තටම මේ ගම්මානයේ ජීවත් වන්නේ සිත හික්‌මවා ගනිමින් කලාත්මක දෙයක්‌ නිර්මාණය කරන නිර්මාණ ශිල්පීන් පිරිසක්‌, ගල්වංගෙඩියට, මිරිස්‌ගලට ඇඹරුම්ගලට දැන් මුළුතැන්ගෙයි තැනක්‌ නැත නූතන මෙවලම් අපේ නිවෙස්‌වලට පැමිණීම නිසා මෙම උපකරණ අපේ සංස්‌කෘතිය සමග බද්ධවෙලා තියෙන්නේ. මේ අයගේ ගැටළුවලට දකුණු පළාත් සභාව මැදිහත්කරගෙන විසඳුම් ලබාදීමට මා බලාපොරොත්තු වෙනවා.

දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන්ට මෙම ගම මෙම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු ගැන පැවසූ අවස්‌ථාවේ උන්වහන්සේ ලබාදුන්නේ එවැනි පිළිතුරකි.

ගල්වංගෙඩිය, ඇඹුරුම්ගල, කුරහන්ගල අපෙන් ඈත්වීගෙන යන භාණ්‌ඩයන්ය. මේවා ආරක්‍ෂා කර ගනිමින් මේ වෙනුවෙන් කැපවෙන මේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම බලධාරීන්ගේ වගකීමකි.

ශ්‍රී ලංකාවේ පැරැණි ප්‍රාදේශීය පාලනය


ශ්‍රී ලංකාවේ මෙන් දිගු ඉතිහාස ක්‍රියාදාමයක්‌ තුළින් ගොඩනැඟුණු ප්‍රාදේශීය පාලන ක්‍රමයක්‌ පිළිබඳ අත්දැකීම් නැති ඇමෙරිකානු නායකයන් සමඟ එක්‌වී බටහිර යුරෝපා බලවතුන් ලක්‌වැසි අපෙන් ඉල්ලන්නේ කුමක්‌ද? අධිපතිවාදී බටහිර සමාජයේ ප්‍රධානතම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය වූ හිලරි ක්‌ලින්ටන් මහත්මිය මෑතකදී කළ ඉන්දියානු සංචාරයේදී ඒ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා හමු වූ අවස්‌ථාවේ කියා සිටියේ ශ්‍රී ලංකාවට ද ගැලපෙන්නේ ඉන්දියානු ආදර්ශය බවයි. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සඳහා ඉන්දියානු ආදර්ශය අනුව තමිල්නාඩුවක්‌ බිහිකළොත් එය ශ්‍රේෂ්ඨ ඉන්දියානු ජනනායක මහත්මාගාන්ධිගේ මාර්ගෝපදේශකත්වය අපේ රටේදී ද ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වනු ඇත.

ඇමෙරිකාව, ඉන්දියාව හා බටහිර යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර පිළිබඳ ශ්‍රී ලංකාණ්‌ඩුවේ විසඳුම පළමු ඉදිරිපත් කළ යුතු බවට තානාපති අංශ මගින් නිලනොවන මට්‌ටමින් දැනුවත් කර ඇති අතර එම ප්‍රශ්නය පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර විසඳුම් යෝජනා ඉදිරිපත් කරන්නට සූදානම් වන බැවින් ලොවටම ආදර්ශයක්‌ වන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ප්‍රාදේශීය පාලන අත්දැකීම් ගෙනහැර දැක්‌වීම කාලීන අවශ්‍යතාවක්‌ වී තිබේ.

වැව් විසිපන් දහසකට වැඩි සංඛ්‍යාවක්‌ තනා නඩත්තු කරමින් ස්‌වයංපෝෂිත සමාජයක්‌ පවත්වාගෙන යමින් විදේශ ආක්‍රමණ දාසයකට මුහුණදී දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික ස්‌වාධීනත්වය රැකගන්නට සමත්වූ සුවිශේෂ ජනකායක්‌ වන ලක්‌වැසියන් ලොවටම ආදර්ශවත් ප්‍රාදේශීය පාලන ක්‍රමයක්‌ සැකසූ බවට සැකයක්‌ නැත. වැව්, ඇළවේලි, විල් පොකුණු හා උයන්වතු දස දහස්‌ ගණනක්‌ තනා මනාව පවත්වා ගෙන යමින් ජාතික ස්‌වාධීනත්වය රැක ගැනීමේදී ලක්‌වැසි අතිමහත් බහුතර ජනතාව වූ බෞද්ධයන්ට ආධ්‍යාත්ම ශක්‌තිය ලැබුණේ ලෝක නිර්මාපක දෙවියකුට හෝ මිහිපිට කිසිදු බලවතකුට වහල් නොවන නිවහල් අදීන හෙළ බොදු චින්තනයෙනි. ගෞතම බුදුන්වහන්සේ විසින් ආදර්ශවත් පාලන ක්‍රමයක්‌ ලෙස හඳුන්වන ලද ලිච්ඡවින්ගේ සාමුහික පාලන පිළිවෙත මෙන්ම ගාමණීවරුන් හා පාලකයන් මුල්කරගත් සිංහලයන්ගේ සාමුහික ප්‍රාදේශීය පාලනය ගම් සභාව මත පදනම් වූවකි. ගාමණී හා ගමරාල ආදී නම්වලින් හැඳින්වුණ ග්‍රාමරාජ්‍ය නායකයාට උපදෙස්‌ දෙන ගම් සභාව වැව් ඇළ වේලි තනා පවත්වාගෙන යැම සඳහා ජනතාව මෙහෙයවීමේදී ඉමහත් ශක්‌තියක්‌ විය. ගාමණී හා ගමරාලවරුන් ගමේ ජනතාවගේ නායකයන් මෙන්ම හිතවත් ඥතීන්ද විය.

සමගිව සාකච්ඡා කර එක්‌ව තීන්දු ගෙන එකහිතින් විසිරී යමින් ගත් තීරණ සමගිව ක්‍රියාවට නැගූ ලිච්ඡවීන්ගේ ආදර්ශවත් සමූහවාදී රාජධානි ක්‍රමය බිඳ වැටුණේ කොසොල් රජුගේ උපායට අසුවූ ලිච්ඡවි රජ දරුවන් තමන්ගේ සමූහවාදී මූලික පිළිවෙතින් ඈත්වූ නිසාය. වත්මන් ශ්‍රී ලංකාවේ අපද අමෙරිකානු යුරෝපීය හා ඉන්දියානු බලවතුන්ගේ උපායට අසුවී අපේ ඓතිහාසික ප්‍රාදේශීය පාලන අත්දැකීම්වලට පිටුපා ක්‍රියාකළහොත් ලක්‌වැසියන්ගේ අනාගතය අඳුරුවනු ඇත. රට විදේශීය ආක්‍රමණවලට ගොදුරුවූ අවස්‌ථාවල පවා ජාතියේ විමුක්‌තිකාමී බල කඳවුරු වශයෙන් ප්‍රාදේශීය ජනබලය රැකගැනීමට ප්‍රාදේශීය නායකයන්ට හැකිවූයේ, ආර්ථික සංස්‌කෘතික වශයෙන් ස්‌වාධීනත්වය පවත්වාගන්නට තරම් ගම්, නියම්ගම්, පත්තු කෝරල ආදී ප්‍රාදේශීය පාලන සංවිධාන ප්‍රබලවූ නිසාය. රට තුළ රාජ්‍ය නායකත්වය සඳහා අභ්‍යන්තර අරගල ඇතිවූ අවස්‌ථාවල පවා ප්‍රාදේශීය නායකයන් වැඩිදෙනකු බේදවාදී ගැටුම්වලට සම්බන්ධ වූයේ නැත. ඒ පිළිබඳ හොඳම උදාහරණය වන්නේ ගැමුණු, තිස්‌ස දෙසෝයුරන් අතර රාජ්‍ය නායකත්වය සඳහා ඇතිවූ අර්බුදයේදී ගාමණීවරුන්ගෙන් හා පරුමකයන්ගේ නායකත්වයෙන් සැදුණු දසමහ යෝධයින් ප්‍රමුඛ හමුදාව කිසිදු පිළකට එක්‌නොවී මධ්‍යස්‌ථව සිටීමයි. දසමහ යෝධයන් වැඩි දෙනෙක්‌ මෙසේ දහස්‌ සංඛ්‍යාත අනෙකුත් යෝධයන් ගෙන් බොහොමයක්‌ද ප්‍රාදේශීය ජනනායකයෝ වුහ. ප්‍රාදේශීය ජනනායකයන් ගෙන් සමන්විත දස මහ යෝධයන් ප්‍රමුඛ හමුදාව රාජ්‍ය නායකත්ව අර්බුදයේදී මධ්‍යස්‌ථව කටයුතු කළ නිසාම ගැටුම දිග්ගැසුණු විනාශකාරී යුද්ධයක්‌ බවට පත්වූයේ නැත.

ප්‍රාදේශීය හා ජාතික ආධ්‍යාත්මික සංස්‌කෘතික නායකයන්වූ මහා සංඝරත්නයද බේදකාරී අභ්‍යන්තර රාජ්‍ය නායක අර්බුදවලදී මධ්‍යස්‌ථව කටයුතු කිරීම නිසා අර්බුද සමනය කරගැනීම පහසු විය. ඒ පිළිබඳ හොඳම උදාහරණය වළගම්බා රජුත් ප්‍රාදේශීය නායකයන් ගෙන් සමන්විත දේශප්‍රේමී හමුදාවත් අතර ඇතිවූ අර්බුදය විස¹ සමගිය ගොඩනැගීමේදී මහාතිස්‌ස හිමියන් ගෙන් ලැබුණු මාර්ගෝපදේශකත්වයයි. රට විදේශීය ආක්‍රමණවලට ගොදුරුවී අගනුවර ඇතුළු රාජ්‍ය මධ්‍යස්‌ථානය සතුරු බලයට යටවූ අවස්‌ථාවලදී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබූ දේශප්‍රේමි ජාතික නායකයන්ට ප්‍රාදේශීය නායකයන් එකතු කරගෙන විමුක්‌තිසේනා සංවිධානය කළ හැකිවිය. ඒ පිළිබඳ ප්‍රබලම උදාහරණ මහාවංශ කර්තෘ මහානාම හිමියන්ගේ ආශීර්වාදය හා මාර්ගෝපදේශකත්වය ලැබූ ධාතුසේන කුමාරයා වටා ප්‍රාදේශීය නායකයන් ප්‍රමුඛ විමුක්‌තිකාමී ජනතාව එක්‌වීමයි. මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ප්‍රාදේශීය නායකයන් ප්‍රමුඛ දේශප්‍රේමී ජනතාව එක්‌සිත්ව එක්‌වීමේ ප්‍රතිඵලය වූයේ දාඨය, පීඨය, පාරින්ද තිරිතර ආදීන් ප්‍රමුඛ පරසතුරන් පරදා කලා බළලු වැව් සාදා කලාවැවේ සිට තිසා වැව දක්‌වා යෝධ ඇළ තනා ඒ මහා ඇළට සම්බන්ධ අතුරු ඇළවල් සිය ගණනක්‌ මගින් කුඩා වැව් සිය ගණනක්‌ පෝෂණය කරවා ලෝක උරුමයක්‌ මෙන්ම ලෝක පුදුමයක්‌ද වූ සීගිරි කලාගාරය කරවීමට තරම් ප්‍රබල ආර්ථික ශක්‌තියක්‌ ගොඩනැගීමයි.

ප්‍රාදේශීය මට්‌ටමින් මෙන්ම ජාතික මට්‌ටමෙන්ද ආධ්‍යාත්මික සංස්‌කෘතික නායකත්වය දැරූ මහා සංඝ රත්නයේ ආශිර්වාදය ලැබූ කීර්ති කුමාරයාට බුද්ධරාජ, මුතුහමුවැසි කීර්ති හා මරාගල බුද්ධ වැනි ප්‍රාදේශීය නායකයන් එකතුකර ගනිමින් නිදහස්‌ විමුක්‌ති කඳවුරු ප්‍රදේශ ගොඩනගමින් පරාජයන්ගේ අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් නැවත නැවතත් සංවිධාන ශක්‌තිය වර්ධනය කර ගනිමින් ඉJදියන් සාගර කලාපයේ බලවතා වූ මුන්මඩි චෝල මණ්‌ඩල අධිරාජ්‍ය සේනා පරාජය කර මහවිජයබාහු නමින් රජවී නව නිදහස්‌ පොළොන්නරු යුගයක්‌ උදා කිරීමට හැකිවූ බව ඉතිහාස ගතවී ඇත. වනවාසී දිඹුලාගල කාශ්‍යප නාහිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නයේ ආශීර්වාදය ලබා රට එක්‌සේසත් කිරීමට නායකත්වය දුන් මහ පැරකුම්බා රජතුමාද රටපුරා ප්‍රාදේශීය නායකයන් එකමුතු කරගෙන අලුතෙන් ලොකු කුඩා වැව් එක්‌දාස්‌හාරසිය හැත්තෑ අටක්‌ තනවා පැරැණි වැව් තුන්දාස්‌ හාරසිය අසූහයක්‌ පිළිසකර කරවා ගල්විහාර, රන්කොත් විහාර, ලංකාතිලක ආදී විහාර දාගැබ් තනවා ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය හා ආසියාවේ බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය බවට පත්කිරීමට සමත්විය.

කාලිංග මාඝගේ විනාශකාරී ආක්‍රමණයෙන් පොළොන්නරුවත් අනුරාධපුරයත් ඇතුළු රජරටම විනාශ මුඛයට වැටී රටේ ප්‍රමුඛ බලය පරසතුරන් අතට පත්වුවද දේවමැදිහත්පත්තු, වන්නිහත්පත්තු, ඉහළ දොළොස්‌පත්තු, විල්ලිහත්පත්තු ආදී වශයෙන් වූ නායක හිමිවරුන් ගේත් ප්‍රාදේශීය නායකයන් ගේත් සහයෝගයෙන් සත්කෝරලවාසීන් එකමුතු කරගත් දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ නායකත්වයෙන් සමෘද්ධිමත්, සාහිත්‍ය කලාදියෙන් පොහොසත් දඹදෙණි යුගය උදාකළ හැකිවිය. වී ගොවිතැනින් ලත් දියුණුව නිසාම බත්කෝරලය ලෙසින් ද ප්‍රකට වූ සත්කෝරලය දඹදෙණි රාජධානියේ පදනම වූ බව ඓතිහාසික සත්‍යයකි. දඹදෙණි රාජධානිය ජාවකයන්ගේ හා ආර්ය චක්‍රවර්තිවරුන්ගේ ආක්‍රමණවලට ලක්‌වුවද ගම් හා පත්තු ආදී ප්‍රදේශීය නායකයන් ප්‍රමුඛ ජනතාව සමග එක්‌වී කුරුණෑගල යුගයක්‌ උදා කරන්නට හතරවැනි පැරකුම්බාවන්ට හැකිවිය. කුරුණෑගල රාජධානියද විදේශ ක්‍රමණිකයන්ගේ ප්‍රහාරයට ලක්‌වෙද්දී ගම්පොළ හා දැදිගම මුල්කරගෙන නව රාජධානි ගොඩනගන්නට තුන්වැනි බුවනෙකබාහුට හා දැදිගම පැරකුම්බාට හැකි වූයේ, කිසිම පරසතුරු ආක්‍රමණික බලයක ආධිපත්‍යය පිළිනොගත් ග්‍රාම නායකයන්, පත්තු නායකයන් හා කෝරල නායකයන් ප්‍රමුඛ විමුක්‌තිකාමී ජනබලය නිසාය. වීදාගම මහ නාහිමියන්ගේ ආශිර්වාදය ලබා ගමරාලවරුන්, කෝරාලවරුන් හා රටේ රාලවරුන් ඇතුළු ප්‍රාදේශීය නායකයන් ප්‍රමුඛ දේශප්‍රේමී විමුක්‌තිකාමී ජනතාව එක්‌රැස්‌ කරගත් පැපිලියානේ කුමාරයාට හයවැනි ශ්‍රී පැරකුම්බා නමින් රජවී රට එක්‌සේසත් කළ හැක්‌වූයේ රයිගම්, පස්‌දුන්, හේවාගම්, සල්පිටිකෝරළ නායකයන් හා ගම් නායකයන් ප්‍රමුඛ ජනතාව වීර අලකේශ්වරගේ ආධිපත්‍යය නොපිළිගත් හෙයිනි.

රට එක්‌සේසත් කර සමෘද්ධිමත්, සාහිත්‍ය කලාවන් ගෙන් පොහොසත් සුරපුරය පරදන ජයවර්ධනපුරය හා පැරැණි නොවන කැලණීපුරය වැනි දියුණු නගර සහිත ස්‌වයංපෝෂිත ගම්මානවලින් සැදුම්ලත් නව යුගයක්‌ උදා කරන්නට හයවැනි ශ්‍රී පැරකුම්බාවන්ට හැකි වූයේ ගම්පත්තු හා කෝරළ වශයෙන් එක්‌වී සිටි මහා සංඝරත්නයේත් ප්‍රාදේශීය නායකයන් ප්‍රමුඛ දේශප්‍රේමී ජනතාව ගේත් ශක්‌තිය නිසාය. මුළු මහත් ඉන්දියානු අර්ධමහාද්වීපයම තමන් යටතට ගෙන ඉන්දියන් සාගර කලාපය පුරා ආධිපත්‍යය පැතිරවූ රාජරාජගේ මන්මඩි චෝලමණ්‌ඩල ආක්‍රමණය ඇතුළු විදේශ ආක්‍රමණ දාහතරකින් රට බේරා ගැනීමේදී සිංහල බෞද්ධ ජනනායකයින්ගේ පදනම වූයේ නිවහල් ආදීන ගම්, නියම්ගම්, පත්තු, කෝරළ හා රටවල් වශයෙන් වූ ප්‍රාදේශීය පාලනය හා සම්බන්ධ වූ ජන බලයයි.

ලතින් ඇමරිකාවේ සුවිශාල රාජ්‍යය වූ බ්‍රසීලය දශක කීපයකදී පෘතුගීසීන් යටතට පත්වී මායා, ඉන්කා, ඇස්‌ටෙක්‌, මෙස්‌ටිසෝ ආදී දේශීය ජන කොටස්‌ බ්‍රසීලයේ සුළුතරය බවට පත්වී බහුතරය පෘතුගීසි භාෂාව කතා කරන, කතෝලික ආගම අදහන ජනකායක්‌ බවට පත්වෙද්දී පුංචි ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවට ශත වර්ෂ එකහමාරක්‌ තිස්‌සේ පෘතුගීසීන් සමඟ මහ සටන් කරමින් දේශපාලන, ආර්ථික සංස්‌කෘතික ස්‌වාධීනත්වය රැකගත හැකි වූයේ ප්‍රාදේශීය වශයෙන් ජනතාව සතුව පැවැති බලය නිසාය. කෝට්‌ටේ ධර්මපාල කුමාරයා දොන් ජුවන් ධර්මපාල නමින් පෘතුගීසී රූකඩ රජකු බවට පත්වී කෝට්‌ටේ රාජධානිය පෘතුගාලයේ ජෝන් රජුට තෑගි ඔප්පුවකින් ලියා පවරා දුන්න ද ගමරාලවරු, පත්තු නායක, කෝරාලවරු, රටේ රාලවරුන් හා වන්නිනායකයන් ප්‍රාදේශීය ස්‌වාධීනත්වය රැකගැනීම සඳහා ජනතාවට නායකත්වය දුන්හ. පෘතුගීසීන්ට බස්‌නාහිර, දකුණු හා වයඹ මුහුදුකරය යටත්කර ගත හැකිවූවත් සත්කෝරලය, රයිගම් කෝරලය, හේවාගම් කෝරලය, පස්‌දුන් කෝරලය, මොරවක්‌ කෝරලය, හිනිදුම් පත්තුව හා ගිරුවාපත්තුව යටත් කරගත නොහැකි වූයේ ගමරාලවරුන්, පත්තු නායකයන්, කෝරාලවරුන් ඇතුළු ප්‍රාදේශීය නායකයන් වටා එක්‌ වූ විමුක්‌තිකාමී දේශප්‍රේමී ජනතාව පරංගි ආධිපත්‍යය ප්‍රතික්‍ෂේප කළ නිසාය. ලන්දේසීන්ට ද අවුරුදු සියයක්‌ ගතවනතුරුත් රටේ මුහුදුකරයෙන් ඈතට බලය පැතිරවිය නොහැකිවූයේ ප්‍රාදේශීය නායකයන් වටා එක්‌ වූ විමුක්‌තිකාමී දේශප්‍රේමී ජනබලය නිසාය. ප්‍රාදේශීය ජන බලයට ආර්තික හා සංස්‌කෘතික ශක්‌තිය ද තිබූ බවට හොඳම උදාහරණය සත්කෝරලයයි. ඉර නොබස්‌නා ලෝක අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ට ද සත්කෝරලයත්, වන්නිකරයත්, රජරටත්, දිගාමඩුල්ලත් තමන්කඩුවත් යටත් කරගත හැකිවූයේ 1817 මහා විමුක්‌ති සටනේදී මාස හයක්‌ තුළ සිංහල ජනගහනයෙන් දහයෙන් පංගුවක්‌ සමූහ වශයෙන් ඝාතනය කර, ගෙවල්, කුඹුරු, වතුපිටි ගිනි තබා ලක්‍ෂ ගණන් ගවයන් මරා දේශප්‍රේමී ජන බලයට පදනම් වූ ස්‌වයංපෝෂිත ආර්ථිකය විනාශ කර දැමීමෙනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී බලයට රටම යටවනතුරු දෙදහස්‌ තුන්සිය වසරක්‌ තිස්‌සේ ජාතික ස්‌වාධීනත්වය රැකගෙන ආර්ථික, සංස්‌කෘතික නිවහල්භාවය පවත්වාගත හැකි වූයේ ගාමණීවරුන්, පරුමකයන්, පත්තුනායකයන්, කෝරාලවරුන් හා දිසාවේවරුන් ආදීන්ගේ නායකත්වයෙන් ප්‍රාදේශීය පාලන සංවිධානය නිවහල් අදීන ජනබලයක්‌ ලෙස පවත්වාගෙන යැමට සමත් වූ නිසාය.

අතීතයේ රටේ මහරජුට සිටියේ අගනුවර ආරක්‍ෂා කරන හමුදා පිරිසක්‌ හා රජුගේ ජීවිතාරක්‍ෂක හමුදා පිරිසක්‌ පමණි. විදේශාක්‍රමණයක්‌ සිදු වූ වහාම ගමරාලවරුන් කෝරලවරුන් ආදී ප්‍රාදේශීය නායකයන් දේශප්‍රේමී ජනසේනා පිරිවරාගෙන කෝරල කොඩි රැගෙන රට රැකීම සඳහා ඉදිරියට ඒම ජාතික සම්ප්‍රදාය විය. මහවැව් හා යෝධ ඇළවල් තැනීමේදී රජු රාජකාරි මට්‌ටමින් රටවැසියන් සේවයට කැඳවුවද ගම් මට්‌ටමේ, පත්තු මට්‌ටමේ හා කෝරල මට්‌ටමේ කුඩා හා මධ්‍යම ප්‍රමාණ වැව් ඇළවේලි තනා ඒවා නඩත්තු කරන ලද්දේ ප්‍රාදේශීය ජනනායකයන්ගේ මෙහෙයවීමෙන් ගම්සභා ආදී වශයෙන් වූ ප්‍රාදේශීය ජනතා සංවිධානවල සහභාගිත්වයෙනි. ගම කුඩාම ප්‍රාදේශීය බලප්‍රදේශය වූ අතර දසගම් (පත්තු) නමින් හැඳින්වෙන බලප්‍රදේශ රුහුණු මාගම්පත්තු, පානම්පත්තු, උඩුගහපත්තු, ඊච්චලම්පත්තු, ගිරුවාපත්තු, හිනිදුම්පත්තු ආදී වශයෙන් විවිධාකාර විය. සිංහල වන්නි නායකවරුන් මෙන්ම මෑත අතීතයේ උතුරු වන්නියේ දෙමළ වන්නියාර්වරු ද වූහ. යාපනය, මන්නාරම හා මඩකලපුව පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට යටත් වෙද්දී වන්නියාර්වරුන් ප්‍රමුඛ උතුරු වන්නිකරයේ ජනතාව යටත් නොවූහ.

අදටත් අවශ්‍ය වන්නේ කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, මහනුවර හා යාපනය නායකයන් නව යටත් විජිතවාදී සැලසුම්වලට යටත් වුවත් යටත් නොවන නිවහල් අදීන ප්‍රාදේශීය නායකත්වයක්‌ සහිත ජනබලයකි. විමුක්‌ති සටන් මර්දනය කිරීම සඳහා වැව් ඇළවේලි බිඳ දමා වැව් මැදින් පාරවල් දැමූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ පටන් නිදහස ලබාගත හැකි වූ හැටතුන් වසරකට පසුවත් වැව් දොළොස්‌ දහසක්‌ පමණ අඩ වශයෙන් ගොඩවී තවත් වැව් පහළොස්‌ දහසක්‌ පමණ නටබුන් වී ඇළවේලි කැඩී බිඳී ඇති හෙයින් වැව් හදා ගම් හදන ප්‍රාදේශීය නායකත්වයක්‌ අවශ්‍යය. එසේම ජාතිවාදී, පන්තිවාදී, පක්‍ෂවාදී ත්‍රස්‌තවාදයන් උපයෝගි කරගෙන නිදහස්‌ රටවල් තුළ ආධිපත්‍යය පතුරුවාගන්නා නව යටත් විජිතවාදයට එරෙහිව රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව හා ආර්ථික, සංස්‌කෘතික දියුණුව සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය පාලන සංවිධාන ක්‍රමයක්‌ ශ්‍රී ලංකාවේ ඉතිහාස අත්දැකීම් පදනම් කරගෙන ගොඩනඟා ගත යුතුය. පත්තු හා කෝරල මෙන්ම ගම්වල ද සීමා සැකසුනේ ස්‌වාභාවික ජල මාර්ග, වන බිම්, කඳුගැට, වැව්, විල් හා ඇළවේලි පදනම් කරගෙනය. වර්තමාන ශ්‍රී ලංකාවට ද අවශ්‍ය වන්නේ ජනතාවගේ ආර්ථික, සංස්‌කෘතික අභිවෘද්ධියත්, ජනතාවගේ ආරක්‍ෂාවත්, රටේ භූමි ප්‍රාදේශීය අඛණ්‌ඩතාවත් සුරැකෙන ප්‍රාදේශීය පාලන ක්‍රමයක්‌ මිස ජාතිභේදවාදී පළාත් බෙදීමක්‌ හෝ තවත් තමිල්නාඩුවක්‌ නොවේ. ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේ මෙන් තමිල්නාඩුවක්‌ ඇති වුවහොත් වැඩි කල් නොගොස්‌ම එය තමිල් ඊළම බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ මෙන් දිගු ඉතිහාස ක්‍රියාදාමයක්‌ තුළින් ගොඩනැඟුණු ප්‍රාදේශීය පාලන ක්‍රමයක්‌ පිළිබඳ අත්දැකීම් නැති ඇමෙරිකානු නායකයන් සමඟ එක්‌වී බටහිර යුරෝපා බලවතුන් ලක්‌වැසි අපෙන් ඉල්ලන්නේ කුමක්‌ද? අධිපතිවාදී බටහිර සමාජයේ ප්‍රධානතම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය වූ හිලරි ක්‌ලින්ටන් මහත්මිය මෑතකදී කළ ඉන්දියානු සංචාරයේදී ඒ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා හමු වූ අවස්‌ථාවේ කියා සිටියේ ශ්‍රී ලංකාවට ද ගැලපෙන්නේ ඉන්දියානු ආදර්ශය බවයි. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සඳහා ඉන්දියානු ආදර්ශය අනුව තමිල්නාඩුවක්‌ බිහිකළොත් එය ශ්‍රේෂ්ඨ ඉන්දියානු ජනනායක මහත්මාගාන්ධිගේ මාර්ගෝපදේශකත්වය අපේ රටේදී ද ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වනු ඇත. ජාති, ආගම් හා භාෂා වශයෙන් ඉන්දියාව භේදභින්න වීම වැළැක්‌වීම සඳහා ප්‍රාදේශීය, ආර්ථික, සංස්‌කෘතික සංවර්ධනයට මුල් තැන දෙන ග්‍රාම රාජ්‍ය දහස්‌ ගණනක්‌ රට පුරා පිහිටුවීම ගාන්ධිතුමාගේ යෝජනාව විය. ගාන්ධිතුමාගේ අකල් මරණයෙන් පසු යුරෝපියානු ආදර්ශයන් අනුව කටයුතු කළ ඉන්දියාව දකුණේ තමිල්නාඩු, ආන්ද්‍රd, කර්ණාටක හා උතුරේ බෙංගාලි, ඇසෑම්, පංජාබ් ආදී වශයෙන් ජාති හා භාෂා අනුව කළ ප්‍රාන්ත බෙදීමෙන් ඉන්දියානු ජනතාවගේ ප්‍රාදේශීය ආර්ථික, සංස්‌කෘතික සංවර්ධනයට අදාළ ප්‍රශ්න විසඳී නැත. එහෙයින් අපට අවශ්‍ය වන්නේ අවුරුදු දෙදහසකට වැඩි දිගු කලක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට හා අභිවෘද්ධියට හේතු වූ පැරණි ප්‍රාදේශීය පාලන අත්දැකීම් පදනම් කරගත් නව නිර්මාණශීලී ප්‍රාදේශීය පාලන පිළිවෙතකි. එය අපේ යුගයේ යථාර්ථයන්ට අනුකූලව ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය වශයෙන් ප්‍රාදේශීය ජනතා ප්‍රශ්න විසඳෙන පිළිවෙතක්‌ විය යුතුය. එය ශ්‍රේෂ්ඨ ඉන්දියානු ජන නායක මහත්මා ගාන්ධිගේ ආදර්ශය අනුව යැමක්‌ වන හෙයින් කිසිම ඉන්දියානුවකුට එයට විරුද්ධ විය නොහැක. එම පිළිවෙත මහා කාරුණික ගෞතම බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ද අනුකූල වන හෙයින් ආසියාවට මෙන්ම ලොවටම ආදර්ශයක්‌ වනු නිසැකය. බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වලින් පෝෂණය වූ මහත්මා ගාන්ධි විසින් ද යෝජනා කරන ලද ග්‍රාම රාජ්‍ය ක්‍රමය තුළින් සැබෑ ප්‍රාදේශීය ජන නායකයන් බිහිවන හෙයින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ග්‍රාම රාජ්‍ය තුළ පාතාල කල්ලි හෝ ජනතාව බියගන්වන යකුන්, භූතයන් ද බිහි නොවේ. ඉතිහාස අත්දැකීම් ඔස්‌සේ ඉදිරියට යන නිර්මාණශීලී මාවතේ ජය නිසැකය.

අනුරාධපුර රාජධානියේ බිඳවැටීම


අනුරාධපුර රාජධානියේ බිඳවැටීම පිළිබඳව ඓතිහාසික මූලාශ්‍ර ඇසුරුකොට ගනිමින් ගැඹුරින් විමර්ශනය කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.

IV වැනි මිහිඳු රජුගේ අවෑමෙන් ඔහුගේ පුත් දොළොස්‌ හැවිරිදි සේන කුමරු රාජ්‍යත්වයට පත් විය. ඪ වැනි සේන (ක්‍රි.ව. 972-982) යන නමින් රාජ්‍යත්වයට පත් වූ මෙරජු කලිඟු වංශික මෙහෙසියකට දාව පුතෙකි. මෙරජුගේ සෙන්පතියා වූයේද තම පිය රජු (එනම් IV වැනි මිහිඳු රජු) ට සේවය කළ සේන නම් වූ සෙනවියා . වැඩි කලක්‌ ගතවීමට පෙර සේන රජු හා සේන සෙනවියා අතර ආරවුලක්‌ ඇති වී එය බල අරගලයක්‌ දක්‌වා වර්ධනය විය. මෙම අරගලයට මූලික කාරණාව වූයේ, සේන සෙන්පතියාගේ බාල සොහොයුරා වූ මහාමල්ල මෙරජුගේ මෑණියන් සමඟ අනියම් සම්බන්ධතාවයක්‌ ඇති කරගැනීම යෑයි කියෑවේ. මේ වග දැනගත් රජු මහා මල්ල මරණයට පත් කළේය. තම බාලසොහොයුරා මරණයට පත් කිරීම පිළිබඳව කෝපාවිෂ්ඨ වූ සේන සෙන්පතියා රජුට එරෙහිව අවි අමෝරා ගැනීමත් සමඟම, රජු එයට මුහුණ දීමට නොහැකිව රුහුණ දේශයට පලා ගියේය. ඉක්‌බිතිව මව්බිසව සේන සෙනවියා සමඟ එක්‌ව පොළොන්නරුව රාජ්‍ය පාලන මධ්‍යස්‌ථානය බවට පත් කර ගනිමින් රාජ්‍ය පාලනය කළාය. මෙම ව්‍යාකූල දේශපාලන වාතාවරණයෙන් ලද ප්‍රතිඵලය වූයේ... අනුරාධපුර ප්‍රදේශය කේරළ හමුදාවන් අතට පත්වීමයි. චෝල හමුදාවෝ රටවැසියා තලාපෙලා ඔවුන් සතු දේපොළ කොල්ල කාගත් බව චූල වංශයේ (54 පරි. ගාථා 67-68) සඳහන් වේ. එතෙක්‌ රුහුණ දේශයේ ආරක්‍ෂිතව විසූ V වැනි සේන රජු, සේන සන්පතියා පරාජය කරනු වස්‌ සේනාවක්‌ යවන ලද මුත්, රජු නොසිතූ විරූ ලෙස පරාජයට පත් විය. අවසානයේදී රජු හා සේන සෙන්පතියා අතර සමඟි සම්මුතියක්‌ ඇතිවිය. IV වැනි සේන රජු දස වසරක්‌ පමණ රාජ්‍ය පාලනය කොට මැත්පැනට ලොල්ව අකාලයේ පොලොන්නරුවේ දී මිය ගියේය.

ඉක්‌බිතිව මෙරජුගේ බාල සොහොයුරා වූ මිහිඳු කුමරු රාජ්‍යත්වයට පත්විය. V වැනි මිහිඳු (ක්‍රි.ව. 982-1029) යන නමින් රාජ්‍යත්වයට පත් වූ මෙරජු අනුරාධපුර සේසත් නංවා සේන සෙන්පතියා විසින් මෙරටට ගෙන්වන ලද නානා දේශයන්හී ජනයාගෙන් ව්‍යාකූලව ගිය එනුවර අපමණ දුක්‌ කම්කටොළු මධ්‍යයයේ දස වසරක්‌ පමණ රාජ්‍ය පාලනය කළ බව චූලවංශයේ (55 පරි. 1-3 යන ගාථා) සඳහන් වේ. මෙම විස්‌තරයට අනුව ගම්‍ය වනුයේ. V වැනි සේන රජුගේ රාජ්‍ය පාලන සමයේදී ඇති වූ දේශපාලන අවුල් වියවුල් නිසා සේන සෙන්පතියා විසින් නානා දේශයන් හී භටයන් මෙරටට කැඳවාගෙන විත් තිබුණු බවයි. මෙමගින් මෙරජුට අපමණ දුක්‌ කම්කටොළු අතවරයන් මධ්‍යයේ රාජ්‍ය පාලනය කිරීමට සිදු විය. මෙය චූලවංශයේ මෙසේ සඳහන් වේ.

"ඉවත් කළ නීති මාර්ග ඇති සර්වප්‍රකාරයෙන් මෘදු වූ උහුට අය කොටස එක ජනපද වැස්‌සෝ නොදුන්හ. අතිශයින් වස්‌තු හීන වූ ඒ රජ තෙමේ දසවන හවුරුදුයෙහි වැටුප් දීමෙන් සිය සෙන් පොහොනට නොහැකි විය. පසුව නොබලන ලද වැටුප් ඇති සියලු කෝරළයෝ එක්‌ව අවුත් "අප වැටුප් දානය යම්තාක්‌ නොවේ නම් ඒ තාක්‌ මේ මනා නිමවා යි" රජගෙයි දොරකඩ අත්‍යත්ථයෙන් හදු සාහසික ක්‍රියා ඇතිව දුනු ගත් අත් හා සැරසුනු සිරි අවි ඇතිව හුන්හ. (රජතෙමේ) උන් රවටා හස්‌ථසාර දෙය ගෙන උමගකින් පිටත්ව යුහුව රුහුණු ගියේය".

(55 වැනි පරිච්ඡේදය 3-7 යන ගාථා)

මෙම විස්‌තරයෙන් එකල්හී අනුරාධපුර රාජධානියේ පැවැති දේශපාලන වාතාවරණය මැනවින් අවබෝධ කරගත හැකිය. මෙලෙස අරාජික වූ අනුරාධපුර රාජධානිය කේරළ කන්ණාට සේම සිහළ යන සේනාවන්ට රිසි පරිදි පාලනය වී යෑයි කියෑවේ. මෙවන් වූ අවුල් වියවුල් වලින් ගහන ලක්‌දිව පිළිබඳව එතරින් මෙරටට පැමිණි අශ්ව වෙළෙන්දෙකුගේ මාර්ගයෙන් එවකට බලසම්පන්නව සිටි චෝල අධිරාජ්‍යා වූ I වැනි රාජරාජ (Rajaraja The i/985- 1014 A.D.) ට දැනගන්නා ලැබුණි. ඔහු වහාම චෝල සේනාවක්‌ එවන ලදී. ඔවුහු ලක්‌දිවට ගොඩබට දා පටන් රට වැසියා තලා පෙළමින් ක්‍රම ක්‍රමයෙන් චෝල බලය රුහුණු දේශය දක්‌වාම ව්‍යාප්ත කිරීමට යුහුසුලු වූහ. ඉක්‌බිතිව ක්‍රිස්‌තු වර්ෂ 1017 දී V වැනි මිහිඳු රජු ජීවග්‍රහයෙන් අල්ලාගෙන දකුණු ඉන්දියාවේ තන්ජෝරය (Tanjore) වෙත රැගෙන යන ලදී, මෙතැන් පටන් චෝල අධිරාජ්‍යා ලක්‌දිවෙහි (ආක්‍රමණික) පාලකයා බවට පත් විය. චූල වංශයේ සඳහන් (55 පරි: 33 ගාථාව) වන පරිදි අවාසනාවන්ත ඉරණමකට උරුමකම් කියූ V වැනි මිහිඳු රජු තන්ජෝරයේ සිරකරුවෙකුව දොළොස්‌ වසක්‌ හිඳ එහිදීම මිය ගියේය. ඒ ක්‍රි.ව. 1029 දීය. ඉක්‌බිතිව පොළොන්නරුව තම අගනුවර කරගත චෝලයෝ රාජ්‍ය පාලනය කළ අයුරු චූලවංශයේ මෙසේ සඳහන් වේ.

ඒ සොලීහු රජුහු සතිස්‌වන වස්‌ හී මෙහෙසිය රතනයත ක්‍රමාගත ඔටුන්න එසේම ස්‌වර්ණාභරණය දෙවියන් විසින් දෙන ලද අමූල්‍ය වීදරු වළල්ල කැඩිය නොහැකි සිරිය කපන ලද පටි ධාතුය යන මෙතෙක්‌ දැ හා භයින් වන දුර්ගයට වන ඒ රජු සමඟ අදහසක්‌ දක්‌වා ජීවග්‍රහයෙන් ගත්හ. ඉක්‌බිති එරජුද හස්‌තගත සියලු වස්‌තු ද සොළී රජු කරා යෑවූ හ. (ඒ සොළීහු) තුන් නිකාහි දාගැබ් ද මුළු ලක්‌දිව තලයෙහි මහැඟි නොයෙක්‌ ස්‌වර්ණාදි පිළිබිඹු එසේම ඒ ඒ වෙහෙර සියල්ල ද ලාහෙලා බිඳ ගෙණ ඔජස්‌ උරණ යකුන් සේ ලක්‌දිවෙහි සාරය ගත් හ.

(55 වැනි පරිච්ඡේදය 16-22 යන ගාථා)

චෝලයන් විසින් ලක්‌දිව ආක්‍රමණය කිරීම පිළිබඳව චෝල වාර්තා හා දකුණු ඉන්දියානු සෙල්ලිපි වලින් හෙළිවන තොරතුරු මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශාස්‌ත්‍රී (Prof. K. A. Nilakanta Sastri) මහතා මෙසේ සඳහන් කරයි.

"ඊළම් - එනම් ලංකාව රාජරාජ රජතුමා අල්ලාගත් රටවල නාම ලේඛනයට ඇතුළත් වී තිබේ. අට දිශාවේම පතල වූද. චන්ඩ සිංහලයන්ට අයත් වූද, ඊළ මණ්‌ඩලම් මේ රජතුමා විසින් අල්ලා ගන්නා ලදී. තමන් විසින් තන්ජෝරි හී ඉදිකරන ලද අලංකාර කෝවිලට ලංකාවේ ගම් කීපයක්‌ද සොළී රජ ප්‍රධානය කළේය".

(The Ceylon Historical Journal - Vol. 4 Nos. 1, 2, 3, 4 pages 33 ff)

චෝලයින් විසින් ලක්‌දිව ආක්‍රමණය කිරීම පිළිබඳව තිරුවාලන්ගාඩු සෙල්ලිපිවල මෙසේ සඳහන් වේ.

"වානරයන්ගේ සහාය ඇතිව රාමා විසින් මුහුද හරහා පාලමක්‌ සකස්‌ කිරීමෙන් පසු තියුනු හී වලින් විද ලක්‌දිවෙහි රජ ඉතා අමාරුවෙන් මරා දැමීය. එහෙත් රාමාටත් වඩා උසස්‌ වූ රජතුමා තමාගේ බලසම්පන්න සේනාව නැව්වලින් මෙරටට එවා රජු විනාශ කර දැම්මේ ය."

(The Ceylon Historical Journal - Vol. 4 Nos. 1, 2, 3, 4 pages 33 ff)

මෙම ඓතිහාසික මූලාශ්‍රයන් හී තොරතුරු වලට අනුව ෂ වැනි මිහිඳු රජු රාජ්‍යත්වයට පත් වී අවුරුදු දහයක්‌ හෝ එකොළහක්‌ ගතවීමෙන් ඉක්‌බිතිව බව මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශාස්‌ත්‍රී මහතා සඳහන් කරයි. චූලවංශයේ සඳහන් වන පරිදි V වැනි මිහිඳු රජුගේ රාජ්‍යත්වයෙන් අවුරුදු තිස්‌හයක්‌ ගතවීමෙන් ඉක්‌බිතිව සිදු වූ මෙම ආක්‍රමණය I වැනිරාජ රාජ රජුගේ පුත්‍රයා වූ I වැනි රාෙ-න්ද්‍ර (Rajekadra th 1/) විසින් සිදුකරන ලදී. ඪ වැනි මිහිඳු රජු රාජ්‍යත්වයට පත් වීමෙන් දසවසක්‌ ගෙවී යත්ම, රටෙහි අවුල් වියවුල් පැමිණි කාලවකවානුවේදී මෙම චෝල ආක්‍රමණය සිදු වන්නට ඇත. V වැනි රාජරාජ රජු ලක්‌දිව ආක්‍රමණය කොට උතුරු ප්‍රදේශ යටත් කරගෙන ඊට "මුම්මඩු සොල මණ්‌ඩලම්" යනුවෙන් නම් කොට තිබුණු බවට දකුණු ඉන්දියානු සෙල්ලිපි වලින් සාධක ලැබෙන් බව මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශාස්‌ත්‍රී මහතා සඳහන් කරයි.

චෝල රජු මෙරට උතුරු හා උතුරු තැනිතලා ප්‍රදේශ ආක්‍රමණය කොට පොළොන්නරුව අගනුවර කොට ගෙන ඊට 'ජනනාථ මංගලම්' යන නාමය ඇරූඨ කළ බව කියෑවේ. I වැනි රාජ රාජ රජු විසින් මෙරට පිහිටවන ලද සෙල් ලිපි (A.L.T.A.R.I.C. - 1938/p. 47) වලින් සනාථ වන ආකාරයට පළමුවැනි රාජ රාජ රජු විසින් මාන්තොට (එනම් මහාතීත්ථ) ප්‍රදේශයේ ශිව දේවලයක්‌ ඉදි කිරීමෙන් ඔහු තමාගේ ජයග්‍රහණය හුවා දැක්‌වූවා යෑයි කියා සිතිය හැකි බව මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශාස්‌ත්‍රී මහතා සඳහන් කරයි. () මෙරජුගේ ඇවෑමෙන් රාජාත්වයට පත් ඔහුගේ පුත් I වැනි රාෙ-නද්‍ර රජු මුළු ලක්‌දිවම (ඊළ මණ්‌ඩලම්) යටතේ කර ගත් බව දකුණු ඉන්දියානු සෙල් ලිපි වලින් සනාථ වේ. (T.C.H.J. - Vol. 4 Nos. 1, 2, 3, 4 pages 33 ff) චූලවංශයේ (55 පරි. 16-17 ගාථා) සඳහන් වන පරිදි I වැනි රාෙ-න්ද්‍ර රජු ලක්‌දිව ආක්‍රමණය කොට රාජිනියගේ ඔටුණුද, පාණ්‌ඩ්‍ය රජු මෙරට තබා ගිය ඉන්ද්‍රගේ මාලය ද මුළු ඊළ-මණ්‌ඩලයද අල්ලා ගත බව දකුණු ඉන්දියානු සෙල්ලිපි වලින් ද සනාථ වන බව මහාචාර්ය කේ. ඒ. නීලකණ්‌ට ශ්‍රස්‌ත්‍රී මහතා වැඩිදුරටත් සඳහන් කරයි (T.C.H.J. - Vol. 4 Nos. 1, 2, 3, 4 pages 33 ff).

එලෙස ක්‍රි.ව. 1017 දී චෝල ආධිපත්‍යට ලක්‌දිව නතු වීමත් සමගම පුරා අවුරුදු දහසක (ක්‍රි.පූ. 437-ක්‍රි.ව. 1017) ට වඩා ඉපැරැණි දිගු ඉතිහාසයකට දිවෙන ලක්‌ ඉතියාසයේ දේශපාලන, සමාජ, ආර්ථික සේම සංස්‌කෘතික වශයෙන් අතිශයින්ම වැදගත් වූ සිදුවීම් රාශියකට උරුමකම් කියූ අනුරාධපුර රාජධානිය (යුගය) යන නමින් හැඳිනුවුණු කාලපරිච්ඡේදයේ අවසානයද සනිටුහන් වන්නේය. වරින් වර විදේශීය ආක්‍රමණිකයන් විසින් මෙරට ආක්‍රමණය කරන ලද නමුදු ඔවුන්ගේ ආක්‍රමණය මෙතරම් විනාශ කාරී නොවූ බව මෙරට ඉතියාසය විමර්ශනය කර බලන කල්හී, මැනවින් පෙනී යයි. චෝලයන් මෙරට ආක්‍රමණය කිරීමෙන් ඉක්‌බිතිව මෙතෙක්‌ මෙරට අගනුවර වශයෙන් පැවැති අනුරාධපුර රාජධානියේ ශ්‍රීවිභූතිය මුළුමනින්ම විනාශ වී ගියේය. ඉක්‌බිතිව චෝලයන් විසින් තම අගනුවර වශයෙන් තෝරාගන්නා ලද්දේ, යුදමය අතින් අතිශයින්ම ඉතා වැදගත් මධ්‍යස්‌ථානයක්‌ වූ කඳවුරු නුවර නොහොත් 'පොළොන්නරුව' යි.

(කීර්ති කුමාරයා සොලී බලය බිඳ දමා ෂ වැනි විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වූ කාල වකවානුව දක්‌වා ගෙවුණු වසර 83 කට ආසන්න කාලය ලක්‌දිවෙහි දේශපාලන වාතාවරණය අතිශයින්ම අවුල්සහගත විය. මෙකලහී දළදා වහන්සේ පිළිබඳ කිසිදු තොරතුරක්‌ මෙරට වංශකතාවල සඳහන් නොවේ. සොලී ආක්‍රමණය නිසා සිය හස්‌තසාර වස්‌තුවද රැගෙන පළා ගිය ඪ වැනි මිහිඳු රජු දළදා වහන්සේද රුහුණු දේශයට රැගෙන ගොස්‌ ආරක්‍ෂිත ස්‌ථානයක තැන්පත් කොට එය අප්‍රසිද්aධව ආරක්‍ෂා කර ගැනීම නිසා දළදා වහන්සේ පිළිබඳව කිසිදු තොරතුරක්‌ මහාවංශයේ කිසිදු සඳහන් නොවෙතැයි කියා අපට අනුමාන කළ හැකියි. - කර්තෘ)

එනමුත්, අනුරාධපුර රාජධානිය බිඳ වැටුනු කාලවකවාණුව තුළදී දළදා වහන්සේ පිළිබඳව කිසියම් වූ වැදගත් තොරතුරක්‌ දැනගනු වස්‌ ඉවහල් වන ඉතා වැදගත් සෙල් ලිපියක්‌ කිරින්ද ප්‍රදේශයෙන් සෙයා ගත හැකි විය. ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කිසිවෙකුගේ නිසි අවධානයට ලක්‌ නොවීමෙන් කොටසක්‌ විනාශ වී ගිය මෙම සෙල් ලිපිය මුළුමනින්ම කියවා තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතී. එනමුත් සෙල් ලිපියේ ශේෂ වී ඇති කොටසින් දළදා වහන්සේ පිළිබඳව කිසියම් වූ වැදගත් තොරතුරක්‌ අනාවරණය කර ගැනීමට හැකිය.

"සිරි ලකළ සිරිලක්‌ දිවිහි හිරුගොත් කුලෙන් බට්‌ පඬු අභා නරනින්හුද් පරපුරෙන් ආ දෙබිසෙව්හී දා අහාසලමෙවන් මහරද්හු මුරෙහි දා එ රද්හු කුලෙන් සම දැ සහ්ගොන් රද්න කුස්‌හි උපන් සිය වික්‌මෙන් එක්‌ පැහැර රුහුණු මලමඩුලු තමා විසී කළ එදනවියෙහි පෙරෙ තෙරුනට්‌ බුද් සසුන් බලා අයෙදින් නියම්ගම් දී සතර් පස්‌ සුලබ් කැරු සැහැකුලට්‌ එක්‌ තලාටික්‌ වැ සිටි ඈපා මිහින්දහු විසින් පෙරෙ තුන් බුදුන් දා නින්දු තන්හී මෙ අප ගොයුම් දසබුල් යටිවම් දළදා වසා මහ තුම්බු කැර තුන්සිය තෙසැට්‌ පිරිවෙනින් ලකර් කොට්‌ කාවන්තිස්‌ මහ රද්හු තමා නම්නෙත් කැර දෙවි තිසරම් රද් මහ වෙහෙරේ".

(ලංකා සඟරාව - වර්ෂ 1991 මැයි කලාපය / 28 වැනි පිට)

මෙහි සඳහන් වන ඉතා වැදගත්ම කොටස වනුයේ( මෙකල්හී දළදා වහන්සේ ආරක්‍ෂාව පතා රුහුණු දේශයේ තිස්‌සමහාරාමයේ තැන්පත් කළ බව කියෑවෙන පාඨයයි. අනුරාධපුර රාජධානිය අනාරක්‍ෂිත වන සෑම අවස්‌ථාවකදීම දළදා වහන්සේ රුහුණු දේශයට රැගෙන ගොස්‌ ආරක්‍ෂා කිරීම සාමාන්‍ය සිරිත විය. තිස්‌සමහාරාමයේ චෛත්‍යක තැන්පත් කර පුද පූජා පවත්වන ලද්දේ ද එවන් වූ අවස්‌ථාවක රැගෙන ගිය දළදා වහන්සේ විය යුතුය, මෙම කාර්යය සිදු කරන ලද්දේ දෙබිසෙවැ ජා අභාසලමෙවන් මහ රද්හුගේ හා එම බිසවගේ පුත් වූ මිහිඳු ඈපාවන් විසිනි. දෙබිසෙවැ ජා අභාසලමෙවන් යන අපර නාමයෙන් ව්‍යවහාර වී ඇත්තේ අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් 5 වැනි කාශ්‍යප රජු (ක්‍රි.ව. 902-912) බව ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා පවසයි. (සිංහල සාහිත්‍ය ලිපි - 1-4 වැනි පිටු)

ලන්දේසී පාලනයේ ප්‍රතිඵල

මෙම ලිපිය
කවුඩාගම්මන රතනසාර හිමි
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
විසින් සකසන ලද්දකි.

ඉන්දියන් සාගර මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් පෙර'පර දෙදිග විදේශිකයන්ගේ ආකර්ශනයට නතු විය. එනිසා ම විවිධ අවස්‌ථාවල විවිධ විදෙස්‌ ජාතින් ශ්‍රී ලංකාව තම ආධිපත්‍යයට නතු කරගෙන තම බලය දිවයිනෙහි ස්‌ථාපිත කර ගැනීමට උත්සාහ දරා ඇත. එසේ වුව ද ජාතියක්‌ වශයෙන් එකාවන්ව නැගී සිට දැක්‌ වූ ප්‍රතිචාර එම බලවේග නිහ`ඩ කිරීමට සමත් විය. 15, 16 වැනි ශතවර්ෂවල යුරෝපයේ ඇති වූ පුනරුද ව්‍යාපාරයත් සම`ග ම ඔවුන් යුරෝපයෙන් පිටත තම දේශපාලන, ආර්ථික, ආගමික තත්ත්වයන් ස්‌ථාපිත කිරීමට උත්සුක වී ඇත. මෙකල දේශීයව පැන නැගී තිබූ බල අරගලයන් සහ ඇතැමුන්ගේ පටු පරමාර්ථයන් තම වාසියට යොදාගෙන යුරෝපා ජාතීහු බලය ස්‌ථාපිත කරගත්හ.

ප්‍රථමයෙන්ම පෘතුගීසීන් ලංකාවේ සමුදුරුබද පෙදෙස්‌වල බලය පිහිටුවාගත් අතර ඔවුන්ගේ බලය සි`දලීම ස`දහා උඩරට රජුගේ ඇරයුමෙන්a දිවයිනට පැමිණි ලන්දේසීන් ප්‍රයෝගකාරී ලෙස බලය ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට උත්සාහ දරා ඇති බව නොරහසකි. එසේ සමුදුරුබද පෙදෙස්‌ ආධිපත්‍යයට නතුකරගත් ලන්දේසීන් ගෙන ගිය පාලනයෙන් ජනිත වූ ප්‍රතිඵලයන් පිළිබඳව සංවාදයට ලක්‌ කළ යුතුය. ලන්දේසි පාලනය තුළින් ලංකා ඉතිහාසය නව ම`ගකට හැරවුණි ද? ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට ලන්දේසින් කුමක්‌ කළේ ද? යන්න සංවාදයට බඳුන් කළ හැක. මෙහිදී ලන්දේසි පාලනය හේතු කොටගෙන සිදු වූ ප්‍රවණතාවන් සහ වෙනස්‌කම් ගැන අවධානය යොමු කළ යුතු ය.

සිවිල් පරිපාලනය

නූතන යුගයේ යුරෝපයේ සිදු වූ වෙනස්‌කම් සමඟ රටක්‌ ලෙසින් ඕලන්දය පෙරට පැමිණියේ ය. ඒ අනුව වාණිජ අවශ්‍යතාවන් පෙරටු කරගෙන ලන්දේසින් පෙරදිග යටත් විජිත ඇති කරගන්නා ලදී. ක්‍රි.ව 1638 දී ශ්‍රී ලංකාවට පැමිණෙන ඔවුන් 1796 තෙක්‌ Rජුව ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමක්‌ දක්‌නට ලැබුණි. දේශපාලන සහ පරිපාලන කටයුතු සම්බන්ධව දිවයින තුළ ඔවුන් සිදු කළ වෙනස්‌කම් කෙබඳු ද? බතාවියානු ආණ්‌ඩුකාරයා සහ ඔහුගේ සභාව පාලන තන්ත්‍රයේ ඉහළම ස්‌ථරය විය. තම පාලන ප්‍රදේශය කොමාන්ඩර් වශයෙන් කොටස්‌ තුනකට බෙදා තිබුණි. ඒ ගාල්ල, කොළඹ සහ යාපනය වශයෙනි. ලංකාවේ ආණ්‌ඩුකාරයා සහ සභාව පරිපාලන නිලධාරිහු වූහ. ඉහළ තනතුරු ලන්දේසීන්ටම ලබාදුන් අතර පාලන පහසුවත් අඩු වියදමත් සලකාගෙන අනෙක්‌ තනතුරු ස්‌වදේශිකයන්ට ලබා දුණි. මෙසේ සිදුකරනු ලබන්නේ ස්‌වදේශිකයන් ගැන සිතා නොව මූලික අභිප්‍රාය වන ලාභයම අරමුණු කරගෙන ය. ලන්දේසීහු ශ්‍රී ලංකාවට සිවිල් පරිපාලන ක්‍රමයක්‌ හඳුන්වා දුන්හ. ඔවුහු පූර්ව යටත් විජිත යුගයේ පැවති රාජාණ්‌ඩු ක්‍රමයටත් පෘතුගීසීන්ගේ හමුදාමය පාලනයටත් වඩා වෙනස්‌ සිවිල් පරිපාලනයක්‌ ස්‌ථාපිත කළහ.

තෝම්බු සකස්‌ කිරීම ලන්දේසි පාලනයේ කැපී පෙනෙන ලක්‍ෂණයකි. ඉඩම්, පාසල් සහ පුද්ගලයන් වෙනුවෙන් තෝම්බු සකසන ලදි. ඒ තුළින් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි විය. පෘතුගීසීන් ද තෝම්බු සකසා තිබූ නමුත් ඊට වඩා සාර්ථකව මෙම කාර්ය ලන්දේසීන්ට කළ හැකි විය. ඒ තුළින් තම සමාගමට සාරය උරා බීමට ඇති එකදු සම්පතක්‌ හෝ ම`ග හැරී යාම වළකා ගැනීමට උත්සාහ ගෙන තිබේ. පෙර පැවති සාම්ප්‍රදායික අංග ලක්‍ෂණ එලෙස ම පවත්වාගනිමින් අවාසි සහගත කරුණු පමණක්‌ වෙනස්‌ කරමින් ඉතා සංවිධානාත්මක පාලන තන්ත්‍රයක්‌ ඔවුහු ගොඩනැගූහ. මෙම පාලන ප්‍රතිපත්තිය මුහුදුබඩ පෙදෙස්‌වලට පමණක්‌ සීමා වූ බවත් උඩරට රාජ්‍යය තුළ චිරාගත සම්ප්‍රදායට ම පාලනය සිදු වූ බවත් සඳහන් කළ යුතුය. ඒ ඒ ජාතීන්ගේ සිරිත් විරිත් ආරක්‍ෂා කරමින් ඔවුන් පාලනය කිරීමට උ්‍රත්සාහ දැරීය. ඔවුන්ගෙන් පසුව මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගන්නා ඉංග්‍රීසීන් ද කලක්‌ ගතවන තුරු ලන්දේසි ආණ්‌ඩුක්‍රමය අනුව පරිපාලනය ගෙනයාමෙන් මෙම පාලන ප්‍රතිපත්තිය කොතෙක්‌ දුරට ලංකාව කෙරෙහි බලපෑම් කළේද යන්න පැහැදිලි ය.

රෝම ලන්දේසී නීතිය

ලන්දේසි ප්‍රතිඵලයන් ගැන සාකච්ඡා කිරීමේදී අධිකරණ ක්‍රමය අමතක කළ නොහැක. අද දක්‌වා ම ලංකාවේ ක්‍රියාත්මක වන නීති සංග්‍රහයේ කොටසක්‌ වන රෝම ලන්දේසී නීතිය ලන්දේසි හඳුන්වාදීමකි. ඉන් පෙර ලංකාවේ නීති ක්‍රමයක්‌ නොපැවතියායෑයි කිසිවිටෙකත් මෙයින් අදහස්‌ නොකෙරේ. චිරාගත සම්ප්‍රදාය සහ මෙරට සිරිත් විරිත් අධ්‍යයනය කොට මෙම නීති සකස්‌ කර ඇතිබව පෙනේ. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උසාවි වර්ග කිහිපයක්‌ ස්‌ථාපනය කර ඇත. රාද්ෆන් ජස්‌ටිටි, සිවිල් රාද් සහ ලෑන්ද් රාද් යන ප්‍රධාන උසාවිවලට අමතරව පිස්‌කල් සහ දිසාවේ උසාවි ද විය. ඉහළම අධිකරණය රාද් ෆන් ජස්‌ටිටි වූ අතර රික්‌ස්‌ ඩොලර් 120ට වැඩි අලාභ සම්බන්ධ සිවිල් නඩු මෙහි විසඳන ලදී. සිවිල් රාද් සහ ලෑන්ද් රාද් යන උසාවිවල තීරණයන්ට විරුද්ධව මෙම උසාවියට අභියාචනා ඉදිරිපත් කළ හැකි විය. රාද් ෆන් ජස්‌ටිටියේ තීන්දුවලට එරෙහිව බතාවියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි. රික්‌ස්‌ ඩොලර් 120ට අඩු සිවිල් නඩු විසඳන ලද්දේ සිවිල් රාද් උසාවිවලයි. ලෑන්ද් රාද් උසාවිවල කාර්ය වූයේ ඉඩම් ආරවුල් විසඳීම යි. රික්‌ස්‌ ඩොලර් 100ට අඩු වටිනාකමකින් යුතු නඩු පිස්‌කල් සහ දිසාවේ උසාවිවල විසඳන ලදී. දේශීය නීතිය ප්‍රමාණවත් නොවූ තැන්වල දී සහ දේශීය නීතිය දරඳඩු වැඩි යෑයි පෙනී ගිය අවස්‌ථාවල දී පමණක්‌ රෝම ලන්දේසී නීතිය භාවිතයට ගෙන ඇත. යුරෝපීයයන් සඳහා මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කර ඇත. ද්‍රවිඩ ජනතාවගේ සම්ප්‍රදායන්ට අනුකූලව ඔවුන් සඳහා තේසවලාමෙයි නීති සංග්‍රහය හඳුන්වා දුණි. මෙම නීති ක්‍රමය ශ්‍රී ලාංකිකයන්ට නීතියේ ආධිපත්‍යය (රමකැ දෙ ක්‌අ) ලබාගැනීමට ඉඩකඩ සලසා දීමට යෑයි පවසමින් මෙතෙක්‌ ලංකාවේ පැවති නීති ක්‍රමයන්ට අනුගතව සිටි පිරිසට මෙම නීති ක්‍රමය හ`දුන්වා දීමෙන් තම සම්ප්‍රදායන් වඩාත් දැඩිව ස්‌ථාපිත කරන්නට පියවර ගෙන ඇත.

ආර්ථික ප්‍රතිපත්තිය

ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම හරහා ලක්‌දිවට පැමිණි ලන්දේසීන්ගේ මූලික අරමුණ වූයේ උපරිම ලාභ ලැබීමයි. එම අරමුණ ඉටුකර ගැනීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ගයන් ඔවුන් අනුගමනය කළ බව කිව යුතුම ය. අඩු වියදමකින් වැඩි ආදායමක්‌ උපයාගැනීමේ ප්‍රවණතාව දැඩිව දක්‌නට ලැබෙයි. වැඩි ලාභයක්‌ නොලැබෙන ව්‍යාපාර අතහැර දැමීමටත්, වැඩි ආදායමක්‌ ලැබෙන ව්‍යාපාර හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමටත් ක්‍රියාකර ඇත.

පෘතුගිසීන් මෙන්ම ලන්දේසීන් ද තම ආර්ථිකයේ මූලික සාධකය කර ගත්තේ කුරුඳු වෙළඳාම යි. එනිසා කුරුඳු වෙළඳාමේ ඒකාධිකාරය තමන් වෙත නතු කරගත්හ. කිසිදු මුදලක්‌ වැය නොකොට කුරුඳු සපයා ගැනීමට පිඹුරුපත් සකසා තිබුණි. මහ බද්ද කාර්යාංශය යටතේ පැවති සිරිත් විරිත් ඉක්‌මවමින්, දැඩි නීතිරීති පනවමින් කුරුඳු සපයාගෙන ඇත. කුරුඳු වැවෙන ප්‍රදේශවලින් සෑම වසරකම ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්‌වා වූ කාලයේ වයස අවුරුදු 12 ට වැඩි පිරිමි ළමයෙකු රාත්තල් 60-70 ත් අතර ප්‍රමාණයක්‌ සහ සෑම වැඩිහිටි පිරිමියෙක්‌ ම කුරුඳු රාත්තල් 682 ක්‌ සැපයිය යුතු විය. එසේ නොසැපයීම දැඩි ද`ඩුවම් ලැබීමට හේතුවක්‌ විය.

මෙම තත්ත්වය හමුවේ සලාගම කුලයේ ජනතාව දැඩි පීඩනයකට පත්විය. මෙය දරාගත නොහැකිව තම ප්‍රදේශ අතහැර උඩරට ප්‍රදේශවලට පලා යාමට ජනතාව පෙළඹුණි. එසේම මෙම පීඩනය ඉවසාගත නොහැකි කුරුඳු තැලූ පහතරට ජනයා ලන්දේසීන්ට විරුද්ධව 1723 දී නැ`ගී සිටියහ. කුරුඳු එකතු කිරීමටත්, ගබඩා වෙත රැගෙන යැමටත් රාජකාරි ක්‍රමය උපයෝගී කර ගත්තේ පෘතුගීසීන් අනුව යමිනි. ලන්දේසීහු කුරුඳු පිළිබඳව නව නීති ස්‌ථාපිත කළහ. වෙළෙඳ සමාගමෙන් පිටත කුරුඳු විකිණීමත්, මිලට ගැනීමත් තහනම් විය. කුරුඳු පැළ පිටරට යෑවීම ගිල්ඩර් 1000 ක දඩයක්‌ ගෙවීමට සිදුවන වරදක්‌ විය.

කුරුඳුවලට අමතරව පුවක්‌ වෙළඳාම ද ලන්දේසීන්ට ලාභ උපදවන්නක්‌ විය. එම ලාභය ලන්දේසි හමුදාව නඩත්තුවට තරම් ප්‍රමාණවත් වූ බව සඳහන් ය. පෘතුගීසීන් මෙන් තිබුණ දේ සූරාගෙන යැම පමණක්‌ නොකර නව බෝග වගාවට ද ලන්දේසීන් උනන්දු වී ඇත. 1769 ෙෆdaක්‌ ආණ්‌ඩුකාරයා විසින් මරදානේ කුරුඳු වගාව අරඹන ලදි. මීගමුව, කළුතර, ගාලූ කෝරළවලත් පසුව කුරුඳු වැවූහ. ඊට අමතරව ගම්මිරිස්‌, පොල්, එනසල්, කෝපි, උක්‌, ඉන්ඩිගෝ සහ මල්බෙරි වගාව ද ඇරඹූ නමුදු සිතූ තරම් සාර්ථක නොවූයෙන් ඒවා අතහැර දමන ලදි.

ලංකාවේ ලන්දේසි ජනයාට ආහාර සැපයීමට සහල් විශාල ප්‍රමාණයක්‌ ඉන්දියාවෙන් ගෙන්වීමට සිදුවිය. එම වියදම අවම කිරීමට වී ගොවිතැන ඇරඹූහ. වගා නොකරන පුරන් කුඹුරු රාජසන්තක කරන බව නියෝග කොට තංජෝරයෙන් වහලුන් ගෙන්වා කුඹුරු අස්‌වැද්දූ බව සඳහන් ය. 1767 මුතුරාජවෙල අස්‌වැද්දුවත් කරදිය ගලා ඒම නිසා එය අසාර්ථක වී ඇත. මන්නාරමේ යෝධ වැව සහ කන්තලේ වැව පිළිසකර කර වූ බවත්, මෝදර ඇළ කැණවීම හා ඌරුබොක්‌ක වේල්ල ඉදිකර වී වගාවේ දියුණුවක්‌ ඇති කළ බවත් සඳහන් ය. මෙතෙක්‌ පැවති යෑපුම් කෘෂිකර්මයෙන් ඔබ්බට පියවරක්‌ තබා ඇත. වාණිජ භෝග කෙරෙහි ජනතා පෙළඹවීමක්‌ ද දක්‌නට ලැබේ.

ලාභදායී පරිවහන ක්‍රම සොයා ගිය ලන්දේසීහු හැමිල්ටන් ඇළ හා බොල්ගොඩ ඇළ ඉදිකළහ. හලාවත සිට මන්නාරමටත්, කොළඹ සිට හම්බන්තොටටත්, මාර්ග ඉදිකළ බව සඳහන් ය. ඇතුන් වෙළෙඳාම, මුතු කිමිදීම, ලුණු වෙළෙඳාම සහ මාළු බද්ද ලන්දේසි ආර්ථිකය ශක්‌තිමත් කළහ. රෙදිපිළි බෙංගාලයෙන් ආනයනය කිරීමේ බලය, බර්ගර් හා ක්‍රිස්‌තියානි වෙළෙඳුන් සතු විය. පෘතුගීසීන්ගේ තෝම්බු සහ රජ දවස තිබුණු ලේකම් මිටි ක්‍රමවත්ව උපයෝගී කරගෙන ලන්දේසීන් තෝම්බු සකසා ඉඩම්වලින් දැඩි බදු අයකරගන්නා ලදි. බදු එකතු කිරීමේ අයිතිය වෙන්දේසි කළ බැවින් ගොවිජනයා දැඩි පීඩනයකට පත්විය.

පෘතුගීසීන්ට වඩා ක්‍රමවත් ආර්ථික සැලැස්‌මක්‌, ලන්දේසීන් ක්‍රියාත්මක කළ බවක්‌ පෙනේ. වාණිජ කටයුතු සම්බන්ධව ලන්දේසීන් අනුගමනය කළ ඒකාධිකාරී ප්‍රතිපත්තිය, පෘතුගීසීන්ට වඩා දැඩි වුවත්, ක්‍රමවත් විය. ආනයනික භාණ්‌ඩ වැඩි මිලට අලෙවි කළ අතර, දේශීය නිෂ්පාදන අඩු මිලට ලබා ගති. මුලදී උඩරට රාජ්‍යය කෙරෙහි ලිහිල් ආර්ථික ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ ද 1766 ගිවිසුම ම`ගින් උඩරට රාජ්‍යය හුදකලා කොට විශාල වශයෙන් ආර්ථික වාසි ලබා ගත්හ.

ආගමික ප්‍රතිපත්ති

පෘතුගීසීන් ශ්‍රී ලංකාව තුළ කතෝලික ආගම ස්‌ථාපිත කිරීමට දැඩි උත්සාහයක්‌ දැරීය. එහෙත් 1650 පමණ සිට ලන්දේසීන්ගේ ආගම වූයේ රෙපරමාදු ක්‍රිස්‌තියානි ආගමයි. යුරෝපයේ ආගමික ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයත් සම`ග ආගම් අතර දැඩි තරගයක්‌ නිර්මාණය වී තිබිණ. නැගී එන ධනවාදයේ අවශ්‍යතාවන්ට අනුව ආගම වෙනස්‌වීම ආගමික ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයෙන් සිදු වූ බව මැක්‌ස්‌ වේබර්ගේ අදහසයි. රෙපරමාදුවාදීන් වූ ලන්දේසීහු පෘතුගීසීන් තරම් ආගම ප්‍රචාරයට මුල්තැන නුදුන්න ද පෙරදිග වෙළෙඳ සතුරා වූ පෘතුගීසීන්ට පහර දීමේදී ඔවුන්ගේ වෙළෙඳ කටයුතුවලට මෙන්ම කතෝලික ආගමටත් පහර දිය යුතු බව විශ්වාස කළහ.

ලන්දේසීන්ට තම ආගම ප්‍රචාරයේ දී අභියෝග කිහිපයක්‌ම විය. පෘතුගීසීන් හඳුන්වා දුන් කතෝලික ආගම, බුදු දහම සහ හින්දු දහම යි. යුරෝපයේ දී ලන්දේසීන්ගේ ප්‍රධාන ආගමික සතුරා ඉස්‌ලාම්වරු වුව ද පෙරදිග දී ඒ තැන ගත්තේ කතෝලික ආගමයි. 1658 දී පෘතුගීසී බලය ලංකාවෙන් ඉවත් වුවද කතෝලික ආගම මුහුදුබඩ ප්‍රදේශවල දැඩිව ව්‍යාප්තව තිබිණි. එනිසා ලන්දේසීන්ගේ ආගම සම්බන්ධ ප්‍රධාන කාර්යය වූයේ ස්‌වදේශික කතෝලිකයන් රෙපරමාදු ආගමට හරවා ගැනීම යි. 1658 වන විට මුහුදුබඩ ප්‍රදේශවල කතෝලිකයන් 250,000 ක්‌ පමණ සිටි බව සඳහන් ය. ආගම ප්‍රචාරයේ දී පෘතුගීසීන් තරම් කෲර නොවූව ද ලන්දේසීන් සාධාරණ ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළා යයි කිව නොහැකි ය. හින්දු හා බෞද්ධ ආගම් සාතන් හෙවත් යක්‌ෂයාගේ ආගම් ලෙස හැඳින් වූ බව පෙනේ.

කතෝලිකයන්ට දරුණු ආගමික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කළ ලන්දේසීන් බෞද්ධ හා හින්දු ආගම් කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය නොකළේ වාණිජ ලාභය අරමුණු කරගත් ඔවුනට බහුතරය බෞද්ධ හා හින්දු වූ ජන සමාජයක තම අරමුණට ළ`ගාවීමට නොහැකි වන බැවිනි. උඩරට රජවරු බෞද්ධාගම රැකීමට උදව් ඉල්ලු අවස්‌ථාවල අකැමැත්තෙන් වුව ද සහය දීමට ලන්දේසීන්ට සිදුව ඇත. උපසම්පදාව ගෙන්වීමට රක්‌ඛංග දේශය සහ සියම් දේශය වෙත යාමට නාවික සහය ලබාදීම ඊට නිදසුනකි. තම පාලන ප්‍රදේශ තුළ කතෝලික ආගම ඇදහීම තහනම් කිරීමට ක්‍රියාකර ඇත. කතෝලික පූජකයන්ට ආරක්‌ෂාව සපයන්නන්ට මරණීය දණ්‌ඩනය නියම විය. රෙපරමාදු භක්‌තිකයන්ට

රැකියා කටයුතුවල දී විශේෂ වරප්‍රසාද ලබාදුණි. ඔවුනට බදු සහන ද ලබාදුන් බැවින් ඉහළ පන්තිවල සාමාජිකයන් රෙපරමාදු ආගම වැළඳගැනීම කෙරෙහි වැඩි නැඹුරුවක්‌ දක්‌වන ලදී.

ලන්දේසීන්ගේ ආගමික ක්‍රියා පටිපාටියේ කැපී පෙනෙන චරිතය වූයේ 1656 ලංකාවට පැමිණි බැල්දියෙස්‌ දේවගැතිවරයා ය. තම සහායට ඕලන්දයෙන් සහ බතාවියාවෙන් පිරිස්‌ ගෙන්වා ගත් ඔහු ආගම ප්‍රචාරයට විවිධ ක්‍රමෝපායන් භාවිතා කර ඇත. කොමාන්ඩරිවල කෙර්කෙරාඩ්ස්‌ නම් ආගමික මණ්‌ඩල පහක්‌ පිහිටුවා තිබුණි. යාපනය කොමාන්ඩරියේ එම මණ්‌ඩල දෙකක්‌ ම පිහිටුවා තිබුණේ කතෝලිකයන් විශාල පිරිසක්‌ සිටි බැවිනි.

ආගම් ප්‍රචාරයේ දී වඩාම ඵලදායී ක්‍රමය දේශීය භාෂා උපයෝගී කර ගැනීම බව පෙන්වා දුන් බැල්දියෙස්‌ දේවගැතිවරයා දේශීය භාෂා ඉගෙන ගැනීමට දේව ගැතිවරු යොමු කර ඇත. "දස පනත", "ස්‌වාමි දරුවන්ගේ යාඥාව" ආදී කෘති දමිළ බසට පරිවර්තනය කර සිංහලයට ද පරිවර්තනය කර ඇත. සිංහල උගතුන් යොදවා ආගමික කෘති සිංහලයට පරිවර්තනය කරන ලදී. පාසැල් තුළ කුඩා දරුවන් ඉලක්‌ක කරගෙන නාට්‍ය, සංගීත හා ස්‌ත්‍රොaත්‍ර ඉදිරිපත් කරමින් ආගමික සංකල්ප ප්‍රචාරයේ යෙදුණි. මෙය ඉතා සාර්ථක ක්‍රමවේදයක්‌ වී ඇත. වරප්‍රසාද හමුවේ ක්‍රිස්‌තියානිය වැළ`දගත් පිරිසගෙන් බහුතරය නාමිකව ක්‍රිස්‌තියානි වී රහසේ මුල් ආගම ම ඇදහූ බව ලන්දේසි වාර්තාවන්ගෙන් ම හෙළිදරව් වෙයි. Ñලංකාවේ ලන්දේසීන් ගොඩ නැගූ ආගමික ශක්‌තිය ඔවුන් ඉදිරිපිට ම කඩා වැටුණු බ්‍රිතාන්‍ය වාර්තාවල ස`දහන් වේ.

අධ්‍යාපනය

ලන්දේසීන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සුවිශේෂී ප්‍රතිඵලයකි, නූතන පාසල් අධ්‍යාපන ක්‍රමය. මෙම අධ්‍යාපන ක්‍රමය ආගම් ප්‍රචාරය හා එකට බැඳී පැවතුණි. ඉස්‌කෝල නමින් හැඳින් වූ අධ්‍යාපන අරඹා එම ප්‍රදේශවල දරුවන්ට පාසල්වලට පැමිණීම අනිවාර්ය කළහ. ගම් කීපයකට හෝ එක ගමකට එක බැගින් අධ්‍යාපන ආයතන තිබුණි. මෙම පාසැලක ගුරුවරුන් හතරදෙනෙක්‌ සේවය කළ අතර, පාසල් කිහිපයකට කතිසේරුවෙකු බැගින් පත්කර තිබුණි. මවුබසින් ඉගැන්වීම් සිදු කළ අතර, විෂය මාලාවේ ප්‍රධාන තැන හිමිව තිබුණේ කියවීම, ලිවීම හා ක්‍රිස්‌තියානි මූලධර්ම ඉගැන්වීමට යි. යුරෝපීය ජාතිකයන් සඳහා වෙනම ම පාසල් ක්‍රියාත්මක විය. ගුරුවරුන් පුහුණුවට කොළඹ නෝමල් නම් පාසැලක්‌ තිබුණි. කොළඹ පිහිටි සෙමනේරිය ම`ගින් ලන්දේසි භාෂාවෙන් උසස්‌ අධ්‍යාපනය ලබාදෙන ලදී. 1739 දී පළමු වරට කොළඹ මුද්‍රණාලයක්‌ අරඹන ලදී. මේ හරහා ආගමික ග්‍රන්ථ රැසක්‌ මුද්‍රණය විය. එහෙත් තත් යුගයේ මෙම මුද්‍රණාලය කොතරම් ප්‍රයෝජනවත් වූයේ ද යන්න විමසා බැලිය යුතු ය.

සංස්‌කෘතිය

ලන්දේසි පාලන සමයේ උරුම වූ දායාදයන් ගැන විමසීමේ දී සමාජය සහ සංස්‌කෘතිය දෙස ද විමසිලිමත් විය යුතුය. පෘතුගීසී පාලන යුගයේ බිහිව තිබූ බටහිර සංස්‌කෘතිය අගයන පිරිසෙහි සංඛ්‍යාවේ ඉහළ යාමක්‌ මෙකල දක්‌නට ලැබෙයි. බර්ගර් හෙවත්, ලන්සි නමින් හැඳින්වූ ජන කොටස ලංකාවේ ව්‍යාප්ත වූයේ ලන්දේසි පාලනයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ලන්දේසි පාසල් ක්‍රමය ම`ගින් අකුරු කියවිය හැකි විශාල පිරිසක්‌ සමාජගත කෙරුණි. ක්‍රිස්‌තියානි ආගමට අහිතකර සමාජ සිරිත් විරිත් මැඩලිය යුතු යෑයි පූජක පක්‌ෂය නිතරම රජයට කියා සිටියහ. එසේ වුව ද සමාජ ජනජීවිතයට ලන්දේසීන්ගේ වැඩි බලපෑමක්‌ දක්‌නට නොලැබේ. ලන්දේසීන්ගේ ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ භාෂාව මෙරට සංස්‌කෘතියට අලුත් අංග දායාද කොට තිබේ. මෙම යුගයේ විහාර බිතුසිතුවම් පරීක්‌ෂා කරන විට එවක අලුතින් ඇතිවූ විලාසිතා හඳුනාගත හැකිය.

වෙළෙඳාම පුළුල් වීම නිසා නව නගර වර්ධනය විය. මීගමුව, පුත්තලම, මඩකලපුව, ගාල්ල, මාතර හා කළුතර යන තොටුපොළවල විශාල ගොඩනැ`ගිලි ඉදිවී පුළුල් නාගරික ලක්‌ෂණ බිහිවිය. යම් පමණකින් ගම් වැසියෝ නගරවල පදිංචියට පැමිණ නාගරික ජීවිතයට හුරු වූහ. ඔවුන් රැකියාවල යෙදෙමින් මුදල් ඉපැයූ අතර ජනතාව අතර මුදල් භාවිතය වැඩි විය. කේක්‌, අච්චාරු, කොකිස්‌ වැනි ආහාර වර්ග ලන්දේසි පාලනයෙන් ලැබුණු ප්‍රතිඵලයන් ය. අර්තාපල් හා ජම්බෝල වැනි වචන ද ලන්දේසි භාෂාවෙන් ලංකාවට ලැබී ඇත.

ගෘහ නිර්මාණ කලාව

ලන්දේසි පාලන යුගයේ දී විශාල කුලුනු සහිත උස්‌ ගොඩනැ`ගිලි ඉදිකිරීම ඇරඹුණි. කොළඹ අලුත්කඩේ පිහිටා ඇති වුල්ෆeන්ඩල් දේවස්‌ථානය ඊට හොඳම නිදසුනකි. ගාල්ල, මීගමුව, මාතර, කොළඹ සහ යාපනය නගරවල ඇති ලන්දේසි බලකොටු හා දේවස්‌ථාන ද නිදසුන් ය. මැද මිදුල සහිත පැරණි ප්‍රභූ නිවාස ලන්දේසි පාලනයෙන් ලැබුණු දායාද වේ. ගෘහ නිර්මාණ ශිල්පය හා සම්බන්ධ කර්මාන්ත ලංකාවේ අරඹන ලදී. මොරටුවේ වඩු කර්මාන්තය හා කැලණියේ උළු කර්මාන්තය ඊට නිදසුන් ය. ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය හා සිංහල භාෂාවට එක්‌ව අද දක්‌වා ම භාවිතයේ පවතී. ඉස්‌තෝප්පු, සොල්දරේ, තරප්පු, බාල්ක, ජනේල, කාමර, බරාඳ, බාස්‌, අල්මාරි සහ ඉස්‌කුරුප්පු ආදි යෙදුම් ඉන් කිහිපයකි.

පරිපාලන ක්‌ෂේත්‍රයේ ඇති වූ වෙනස්‌කම්, රෝම ලන්දේසි නීතිය හා අධිකරණ ක්‍රමය, ආර්ථික වෙනස්‌කම්, ක්‍රිස්‌තියානි ආගම, විධිමත් පාසල් ක්‍රමය, බර්ගර් ජනතාව, නාගරික ලක්‌ෂණ පුළුල් වීම, මුදල් භාවිතය වැඩිවීම, බර්ගර් ජනයා, බටහිර සිරිත් විරිත් අගයන සමාජ කොටස්‌ නිර්මාණය වීම ආදිය ලන්දේසි පාලනයෙන් ලැබුණු ප්‍රතිඵලයන් ලෙස සැලකිය හැක. සමාජ සහ සංස්‌කෘතික ක්‍ෂේත්‍රය තුළ ඒවා වැඩි වශයෙන් දැකිය හැක.

පෘතුගීසීන් විසින් දේශීය පාලන රටාව, සංස්‌කෘතිය, භාෂා සාහිත්‍ය විෂයෙහි ඇති කළ අවනතිය ලන්දේසි යුගය තුළදී වඩාත් වර්ධනය වී සංවිධානාත්මක ස්‌වරූපයෙන් දේශීයත්වය වසා පැතිර ගිය බවත් ලන්දේසි පාලනයේ ප්‍රතිවිපාක නූතන දේශපාලන, සමාජ සහ ආර්ථික ප්‍රපංචය තුළින් ප්‍රකට වෙයි.