මෙම ලිපිය
කවුඩාගම්මන
රතනසාර හිමි
පේරාදෙණිය විශ්ව
විද්‍යාලය විසින් සකසන ලද්දකි.
ඉන්දියන් සාගර මධ්‍යයේ පිහිටි ශ්‍රී
ලංකාව ඈත අතීතයේ පටන් පෙර'පර දෙදිග විදේශිකයන්ගේ ආකර්ශනයට
නතු විය. එනිසා ම විවිධ අවස්‌ථාවල විවිධ විදෙස් ජාතින්
ශ්‍රී ලංකාව තම ආධිපත්‍යයට නතු කරගෙන තම බලය දිවයිනෙහි
ස්‌ථාපිත කර ගැනීමට උත්සාහ දරා ඇත. එසේ වුව ද ජාතියක්
වශයෙන් එකාවන්ව නැගී සිට දැක් වූ ප්‍රතිචාර එම බලවේග නිහ`ඩ
කිරීමට සමත් විය. 15, 16 වැනි ශතවර්ෂවල යුරෝපයේ ඇති වූ
පුනරුද ව්‍යාපාරයත් සම`ග ම ඔවුන් යුරෝපයෙන් පිටත තම
දේශපාලන, ආර්ථික, ආගමික තත්ත්වයන් ස්‌ථාපිත කිරීමට උත්සුක
වී ඇත. මෙකල දේශීයව පැන නැගී තිබූ බල අරගලයන් සහ ඇතැමුන්ගේ
පටු පරමාර්ථයන් තම වාසියට යොදාගෙන යුරෝපා ජාතීහු බලය
ස්‌ථාපිත කරගත්හ.
ප්‍රථමයෙන්ම පෘතුගීසීන් ලංකාවේ
සමුදුරුබද පෙදෙස්‌වල බලය පිහිටුවාගත් අතර ඔවුන්ගේ බලය
සි`දලීම ස`දහා උඩරට රජුගේ ඇරයුමෙන්a දිවයිනට පැමිණි
ලන්දේසීන් ප්‍රයෝගකාරී ලෙස බලය ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට
උත්සාහ දරා ඇති බව නොරහසකි. එසේ සමුදුරුබද පෙදෙස්
ආධිපත්‍යයට නතුකරගත් ලන්දේසීන් ගෙන ගිය පාලනයෙන් ජනිත වූ
ප්‍රතිඵලයන් පිළිබඳව සංවාදයට ලක් කළ යුතුය. ලන්දේසි පාලනය
තුළින් ලංකා ඉතිහාසය නව ම`ගකට හැරවුණි ද? ශ්‍රී ලංකාවේ
අභිවෘද්ධියට ලන්දේසින් කුමක් කළේ ද? යන්න සංවාදයට බඳුන් කළ
හැක. මෙහිදී ලන්දේසි පාලනය හේතු කොටගෙන සිදු වූ ප්‍රවණතාවන්
සහ වෙනස්‌කම් ගැන අවධානය යොමු කළ යුතු ය.
සිවිල්
පරිපාලනය
නූතන යුගයේ යුරෝපයේ සිදු වූ වෙනස්‌කම් සමඟ
රටක් ලෙසින් ඕලන්දය පෙරට පැමිණියේ ය. ඒ අනුව වාණිජ
අවශ්‍යතාවන් පෙරටු කරගෙන ලන්දේසින් පෙරදිග යටත් විජිත ඇති
කරගන්නා ලදී. ක්‍රි.ව 1638 දී ශ්‍රී ලංකාවට පැමිණෙන ඔවුන්
1796 තෙක් Rජුව ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමක් දක්‌නට
ලැබුණි. දේශපාලන සහ පරිපාලන කටයුතු සම්බන්ධව දිවයින තුළ
ඔවුන් සිදු කළ වෙනස්‌කම් කෙබඳු ද? බතාවියානු ආණ්‌ඩුකාරයා
සහ ඔහුගේ සභාව පාලන තන්ත්‍රයේ ඉහළම ස්‌ථරය විය. තම පාලන
ප්‍රදේශය කොමාන්ඩර් වශයෙන් කොටස් තුනකට බෙදා තිබුණි. ඒ
ගාල්ල, කොළඹ සහ යාපනය වශයෙනි. ලංකාවේ ආණ්‌ඩුකාරයා සහ සභාව
පරිපාලන නිලධාරිහු වූහ. ඉහළ තනතුරු ලන්දේසීන්ටම ලබාදුන් අතර
පාලන පහසුවත් අඩු වියදමත් සලකාගෙන අනෙක් තනතුරු
ස්‌වදේශිකයන්ට ලබා දුණි. මෙසේ සිදුකරනු ලබන්නේ ස්‌වදේශිකයන්
ගැන සිතා නොව මූලික අභිප්‍රාය වන ලාභයම අරමුණු කරගෙන ය.
ලන්දේසීහු ශ්‍රී ලංකාවට සිවිල් පරිපාලන ක්‍රමයක් හඳුන්වා
දුන්හ. ඔවුහු පූර්ව යටත් විජිත යුගයේ පැවති රාජාණ්‌ඩු
ක්‍රමයටත් පෘතුගීසීන්ගේ හමුදාමය පාලනයටත් වඩා වෙනස් සිවිල්
පරිපාලනයක් ස්‌ථාපිත කළහ.
තෝම්බු සකස් කිරීම
ලන්දේසි පාලනයේ කැපී පෙනෙන ලක්‍ෂණයකි. ඉඩම්, පාසල් සහ
පුද්ගලයන් වෙනුවෙන් තෝම්බු සකසන ලදි. ඒ තුළින් සම්පත්වලින්
උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි විය. පෘතුගීසීන් ද තෝම්බු සකසා
තිබූ නමුත් ඊට වඩා සාර්ථකව මෙම කාර්ය ලන්දේසීන්ට කළ හැකි
විය. ඒ තුළින් තම සමාගමට සාරය උරා බීමට ඇති එකදු සම්පතක්
හෝ ම`ග හැරී යාම වළකා ගැනීමට උත්සාහ ගෙන තිබේ. පෙර පැවති
සාම්ප්‍රදායික අංග ලක්‍ෂණ එලෙස ම පවත්වාගනිමින් අවාසි සහගත
කරුණු පමණක් වෙනස් කරමින් ඉතා සංවිධානාත්මක පාලන
තන්ත්‍රයක් ඔවුහු ගොඩනැගූහ. මෙම පාලන ප්‍රතිපත්තිය
මුහුදුබඩ පෙදෙස්‌වලට පමණක් සීමා වූ බවත් උඩරට රාජ්‍යය තුළ
චිරාගත සම්ප්‍රදායට ම පාලනය සිදු වූ බවත් සඳහන් කළ යුතුය. ඒ
ඒ ජාතීන්ගේ සිරිත් විරිත් ආරක්‍ෂා කරමින් ඔවුන් පාලනය
කිරීමට උ්‍රත්සාහ දැරීය. ඔවුන්ගෙන් පසුව මුහුදුබඩ ප්‍රදේශ
යටත් කරගන්නා ඉංග්‍රීසීන් ද කලක් ගතවන තුරු ලන්දේසි
ආණ්‌ඩුක්‍රමය අනුව පරිපාලනය ගෙනයාමෙන් මෙම පාලන
ප්‍රතිපත්තිය කොතෙක් දුරට ලංකාව කෙරෙහි බලපෑම් කළේද යන්න
පැහැදිලි ය.
රෝම ලන්දේසී නීතිය
ලන්දේසි
ප්‍රතිඵලයන් ගැන සාකච්ඡා කිරීමේදී අධිකරණ ක්‍රමය අමතක කළ
නොහැක. අද දක්‌වා ම ලංකාවේ ක්‍රියාත්මක වන නීති සංග්‍රහයේ
කොටසක් වන රෝම ලන්දේසී නීතිය ලන්දේසි හඳුන්වාදීමකි. ඉන්
පෙර ලංකාවේ නීති ක්‍රමයක් නොපැවතියායෑයි කිසිවිටෙකත්
මෙයින් අදහස් නොකෙරේ. චිරාගත සම්ප්‍රදාය සහ මෙරට සිරිත්
විරිත් අධ්‍යයනය කොට මෙම නීති සකස් කර ඇතිබව පෙනේ. නීතිය
ක්‍රියාත්මක කිරීම සඳහා උසාවි වර්ග කිහිපයක් ස්‌ථාපනය කර
ඇත. රාද්ෆන් ජස්‌ටිටි, සිවිල් රාද් සහ ලෑන්ද් රාද් යන
ප්‍රධාන උසාවිවලට අමතරව පිස්‌කල් සහ දිසාවේ උසාවි ද විය.
ඉහළම අධිකරණය රාද් ෆන් ජස්‌ටිටි වූ අතර රික්‌ස් ඩොලර් 120ට
වැඩි අලාභ සම්බන්ධ සිවිල් නඩු මෙහි විසඳන ලදී. සිවිල් රාද්
සහ ලෑන්ද් රාද් යන උසාවිවල තීරණයන්ට විරුද්ධව මෙම උසාවියට
අභියාචනා ඉදිරිපත් කළ හැකි විය. රාද් ෆන් ජස්‌ටිටියේ
තීන්දුවලට එරෙහිව බතාවියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා
ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි. රික්‌ස් ඩොලර් 120ට අඩු
සිවිල් නඩු විසඳන ලද්දේ සිවිල් රාද් උසාවිවලයි. ලෑන්ද් රාද්
උසාවිවල කාර්ය වූයේ ඉඩම් ආරවුල් විසඳීම යි. රික්‌ස් ඩොලර්
100ට අඩු වටිනාකමකින් යුතු නඩු පිස්‌කල් සහ දිසාවේ උසාවිවල
විසඳන ලදී. දේශීය නීතිය ප්‍රමාණවත් නොවූ තැන්වල දී සහ දේශීය
නීතිය දරඳඩු වැඩි යෑයි පෙනී ගිය අවස්‌ථාවල දී පමණක් රෝම
ලන්දේසී නීතිය භාවිතයට ගෙන ඇත. යුරෝපීයයන් සඳහා මෙම නීතිය
අකුරටම ක්‍රියාත්මක කර ඇත. ද්‍රවිඩ ජනතාවගේ සම්ප්‍රදායන්ට
අනුකූලව ඔවුන් සඳහා තේසවලාමෙයි නීති සංග්‍රහය හඳුන්වා දුණි.
මෙම නීති ක්‍රමය ශ්‍රී ලාංකිකයන්ට නීතියේ ආධිපත්‍යය (රමකැ
දෙ ක්‌අ) ලබාගැනීමට ඉඩකඩ සලසා දීමට යෑයි පවසමින් මෙතෙක්
ලංකාවේ පැවති නීති ක්‍රමයන්ට අනුගතව සිටි පිරිසට මෙම නීති
ක්‍රමය හ`දුන්වා දීමෙන් තම සම්ප්‍රදායන් වඩාත් දැඩිව
ස්‌ථාපිත කරන්නට පියවර ගෙන ඇත.
ආර්ථික ප්‍රතිපත්තිය
ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම හරහා ලක්‌දිවට
පැමිණි ලන්දේසීන්ගේ මූලික අරමුණ වූයේ උපරිම ලාභ ලැබීමයි. එම
අරමුණ ඉටුකර ගැනීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ගයන් ඔවුන්
අනුගමනය කළ බව කිව යුතුම ය. අඩු වියදමකින් වැඩි ආදායමක්
උපයාගැනීමේ ප්‍රවණතාව දැඩිව දක්‌නට ලැබෙයි. වැඩි ලාභයක්
නොලැබෙන ව්‍යාපාර අතහැර දැමීමටත්, වැඩි ආදායමක් ලැබෙන
ව්‍යාපාර හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමටත් ක්‍රියාකර
ඇත.
පෘතුගිසීන් මෙන්ම ලන්දේසීන් ද තම ආර්ථිකයේ මූලික
සාධකය කර ගත්තේ කුරුඳු වෙළඳාම යි. එනිසා කුරුඳු වෙළඳාමේ
ඒකාධිකාරය තමන් වෙත නතු කරගත්හ. කිසිදු මුදලක් වැය නොකොට
කුරුඳු සපයා ගැනීමට පිඹුරුපත් සකසා තිබුණි. මහ බද්ද
කාර්යාංශය යටතේ පැවති සිරිත් විරිත් ඉක්‌මවමින්, දැඩි
නීතිරීති පනවමින් කුරුඳු සපයාගෙන ඇත. කුරුඳු වැවෙන
ප්‍රදේශවලින් සෑම වසරකම ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය
දක්‌වා වූ කාලයේ වයස අවුරුදු 12 ට වැඩි පිරිමි ළමයෙකු
රාත්තල් 60-70 ත් අතර ප්‍රමාණයක් සහ සෑම වැඩිහිටි
පිරිමියෙක් ම කුරුඳු රාත්තල් 682 ක් සැපයිය යුතු විය. එසේ
නොසැපයීම දැඩි ද`ඩුවම් ලැබීමට හේතුවක් විය.
මෙම තත්ත්වය
හමුවේ සලාගම කුලයේ ජනතාව දැඩි පීඩනයකට පත්විය. මෙය දරාගත
නොහැකිව තම ප්‍රදේශ අතහැර උඩරට ප්‍රදේශවලට පලා යාමට ජනතාව
පෙළඹුණි. එසේම මෙම පීඩනය ඉවසාගත නොහැකි කුරුඳු තැලූ පහතරට
ජනයා ලන්දේසීන්ට විරුද්ධව 1723 දී නැ`ගී සිටියහ. කුරුඳු
එකතු කිරීමටත්, ගබඩා වෙත රැගෙන යැමටත් රාජකාරි ක්‍රමය
උපයෝගී කර ගත්තේ පෘතුගීසීන් අනුව යමිනි. ලන්දේසීහු කුරුඳු
පිළිබඳව නව නීති ස්‌ථාපිත කළහ. වෙළෙඳ සමාගමෙන් පිටත කුරුඳු
විකිණීමත්, මිලට ගැනීමත් තහනම් විය. කුරුඳු පැළ පිටරට
යෑවීම ගිල්ඩර් 1000 ක දඩයක් ගෙවීමට සිදුවන වරදක්
විය.
කුරුඳුවලට අමතරව පුවක් වෙළඳාම ද ලන්දේසීන්ට ලාභ
උපදවන්නක් විය. එම ලාභය ලන්දේසි හමුදාව නඩත්තුවට තරම්
ප්‍රමාණවත් වූ බව සඳහන් ය. පෘතුගීසීන් මෙන් තිබුණ දේ
සූරාගෙන යැම පමණක් නොකර නව බෝග වගාවට ද ලන්දේසීන් උනන්දු
වී ඇත. 1769 ෙෆdaක් ආණ්‌ඩුකාරයා විසින් මරදානේ කුරුඳු වගාව
අරඹන ලදි. මීගමුව, කළුතර, ගාලූ කෝරළවලත් පසුව කුරුඳු වැවූහ.
ඊට අමතරව ගම්මිරිස්, පොල්, එනසල්, කෝපි, උක්, ඉන්ඩිගෝ සහ
මල්බෙරි වගාව ද ඇරඹූ නමුදු සිතූ තරම් සාර්ථක නොවූයෙන් ඒවා
අතහැර දමන ලදි.
ලංකාවේ ලන්දේසි ජනයාට ආහාර සැපයීමට සහල්
විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්වීමට සිදුවිය. එම වියදම
අවම කිරීමට වී ගොවිතැන ඇරඹූහ. වගා නොකරන පුරන් කුඹුරු
රාජසන්තක කරන බව නියෝග කොට තංජෝරයෙන් වහලුන් ගෙන්වා කුඹුරු
අස්‌වැද්දූ බව සඳහන් ය. 1767 මුතුරාජවෙල අස්‌වැද්දුවත්
කරදිය ගලා ඒම නිසා එය අසාර්ථක වී ඇත. මන්නාරමේ යෝධ වැව සහ
කන්තලේ වැව පිළිසකර කර වූ බවත්, මෝදර ඇළ කැණවීම හා
ඌරුබොක්‌ක වේල්ල ඉදිකර වී වගාවේ දියුණුවක් ඇති කළ බවත්
සඳහන් ය. මෙතෙක් පැවති යෑපුම් කෘෂිකර්මයෙන් ඔබ්බට පියවරක්
තබා ඇත. වාණිජ භෝග කෙරෙහි ජනතා පෙළඹවීමක් ද දක්‌නට
ලැබේ.
ලාභදායී පරිවහන ක්‍රම සොයා ගිය ලන්දේසීහු
හැමිල්ටන් ඇළ හා බොල්ගොඩ ඇළ ඉදිකළහ. හලාවත සිට මන්නාරමටත්,
කොළඹ සිට හම්බන්තොටටත්, මාර්ග ඉදිකළ බව සඳහන් ය. ඇතුන්
වෙළෙඳාම, මුතු කිමිදීම, ලුණු වෙළෙඳාම සහ මාළු බද්ද ලන්දේසි
ආර්ථිකය ශක්‌තිමත් කළහ. රෙදිපිළි බෙංගාලයෙන් ආනයනය කිරීමේ
බලය, බර්ගර් හා ක්‍රිස්‌තියානි වෙළෙඳුන් සතු විය.
පෘතුගීසීන්ගේ තෝම්බු සහ රජ දවස තිබුණු ලේකම් මිටි ක්‍රමවත්ව
උපයෝගී කරගෙන ලන්දේසීන් තෝම්බු සකසා ඉඩම්වලින් දැඩි බදු
අයකරගන්නා ලදි. බදු එකතු කිරීමේ අයිතිය වෙන්දේසි කළ බැවින්
ගොවිජනයා දැඩි පීඩනයකට පත්විය.
පෘතුගීසීන්ට වඩා
ක්‍රමවත් ආර්ථික සැලැස්‌මක්, ලන්දේසීන් ක්‍රියාත්මක කළ
බවක් පෙනේ. වාණිජ කටයුතු සම්බන්ධව ලන්දේසීන් අනුගමනය කළ
ඒකාධිකාරී ප්‍රතිපත්තිය, පෘතුගීසීන්ට වඩා දැඩි වුවත්,
ක්‍රමවත් විය. ආනයනික භාණ්‌ඩ වැඩි මිලට අලෙවි කළ අතර,
දේශීය නිෂ්පාදන අඩු මිලට ලබා ගති. මුලදී උඩරට රාජ්‍යය
කෙරෙහි ලිහිල් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද 1766
ගිවිසුම ම`ගින් උඩරට රාජ්‍යය හුදකලා කොට විශාල වශයෙන්
ආර්ථික වාසි ලබා ගත්හ.
ආගමික ප්‍රතිපත්ති
පෘතුගීසීන් ශ්‍රී ලංකාව තුළ කතෝලික ආගම ස්‌ථාපිත කිරීමට
දැඩි උත්සාහයක් දැරීය. එහෙත් 1650 පමණ සිට ලන්දේසීන්ගේ ආගම
වූයේ රෙපරමාදු ක්‍රිස්‌තියානි ආගමයි. යුරෝපයේ ආගමික
ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයත් සම`ග ආගම් අතර දැඩි තරගයක්
නිර්මාණය වී තිබිණ. නැගී එන ධනවාදයේ අවශ්‍යතාවන්ට අනුව ආගම
වෙනස්‌වීම ආගමික ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයෙන් සිදු වූ බව
මැක්‌ස් වේබර්ගේ අදහසයි. රෙපරමාදුවාදීන් වූ ලන්දේසීහු
පෘතුගීසීන් තරම් ආගම ප්‍රචාරයට මුල්තැන නුදුන්න ද පෙරදිග
වෙළෙඳ සතුරා වූ පෘතුගීසීන්ට පහර දීමේදී ඔවුන්ගේ වෙළෙඳ
කටයුතුවලට මෙන්ම කතෝලික ආගමටත් පහර දිය යුතු බව විශ්වාස
කළහ.
ලන්දේසීන්ට තම ආගම ප්‍රචාරයේ දී අභියෝග කිහිපයක්‌ම
විය. පෘතුගීසීන් හඳුන්වා දුන් කතෝලික ආගම, බුදු දහම සහ
හින්දු දහම යි. යුරෝපයේ දී ලන්දේසීන්ගේ ප්‍රධාන ආගමික සතුරා
ඉස්‌ලාම්වරු වුව ද පෙරදිග දී ඒ තැන ගත්තේ කතෝලික ආගමයි.
1658 දී පෘතුගීසී බලය ලංකාවෙන් ඉවත් වුවද කතෝලික ආගම
මුහුදුබඩ ප්‍රදේශවල දැඩිව ව්‍යාප්තව තිබිණි. එනිසා
ලන්දේසීන්ගේ ආගම සම්බන්ධ ප්‍රධාන කාර්යය වූයේ ස්‌වදේශික
කතෝලිකයන් රෙපරමාදු ආගමට හරවා ගැනීම යි. 1658 වන විට
මුහුදුබඩ ප්‍රදේශවල කතෝලිකයන් 250,000 ක් පමණ සිටි බව
සඳහන් ය. ආගම ප්‍රචාරයේ දී පෘතුගීසීන් තරම් කෲර නොවූව ද
ලන්දේසීන් සාධාරණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා යයි කිව
නොහැකි ය. හින්දු හා බෞද්ධ ආගම් සාතන් හෙවත් යක්‌ෂයාගේ ආගම්
ලෙස හැඳින් වූ බව පෙනේ.
කතෝලිකයන්ට දරුණු ආගමික
ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ ලන්දේසීන් බෞද්ධ හා හින්දු
ආගම් කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේ වාණිජ ලාභය
අරමුණු කරගත් ඔවුනට බහුතරය බෞද්ධ හා හින්දු වූ ජන සමාජයක තම
අරමුණට ළ`ගාවීමට නොහැකි වන බැවිනි. උඩරට රජවරු බෞද්ධාගම
රැකීමට උදව් ඉල්ලු අවස්‌ථාවල අකැමැත්තෙන් වුව ද සහය දීමට
ලන්දේසීන්ට සිදුව ඇත. උපසම්පදාව ගෙන්වීමට රක්‌ඛංග දේශය සහ
සියම් දේශය වෙත යාමට නාවික සහය ලබාදීම ඊට නිදසුනකි. තම පාලන
ප්‍රදේශ තුළ කතෝලික ආගම ඇදහීම තහනම් කිරීමට ක්‍රියාකර ඇත.
කතෝලික පූජකයන්ට ආරක්‌ෂාව සපයන්නන්ට මරණීය දණ්‌ඩනය නියම
විය. රෙපරමාදු භක්‌තිකයන්ට
රැකියා කටයුතුවල දී විශේෂ
වරප්‍රසාද ලබාදුණි. ඔවුනට බදු සහන ද ලබාදුන් බැවින් ඉහළ
පන්තිවල සාමාජිකයන් රෙපරමාදු ආගම වැළඳගැනීම කෙරෙහි වැඩි
නැඹුරුවක් දක්‌වන ලදී.
ලන්දේසීන්ගේ ආගමික ක්‍රියා
පටිපාටියේ කැපී පෙනෙන චරිතය වූයේ 1656 ලංකාවට පැමිණි
බැල්දියෙස් දේවගැතිවරයා ය. තම සහායට ඕලන්දයෙන් සහ
බතාවියාවෙන් පිරිස් ගෙන්වා ගත් ඔහු ආගම ප්‍රචාරයට විවිධ
ක්‍රමෝපායන් භාවිතා කර ඇත. කොමාන්ඩරිවල කෙර්කෙරාඩ්ස් නම්
ආගමික මණ්‌ඩල පහක් පිහිටුවා තිබුණි. යාපනය කොමාන්ඩරියේ එම
මණ්‌ඩල දෙකක් ම පිහිටුවා තිබුණේ කතෝලිකයන් විශාල පිරිසක්
සිටි බැවිනි.
ආගම් ප්‍රචාරයේ දී වඩාම ඵලදායී ක්‍රමය
දේශීය භාෂා උපයෝගී කර ගැනීම බව පෙන්වා දුන් බැල්දියෙස්
දේවගැතිවරයා දේශීය භාෂා ඉගෙන ගැනීමට දේව ගැතිවරු යොමු කර
ඇත. "දස පනත", "ස්‌වාමි දරුවන්ගේ යාඥාව" ආදී කෘති දමිළ බසට
පරිවර්තනය කර සිංහලයට ද පරිවර්තනය කර ඇත. සිංහල උගතුන්
යොදවා ආගමික කෘති සිංහලයට පරිවර්තනය කරන ලදී. පාසැල් තුළ
කුඩා දරුවන් ඉලක්‌ක කරගෙන නාට්‍ය, සංගීත හා ස්‌ත්‍රොaත්‍ර
ඉදිරිපත් කරමින් ආගමික සංකල්ප ප්‍රචාරයේ යෙදුණි. මෙය ඉතා
සාර්ථක ක්‍රමවේදයක් වී ඇත. වරප්‍රසාද හමුවේ
ක්‍රිස්‌තියානිය වැළ`දගත් පිරිසගෙන් බහුතරය නාමිකව
ක්‍රිස්‌තියානි වී රහසේ මුල් ආගම ම ඇදහූ බව ලන්දේසි
වාර්තාවන්ගෙන් ම හෙළිදරව් වෙයි. Ñලංකාවේ ලන්දේසීන් ගොඩ නැගූ
ආගමික ශක්‌තිය ඔවුන් ඉදිරිපිට ම කඩා වැටුණු බ්‍රිතාන්‍ය
වාර්තාවල ස`දහන් වේ.
අධ්‍යාපනය
ලන්දේසීන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සුවිශේෂී ප්‍රතිඵලයකි,
නූතන පාසල් අධ්‍යාපන ක්‍රමය. මෙම අධ්‍යාපන ක්‍රමය ආගම්
ප්‍රචාරය හා එකට බැඳී පැවතුණි. ඉස්‌කෝල නමින් හැඳින් වූ
අධ්‍යාපන අරඹා එම ප්‍රදේශවල දරුවන්ට පාසල්වලට පැමිණීම
අනිවාර්ය කළහ. ගම් කීපයකට හෝ එක ගමකට එක බැගින් අධ්‍යාපන
ආයතන තිබුණි. මෙම පාසැලක ගුරුවරුන් හතරදෙනෙක් සේවය කළ අතර,
පාසල් කිහිපයකට කතිසේරුවෙකු බැගින් පත්කර තිබුණි. මවුබසින්
ඉගැන්වීම් සිදු කළ අතර, විෂය මාලාවේ ප්‍රධාන තැන හිමිව
තිබුණේ කියවීම, ලිවීම හා ක්‍රිස්‌තියානි මූලධර්ම ඉගැන්වීමට
යි. යුරෝපීය ජාතිකයන් සඳහා වෙනම ම පාසල් ක්‍රියාත්මක විය.
ගුරුවරුන් පුහුණුවට කොළඹ නෝමල් නම් පාසැලක් තිබුණි. කොළඹ
පිහිටි සෙමනේරිය ම`ගින් ලන්දේසි භාෂාවෙන් උසස් අධ්‍යාපනය
ලබාදෙන ලදී. 1739 දී පළමු වරට කොළඹ මුද්‍රණාලයක් අරඹන ලදී.
මේ හරහා ආගමික ග්‍රන්ථ රැසක් මුද්‍රණය විය. එහෙත් තත්
යුගයේ මෙම මුද්‍රණාලය කොතරම් ප්‍රයෝජනවත් වූයේ ද යන්න විමසා
බැලිය යුතු ය.
සංස්‌කෘතිය
ලන්දේසි පාලන සමයේ
උරුම වූ දායාදයන් ගැන විමසීමේ දී සමාජය සහ සංස්‌කෘතිය දෙස ද
විමසිලිමත් විය යුතුය. පෘතුගීසී පාලන යුගයේ බිහිව තිබූ
බටහිර සංස්‌කෘතිය අගයන පිරිසෙහි සංඛ්‍යාවේ ඉහළ යාමක් මෙකල
දක්‌නට ලැබෙයි. බර්ගර් හෙවත්, ලන්සි නමින් හැඳින්වූ ජන කොටස
ලංකාවේ ව්‍යාප්ත වූයේ ලන්දේසි පාලනයේ ප්‍රතිඵලයක් වශයෙනි.
ලන්දේසි පාසල් ක්‍රමය ම`ගින් අකුරු කියවිය හැකි විශාල
පිරිසක් සමාජගත කෙරුණි. ක්‍රිස්‌තියානි ආගමට අහිතකර සමාජ
සිරිත් විරිත් මැඩලිය යුතු යෑයි පූජක පක්‌ෂය නිතරම රජයට
කියා සිටියහ. එසේ වුව ද සමාජ ජනජීවිතයට ලන්දේසීන්ගේ වැඩි
බලපෑමක් දක්‌නට නොලැබේ. ලන්දේසීන්ගේ ඇඳුම් පැළඳුම්,
විලාසිතා සහ භාෂාව මෙරට සංස්‌කෘතියට අලුත් අංග දායාද කොට
තිබේ. මෙම යුගයේ විහාර බිතුසිතුවම් පරීක්‌ෂා කරන විට එවක
අලුතින් ඇතිවූ විලාසිතා හඳුනාගත හැකිය.
වෙළෙඳාම
පුළුල් වීම නිසා නව නගර වර්ධනය විය. මීගමුව, පුත්තලම,
මඩකලපුව, ගාල්ල, මාතර හා කළුතර යන තොටුපොළවල විශාල
ගොඩනැ`ගිලි ඉදිවී පුළුල් නාගරික ලක්‌ෂණ බිහිවිය. යම්
පමණකින් ගම් වැසියෝ නගරවල පදිංචියට පැමිණ නාගරික ජීවිතයට
හුරු වූහ. ඔවුන් රැකියාවල යෙදෙමින් මුදල් ඉපැයූ අතර ජනතාව
අතර මුදල් භාවිතය වැඩි විය. කේක්, අච්චාරු, කොකිස් වැනි
ආහාර වර්ග ලන්දේසි පාලනයෙන් ලැබුණු ප්‍රතිඵලයන් ය. අර්තාපල්
හා ජම්බෝල වැනි වචන ද ලන්දේසි භාෂාවෙන් ලංකාවට ලැබී
ඇත.
ගෘහ නිර්මාණ කලාව
ලන්දේසි පාලන යුගයේ දී
විශාල කුලුනු සහිත උස් ගොඩනැ`ගිලි ඉදිකිරීම ඇරඹුණි. කොළඹ
අලුත්කඩේ පිහිටා ඇති වුල්ෆeන්ඩල් දේවස්‌ථානය ඊට හොඳම
නිදසුනකි. ගාල්ල, මීගමුව, මාතර, කොළඹ සහ යාපනය නගරවල ඇති
ලන්දේසි බලකොටු හා දේවස්‌ථාන ද නිදසුන් ය. මැද මිදුල සහිත
පැරණි ප්‍රභූ නිවාස ලන්දේසි පාලනයෙන් ලැබුණු දායාද වේ. ගෘහ
නිර්මාණ ශිල්පය හා සම්බන්ධ කර්මාන්ත ලංකාවේ අරඹන ලදී.
මොරටුවේ වඩු කර්මාන්තය හා කැලණියේ උළු කර්මාන්තය ඊට
නිදසුන් ය. ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය හා සිංහල භාෂාවට
එක්‌ව අද දක්‌වා ම භාවිතයේ පවතී. ඉස්‌තෝප්පු, සොල්දරේ,
තරප්පු, බාල්ක, ජනේල, කාමර, බරාඳ, බාස්, අල්මාරි සහ
ඉස්‌කුරුප්පු ආදි යෙදුම් ඉන් කිහිපයකි.
පරිපාලන
ක්‌ෂේත්‍රයේ ඇති වූ වෙනස්‌කම්, රෝම ලන්දේසි නීතිය හා අධිකරණ
ක්‍රමය, ආර්ථික වෙනස්‌කම්, ක්‍රිස්‌තියානි ආගම, විධිමත්
පාසල් ක්‍රමය, බර්ගර් ජනතාව, නාගරික ලක්‌ෂණ පුළුල් වීම,
මුදල් භාවිතය වැඩිවීම, බර්ගර් ජනයා, බටහිර සිරිත් විරිත්
අගයන සමාජ කොටස් නිර්මාණය වීම ආදිය ලන්දේසි පාලනයෙන්
ලැබුණු ප්‍රතිඵලයන් ලෙස සැලකිය හැක. සමාජ සහ සංස්‌කෘතික
ක්‍ෂේත්‍රය තුළ ඒවා වැඩි වශයෙන් දැකිය හැක.
පෘතුගීසීන් විසින් දේශීය පාලන රටාව, සංස්‌කෘතිය, භාෂා
සාහිත්‍ය විෂයෙහි ඇති කළ අවනතිය ලන්දේසි යුගය තුළදී වඩාත්
වර්ධනය වී සංවිධානාත්මක ස්‌වරූපයෙන් දේශීයත්වය වසා පැතිර
ගිය බවත් ලන්දේසි පාලනයේ ප්‍රතිවිපාක නූතන දේශපාලන, සමාජ සහ
ආර්ථික ප්‍රපංචය තුළින් ප්‍රකට
වෙයි.
Thank you
ReplyDelete����������️��thanks����������������
ReplyDeleteThank you so much ��
ReplyDeleteWow. This was a & useful article to Sri Lankan history . Thank you so much . 👍👍
ReplyDelete