Sunday, October 12, 2014

අශෝක ධර්මය




අශෝක රජු රාජ්‍යත්වයට පැමිණීම පිණිස එකල භාරතයේ රට අභ්‍යන්තරයේ පැනනැඟී තිබුණා වූ බොහෝ අභ්‍යන්තර කැරළි කෝළාහල හා යුද්ධ සංසිඳුවීම අවශ්‍ය වූයෙන් ඒ සඳහා මුළු ශක්‌තිය යෙදවීය. මේ නිසා මනුෂ්‍ය ඝාතන සිදුවිය. මේ නිසා අශෝක රජු චණ්‌ඩාශෝක ලෙස ප්‍රකට විය. නමුත් ක්‍රමයෙන් බෞද්ධ භික්‍ෂුවක්‌ වෙතින් සද්ධර්ම ශ්‍රවණය ලබා දහම් රසය විඳ ගත් පසු ඒ අනුව කටයුතු කිරීමට ඉටා තමන් එතෙක්‌ කළ මනුෂ්‍ය ඝාතන ක්‍රියා සියල්ල අත්හැර, රටවල් ආක්‍රමණය කිරීමෙන් වැළකී, සියලු රටවල් වෙත තමන් රස විඳි දහමේ සිසිලස ලබාදීමට ක්‍රියා කළ බැවින් අශෝක රජු චණ්‌ඩාශෝක ලෙස හැඳින්වීම බැහැර වී ඒ වෙනුවට ධර්මාශෝක ලෙස හැඳින්විනි.

අශෝක රජු තරම් ස්‌ථවිරවාදී බුදුA දහමේ ව්‍යාප්තිය පිණිස කටයුතු කළා වූ රජ කෙනෙක්‌ නොමැති නිසා මේ රජු වටා ගොඩනැඟී ඇති විවිධ ජනප්‍රවාද සාහිත්‍යගත තොරතුරු හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් රාශියකි. (සරණංකර හිමි ගණේගම, බෞද්ධ මහාධිරාජ අශෝක හා සෙල්ලිපි, මංගල මුද්‍රණාලය, කොළඹ, 1963, පි. 26) අශෝක රජු පිළිබඳව මධ්‍යස්‌ථ විචාරකයන් දක්‌වන්නාවූ වැදගත් දෙයක්‌ වනුයේ අශෝක බුදු දහම ජාත්‍යන්තරව ව්‍යාප්ත කර හැරීමට ජාත්‍යන්තර ධර්මදුත කණ්‌ඩායම් යෙදවූවා පමණක්‌ නොව "අශෝක ධර්මය" ලෙසින් විචාරකයන් විසින් දැනට හඳුන්වා දී තිබෙන්නාවූ බුද්ධ ධර්මයේම න්‍යායයන් පදනම් කරගෙන ගොඩනැඟුණු කිසිදු ආගමකට අයත් නොවූ එහෙත් සෑම ආගමකම කියවෙන යහපත් දේ එක්‌කර ගොඩනගා ගත් තමන්ගේම චින්තනයක්‌ ද අශෝක රජු හට තිබුණු බවයි. (එම, පි. 68)

විශේෂයෙන්ම මෙම අශෝක ධර්මය දැක්‌වෙන්නේ ඉන්දියාව පුරා අශෝක රජු විසින්ම පිහිටුවා ලනු ලැබූ සෙල්ලිපි වලය. මේවා භාරතය පුරා තැනින් තැන ඉතා විශාල ප්‍රමාණයක්‌ දක්‌නට ලැබේ. අශෝක රජු විසින් පිහිටුවන ලද සෙල් ලිපි වලින් බොහොමයක්‌ දැනට සොයාගෙන ඇති අතර ඒවා තවමත් සොයා ගනිමින් පවතිsයි. දැනට සොයා ගෙන ඇති අශෝක සෙල් ලිපිවල සඳහන් ධර්මය ඉන්දියාවේ සියලුම ආගම්වල සඳහන් මූලික ඉගැන්වීම් යෑයි සමහරු කියති. එහෙත් ඒ සියල්ල තනිකර බුදු දහමේ න්‍යායයන් පාදක කර ගොඩ නැඟුණු ඒවා බව පහත දක්‌වන සෙල් ලිපි වලින් උපුටා ගැනුණු එමෙන්ම සිංහලට පරිවර්තිත පාඨ මඟින් සනාථ කළ හැකිය. (එම, පි. 68)

1. සියල් සතුන් හට කරුණාව දැක්‌වීම.

2. ශ්‍රමණ, බ්‍රාහ්මණ, ඥති මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීම.

3. ඇත්ත කීම.

4. සිතේ පිරිසිදුකම.

5. අවංක බව.

6. මෘදු බව.

7. කෙළෙහි ගුණ සැලකීම.

8. ආත්ම දමනය.

9. ස්‌ථිර බව (සෘජු බව).

10. සත්ව ජීවිතයට ගරුකිරීම.

11. පවට බිය වීම.

12. ධනෝපායනයේදී හා වැයකිරීමේදී මැදහත් බව.

13. මව්පිය, ගුරුවරු, වැඩිහිටියන්ට සැලකීම.

14. ශ්‍රමණ, බ්‍රාහ්මණ, ඥති, මිත්‍ර, සේවක හා වහලුන් හට නිසි ලෙස සැලකීම.

15. රෞද්‍රකම, කෲරකම, කෝපය, අහංකාරකම හා ඊර්ෂ්‍යාව යන දුර්ගුණයන්ගෙන් වියුක්‌ත වීම.

16. හොඳ වැඩකිරීමට උනන්දුවීම.

17. රෝගී, මහලු හා දුගී අයට උපස්‌ථාන කිරීම.

18. අන්‍යාගම්වලට ගරුකරන හා ඉවසනසුලු බව.

19. නිරර්ථක පුද පූජා විධීන් අත්හැරීම.

20. නිකායික දැඩි පක්‍ෂපාතීත්වය නැති බව.

21. අනවශ්‍ය සමාජෝත්සව නොපැවැත්වීම.

22. මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා ජීවත්වීම.

23. සැහැල්ලු ජීවිතයෙහි අනුසස්‌.

24. අධික වියදම් කිරීමෙහි ආදීනව.

25. ධර්ම දානය උසස්‌ කොට සැලකීම.

අශෝක දෙවියන් ගැන සඳහන් කරයි. එහෙත් කිසිම දෙවියකුගේ නමක්‌ නොකියයි. මැවුම්කාර දෙවි කෙනකු ගැන ඔහු නොදනියි. ඔහු සමාජයේ සදාචාරය උසස්‌ කොට සලකයි. ඔහුගේ ආගම උසස්‌ ගුණ ධර්මවලින් යුක්‌ත සමාජයක්‌ බිහිකිරීමයි. අශෝක හිතන හැටියට ආගම යනු භක්‌තිමත් බව, ආගමික උනන්දුව, ආගමික පූජා විධි පැවැත්වීම, අභිධර්මය ප්‍රගුණකිරීම හා භාවනා කිරීම පමණක්‌ නොවේ. කිසියම් සමය සංකල්පයක ආභාෂය ලබා ඉන් ස්‌වකීය දිවිය ඔපවත් කර ගැනීම වරදක්‌ නොවන මුත් එයට පමණට වඩා ගැතිව, ආගමෙහි මතුපිට ඔපයට පමණක්‌ මුළාව අන්‍ය සමයවාදයන්a හෙළාදැකීම වරදක්‌ ලෙස අශෝක විසින් සිතන ලද බව පැහැදිලි වේ.

අශෝකගේ ආගම ඒකාන්තයෙන්ම ක්‍රියාත්මක මානුෂික හැඟීමෙන් සමන්විත, කාරුණික ලක්‍ෂණ වලින් යුක්‌ත එකකි. "තමන් හොඳ විය යුතුය. අනුන්ට හොඳ කළ යුතුය." යනු ඔහුගේ හැඟීමයි. "එකිනෙකා එකිනෙකාට සේවය කොට එකිනෙකා එකිනෙකාට ඇති භයෙන් නිදහස්‌ විය යුතුය" යනු අශෝකයේ විශ්වාසයයි.

පියා පුතෙකුගේ දියුණුවට කටයුතු කිරීමට යුතුකමින් බැඳී සිටියි. එසේ කිරීම ණයෙන් නිදහස්‌ වීමකි. එසේ නොකළහොත් ණයකරුවෙක්‌ වෙයි. මේ අශෝකගේ හැඟීමයි. අශෝකගේ හැඟීම් අනුව ධර්මයෙහි උතුම් කොටස නම් "සීල" හෙවත් සදාචාරය මිස වැඳීම පෙරහැර පැවැත්වීම ආදිය නොවේ. ධර්මයෙන් දියුණුවීම හැටියට ඔහු සැලකුවේ සදාචාරයෙන් සීලයෙන් දියුණුවීමයි. බුදුරජාණන්වහන්සේ දේශනා කළ කුසල් කිරීමෙහි "අප්‍රමාදය" (අප්පමාදෝ අමතපදං) "සිහිය" අශෝක "පරාක්‍රම" "උත්ථාන" යන වචනවලිsන් පැවසෙන පරිදි නිතර ස්‌වකීය ශිලා ලිපිවල ලියවා තැබ්බවීය. ඉතා සැලකිය යුතු කරුණක්‌ නම් අශෝක ඔහුගේ "ධර්ම" යට ආගමික දර්ශන අංශය අඩංගු නොකිරීමයි. මෝක්‍ෂ, නිබ්බාන, භාවනා, සමාධි, යෝග, තපස්‌, අභිනිෂ්ක්‍රමණ යන පොදු භාරතීය ආගමික වචන ඔහුගේ ධර්මයෙහි අඩංගු නොවීය. දිව්‍ය ලෝකයට යන මාර්ගය හැටියට අශෝzක සැලකුවේ අභිනිෂ්ක්‍රමණය (ගිහිගෙය හැරයාම) නොව, "ටිකක්‌ වියදම් කිරීමත්ය." විශාල වශයෙන් ධන සැපයීමේත් විශාල වශයෙන් ධන වියදම් කිරීමේත් ආදීනව අශෝක මැනවින් දිටීය. (එම පි. 71)

ආත්මාර්ථකාමී බව, ආඩම්බරකම, කෑදරකම, අන්‍යයන් විශේෂයෙන් දුප්පතුන් නොතකා හැරීම වැනි දුර්ගුණ රාශියක්‌ ධනපතීන් කෙරෙහි නිරායාසයෙන්ම ඇති වූ බැවිනි. අශෝක ඉතා භක්‌තිමත් බෞද්ධයකු වුවත්, නිර්වාණය ලබාගන්නට හෝ බුද්ධාගම වැළඳගන්නට කියා හෝ කිසිවෙකුහටවත් නොකීය. ඔහු නිර්වාණය ත්‍රි ලක්‍ෂණය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, සප්ත විශුද්ධිය වැනි වචන කිසිවක්‌ භාවිත කොට ද නැත. බුද්ධ ධර්මයෙහි අන්තර්ගත හරයෙන් අශෝක වැළඳ ගත්තේ දාර්ශනික, අභිධම්මික, සමාජ හෝ මනෝවිද්‍යාත්මක පැතිකඩ නොවේ. සාමාන්‍ය පොදු මහජනතාවගේ සදාචාර වර්ධනයට හේතු වන දිවියෙහි දෛනික පැවැත්මට අවශ්‍ය වන උපදෙස්‌ හා උපදේශනයයි. අශෝක බුද්ධ ධර්මය මිනිස්‌ ජීවිතයට හා පොදු මහජනතාවගේ දිවියට කා වද්දනු ලැබූයේ මේ ක්‍රමයෙනි. හෙතෙම බුද්ධාගම එකල භාරතයෙහි ව්‍යාප්තව පැවැති අති මහත් ආගම් සමූහය අතර තවත් එක්‌ ආගමක්‌ ලෙස නොව ජීවන මාර්ගයක්‌ සේ සැලකීය. (එම, පි. 71) අශෝක ධර්මයට දක්‌වන ලද සැලකිල්ල පහත සඳහන් කරුණු මඟින් සනාථ වේ. (එම, පි. 72)

1. ධර්මදූතයන් ලෝකයේ නොයෙක්‌ රටවලට යෑවීම.

2. ධර්ම ප්‍රචාරය සඳහා " ධම්ම මහා මාත්‍ර" නමින් නිලධාරී පිරිසක්‌ යෙදවීම.

3. ධර්මයෙහි හැසිරෙන ලෙස මිනිසුන්හට හා නිලධාරීන්හට අවවාද කිරීම.

4. ධර්ම ලිපි යෑවීම.

5. ධර්ම ලිපි ලියූ ස්‌ථම්භ පිහිටුවීම.

6.දික්‌ විජයට හැරවීම.

7. දඩයමේ යැම නවත්වා වන්දනාවේ යැම.

8. ධර්ම දානය සෑම දානයකටම වඩා උසස්‌ ලෙස වර්ණනා කිරීම.

9. භික්‍ෂූන් විසින් නිතර භාවිතා කළ යුතු බෞද්ධ සූත්‍ර පෙන්වාදීම.

10. ධර්ම සංගායනාවන් පැවැත්වීම.

11. ධර්මය අනුව ජීවත්වීම.

12. ධර්මානුකූලව ජීවත් වන්නවුන් උසස්‌ තනතුරුවලට පත්කිරීම.

අශෝක විහාර යාත්‍රා (විනෝද ගමන්) අත් හැර ධර්ම යාත්‍රවෙහි යෙදුනේය. දික්‌ විජය අත්හැර ධර්ම විජයෙහි යෙදුනේය. මේ ධර්ම විජය නම් බුද්ධ ධර්ම ප්‍රචාරයයි. ඔහු ඉන්දියාව තුළ ද විදේශවල ද අබෞද්ධයන් බෞද්ධ කිරීමේ හා බුද්ධාගම ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කොට අඛණ්‌ඩව පවත්වාගෙන ගියේය. යුද කොට රටවල් අත්පත් කරගැනීම සදහටම නතර කොට ධර්ම ප්‍රචාරයෙන් මිනිසුන්ගේ සිත් දිනාගැනීම, සිතුම් පැතුම් ශිsෂ්ට කිරීම ආරම්භ කළේය. මේ වනාහී අවි බලයෙන් මිනිසුන් නොමරා ලේ නොසොල්වා එහෙත් ඉතා සාමකාමීව ලෝකය දිනාගැනීම පිළිබඳ අශෝක විසින් යොදන ලද ඉතා බුද්ධිමත් සූක්‍ෂම උපක්‍රමයකි. කෙතෙරම් බල සම්පන්න රජෙකු විසින් කිසියම් රටක්‌ බලයෙන් අත්පත් කරගනු ලැබූවත්, එරට වැසියන් යටත් කරගනු ලැබූවත්, එරට වැසියන්ගේ සිත් තුළ ආක්‍රමණිකයා කෙරෙහි ඇති විරුද්ධවාදී ආකල්පය හුදෙක්‌ අවි බලයෙන් පමණක්‌ම මර්දනය කළ නොහැකිය. එරට වැසියන්ගේ සිත් දිනාගත නොහැකිය. ඒ තමන් පෙළනු ලබන ආක්‍රමණිකයා සෑම විටකම පිටස්‌තරයෙකි යෑයි හඟිනු හැඟීම සමග චිත්තාභ්‍යන්තරගතව පහළ වන විරුද්ධවාදී ආකල්පයෙහි බලපෑම නිසාය. තමන්ගේ ආධිපත්‍යය අන්‍ය විදේශවල ජනතාවට පිළිගැන්විය හැක්‌කේ බලහත්කාරයෙන් නොව මිත්‍රත්වය ඇසුරෙන් බව බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ඇසුරෙන් පසුකාලීනව මැනවින් වටහා ගත් අශෝක, එතෙක්‌ තමන් විසින් වයන ලද යුද බෙරය නවත්වා, දහම් බෙරය වාදනය කරවීය. අශෝක ඒ සඳහා මහින්ද හිමියන් හා සංඝමිත්තා මෙහෙණිය නමින් ප්‍රසිද්ධියට පත් වූ ස්‌වකීය දරුවන් බුදු සසුනට පූජාකිරීමට පවා නොපැකිළිව ඉදිරිපත් වීම අදාළ අරමුණෙහි ලා ඔහුගේ ඇති කැපවීම මොනවට විදහාලයි. තමාගේ වියෝවෙන් පසුව රාජ්‍යත්වයෙහි නියම උරුමකරු කවරෙක්‌දැයි නිශ්චය කරගැනීම පිණිස ස්‌වකීය අග බිසොව ඇතුළු බිසෝවරු කිහිප දෙනෙකු හට දාව ජන්මලාභය ලත්, රාජකීය පවුලේ සාමාජිකයන් අතර මතු ඇරඹිය හැකිව තිබූ භාරතයේ සිහසුන හා කිරුළු පතා සිදුකරනු ලබන අරගලයක පෙර නිමිති වලින් සිය දේවී නම් බිසවට දාව උපන් දරු දෙදෙනකුගේ ජීවිත සුරක්‍ෂිත කරවීම තකා ඔවුන් ලක්‌දිව වාසය සඳහා යොමුකරවීමද මහින්ද හිමි හා සංඝමිත්තා මෙහෙණිය යන දෙපළගේ ආගමනය පිටුපස ඇති අශෝකගේ තවත් අරමුණක්‌ දේශපාලනික නැඹුරුවක්‌ සහිත වූවක්‌ බව හඳුනාගත හැකිය. අශෝකගේ අභිනව ධර්ම ප්‍රචාරක ව්‍යාපෘතිය යටතේ විදේශයන් වෙත සන්නිවේදනය කරවීම පිණිස යොදා ගනු ලැබුවේද දුටුවන් පහදවන අතිශයින්ම සිල්වත් ගුණවත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාය. එකී ධර්ම ප්‍රචාරන යාන්ත්‍රණයෙහිලා යොදාගන්නා ලද ධර්ම දූත කණ්‌ඩායම් මහාවංශය දක්‌වන්නේ පහත සඳහන් අයුරිනි.

1. මඡ්Cධන්තික මහා ස්‌ථවීර - කාෂ්මීර ගාන්ධාරය

2. මහා රක්‍ෂිත මහ ස්‌ථවීර - ග්‍රීක රාජ්‍යය (සිරියාව, ඊජිප්තුව, සයිරිනී, මැසිඩෝනියා, එපිරස්‌)

3. මඡ්Cධිම මහා ස්‌ථවීර - හිමාලය රටවල්

4. ග්‍රීක ජාතික ධම්මරක්‍ෂිත මහා ස්‌ථවීර - මහා රාෂ්ට්‍රය

5. මහාදේව මහා ස්‌ථවීර - මහිස මණ්‌ඩලය (මයිසූර්)

6. රක්‍ෂිත මහා ස්‌ථවීර - වනවාසි (උතුරු කැනරා)

7. සෝණ හා උත්තර මහා ස්‌ථවිරවරුන් - ස්‌වර්ණභූමි (ඈත පෙරදිග හෝ බුරුමය)

8. මහින්ද මාහිමි ප්‍රමුඛ පිරිස - ලංකාව (එම, පි. 81)

අශෝක ඔහුටම ආවේණික වූ චින්තනය භාරතය පුරා ව්‍යාප්ත කර හැරීමට උපයෝගී කරගනු ලැබූයේ ශිලා ලේඛන යයි. භාරතය පුරා විසිරුණු ශිලා ලේඛන මහත් රාශියක්‌ මේ අනුව අශෝක හිමියන් පිහිටුවනු ලැබීය. ඒවායින් බොහොමයක්‌ මේ වන විට පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අතර මෙහි මාතෘකාවෙන් කියෑවෙන කරුණ වඩාත් සනාථ වන හෙයින් එම ශිලා ලේඛන අතරින් කීපයක්‌ නිදසුන් සේ දැක්‌විය හැකිය. එසේම ඒවායෙහි අන්තර්ගතය අනුව විෂයානුබද්ධව පෙළ ගස්‌වන ලද එම ශිලා ලිපි තුළින් අශෝක චින්තනය වඩා විධිමත් ලෙස හෙළි පෙහෙළි කර ගත හැකිය.

1. "ඉධ නං කිංචි ජීවං ආරහිත්පා ප්‍රජු හිතව්‍යං" (මෙහි කිසි සතෙකු මරා යාග නොකළ යුතුයි)

2. "බහුකං හි දොසං සමාජම්හි පසති" (සමාජොත්සවයන්හි බොහෝ දොස්‌ පෙනේ) (ගිරි ලිපි 1)

3. "දෙව විකීඡා කථා, මනුසච්කීඡා ච පසුකීච්ඡා ච"(මිනිසුන් හා තිරිසනුන් සඳහා වෛද්‍ය මෙහෙයයෝ දෙකක්‌ ඇත.)

4. "සාධු මාතරි ච සුශ්‍රැසා" (මව ද පියාටද උපස්‌ථාන කිරීම යහපති) (ගිරි ලිපි 3)

5. "මිත්‍ර සංස්‌තුක ඤාතීනං බ්‍රාහ්මණ - මමණාං සාධු දානං" (මිත්‍ර, හිතවත්, නෑ, බමුණන්, ශ්‍රමණයන් හට දන්දීම යහපති)

6. "ප්‍රාණාං සාධු අනාරං භො" (සතුන් නොමැරීම යහපති) (ගිරි ලිපි 3)

7. "අප ව්‍යයතා අප හඬනා සාධු" (අයවැය දෙකෙහි මධ්‍යම ප්‍රතිපදාව යහපති)

8. "සීලම්හි නිෂ්ටන් නො ධංමං අනුසාසිංසති" (ධර්මානුසාසනා කරන්නා සීලවන්තෙකු විය යුතුයි) (ගිරි ලිපි 4)

9. "ධංම චරණෙපි න භවති අසීලස" (සිල් හා හොඳ චරිතයක්‌ නැත්තා හට ධර්මයෙහි හැසිරිය නොහැක)

10. "කයාණෙ දුකලෙ" (හොඳ වැඩ කිරීම දුෂ්කරය)

11. "එ ආදි කාලෙ කයා නසා සෙ දුකලා කලෙති" (මුල්වරට හොඳ වැඩක්‌ කිරීම දුෂ්කරය) (ගිරි ලිපි 5)

12. "පාපෙහි නාම සපදාංසෙ" (පව්කිරීම ඉතා පහසු දෙයකි) (ගිරි ලිපි 5)

13. නාස්‌ති හි මෙ තොසො උස්‌ටානම්හි අථ සාති රණායවා" (අප්‍රමාදි ක්‍රියාශීලී බවෙහි තෘප්තියක්‌ මට නැත) (ගිරි ලිපි 6)

14. "කතව්‍ය මතෙහි මෙ සර්වලොක හිතං" (සියලු ලෝකයාගේ යහපත පිණිස වැඩකිරීම මගේ යුතුකමකි) (ගිරි ලිපි 6)

15. "ජානොතු උචාවච ඡන්දො උචාවච රාගො" (මිනිස්‌සු විවිධ විවිධ හැඟීම් හා ආශා සහිතයෝය) (ගිරි ලිපි 7)

16. "නාස්‌තිහි කංතෛරං සර්වලොක හිතත් පා" (ලෝකයාහට සේවය කිරීමට වඩා ලොකු වැඩක්‌ මට නැත) (ගිරි ලිපි 6)

17. "විපුලෙතු පි දානෙ යස නාස්‌ති සයමෙ භාච සුධීතා ච කතංªතා ච දෘඨ භකීච නීචා බාඪං" (කෙනෙකුට විශාල වශයෙන් දන් දෙන්නට හැකියාවක්‌ නැත, ඔහු කෙරෙහි සංයමයත් පිරිසිදු සිතත්, කෘතගුණ සැලකීමත්, දෘඪ භක්‌තියත් තිබිය යුතුයි.) (ගිරි ලිපි 7)

"අයංතු මහාඵලෙ මංගලෙ ය ඔංම මංගලෙ"(යම් ධර්ම මංගල්‍යයක්‌ වේද එය මහත් ඵල ඇති මංගලයයි) (ගිරි ලිපි 9)

18. "නාස්‌ති ඵතාරිසං දානං යරිසං ධමෙ දානං (ධර්ම දානයට සමාන දානයක්‌ නැත) (ගිරි ලිපි 11)

19. "පුජෙයHdතු එව පරපා යංච තෙන ප්‍රකාරනෙ" (අන්‍යාගමික පූජකයෝද ඒ යෝග්‍ය ක්‍රමයෙන් පිදිය යුත්තෝමය) (ගිරි ලිපි 12)

20. "සමාවයො එව සාධු" (සමගිය යහපත් වේ) (ගිරි ලිපි 12)

21. "සවෙ මුනිසෙ පජා මම" (සියළු මිනිස්‌සු මගේ දරුවෝය) (කා.ගිරි ලිපිය)

22. "නීතියං එ කිලංතෙ සියා, සාතෙ උගජෙ" (ඔයෑ එසරුd Adපසබසිර්එදර අසකක බදඑ Adඩ්බජැ) (පාලනයේදී වෙහෙසට පැමිණෙන පාලකයා උසස්‌ නොවෙයි) (කා. ගිරි ලිපි 1)

23. "එ කෙචි භංතෙ භගවතං බුධෙන භාසිතෙ සවෙ_ යෙ සුභාසිතෙ වා" (ස්‌වාමිනී, භාග්‍යමත් බුදුන් විසින් යමක්‌ දෙසන ලදද, ඒ සියල්ල සුභාෂිතය.) (බයිරාට්‌ ලිපිය)

24. "කයානං මෙව දෙවෙනි ඉයං මෙ කයානෙ කමෙති නො මිත පාපං දෙවෙනි ඉයං මෙ පාප කමෙති" (මිනිස්‌සු හොඳ වැඩක්‌ කළාම තුමු හොඳ වැඩක්‌ කළාහු යෑයි දකිතිá එහෙත් නරක වැඩක්‌ කළාම තුමු නරක වැඩක්‌ කළාහු යෑයි නොදකිති)

25. "වියොහාල සමතාව සියා දංච සමතාච" (සැම දෙනාටම නීතිය හා දඬුවම සමාන විය යුතුය)

26. "ස ච පාසාංඩාපි චෙ පූජිතා විවිධාය පූජාය" (සියලුම නිකායික පූජකයෝම මවිසින් නොයෙක්‌ ආකාරයෙන් පුදන ලද්දෝය) (ස්‌ථම්භ ලිපි 6)

මෙසේ සිය අශෝක ධර්මය ඉන්දියාව පුරා ව්‍යාප්ත කිරීම සඳහා තැනින් තැන ශිලා ලේඛන ලියා තැබීමෙන් පමණක්‌ නො නැවතුණු අශෝක ස්‌වකීය පැවැත්ම මඟින්ද එය තම රටවැසියාට ප්‍රදර්ශනය කරන්නට කටයුතු කළේය. මේ සඳහා රාජ්‍ය පාලන ප්‍රතිපත්ති පවා බුදු දහමේ ඉගැන්වීම්වලට අන්තර්ගතවන පරිද්දෙන් ධාර්මිකත්වය ඔප් නැංවෙන පරිදි සකස්‌ කර ගත්තේය. ධර්මිෂ්ඨ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක්‌ සිය රාජ්‍ය පාලනයේදී අනුගමනය කළ අශෝක සිය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම තුළින් රටේ මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය නොමඳව දිනාගත්තේය. අශෝකගේ ධාර්මික ප්‍රතිපත්ති අතරින් පහත සඳහන් දේ විශේෂයෙන් කැපී පෙනෙයි.

1. සතුන් මැරීම තහනම් කිරීම.

2. මිනිසුන් හා සතුන් සඳහා ආරෝග්‍යශාලා පිහිටුවීම.

3. ඔවුන් සඳහා ඖෂධ පැලෑටි රෝපණය කිරීම.

4. මගීන්ගේ ප්‍රයෝජනයට මහා මාර්ගය අසල ලිං කරවීම.

5. මගීන්ට සෙවණ සඳහා මාර්ග දෙපස ගස්‌ සිටුවීම.

6. ආවරණ සහිත පිංතාලි පිහිටුවීම.

7. විශ්‍රාම ශාලා පිහිටුවීම.

8. හිරකරුවන් අවුරුදු පතා නිදහස්‌ කිරීම.

9. මරණීය දණ්‌ඩනයට නියම වූවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන් පැමින හැකිනම් නිදහස්‌ කර ගැනීම සඳහාත්, ඔවුන්ට දන්දීම, සිල් ගැනීම ආදියෙන් පින් සිsදු කර ගැනීම සඳහාත් තුන් දිනක්‌ කල් දීම.

10. නීතියට අපක්‍ෂපාති වන ලෙස ඇමැතිවරුන්ට අණකිරීම.

11. මහණ බමුණු ආජීවකයන්ට සංග්‍රහ කිරීම.

12. මව්පිය, වැඩිහිටි, ගුරුවර, දුගී මගී, යාචකාදීන්ට සැලකීමෙහි අනුසස්‌ කීම.

13. වහලුන්ට පවා යෝග්‍ය පරිදි සැලකීම.

14. තමා පියා හැටියටත් රටවැසියා දරුවන් ලෙසත් සැලකීම (යං ච මුනි සො මම පජා)

15. අන්‍යාගමිකයන් ගැන අනුකම්පාව දැක්‌වීම.

අශෝක රජතුමා සිය ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ ඉන්දියාව පුරා පමණක්‌ නොව ඉන්දියාවෙන් ඉතා දුර බැහැර ඈත රටවල්වලට පවා ව්‍යාප්ත කර හැරියේය. මේ සඳහා අශෝක රජු ඒ ඒ රටවල් සමග ඉතා කිට්‌ටු සම්බන්ධතාවක්‌ ගොඩනැඟීම පිණිස සිය රාජ්‍ය බලය යොදා කටයුතු කළේය. දුර බැහැර රටවල රජවරුන් සමග තානාපති සම්බන්ධතා පැවැත්වීය. විවිධ රටවල තානාපති කටයුතු පිණිස ඒ ඒ රටවල රජවරුන් සංචාරය කරවීමට කටයුතු පිළියෙළ කළේය. මේ සියලු දේම අශෝක රජු කළේ සිය ධර්ම ප්‍රචාරක යාන්ත්‍රණය සඳහා විදේශ අනුග්‍රහය හා අනුමැතිය ලබාගැනීම පහසු වනු පිණිසය. එසේම තමන්ගේ තානාපති කටයුතු පිළිබඳ අශෝක රජු විසින් ශිලා ලේඛනවල සටහන් තැබ්බවීය.

අශෝකගේ පර්වත ලිපි අංක 13 හි බටහිර රජුන් පස්‌ දෙනකුගේ නම් සඳහන් වෙයි. මෙම රජවරුන් පස්‌ දෙනා අශෝක විසින් විදේශ රටවල ධර්ම ප්‍රචාරක කටයුතු වලදී සහය කරගන්නා ලද එමෙන්ම තානාපති කටයුතු සහ තානාපති සබඳතා පැවැත්වීම සඳහා සංචාරය කරවනු ලැබූ රජවරු වෙති. මොවුහු ග්‍රීක රජවරු වශයෙන් පුරා විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. මෙම රජවරුන්ගෙන් කෙනෙක්‌ නම් දෙවෙනි ඇන්ටියෝකස්‌ය. විශේෂයෙන් මොහු හා සම්බන්ධය ඇතිවීමට එක්‌ හේතුවක්‌ නම් අශෝකගේ මිත්තණිය හෝ මෑනියන් සෙලුකස්‌ගේ දුව වීම යෑයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. විදේශ ධර්ම දූත සේවාව පිණිස තානාපතිවරු ලෙස ක්‍රියාකිරීමට අශෝක විසින් සංචාරය සඳහා යවන ලද ග්‍රීක රජවරුන් පස්‌ දෙනා පිළිබඳ සෙල්ලිපිවල සඳහන් තොරතුරු මෙසේ දැක්‌විය හැකිය.

1. දෙවෙනි ඇන්ටියෝකස්‌ (ශිලා ලේඛනවල සඳහන් වන්නේ "අභියොගො නාම යොනලාජ" ලෙසය) සිරියාවේ පළමුවන ඇන්ටියෝකස්‌ගේ" පුත්‍රයාය. සෙලුකස්‌ නිකර්ගේ මුණුබුරායි. සෙලුකස්‌ චන්ද්‍රගුප්තගේ රාජ සභාවට තානාපතියෙකු ලෙස මැගස්‌තීනස්‌ එවීය. බින්දුසාර පළමුවැනි ඇන්ටියෝකස්‌ සමග මිත්‍රව විසීය. දෙවැනි ඇන්ටියෝකස්‌ අශෝකගේ රාජ සභාවට තානාපතීන් යවන්නට ඇත.

2. ඊජිප්තුවේ දෙවැනි ටොලමී පිලඩෙලපස්‌ (ශිලා ලේඛනවල සඳහන් වන්නේ "තුලමයෙනාම" ලෙසයි.) රජුය. ක්‍රි.පූ. 285 - 247 අතර විසූවකි. මේ රජු ඩයිනීයස්‌ නමැති තානාපතිවරයකු නිර්ණාමික ඉන්දියන් රජෙකු වෙත යෑවූ බවත්, ඒ රජු බින්දුසාර හෝ අශෝක විය හැකි බවත් "ප්ලිනි" කියයි.



3. ඇන්ටිගෝනස්‌ ගෝනටස්‌ (ශිල ලේඛනවල සඳහන් වන්නේ "අන්තෙකිනෙ" නාම ලෙසය) නම් මැසිඩෝනියාවේ රජු (ක්‍රි.පූ. 278 - 230) ය.

4. සයිරේනියාවේ මගස්‌ (ශිලා ලේඛනවල සඳහන් වන්නේ "මකා නාම" ලෙසය) නම් මැසිඩෝනියාවේ රජු (ක්‍රි.පූ. 300 - 250) ය. දෙවැනි ටොලමිගේ අර්ධ හාතෘවරයෙකි.

5. එපිරස්‌හි ඇලෙක්‌සැන්ඩර් (ශිලා ලේඛනවල සඳහන් වන්නේ "අලික්‍යqසුද ලෙ නාම" ලෙසය) රජු (ක්‍රි.පූ. 272 - 255) ය.

ශිලා ලේඛන මඟින් ලැබෙන තොරතුරු අනුව අශෝක ධර්ම දූත තානාපති සබඳතා ඉතා විශාල රටවල් ප්‍රමාණයක්‌ සමග පැවැත්වීය. මේ හැම විටකදීම විදේශ රටවල් අශෝක ධර්ම මහාරාජාධිවරයෙකුගේ තත්ත්වයන් සලකා ගෞරවයෙන් යුතුව ක්‍රියා කර තිබේ. එසේම මෙම රටවල තානාපති සබඳතා පිණිස එවන ලද තානාපතිවරු මහත් ගෞරවයෙන් පිළිගෙන බුද්ධ ධර්මය ව්‍යාප්තිය පිණිස අවශ්‍ය සියලු පහසුකම් ඉහත සඳහන් තානාපතිවරුන්ට ලබාදීමට විවිධ රටවල රාජ්‍ය පාලකයන් විසින් ක්‍රියාකර තිබේ. අශෝක තමන් ධර්ම දූත තානාපතිවරුන් යෑවූ රටවල් පිළිබඳව සිය ශිලා ලේඛනවල සඳහන් කර තිබේ. ඒ අතුරෙන් කිහිපයක්‌ පහත දැක්‌වේ.

1. දෙවැනි ඇන්ටියෝකස්‌ විසූ සිරියාව.

2. දෙවැනි ටොලමි පිලඩොල්පස්‌ විසූ ඊජිප්තුව.

3. ඇන්ටිගෝනස්‌ විසූ එපිරස්‌ දේශය.

4. සොලී රට.

5. පාන්ඩ්‍ය රට.

6. තාමුපර්ණි රට (ලංකාව)

7. යවන රට. (ගීකය)

8. කාම්බෝජය (උතුරු පන්ජාබය)

9. නාහක හා නාහක පංකේනි (දකුණු පන්ජාබය)

10. හෝජ රට (වර්තමාන බෙරාර්)

11. පිතිනික (වයඹ දිග ඩැකානය)

12. ආන්ධ්‍ර දේශය.

13. ගන්ධාර (කන්දහාර්)

14. කාලිංගය (ඔරිස්‌සාව)

15. කේරළ දේශය (ට්‍රැවන්කෝර්)

16. ඇලෙක්‌සැන්ඩර් විසූ එපිරස්‌ දේශය

17. මගස්‌ විසූ සයිරේනියාව

18. රාෂ්ට්‍රක (මහා රාෂ්ට්‍ර - මැරෑටි)

19. සතිය පුත්‍ර ඩැකානයේ පිහිටි ප්‍රදේශයන්.

මිහිඳු හිමියන් ලක්‌දිවට පැමිණියේ තවත් පස්‌ නමක්‌ සමගය. ඉහත නම් සඳහන් අනිත් මහතෙරවරුන් ද තනිවම නොව පිරිවරත් සමග ඒ ඒ රටවල ධර්ම ප්‍රචාරක කටයුතු පිණිස යන්නට ඇති බව එයින් පෙනේ. කෙසේ හෝ ආසියා, අප්‍රිකා, යුරෝප යන මහද්වීප තුනට ධර්ම දූතයෝ යවනු ලැබූහ. ඉන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබුවේ ලංකාවට එවන ලද ධර්ම දූතයෝයි. අශෝකගේ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රතිඵල තවමත් නොනැසී පවතියි. එය තවමත් ලෝකයේ ප්‍රචාරය වෙමින් හා ව්‍යාප්ත වෙමින් පවතියි. අශෝකගේ ධර්ම ප්‍රචාරක කටයුතු ව්‍යාප්ත වී ගිය රටවල් පහත දැක්‌වෙන අයුරින් දැක්‌විය හැකිය. මෙම රටවල් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ අශෝක විසින් පිහිටුවන ලැබූ ශිලා ලේඛනවල විස්‌තර මගිනි.

1. ඉන්දියාව

2. ලංකාව

3. බුරුමය

4. සියමය

5. කාම්බෝජය

6. චීනය

7. ටිබැට්‌

8. නේපාලය

9. බූතානය

10. මධ්‍යම ආසියාව

11. මොන්ගෝලියාව

12. දකුණු රුසියාව

13. සීකීම්

14. කොරියාව

15. ජපන්

16. වියට්‌නාම්

17. ජාවා

18. බාලි දූපත්

19. ඇනාම්

අශෝක ධර්ම දූතයන් යෑවූ හැම රටකටම වඩා ශ්‍රී ලංකාවට විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූ බව පෙනේ. ඔහුගේ පුත්‍රයාත්, දූහිතෘවන්, මුණුබුරාත් යන තිදෙනා වෙන රටකට නොයවා ශ්‍රී ලංකාවට එවීම ලක්‌දිවට දැක්‌වූ විශේෂ සැලකිල්ලක්‌ ගැන හොඳම සාක්‍ෂියකි. එකල ලක්‌දිව විසූ තිස්‌ස රජුට තමාගේ "දෙවානං ප්‍රිය" යන උපාධිය පිsරිනැමීමත් විශේෂ සිද්ධියකි. මොවුන් දෙදෙනාගේ පූර්ව සම්බන්ධකම් ගැන වංශ කථාවල සඳහන්වෙයි. මෙයට අමතරව මොග්ගලීපුත්ත හිමියන් විසින් මූලිකත්වය ගෙන සිදු කළ තෙවැනි ධර්ම සංගායනාවේ දී ඊට අවශ්‍ය සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ අවශ්‍ය සිවු පසය ඇතුළු සියලුම කරුණු කාරණා සම්පාදනය කරදීම ද අශෝක රජු වෙතින් ඉටුවිය. එමෙන්ම තෙවැනි ධර්ම සංගායනාව සිදුකරන අවස්‌ථාවේ දී අන්‍ය තීර්ථකයන් වෙතින් සසුන පිsරිසිදු කරවීමත්, සසුන තුළට ඇතුළු වී තිබූ මිථ්‍යා මතවාදයන් ඉවත්කිරීම පිණිස මොග්ගලීපුත්ත හිමියන් ලවා "කථාවත්ථුපකරණය" නම් සත්වන අභිධර්ම ග්‍රන්ථය රචනා කරවීමත් අශෝකගේ ධර්ම ප්‍රචාරක යාන්ත්‍රණයේ වැදගත් සිදුවීම් අතර වේ.

දර්ශනපති සුජිත් නිශාන්ත හේවගේ විසින් දිවයිනට සැපයූ ලිපියකි.

1 comment: