Saturday, January 17, 2015

මල මුහුද



මුහුද කිවුවට ඇත්තටම එක ලොකු විලක්.තියෙන්නේ ජෝර්දානය සහ ඊශ්ට්‍රයලය අතරේ.මේ විලේ තියෙන විශේෂත්වය තමයි අධික ලුණු සහිත බව.ඒ කොයි තරම්ද කියනවා නම් සාමාන්‍ය මුහුදු ජලය වගේ 9 ගුණයක්.ඒ නිසාම මල මුහුදේ ජීවීන්ට වාසය කරන්න බැහැ.ජීවයක් නැහැ කියන අදහසින් මේ විලට මල මුහුද නැත්නම් dead sea කියන නම ලැබිල තියෙනවා.ඒ වුනත් ඇසට නොපෙනෙන බැක්ටීරියා සහ පුස් වර්ග නම් මල මුහුදේ ජීවත් වෙනවා.
ඒ විතරක් නෙවෙයි පෘථිවි පෘෂ්ඨයේ පහලම ස්ථානයත් මල මුහුදයි.හරියටම කියනවා නම් ඒ මුහුදු මට්ටමින් අඩි 1388 ක් පහළින්.අධික ලුණු සහිත බව නිසාම මලමුහුදේ ජලය සාමාන්‍ය ජලයට වඩා බරින් වැඩියි.ඒ හේතුව නිසා මිනිසුන්ට කිසිම උත්සහයක් නොගෙන මේ වතුර  මතුපිට පා වෙන්න පුළුවන්.සංචාරකයෝ වැඩි දෙනෙක් මල මුහුදට එන්නෙත් මේ හේතුව නිසාමයි.
මල මුහුදේ ඇසට පේන ජීවින් නැති වුනත් ඒ අවට ප්‍රදේශයේ නම් හුඟක් සත්තු ඉන්නවා.ඔටුවෝ,හාවෝ,එළු වර්ග,සිවලුන් වගේම දිවියොත් ඒ ආශ්‍රිත කඳු ප්‍රදේශයේ වාසය කරනවා.ජෝර්දානය වගේම ඊශ්ට්‍රයලයත් මේ වටිනා ප්‍රදේශය විශේෂ පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් විදියට නම් කරලත් තියෙනවා.
මල මුහුදේ විශේෂ තොරතුරු
උපරිම දිග -67 km
උපරිම පළල -18 km සාමාන්‍ය ගැඹුර-118 m
උපරිම ගැඹුර -377 m
ජල පරිමාණය -147 km 3

3 comments:

  1. ගොඩක් හොඳයි සිංහලෙන් විස්තර බෙදාදෙන එක.

    ReplyDelete