ලොව සියලු පාලකයන්ට යහපත් පාලකයකු වන්නේ
කෙසේ දැ යි උගන්වන ධර්මාශෝක අධිරාජයා පිළිබඳ විශේෂ විමසීමකි මේ.
පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි
බෞද්ධ නරපති නාමාවලියෙහි ධර්මාශෝක නාමය
මුලින් ම සටහන් වනු දැකීමට සෑම බෞද්ධයෙක් ම පි‍්‍රය කරයි. මීට ප්‍රධාන ම හේතුව
බුදුරදුන් වදාළ බෞද්ධ සමාජ දර්ශනය සමාජය තුළ ප්‍රායෝගික ව සජීවාකාරයෙන් ක්‍රියාත්මක
කළ නරේශ්වරයා එතුමා වීම ය. මෙය ඓතිහාසික සත්‍යයක් සේ බෞද්ධයන් මෙන් ම ඉතිහාසඥයෝ ද
පිළිගනිති.
ක්‍රි.පූ. 322දී චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගෙන් ඇරැඹුණු
මෞය්‍ය¡ රාජවංශයේ තුන්
වැනි අධිරාජ්‍යයා වූයේ ධර්මාශෝක රජතුමා යි. දෙවැනි අධිරාජ්‍යයා වූ බින්දුසාර
රජතුමා අශෝක රජුගේ පියා යි. අශෝක කුමරා ක්‍රි.පූ. 273දී රාජ්‍ය පදවිප්‍රාප්ත වූයේ ය. මෙතුමා
පිළිබඳ දීපවංස, මහාවංස යන ප්‍රධාන
පාලි වංසකථා දෙකේ ද සමන්ත පාසාදිකාවේ ද විස්තර ඇතුළත් වෙයි. පසුකාලීන සිංහල හා
පාලි පොත්වල ද අශෝක අධිරාජ්‍යයා පිළිබඳ ව වඩ-වඩාත් තොරතුරු දක්වා තිබේ.
ඒ වාර්තාවලට අනුව කුඩා කල අශෝක නමින්
හැඳින්වුණු හෙතෙම සිය සහෝදරයන් මැරූ නිසා චණ්ඩාශෝක වූයේ ය. කාලිංග සංග්‍රාමයෙන්
පශ්චාත්තාපයට පත් වූ එතුමා බුදු සමය වැලඳගෙන දැහැමි දිවි පෙවෙතකට යොමු ව පොදු
ජනතාව වෙත ධාර්මික සහජීවන ප්‍රතිපදාවක් ඉදිරිපත් කළ නිසා ධර්මාශෝක වූයේ ය. භාරතය
පුරා විසිර ඇති අශෝක සෙල් ලිපිවල “දේවානං පියෙ පියදසි රාජා” (දෙවියනට පි‍්‍රය වූ
පි‍්‍රයදර්ශි රජ) යන්න සඳහන් වෙයි. සෙල්ලිපි කිහිපයක පමණක් “දේවානං පියස අසෝක”
(දෙවියන්ට පි‍්‍රය වූ අශෝක) යන්න සඳහන් වෙයි.
අශෝක බුදුසමය වෙත නැඹුරු වූයේ ක්‍රමානුකූල ව
ය. ඔහු උපත ලබා ඇත්තේ ජෛන භක්තිකයකු හෝ ආජීවක භක්තිකයකු හෝ වශයෙනි. ජෛන සමය ඔහු
සිය අනුග්‍රාහකයකු වශයෙන් දක්වා ඇත. පාළි පොත්වල ආජීවකයන්ගේ දායකයකු ව සිටි බව
පැවසේ. බුදුසමය වැලඳගත් පසු ද ඔහු ආජීවකයන්ට ගුහා පූජා සිදු කර ඇත. එසේ කිරීම
පැරණි ආගමට නිගරු නොකොට පෙර සේ ම සැලකීමේ බෞද්ධ ප්‍රතිපදාවට සපුරා එකඟ වේ.
බින්දුසාර රජුගේ දේවිය වූ ධර්මා ආජීවක
දායිකාවක වූ බව සඳහන් වෙයි. කෙසේ වුව ද දේශපාලනික වශයෙන් මෞය¸ වංශයේ පිළිගැනීම වූයේ
කෞටිල්‍ය නමැති බ්‍රාහ්මණයාගේ දේශපාලන විද්‍යා සංකල්පය ය. එහෙත් ක්‍රමානුකූල ව ජෛන,
බෞද්ධ, ආජීවක වැනි බ්‍රාහ්මණ
චින්තනයට පටහැණි වූ ආගම්වල බලපෑම නිසා අශෝක කෞටිල්‍යගේ දේශපාලන චින්තනය කෙරෙන් ඈත්
වන්නට අදහස් කරන්නට ඇත. ථේරවාදි බෞද්ධ සම්ප්‍රදාය අශෝක රජ නිග්‍රෝධ සාමණේරයන් නිසා
බුදුසමය වැලඳගත් බව අවධාරණය කරයි.
අශෝක රජුගේ සිත බුදුරදුන්ගේ දහම වෙත ඇදී
යෑමට තුඩු දුන් ප්‍රබල සාධකය ඔහු විසින් කරන ලද කාලිංග සංග්‍රාමය බව පැහැදිලි ය.
සංග්‍රාමාවතීර්ණ රණශූරයකු ස්වකීය විජයග්‍රහණයෙන් පසු පසුතැවෙන ආකාරය ප්‍රකට කරන
කාලිංග ලිපිය මිනිස් සංහතියේ ඉතිහාසයේ අමරණීය සිහිවටනයකි. සතර දෙසින් සාමය වෙත
දෑත් දිගු කරන ජනතාවට මේ ලිපිය ඍෂිභාෂිතයක් මෙන් ගුරූපදේශ සපයයි.
දේවානම් පි‍්‍රයදර්ශි රජතුමා අභිෂේකයෙන්
අවුරුදු අටක් ඉක්ම ගිය පසු කාලිංග ප්‍රදේශය ජය ගත්තේ ය.
“මිනිස්සු එක් ලක්ෂ පණස් දහසක් සිරභාරයට පත්
වූ හ. මිනිස්සු ලක්ෂයක් මරණ ලදහ. ඊට වඩා බොහෝ ගණනක් විනාශාභිමුඛයට පත් වූයේ ය.
කාලිංග ප්‍රදේශය ජය ගත්තායින් පසු මහරජතුමා ඉතාමත් සංවේගයට පත් විය. ඒ කුමක් නිසා
ද? රටකට විරුද්ධ
ව යුද්ධ කිරීමේදී මිනිසුන් සිරභාරයට ගැනීමෙන්, වධ දීමෙන් මනුෂ්‍ය ඝාතනයන් අනිවාර්යයෙන් ම
සිදු වන හෙයිනි.” රජතුමාගේ ශෝකයත් පශ්චාත්තාපයත් මෙයින් ප්‍රකාශ වෙයි.
යුග ප්‍රවර්තක පාලකයෝ කලින් කල පහළ වෙති.
අශෝක රජතුමා ද එවැන්නෙකි. ඔහු සතු අනුපමේය ස්වීයත්වයක් වූයේ ය. අනභිභවනීය බුද්ධි
බලමහිමයත් කාය බලයත් නිසා අශෝක රජතුමා කාලිංග සටනින් පසු තමා ම ඒ පිළිබඳ සිතන්නට
වූ බව පැහැදිලි ය. වීර පුරුෂයෝ තමන් කළ යුතු දේ ද ඒ දේ කළ පසු එහි ප්‍රතිඵල ගැන ද
සිත මෙහෙයවති. විජයග්‍රහණය සඳහා අශෝක කාලිංග සටන කළ යුතු ම වූයේ ය. එම ක්‍රියාවලියෙන්
පසු රජතුමා අතීතාවලෝකනයක යෙදෙයි. බුදුවදන් වඩ-වඩාත් ඇසෙත් ම සටන කුරිරු දෙයක් බවට
පසක් කරගනියි. එහෙයින් කිසිදු වංචාවකින් තොරව කාලිංග යුද පිටියේ සැබෑ වාර්තාවක්
සෙල් ලිපියෙහි කොටා, සිය දරු -
මුනුපුරු පරපුරට යුද්ධය නමැති ශාපයෙන් වළකින සේ අවවාද කරයි.
මෙය අවංක වූත් විවෘත වූත් හදවතක් ඇති
අතිවිශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ මහඟු ගුණය කියා පාන්නකි. බ්‍රාහ්මණ
දේශපාලන න්‍යායෙන් ඉගැන්වුණු කුඩා කුඩා රටවල් බිළීබාගනිමින් රාජ්‍යය ලොකු කරගැනීමේ
න්‍යාය අශෝක අධිරාජ්‍යා ප්‍රතික්‍ෂේප කළේ ය. ඒ වෙනුවට හෙතෙම අසල්වැසි රාජ්‍යයන්
සමඟ සංස්කෘතික සබඳතා මඟින් මිත්‍රත්වය ඇති කරගත්තේ ය. මේ සඳහා රජුගේ මානසිකත්වය
පෙරළීමට තුඩු දුන්නේ බුදුරජුන් වදහළ දහම බව ඉතා පැහැදිලි ය. බෞද්ධ දර්ශනය ගැඹුරින්
ප්‍රකාශ කැරෙන සුත්තනිපාතාගත ඉගැන්වීම් පවා එතුමා හදාළ බව සෙල්ලිපිවලින් හෙළි
වෙයි. සුත්තනිපාතයට ඇතුළත් සූත්‍ර කිහිපයක නම් කෙළින් ම සඳහන් කිරීමෙන් ප්‍රකට
වන්නේ ඒවායෙහි අන්තර්ගත බෞද්ධ ඉගැන්වීම් එතුමා මනාව අවබෝධ කොටගෙන සිටි බව යි.
බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ රජතුමා සතු වූ දැනුම
ප්‍රකට කරන සෙල්ලිපි වශයෙන් කල්කටා බයිරාම් හෙවත් භාබෲ ගිරි ලිපිය හා රුම්මින්දෙරි,
නියාලී සාගර, කෞශාම්භි, සාංචි සහ සාරානාත්
ටැම් ලිපිත් සැලකිය හැකි ය. ධර්මාවවාද ලිපි සේ රූපනාත් සහශ්‍රාම්, බයිරාම්, මස්කි, බ්‍රහ්මගිරි, සිද්දාපුර හා
ජටින්ගණශේවර යන සෙල්ලිපිත් ගිරිනාර්, කාල්සී, ජබාශ්ගර්හි, මාන්සේහ්රා, ධෞලි සහ ජෞගඩ ගිරි ලිපිත්, දෙල්හි මරාම් සහ දෙල්හි තෝප්රා ටැම් ලිපිත්
සැලකේ.
මේ සෑම ලිපියක ම රජතුමා හැඳින්වෙන්නේ
දේවානම්පිය ‘පි‍්‍රයදර්ශි’ යන නාමයෙනි. එබැවින් සමහර උගත්තු මේ ලිපිවල කතුවරයා
අශෝක දැ යි සැක කරති. එසේ වුව ද මස්කි ලිපියෙහි පැහැදිලි ව “දේවානම්පියස අසෝකස”
යන්න සඳහන් වේ. එනිසා ඉහත සඳහන් උගතුන්ගේ සැකය බැහැරලීමට අපහසු නැත. අශෝක රජතුමා
බුදු දහම කොතෙක් දුරට අවබෝධ කරගත්තකු දැ යි සනාථ කිරීමට මස්කි ලිපිය බෙහෙවින් ම
උපකාරි වෙයි. ඒ ලිපියෙහි අදහස් වටහාගැනීමේ පහසුව සඳහා කෙටියෙන් මෙසේ සඳහන් කරමි.
(i) මගධාධිපති පි‍්‍රයදර්ශි රජ සංඝයා වැඳ සුව
පහසු විචාර යි.
(ii) බුදු රජාණන් වහන්සේ කෙරෙහිත් ධර්මය කෙරෙහිත්
සංඝයා කෙරෙහිත් මගේ ගෞරවය හා ප්‍රසාදය ඔබ වහන්සේලාට පැහැදිලි ය.
(iii) භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් යමක්
වදාරන ලද නම්, ඒ සියල්ල
සුභාෂිත ය.
(iv) යමක් අප විසින් සද්ධර්මයේ චිරස්ථායී වීම
පිණිස මෙසේ පවත්නේ යැ යි දක්නා ලද නම්, එය ප්‍රචාරය කිරීමට සුදුස්සෙමි.
(v) මේ ධර්ම කොට්ඨාස වෙයි:
(අ) මුළු විනය, (ආ) අරියවංස සූත්‍රය, (ඇ) අනාගත භය සූත්‍රය,
(ඈ) මුනිගාථා, (ඉ) රාහුලෝවාද සූත්‍රය
යන මේ ධර්ම කොටස් මම කැමැත්තෙමි. බොහෝ භික්‍ෂූහු ද, උපාසකයෝ ද, උපාසිකාවෝ ද ඒ ධර්ම කොටස් අසත්වා! සිතින්
සලකා බලත්වා!
සිය දේශනා නිසා රටවැසියා තුළ විනීත බව සහ
ආත්ම දමනය ඇති වූ බව රජතුමා සඳහන් කරයි.
“තමා තමා ගැන සිතා බැලීම කරණකොට ගෙන
සත්ත්වයන්ට හිංසා නොකිරීම නිසා ද සත්ත්වයන් නොමැරීම නිසා ද මිනිසුන්ගේ ධාර්මික
දියුණුව වැඩි විය.”
ධර්ම විජය ප්‍රතිපත්තිය නිසා රටවැසියාගේ ආධ්‍යාත්මික
සංවර්ධනය ඇති වූයේ ය.
මෙසේ දිග් විජය හැරදා ධර්ම විජය ක්‍රියාවට
නැඟීමට කටයුතු කළ එතුමා ලෝක ශිෂ්ටාචාරය හා මනුෂ්‍ය ප්‍රජාවගේ හිතසුව පිණිස ම ක්‍රියා
කළ බවක් පෙනෙන්නට තිබේ. “සමවායෝ ඒව සාධු” “සමඟිය යහපති” යන්න මුල් කරගෙන ම කටයුතුª
කළ, මෙසේ ජනාදරයට පත් අන්
කිසිදු රජෙක් අශෝකට පෙර හෝ පසු ව හමු නො වේ. කාලිංග යුද්ධය හේතුවෙන් අශෝක දඹදිවින්
පටන් ගෙන සමස්ත පෙරදිග ඇති වූයේ මහා පරිවර්තනයකි.
බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් අතර
දේශපාලනය හා බැඳුණු ඉගැන්වීම් සමූහයක් ද ඇත. දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රය,
අග්ගඤ්ඤ සූත්‍රය හා
කූටදන්ත සූත්‍රය යහපත් රාජ්‍ය පාලනයක් සඳහා අවශ්‍ය මූලධර්ම පිළිබඳ මඟ හෙළි-පෙහෙළි
කරන සූත්‍ර ලෙස සැලකෙයි. මේ සූත්‍රවල රාෂ්ට්‍ර පාලනය හා ඍජු ව ම සම්බන්ධ වන
පෞද්ගලික අයිතිය සමාජ විෂමතාවලට හේතු වන අයුරුත් ඒ අනුව දුශ්චරිත ව්‍යාප්ත වන
අයුරුත් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජය ජනතාවට අවශ්‍ය ආධාර (ප්‍රාග්ධනය)
සැපයිය යුතු අයුරුත් දක්වා ඇත.
බෞද්ධ විග්‍රහයට අනුව පාලකයා ධර්මය අනුව රට
පාලනය කරන දැහැමි පුද්ගලයෙක් විය යුතු ය. පාලනය පිළිබඳ මූලධර්මය ධර්මය වෙයි. පාලි
සූත්‍රවල ‘ධම්මිකෝ ධම්මරාජා’ යන ප්‍රයෝගය නිරතුරු ව ම දක්නට ලැබෙන්නේ එහෙයිනි. රජු
පිළිබඳ දැහැමි බව යටතේ රටවැසියා නොපෙළෙන ගතිය, අවි ශක්තියෙන් ජනතාව යටපත් නොකරන ගතිය,
අයුක්තිය, අසාධාරණය පිටුදැක
යුක්තිය හා සාධාරණත්වය මත පිහිටා ක්‍රියාත්මක වන ස්වභාවය මූලික වශයෙන් ගැනෙන අතර,
රජු සිව්පා සතුන් වෙත
ද ධාර්මික රක්‍ෂාවරණය සැලසිය යුතු යැ යි ඉගැන්වෙයි. (රක්ඛාවරණං ගුත්තිං
සංවේදහති... මීගපක්ඛිසු). ගිරිනාර් අංක 2 ලිපියේ සඳහන් කරනුයේ “ධර්මාශෝක රජතුමා
මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද ආරෝග්‍ය ශාලා පිහිටුවා ඇති බවයි (දුවේ
චිකිසකා කතා මනුස චිකිසාච පසු චිකිසා ච).
“මිනිසුන්ට හා සතුන්ට බෙහෙත් සඳහා අවශ්‍ය
වෘක්ෂලතා රෝපණය කරවී ය. සමහර වෘක්ෂ පිටරටින් ගෙන්වා සිටුවූයේ ය. තැන් තැන්වල ජලාශ
ඉදි කරවී ය. මිනිසුන්ට හා සතුන්ට සෙවණ ලබාදීම පිණිස මහා මාර්ගවල රුක් රෝපණය කරවූයේ
ය. පානය පිණිස ජලය ලබාගැනීමට ළිං කරවී ය.”
බුදුදහමින් විවරණය කැරෙන යහපත් පාලකයා
පිළිබඳ පරමාදර්ශි පුද්ගලයා ‘සක්විති රජ’ ය. ඔහුගේ ස්වරූපය මෙබඳු ය:
“සක්විති රජ ධාර්මික ව, සාධාරණ ව, ධාර්මික පාලකයකු ව,
සිව්දිග ජයගෙන,
ජනපද තහවුරු කොටගෙන,
දඬු අවි නොගෙන,
දැහැමින් සෙමෙන් මේ
පෘථිවිය ජයගෙන වෙසෙයි.”
විශිෂ්ට පාලකයකුගේ පරමාදර්ශි ස්වරූපය
සක්විති රජුගෙන් මූර්තිමත් වෙයි. බෞද්ධ විග්‍රහයට අනුව මූලික සක්විති වත් සතරකි:
(ඪ) දැහැමින් සෙමෙන් රට පාලනය කිරීම,
(ඪඪ) ජීවිත සුරක්ෂිතතාව
සහතික කිරීම, (ඪඪඪ) ආර්ථික
සුරක්ෂිතතාව ඇති කිරීම, (ඪම)
විශාරදයන්ගෙන් උපදෙස් ලබාගැනීම යනුවෙනි.
මීට සියවස් විසිපහකට පෙරාතු ව බුදුරදුන්
අනුදත් මේ මූලධර්ම වත්මන් පාලන ව්‍යූහය අනුව ද අර්ථවත් වෙයි. ව්‍යවහාරික රාජ්‍ය
තාන්ත්‍රික කාර්යයන්ගෙන් වුව මෙය ප්‍රකට වෙයි. පාලකයකු වෙත පැවතිය යුතු ගුණධර්ම
දශරාජධර්ම නමින් බුදු සමයෙහි ඉගැන්වෙයි. ඡන්ද, දෝෂ, භය, මෝහ යන අගති සතරින් වෙන් වීම ද ජනතා සුබසෙත
උදෙසා සිව් සඟරාවත් පිරීම ද බුදු සමය අනුදකියි. රජ සිව්බඹ විහරණයෙන් යුතු ව
රටවැසියා පාලනය කළ යුතු ය.
ධර්ම චක්‍රය නිසා බල චක්‍රය කැරකෙන්නේ ය.
(ධර්ම චක්‍රය නිඞශ්‍රාය බල චක්‍රා ප්‍රවර්තතේ) යනු බෞද්ධ දේශපාලන දර්ශනයේ පදනම යි.
දෙදහස් පන්සිය වසරක බෞද්ධ ඉතිහාසය තුළ බෞද්ධ දේශපාලන මූලධර්ම ප්‍රායෝගික ව භාවිත
කළ බෞද්ධ නරවිරුවන් අතර දේවානම්පිය පි‍්‍රයදර්ශි රජතුමා අද්විතීය ස්ථානයක් භාජනය
කරයි. බෞද්ධ අර්ථ ගැන්වුණු චක්‍රවර්තී සංකල්පයට අනුව රාජ්‍ය පාලනය කළ ප්‍රථමයා
ධර්මාශෝක අධිරාජ්‍යයා ය.
අශෝක රජතුමා ස්වදේශයෙහි මෙන් ම විදේශයන්හිද
ධර්ම ප්‍රචාරක කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ බව දක්නට ලැබෙයි. ඔහුගේ ධර්ම ප්‍රචාරක
සේවා කටයුතු කොටස් දෙකකට බෙදා හැදෑරීම පහසු ය. භාරත දේශය ඇතුළත සිදු කළ ධර්ම ප්‍රචාරක
කටයුතු දේශීය ධර්ම ප්‍රචාරය වශයෙන් ද සිය මිත්‍ර රජදරුවන්ගේ රාජ්‍යයන්හි සිදු කළ
ධර්ම ප්‍රචාරක කටයුතු විදේශීය ධර්ම ප්‍රචාරය වශයෙන් ද හඳුනාගත හැකි ය.
සිය රටවැසියාගේ දෛනික යහපත් දිවි පැවැත්ම
උදෙසා රජතුමා සදාචාරාත්මක යහගුණ ප්‍රකාශිත පාඨ රටපුරා ගිරි ලිපි සහ ටැම් ලිපි
මඟින් ප්‍රසිද්ධ කරවූයේ ය. ඉතිහාසඥයෝ මේ පාඨ ඇතුළත් ලේඛන පොදු නාමයක් යටතට ගොනු
කළහ. ඒ අනුව ඒ සියලු ඉගැන්වීම් ‘අශෝක ධර්මය’ වශයෙන් හැඳින්වෙයි. රටවැසියා තුළ
ගුණයහපත්කම් හා සදාචාරාත්මක දිවි පෙවෙතක් ඇති කරලීම අශෝක ධර්මයේ මූලික අපේක්ෂාව
විය. එතුමා මේ සදාචාරාත්මක ඉගැන්වීම් සිය අධිරාජ්‍ය පුරාම ව්‍යාප්ත කරලීමට උත්සුක
වූයේ ය.
රජතුමාගේ ධර්ම ප්‍රචාරයේ ප්‍රධානම හා ප්‍රබල
ම අංශය වූයේ දේශීය ධර්ම ප්‍රචාරය බව ශිලා ලේඛනවලින් ප්‍රකට වෙයි.
ධර්මාශෝක රජතුමා ම දිශා ප්‍රයාණයේ නිරත
වෙමින් රටවැසියාට ධර්මය පැහැදිලි කොට දුන්නේ ය. සමහර සෙල්ලිපිවල සඳහන් වන පරිදි
රජතුමා එක ම කරුණ නැවත නැවත අවධාරණයෙන් යුතු ව නොයෙක් වරක් ප්‍රකාශ කළ බව සඳහන් වෙයි.
ධර්ම දේශනා ක්‍රමය අනුව එක ම කරුණ විවිධ ස්ථානවලදී නැවත නැවත ප්‍රකාශ කිරීමට සිදු
වීම ස්වාභාවික ය. රජතුමා විසින් ම තෝරාගත් සදාචාරාත්මක උපදේශ සිය චාරිකාවන්හිදී
ජනතාවට කාවැද්දීමට ප්‍රයත්න දැරූ බව පැහැදිලි ව දක්නට ලැබෙන්නකි. බුද්ධ ධර්මයෙහි
ආචාර ධර්ම පදනම් කොටගෙන අශෝක අධිරාජයා විසින් පිළියෙල කරගත් අශෝක ධර්මය මඟින්
භාරතය තුළ ප්‍රබල ධර්මදූත මෙහෙවරක් සිදු වූ බව ඓතිහාසික වශයෙන් පිළිගැනීමට කිසිදු
බාධාවක් නොමැත. අශෝක රජතුමාගේ ශිලා ලේඛන (රූපනාථ, සාරානාථ, යෙරර්ගුඩි, කාලිංග ලිපි 1,7,12,14,16 වැනි ලිපි) හදාරන කළ
මෙය මැනවින් ප්‍රකට වෙයි. රාජාභිෂේකයෙන් 27 වැනි වසරෙහි කළ 13 වැනි ගිරි ලිපියෙහි ඔහු ධර්ම ප්‍රචාරය කළ
ස්ථානවල නාමාවලියක් දක්නට ලැබෙයි. එහි ස්ථාන, 18ක් නම් කර ඇත. ඒවායින් ස්ථාන 13ක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ
ය. ඉතිරි ස්ථාන විදේශික රටවල් ය.
1.හිද - ඉන්දියාවේ මගධ දේශය මෙයින් අදහස් කළා
විය යුතු ය. 2.අතේෂු - දේශ
සීමා ප්‍රදේශ මින් සලකන්නට ඇත. 3.අතියෝග - සිරියාවේ විසූ ඒදබඪධජඩධඵ (ක්‍රි.පූ. 261
- 246) ගී‍්‍රක රජුගේ
රාජ්‍යය මින් අදහස් කළා විය හැකි ය. 4.තුලමයේ - මිසරයේ ර්‍ථබධතඥථර ඪඪ ර්‍ථඩඪතචඤඥතනඩචඵ (ක්‍රි.පූ.
285 - 247) රජුගේ රාජ්‍යය
යි. 5.අංතෙකිනේ -
මැසිඩෝනියාවේ ඒදබඪඨධදභඵ ට්ධදචබභඵ (ක්‍රි.පූ. 276 -239) රජුගේ රාජ්‍යය යි. 6.චකා - බටහිර මිසරයේ
ර්චඨචඵ (ක්‍රි.පූ.300 - 258) රජුගේ රාජ්‍යය
යි. 7.අලික්‍යුෂුදලෙ
- එපිරස්හි ඒතඥයචදඤඥප (ක්‍රි.පූ.258) රජුගේ රාජ්‍යය යි. 8.චෝඩ - ඉන්දියාවේ චෝළ රාජ්‍යය යි. 9.පංඩියා - ඉන්දියාවේ
පාණ්ඩ්‍ය රාජ්‍යය යි. 10.තම්බ පණ්ණි -
දකුණු ඉන්දියාවේ තාම්‍ර පර්ණි ප්‍රදේශය යි. 11.යෝන - ගී‍්‍රකවරුන්ගේ පාලනය යටතේ පැවති
ඉන්දියාවේ ප්‍රදේශ මෙයින් අදහස් කළා විය යුතු ය. 12.කාංබෝජ - කාම්බෝජය යි. 13.අධ - ඉන්දියාවේ ආන්ද්‍ර
රාජ්‍යය යි. 14.තාහක -
ඉන්දියාවේ ම ස්ථානයක් ලෙස සැලකේ. 15.පාලද ඉන්දියාවේ පුලින්ද ජනපදය යි. 16.නාගපති ඉන්දියාවේ
ස්ථානයක් සේ සැලකේ. 17.භෝජ -
ඉන්දියාවේ ස්ථානයක් සේ සැලකේ. 18.පිතිනිත්‍ය - ඉන්දියාවේ ස්ථානයක් සේ සැලකේ.
දහතුන් වැනි ගිරි ලිපියෙහි මේ ප්‍රදේශයන්ට
ධර්මදූතයන් ගිය බව පැහැදිලි ව සඳහන් කොට ඇත. ඒ ධර්ම දූතයන්ගේ අනුශාසනා ඒ ප්‍රදේශවාසීන්
මනා ව පිළිගත් බව ද පවසා තිබේ. මේ ධර්මදූතයන් බුද්ධ ධර්මය නොව බුද්ධ ධර්මයෙහි
අන්තර්ගත සමාජ ධර්ම හා ආචාර ධර්ම පදනම් කොට සකසාගත් අශෝක ධර්මය ප්‍රචාරය කළ බව
පිළිගත යුතු වෙයි.
අපේ වංශ කථා වාර්තාවන්ට අනුව තුන්වැනි ධර්ම
සංගීතියෙන් පසු බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම අශෝක රජතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු
වූ ඉතා විශිෂ්ට ඓතිහාසික සේවාවකි. මේ ප්‍රචාරයක කාර්යයෙහි අනුශාසකත්වය හා ප්‍රධානත්වය
මොග්ගලීපුත්තතිස්ස තෙරණුවෝ ඉසුලූ හ. මේ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයෙහිලා ප්‍රදේශ
නවයකට ධර්මදූතයෝ යවනු ලැබූ හ. ධර්මධර විනයධර ප්‍රබල තෙරනමකගේ නායකත්වය යටතේ පහත
සඳහන් දේශවලට භික්‍ෂූන් වහන්සේ යවනු ලැබූ හ. පහත දැක්වෙන්නේ රටවල් හා ඒ දූත පිරිසේ
නායකත්වය දැරූ තෙරවරු ය.
1.කාශ්මීර-ගාන්ධාර (පේෂ්වාර් හා රාවල්පිණ්ඩි
දිස්ත්‍රික්ක ලෙස සැලකෙයි) මජ්ඣත්තික තෙරුණුවෝ 2.මහිස මණ්ඩල (මාභිස්මති, වින්ධ්‍යා කඳු
වැටියෙන් දකුණු දිග පෙදෙසකි. මයිසූර් පෙදෙස) මහාදේව තෙරණුවෝ 3.වනවාස දේශය (උතුරු
කතාරා) රක්ඛිත තෙරණුවෝ 4.අපරන්ත දේශය
(ඇල්ලෝරා, භාරුකච්ඡ
සුප්පාරක ආදිය ඇතුළත් බටහිර පෙදෙස) යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ 5.මහාරට්ඨ (මහාරාෂ්ට්‍ර)
මහා ධම්මරක්ඛිත තෙරණුවෝ 6.යෝනක (විදේශික
ජනාවාස ඇතුළත් වූ වයඹදිග දේශ සීමා ප්‍රාන්තය) මහා රක්ඛිත තෙරණුවෝ 7.සුවණ්ණ භූමිය (ඇතැමෙක්
මෙය බුරුම දේශය ලෙස ද ඉන්දියාවේ ම නැගෙනහිර පෙදෙසක් ලෙස ද සලකති)සෝණ හා උත්තර
තෙරවරු 8.හිමවන්ත ප්‍රදේශ
මජ්ඣිම තෙරණුවෝ 9.තම්බපණ්ණි (ශ්‍රී
ලංකාව) මහා මහින්ද තෙරණුවෝ.
මේ අතරින් අප රටට සිදු වූ ධර්මදූත මෙහෙවර
පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ඉකුත් පොසොන් නමස්කාර කලාපයේ දැක්වෙන ‘මිහිඳු
හිමියන්ගේ ධර්ම සංගායනාව’ ලිපිය බලන්න. - සංස්කාරක)
අශෝක රජ දවස ඔහුගෙන් ලැබුණු දේශපාලන
දායකත්වය මත සිදු වූ ධර්ම සංගීතයෙන් තහවුරු කරන ලද්දේ ථේරවාද විභජ්ජවාද භික්‍ෂු
පරපුර අනුදත් ධර්ම සාහිත්‍යය යි. සංඝශෝධනය මඟින් පිරිසිදු කරන ලද්දේ ථේරවාදය
සංරක්ෂණය කොටගැනීම සඳහා ප්‍රයත්න දැරූ සංඝ සමාජය යි. මිහිඳු මාහිමියන් ශ්‍රී
ලංකාවට රැගෙන ආවේ ද අශෝක රජුගේ දවස සංඝ සම්මුතියෙන් ස්ථාවර වූ ඒ ධර්ම සාහිත්‍යය සහ
භික්‍ෂු සංඝයා යි. ඒ අනුව රටවල් නවයකට ධර්ම
දූතයන් යවමින් සිදු කළ විදේශීය ධර්ම ප්‍රචාරක
සේවාව මඟින් සිදු වූයේ ථේරවාද විජ්ජවාද බුදු සමය දේශාන්තරගත කිරීම ය.
මේ ධර්ම ප්‍රචාරය අතිශය සාර්ථක වූ බව ශ්‍රී
ලංකාව පමණක් වුව ද සැලකිල්ලට ගත් කල සනාථ කළ හැකි ය. බුදුරදුන් දවස සිට භාරතයට
පමණක් සීමා වී පැවති බුදු සමය අශෝක රජ දවස සිදු වූ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර නිසා
දේශාන්තරගත වූ බවත් එය දේශ කාල අනුව සුනම්‍ය ව ව්‍යාප්ත වූ බවත් පැහැදිලි ය.
කාලයාගේ ඇවෑමෙන් බුදු සමය ඉන්දියාවේ පරිහානියට ලක් වුව ද එය අශෝක රජ දවස විදේශගත
වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආරක්ෂා වූ බව පිළිගත යුතු ය. අශෝක අධිරාජ්‍යයාගෙන් ලත් මේ
උතුම් දහම එය පිළිගත් රටවල් විසින් සියවස් ගණනාවක් දිවි දෙවැනි කොට රැකගනිමින්
ආරක්ෂා කරගෙන ආ අයුරු ශ්‍රී ලංකාව, බුරුමය වැනි රටවල ඉතිහාසයෙන් ප්‍රකට වෙයි.
තමන් අවබෝධ කරගත් ධර්මය තම රටේ ම යහ පාලනය
සඳහා පමණක් නොයොදාගෙන අසල්වැසි රටවලට එය බෙදාහරිමින් අශෝක අධිරාජයා තමන් පිහිටි
ධර්ම විජය ප්‍රතිපත්තිය නිසා රටවල් ද ධාර්මික රාජ්‍ය බවට පත් කරවූ බවට සාධක පවතී.
තම රට පමණක් හුදෙකලා නොවී වෙනත් රටවල්වලට හෙතෙම තම දේශපාලන දායකත්වය ලබාදුන් අයුරු
එම රටවල් සමඟ ඇති කරගත් සම්බන්ධතාවලින් මනාව පැහැදිලි වේ. මෙය ධර්ම විජය සඳහා හේතු
විය.
අශෝක අධිරාජ්‍යයා විදේශ රටවල් සමඟින්
තානාපති සබඳතා පවා ගොඩනගාගත් බවට සාධක සොයාගත හැකි ය. සිරියාවේ පාලකයා වූ දෙවැනි
ඇන්ටියෝකස් රජු, ඊජිප්තුවේ
දෙවැනි ටොලමි පිලඩෙල්පස් රජු, මැසිඩෝනියාවේ
ඇන්ටිගෝනස් ගොනටස් රජු සහ එපිරිස්හි ඇලෙක්සැන්ඩර් රජු ඔහු සමග සබඳතා පැවැත්වූ හ.
අශෝක අධිරාජ්‍යයාගේ ජීවිතය පිළිබඳ අවබෝධයක්
ලද හැක්කේ එතුමා කිනම් පරමාර්ථයක් පෙරදැරි කරගනිමින් ක්‍රියා කළේ දැ යි විමසා
බැලීම මඟිනි. අශෝක රජු තමා කවුරුන් ද, තම අදහස් හා සිතුම් පැතුම් මොනවා ද තම අපේක්ෂා ඉටු
කරගත්තේ කෙසේ ද? ආදිය පිළිබඳ ව
තමා විසින් පිහිටුවන ලද සෙල්ලිපිවල සටහන් කළේ ය. මෙසේ සකස් කළ ශිලා ලිපි පරීක්ෂා
කර බැලීමේදී එතුමාගේ අරමුණු හා පරමාර්ථ මොනවා ද යන්න අවබෝධ කරගත හැකි ය. සවැනි
ගිරි ලිපියෙහි එතුමා සඳහන් කළ අදහස් මගින් ඔහුගේ අරමුණ කුමක් දැ යි පැහැදිලි ය.
එහි ප්‍රකාශ කොට ඇත්තේ සියලු සත්ත්වයන්ගේ හිත සුව පිණිස ක්‍රියා කිරීම තම අරමුණ බව
යි. මිනිසුන්ගේ යහපත පමණක් නොව, සියලු ප්‍රාණීන්ගේ
යහපත ඔහු ප්‍රාර්ථනා කළේ ය. මිනිසුන් පිළිබඳ සඳහන් කරන විට අශෝක තම කරුණාව ව්‍යාප්ත
කළේ තම රට වැසියන් සඳහා පමණක් නො ව, සමස්ත ලෝකවාසීන් සඳහා ම ය. පියකු දරුවකුගේ අභිවෘද්ධධිය
ප්‍රාර්ථනා කරන්නේ යම් සේ ද එපරිද්දෙන් එකල ශිෂ්ට සම්පන්න ව පැවති සෑම රටකට ම පාහේ
එතුමා පිතෘ ප්‍රේමයෙන් කටයුතු කළේ ය.
රට වැසියන්ගේ ආර්ථික දියුණුව විෂයයෙහි විවිධ
වූ ආර්ථික ක්‍රියාමාර්ග ඇති කළ අතර ජනතාව ගුණ ධර්මයෙන්, පෝෂණය කිරීම සඳහා අපමණ උත්සාහයක් ගත්තේ ය.
දෙමවුපියන්ට, ගුරුවරුන්ට,
වැඩිහිටියන්ට, ඥාතීන්ට, මහණ බමුන්ට මෙන් ම
සිව්පා සතුන්ට ද සලකන මිනිස් ප්‍රජාවක් බිහි කිරීම සඳහා එතුමා හැම විට ම කටයුතු කළ
බව පෙනේ. එසේ ම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම සඳහා ද කටයුතු කළේ ය. මෙසේ
ඔහු රටේ දියුණුව උදෙසා කොපමණ දායකත්වයකින් හා උත්සාහයකින් ක්‍රියා කළේ ද යන්න මේ
මගින් අනාවරණය වේ.
තම රාජ්‍ය ප්‍රතිපත්තීන් ද බුදු දහමට අනුව
ක්‍රියාත්මක කරවීමෙන් බුදු දහම කෙරෙහි අශෝක රජු දැක්වූ නම්‍යශීලිත්වය මනාව ප්‍රකට
වේ. චණ්ඩාශෝක - ධර්මශෝක වෙමින් බුදු දහම වැලැඳගත් දින පටන් බුදු දහමේ ප්‍රධාන
දායකයා හැටියට වචනයෙන් පමණක් නො ව, ක්‍රියාවෙන් ම තමා දායකයකු බව පෙන්වා දෙමින් බුදු දහමට
ලබාදුන් දේශපාලන දායකත්වය ප්‍රමාණ කළ නොහැකි ය. වර්තමාන පාලකයන්ට ද අශෝක රජුගේ
පාලනය ඉතා වැදගත් හා ආදර්ශවත් පාලනයකි. බෞද්ධ - අබෞද්ධ සිත්වල නොමැකෙන චරිතයක්
හැටියට හෙතෙම බුදු දහම වෙනුවෙන් ලබාදුන් දේශපාලන දායකත්වය ද දේශපාලනය වෙනුවෙන්
බුදුදහමින් ලබාගත් ආලෝකය ද සදා අනුස්මරණීය ය.